Showing posts with label නික්මයාම. Show all posts
Showing posts with label නික්මයාම. Show all posts

11.01.2012

ඇති යංතං පොරොන්දු වූ දේශයටත් ආවා.. පොරොන්දු වූ දේශය කරා (අවසාන කොටස)

ආබ්‍රහම් කියන්නෙ යහපත් ජීවිතයක් ගෙවපු එඬේරෙක්. එඬේර යුගයේ එඬේරු කියන්නෙ තැනින් තැන ගිය මිනිස්සුනෙ ඉතින් ආබ්‍රහමුත් තැනින් තැන යන ජීවිතයක් තමා ගත කළේ. යහපත් පුද්ගලයෙකුවෙච්ච ආබ්‍රහම්ගෙන් පැවත එන ජාතියට ඔවුන්ටම කියා රටක් දෙන්න දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා.
එහෙම පොරොන්දුවෙච්ච රටට තමයි 'පොරොන්දු වූ දේශය' (Promised Land) කියන්නෙ. 

ඕගොල්ලොන්ට මතකයි නේද ආබ්‍රහම්ගෙ මුණුබුරෝ දෙන්නා, ජාකොබ් හා ඒසව්. මතකනෙ ජාකොබ් තමුන්ගෙ සහෝදරයව රවට්ටලා පියාගෙ ආශිර්වාදය හොරකම් කරන් මාමා ගාවට පැනලා ගිය හැටි. මාමාගෙ දෝණියැන්දෑ කෙනෙකුට බැල්මට් එක දාපු හැටි. ඒත් මාමත් බලු වැඩේ කරලා නංගි පෙන්නලා අක්කව දුන්නා. අන්තිමට ජාකොබ් කෑගහද්දි නංගිවත් දුන්නා. පස්සෙ නංගිගෙයි අක්කගෙයි හුටපට හින්දා තව බිරින්දෑවරු දෙන්නෙකුත් හම්බුනා. ඔය හතරෙන් ජාකොබ්ට පුත්තු දොලහක් ලැබුනා.

පුත්තු දොළහෙන් ජාකොබ් වැඩියෙන් ආදරය කළේ ජෝසප්ටනෙ. මේකට කලකිරිච්ච සහෝදරයො කළේ ඔහුව වහල්කමට විකුණපු එක. මිසර අධිපතියෙකුගෙ ගෙදර හිතදිනාගෙන හිටියත් ගෙදර ලමාතැනීගෙ බැල්මට් එකෙන් නම් බේරෙන්න බැරිවුනා. පස්සෙ ඒ හින්දම හිරෙත් ලැග්ගා. ඒත් රජ්ජුරුවන්ගෙ හිතදිනාගෙන පස්සෙ කාලෙක රටේ දෙවෙනි පාලකයා වුණෙත් මේ ජෝසෙප්මනෙ. ජෝසෙප් හින්දා තමයි අනික් සහෝදරයන්ට මිසරයට යන්ඩ වුනේ.

මිසරයේදී මේ ගිය කට්ටිය ලොකු සෙනගක් වුනාට පස්සෙ ඒ රටේ වහල්ලු වෙනවා.  ඉපදෙන හැම පිරිමි ළමයවම මරන්න නියෝග ලැබුනත් වාසනාවන්ත විදිහට බේරුනු මෝසෙස්ව තමයි ඉශ්‍රායෙල් ජනතාව මුදවාගැනීමේ නියමුවා හැටියට දෙවියන් වහන්සේ විසින් පත් කරන්නෙ. 

දෙවියන් වහන්සේ ජනතාව මුදවාගෙන මෝසෙස්ගේ නායකත්වය යටතේ පොරොන්දු වූ දේශයට පිටත් කරනවා. ඕගොල්ලන්ට මතක ඇතිනෙ වසංගත දහය ඒවගේම රතු මුහුදෙන් එගොඩ වෙච්ච එව්වා කාරිය. ඊටපස්සෙ දසපනත නීතිමාලාවක් විදිහට ඔවුන්ට ප්‍රදානය කරනවා. ඒ සීනායි කන්ද මුදුනෙදි. දස පනත විතරක් නෙමෙයි මුළු ජුදා ව්‍යවස්ථාවම මෙතනදිලු ලැබුනෙ.

ඔන්න ඔය ටික තමයි  කොටස් දොළහක් විදිහට ඔයගොල්ලන්ට කිව්වෙ. පහළ එක් එක් ලිපිය කියෙව්වොත් කතන්දරේ සම්පූර්ණයෙන්ම දැනගත්තැකි.

පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)        පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (6 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (12 කොටස)

මම හිතන්නෙ මේ කතාව හොඳටම දිග වැඩිවුනා. ඒක නිසා අදින් ඉවර කරන්නයි බැලුවෙ.  අද කොටසෙදි අනිවාර්‍යයෙන් කට්ටියව පොරොන්දු වූ දේශයට දාලායි පස්ස බලන්නෙ. ඒක නිසා ලිපිය ටිකක් දික්වෙයි.

 ------------------------------------------------------------------------------------------------------------

9.21.2012

පොරොන්දු වූ දේශය කරා.... (12 කොටස)

මෙතෙක් කතාව :-
පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)
                                                                     පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)

------------------------------------------------------------------------------------------------------------

"අම්මෝ මෙච්චර ලොකු වටු රංචුවක් දැක්කමයි. මේතරම් වටුවො කොහෙන් එනවද?"

මේතරම් වටුවො කොහෙන් එනවද
"ඔය දෙවියන් වහන්සේ උඹලාට එවපු ආහාර. ඇති තරමට අල්ලා ගනිල්ලා" මෝසෙස්ගේ නියමයෙන් ජනතාවගේ රාත්‍රී ආහාරය වෙන්නෙ වටු මස්. මේ විදිහට ඉශ්‍රායෙල් ජනතාව මිසරයෙන් පිටවෙලා පොරොන්දු වූ දේශයට පැමිණෙනකම් අවුරුදු හතලිහක් පුරාම උදේට මන්නාත් හවසට වටු මසුත් කෑවාලු.

ජනතාව ටිකෙන් ටික සීන් කාන්තාරයෙන් නික්මිලා රෙපිඩීම් කියන ස්ථානයට එනවා. මෙතැනදීත් කලින් වගේම බොන්න වතුර නැතිවුන හින්දා ආයෙත් මැසිවිලි. "අපි බොන්නේ මොනවාද?"

"මෝසෙස්, උඹ අපිව එක්කන් ආවේ මරන්නද?"

"කටවහන් ඉඳපල්ලා. උඹලා ඔය අවලාද කියන්නෙ මට නෙමෙයි දෙවියන් වහන්සේට" මෝසෙස් ජනතාවට තරවටු කරනවා. ඒත් දිගින් දිගටම ජනතාවගෙන් එල්ලවන බලපෑම් නිසා මෝසෙස් දෙවියන් යදිනවා. "ස්වාමිනී, මේ මිනිස්සු මට ගල් ගහලා මරාවි. අපිට ජලය ලබාදෙන්න"

මොසෙස් පර්වතයට පහරදීමත් සමග පර්වතයෙන් ජල කඳක් වෑස්සෙනවා
"මෝසෙස්, ඔබේ සැරයටියෙන් ඔය අසල ඇති පර්වතයට පහර දෙන්න."  මොසෙස් පර්වතයට පහරදීමත් සමග පර්වතයෙන් ජල කඳක් වෑස්සෙනවා. ඉශ්‍රායෙල්වරු ඇතිතරම් ජලය පානය කරනවා.

රෙපිඩීම්වල කඳවුරු බැඳගෙන වැඩිකල් යහතින් ඉන්න වෙන්නේ නෑ. ඉශ්‍රායෙල්වරුන්ගේ වස්තු සම්පත් දකින අමලෙක්වරු ඔවුන් හා යුද්ධයට පැමිණෙනවා. ඉශ්‍රායෙල්වරුන් බේරාගැනීමේ වගකීම පැවරෙන්නෙ ජෝෂුවාට. ජෝෂුවා කියන්නෙ ඉශ්‍රායෙල්වරු අතර හිටපු බොහෝම හැඩිදැඩි තරුණයෙක්. ජෝෂුවා ඉශ්‍රායෙල්වරු අතර හිටපු සටන් කරන්ඩ පුලුවන් පිරිමි ටිකත් අරන් යුද්ධයට යනවා. ඉශ්‍රායෙල් සේනාවට සහය වෙන්න හිතපු මෝසෙස් ආරෝනුත් තවත් කෙනෙකුත් එක්ක ළඟ තිබ්බ කන්දකට නගිනවා. කන්දෙ ඉඳන් මෝසෙස් දක්වන සහය තමයි තමුන්ගෙ හැරමිටියත් එක්ක අත්දෙක උස්සගෙන ඉන්න එක. මෝසෙස්ව දකින ඉශ්‍රායෙල්වරු නිර්භීතව සටන් කරනවා. ඒත් ඉතින් ඔහොම අතදෙක උස්සන් දිගටම ඉන්න පුළුවනෑ. ඒත් මෝසෙස් අත පාත්කරද්දිම වෙන්නෙ අමලෙක්වරුන් ශක්තිමත්ව සටන් කරන එක. මෝසෙස්ගෙ අත් ඔසවාගෙන සිටීම ඉශ්‍රායෙලුන්ගේ ජයග්‍රහණයට හේතුවෙන බව දකින ආරොනුත් අනිකාත් මෝසෙස්ගේ අත දෙක අල්ලා ඔසවාගෙන ඉන්නවා. ඉශ්‍රායෙලුන්ට යුද්ධයේ ජය ලැබෙනවා.
අතදෙක උස්සන් දිගටම ඉන්න පුළුවනෑ

යුද්ධ ජයෙන් උද්දාම වෙලා ඉන්නකොට තමයි මෝසෙස්ව හමුවෙන්න අමුත්තො කට්ටියක් එන්නෙ.  අමුත්තො කිව්වට මෝසෙස්ට නම් මේගොල්ලෝ අමුත්තෝ නොවෙයි. මොසෙස්ගේ මාමණ්ඩි මෝසෙස්ගේ බිරිඳත් දරුවනුත් අරගෙන ඇවිල්ලා. මාමණ්ඩිට මෝසෙස් කළ කීදෑත් ඉශ්‍රායෙලුන් වහල්කමින් මිදුණු හැටිත් ආරංචිවෙලා. පොරොන්දු වූ දේශයට යන මෝසෙස්ට බිරිඳත් දරුවනුත් භාරදෙන්න තමයි ඔහු ඇවිත් තිබුනෙ. ඒත් මෝසෙස්ගේ කාර්‍යබහුලකම නිසා නිවී හැනහිල්ලේ කතා කරන්නවත් ලැබෙන්නේ නෑ. හවස්ජාමේ මෝසෙස් දවසේ වැඩ ඉවර කරලා තමුන්ගෙ කූඩාරමට එනවා. "සමාවෙන්න මාමා. මට තිබුනු වැඩත් එක්ක එවලෙම එන්න වුනේ නෑ."

"මොනාද පුතා ඔච්චර වැඩ. උදේ ඉඳන් හවස් වෙනකන් අර කූඩාරමකට වෙලා, ඒ මදිවට මිනිස්සු සිය ගාණක් පෝලිම් ගැහිලා. මොකද ඔය කරන්නෙ?"

සමාවෙන්න මාමා. මට තිබුනු වැඩත් එක්ක
"මිනිස්සු ඔක්කොම ප්‍රශ්න අරන් එන්නෙ මට මාමා. මෙච්චර මිනිස්සු කට්ටියකගෙ ප්‍රශ්න විසඳන එක ලේසි වැඩක්ද?"

"ඉතින් පුතා මෙහෙම කරන්ඩකො. හොඳ මිනිස්සු ටිකක් හොයාගෙන විනිශ්චයකාරයෝ කරන්න. දශාධිපතීන්, පණසාධිපතීන්, ශතාධිපතීන්, සහශ්‍රාධිපතීන් පත් කරන්න. එතකොට පුතාට විසඳන්න වෙන්නෙ ඒ අයට විසඳන්න බැරි ප්‍රශ්න විතරයි. " මේ විදිහට සෙනඟ අතර නඩුකාරවරු පත්වීමෙන් මෝසෙස්ගේ වැඩ අඩුවෙනවා. ඉන්පස්සෙ මෝසෙස් ඇතුළු පිරිස එතැනින් පිටවෙන්නෙ මෝසෙස්ගේ බිරිඳත් දරු දෙදෙනාත් තම කණඩායමට ඇතුළු කරගෙන. ජෙත්‍රෝ හැරී යනවා. 

ටිකදිනකින්ම පිරිස සීනායි කාන්තාරයේ. මතකද කලින් මම කිව්වා මෝසෙස්ට දෙවියන් වහන්සේ දර්ශනය වුන හැටි. අර ගිනිගන්න පඳුරෙ කතාව. ඉතින් ඒ විදිහට දෙවියන් වහන්සේ දර්ශනය වෙච්ච හෝරෙබ් කන්ද තියෙන්නෙත් මේ සීනායි කාන්තාරයේම තමයි. හෝරේබ් කන්දට සීනායි කන්ද කියලත් කියනවා. එදා දෙවියන් වහන්සේ කිව්වනෙ ඉශ්‍රායෙල්වරුන් වහල් කමින් ගලවාගෙන පොරොන්ඳු වූ දේශයට යන ගමනේදී මේ කන්දට ඇවිත් දෙවියන් වහන්සේට උපහාර දක්වන්න කියලා. ඒක නිසා තමයි පිරිස කන්ද පාමුල කූඩාරම් ගහන්නෙ.

කූඩාරම් ගැහීමෙන් පස්සෙ මෝසෙස් කන්දට නගිනවා.  දෙවියන් වහන්සේ ඔහුට කතා කරනවා. "මෝසෙස්, ජනතාවගෙන් අහන්න මට කීකරුව ඉන්නවාද කියලා. ඔවුන් ඒකට කැමති නම් ඔවුන් මට කැපවූ ජාතියක් කරන්නම්" මෝසෙස් කන්දෙන් බැසවිත් මේ බව ජනතාවට දැන්වුවාම ඔවුන් දෙවියන් වහන්සේගේ අණට කීකරුව ජීවත්වෙන්න කැමැත්ත ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේත් ඔවුන් සමඟ ගිවිසුමකට එළඹීමට කැමතිවෙනවා. දෙවියන් වහන්සේගේ අණ පරිදි ජනතාව ගිවිසුම සඳහා දින තුනක් කැපවෙනවා. කන්ද වටා පිටස්තරයින්ට ඇතුළු විය නොහැකි විදිහට සීමා පනවනවා.

කන්දේ විදිලි කෙටීම් ගෙරවීම්
දවස් තුනකට පස්සෙ කන්දේ විදිලි කෙටීම් ගෙරවීම් අකුණු ගැහීම් ඇතිවෙනවා.  තද හොරණෑ හඬක් ඇසෙද්දීම කන්ද ගිනිගෙන දෙදරන්න ගන්නවා. දෙවියන් වහන්සේ කන්දට ආ බව දකින මෝසෙස් කන්දට නගිනවා. මෙතනදී තමයි දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමේ මූලික වගන්ති ප්‍රකාශ වෙන්නේ.

"මම හැර වෙන කිසිම දෙවිකෙනෙක් නුඹලාට නොසිටිය යුතුය"

දස පණත
"රූප වන්දනා නොකළ යුතුය"

"මාගේ ශ්‍රී නාමයට අගෞරව නොකළ යුතුය"

"සබත් දින ශුද්ධ ලෙස ගතකළයුතුය"

"දෙමව්පියන්ට ගෞරව කළ යුතුය"

"මිනී නොමැරිය යුතුය"

"කාමමිත්‍යාචාරය නොකළ යුතුය"

"සොරකම් නොකළ යුතුය"

"බොරු නොකිව යුතුය"

"අන්වස්තු ආශා නොකළ යුතුය"

මේ විදිහට ප්‍රකාශවෙච්ච වගන්ති දහය තමයි දෙවියන් වහන්සේත් ඉශ්‍රායෙල් ජනතාවත් අතර ගිවිසුමේ වගන්ති එහෙමත් නත්නම් 'දස පණත' වෙන්නේ. මෝසෙස් කඳවුරේ හිටපු කාලය ඇතුළත කිහිපවරක්ම කන්දට නගිනවා. කාලයක්ම නැවතිලාත් ඉන්නවා. මෙතනදී ගිවිසුමේ මූලික වගන්ති දස පණත ලෙස දැක්වුනාට දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දසපණත පමණක් නොවේ. පූජා පිළිබඳ නීති, වහලුන් පිළිබඳ නීති, අපරාධ පිළිබඳ නීති, දේපළ පිළිබඳ නීති ඇතුළු මුළු ජුදා ව්‍යවස්ථාවම ඇතිවුනා කියන්නෙ මෙම ස්ථානයේදියි. දෙවියන් වහන්සේ වරින්වර මෝසෙස්ව කැඳවලා මේ නීති රීති කියවීම තමයි සිද්ධ කරන්නෙ.

එක පාරක් දෙවියන් වහන්සේ අඬ ගහන්නෙ ගිවිසුමේ වගන්ති තියෙන ගල්පුවරු දෙන්න. මෝසෙස් මේ ගමනෙ මඟක් වෙනකම් ජෝෂුවාවත් එක්කගෙන යනවා. මෝසෙස් එනතුරු සෙනඟගේ භාරකාරත්වය ආරොන්ට පැවරෙනවා. කන්දට ගිය මෝසෙස් දවස් හතළිහක්ම කන්දේ නැවතිලා ඉන්නවා.  දෙවියන් වහන්සේගේ නීතිය ලියූ ගල්පුවරු ඔහුට ප්‍රදානය කරනවා.

අද එයි හෙට එයි කිය කිය මෝසෙස්ගේ නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් කන්ද පාමුල කූඩාරම්වල හිටපු ජනයා අතර මේ වෙනකොට කසුකුසුවක්. "මෝසෙස් ගියා ගියාමයි තාම නෑ"

"අපි ආරොන්ටවත් මේ ගැන කියමුද?"

සෙනඟ ආරොන් හම්බවෙන්න යනවා. "ආරොන්, මෝසෙස් ආගිය අතක් නෑ නේද? දැන් අපි අතරමං. අපිට මඟ පෙන්වන්න දෙවියෙක් හදලා දෙන්න"

මිසරයෙන් පිටතට ගෙනාපු අපේ දෙවියෝ
"එහෙනම් උඹලා ගාව තියෙන රත්තරං ගෙනෙල්ලා" ආරොන්ගෙ ඉල්ලීමට අනුව සෙනඟ තමුන්ගෙ රත්තරන් බඩු අරගෙන එනවා. ආරොනුත් එව්වා උණු කරලා වස්සෙකුගේ රූපයක් හදනවා. ඊටපස්සෙ වහු රූපය වේදිකාවක තියනවා. වහු රූපය ඉදිරියට එන සෙනඟ "මේ අප මිසරයෙන් පිටතට ගෙනාපු අපේ දෙවියෝ" කියමින් වහු රූපයට වඳිනවා. පුද පූජා පවත්වනවා.

"හෙට මේ දෙවියන්ට මංගල්‍යයක් පවත්වමු" පහුවෙනිදා ජනතාව උදෙන්ම නැගිටලා වස්සාට පූජා පවත්වලා උත්සවයක් පවත්වනවා. මහා හයියෙන් කරන ස්තෝත්‍ර නැටුම් ගැයුම් වලින් වහු දෙවියා පිනවන්නත් අමතක කරන්නේ නෑ.

මේ වෙලාවෙ මේ කිසිවක් නොදන්න මෝසෙස් ඉන්නෙ අර ගල්පුවරුත් අතේ තියාන දෙවියන් වහන්සේ සමඟ සංවාදයේ.  "මෝසෙස්, මම උඹ හැර මුළු ඉශ්‍රායෙල් ජාතියම වනසනවා"

"ඒ ඇයි ස්වාමිනී"

"උන් දැනටම මගේ ගිවිසුම කඩකරලා. රත්තරන් වස්සෙක් හදාගෙන දෙවියෝ කිය කිය වඳිනවා. මම ඔක්කොවන්වම වනසනවා"

 "එහෙම කරන්නෙපා ස්වාමිනී, එතකොට ඔබ ආබ්‍රහම්ට, ඊසාක්ට, ජාකොබ්ට වෙච්ච පොරොන්දුව ඉටු කරන්නේ කොහොමද? පොරොන්දු වූ දේශය දෙන්නේ කාටද?" දෙවියන් වහන්සේ නිහඬයි.

කෝපයෙන් දැවෙන මෝසෙස් කන්දෙන් බැස එනවා. මඟදී තනියට ආපු ජෝෂුවාව හමුවෙනවා. මිනිස්සු පහළ උත්සව පවත්වන හඬ ජෝෂුවාට ඇහිලායි තිබුනේ. "මෝසෙස් තුමෙනි, කඳවුරේ යුද්ධයක් ද මන්දා? ලොකු හඬක් ඇහෙනවා"

"නෑ. ඒ මිනිස්සු සිංදු කියන සද්දෙ"

ගල් පුවරු පොළොවේ ගසා කඩා දමනවා
වස්සාත් මිනිස්සුත් ඔවුන්ගේ උත්සවයත් දකින මෝසෙස්ට හොඳටම කේන්ති යනවා.  ඔහු තරහින් ගල් පුවරු පොළොවේ ගසා කඩා දමනවා. වස්සාව අරගෙන ගින්නෙන් පුච්චලා කුඩු කරලා බොන්න තිබුනු වතුර වලට දානවා. ඉශ්‍රායෙල් සෙනඟට බොන්න වෙන්නේ ඒ වතුර.

"ආරොන්, මිනිස්සු මෙච්චර දෙයක් කරනකම් මොනවා කරාද මිනිහෝ?"

"අනේ තරහාගන්න එපා මෝසෙස්, දන්නවනෙ මේ මිනිස්සු කොහොමත් පාපිෂ්ඨ මිනිස්සු. ඉතින් උන් ඇවිත් කිව්වා 'දෙවියෙකු හදලා දෙන්න' කියලා. මාත් නිකමට වගේ කිව්වා 'එහෙනම් රත්තරං ගේන්න' කියලා. උනුත් ගෙනාවා. මම එව්වා ගිනි ගොඩට විසිකරා. විශ්වාස කරන්න මෝසෙස් එතකොටම ඒ වස්සා ගිනිගොඩෙන් මතුවුනානෙ "

මෝසෙස්ගේ කෝපයේ කෙළවරක් නෑ.  ඔහු මෙහෙම කෑගසනවා. "දෙවියන් වහන්සේගේ පැත්ත ගන්න උන් මෙහෙට වරෙල්ලා" මෝසෙගේත් ආරෝන්ගේත් ගෝත්‍රය වෙච්ච ලෙවී ගෝත්‍රයේ මිනිස්සු මෝසෙස් වටා එක් රැස් වෙනවා. "හොඳයි. නුඹලා ඇත්තටම දෙවියන්ට පක්ෂ්පාතී නම් වරදට පෙළඹීමේ වන්දියක් විදිහට ඔබලාගේ නෑයින්, සහෝදරයන්, මිතුරන් මරාපල්ලා" මේ විදිහට ඉශ්‍රායෙල්වරුන්ගෙ ජනගහනයෙන් කොටසක් මියයනවා.

මේ සංහාරයෙන් පස්සේ දෙවියන් වහන්සේ ඔවුන්ට වසංගතයක් එවනවා.  වසංගතය අවසානයේදී දෙවියන් වහන්සේ ඔවුන්ට කතා කරනවා. "මෙච්චර කරපු මට ද්‍රොහීවුනු උඹලා දිහා මම ආයෙ බලන්නේ නෑ. යන තැනක පලයල්ලා. මම මඟපෙන්වන්නේ නෑ." දෙවියන් වහන්සේ ජනයාව අතහැරීම ගැන ජනයාට ඇතිවෙන්නෙ පසුතැවිල්ලක්. ඔවුන් කණකර ගලවාගෙන තමුන්ගෙ ශෝකය පල කරනවා.

බැබලෙන මූණකුත් එක්ක
ඒත් මොන වරද කළත් තාත්තෙක් දරුවන්ව අතහරින්නේ නෑ වගේ මෝසෙස්ගේ නොනවතින ඇවටිලි හමුවේ දෙවියන් වහන්සේගේ හිත වෙනස් වෙනවා.  නැවතත් කන්දට නගින මෝසෙස්ට අලුත් ගල් පුවරු ලැබෙනවා වගේම ගිවිසුමත් අලුත් කරනු ලබනවා. එහෙත් මේ කළ වරද නිසා පරම්පරා කීපයක් යනතුරු එයට වන්දි ගෙවීමට ඉශ්‍රායෙල්වරුන්ට සිදුවෙනවා. දෙවෙනිවර ගල් පුවරු රැගෙන මෝසෙස් එන්නෙ බැබලෙන මූණකුත් එක්ක. එය දකින ජනතාව ඔහු අසලට යන්න පවා භය වෙනවා. ඒ ගැන මෝසෙස් දැනගෙන ඉන්නෙ නෑ.

ඔය අතර කාලයේදී ආරොන් හා ආරොන්ගේ පුතුන්ව පූජකයන් විදිහට අභිශේක කරනවා ඒ වගේම සංගණනයකුත් පවත්වනවා. මේක ලෝකයේ පළවෙනි සංගණනය වෙන්න ඕනෙ. අවුරුදු කිහිපයක් සීනායි කන්ද අවට වාසය කළ ජනතාව එතනින් පිටත්වෙනවා. දසපණත ලියපු ගල්පුවරු දෙක කරඬුවක තැන්පත් කරලා ඔවුන් සමඟ ගෙන යනවා. ඊළඟට ඔවුන් එන්නේ 'පාරාන්' කාන්තාරයට.

ඊළඟට..

9.10.2012

මිදීම..... පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)

මෙතෙක් කතාව :-

පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)

------------------------------------------------------------------------------------------------------------

උගේ ලේ ගෙදර උළුවස්සෙ තවරන්න
 ඉස්සෙල්ලා කොටසෙ අන්තිමට සියල්ල එපාවෙලා හිටපු මෝසෙස්ට දෙවියන් වහන්සේ කතා කළ හැටි මතකයිනෙ. අර දෙවියන් වහන්සේ කිව්වෙ "අද රෑ තමයි රෑ" කියලා. ඊටපස්සෙ දෙවියන් වහන්සේ මෙහෙම කියනවා. "මෝසෙස් අද රෑ මම මුළු ඉශ්‍රායෙල් ජනතාවම වහල්කමින් ගලවාගන්නම්. මෙතෙක් කලක් වහල්කමින් හිරවී හිටපු ජනතාව අද නිදහස ලබාවි. මම ඔබලාව ගලවා ගත්තු රෑ ඒ කියන්නෙ අද රෑ ඔබලා කවදාවත් අමතක නොකළ යුතුයි. ඔබලාගේ දරු මුණුබුරන්ට මා ඔබ ගලවාගත් හැටි උගන්වා සඳහටම මා වෙනුවෙන් උත්සව පැවැත්විය යුතුයි. සෑම අවුරුද්දකදීම අවුරුද්දක් වයසැති පිරිමි බැටළු පැටවෙකු මරා උගේ ලේ ගෙදර උළුවස්සෙ තවරන්න ඕනෙ. ඊටපස්සෙ බැටළු මස් මදගින්නේ පුලුස්සා නුමුහුන් රොටිත් තිත්ත පලාත් සමග අනුභව කරන්න ඕනෙ. කිසිම දෙයක් උදේ වෙනකන් ඉතුරු කරන්න එපා. ඒවගේම ඔබලා මිසරයෙන් පිටවෙන්නේ හදිස්සියේ බැවින් එය සිහිවීමට මේ කෑම කන්න ඕනෙ හොඳ ඇඳුමකින් සැරසිලා, ඉඟපටිය බැඳගෙන, පාවහන් පැළඳගෙන සැරයටියත් අතට අරගෙනයි. ඒවගේම හදිස්සියෙන් ලහි ලහියෙ කන්න ඕන. මේ විදිහට මිසරයෙන් ගැලවී ඒම සඳහටම සිහිකළ යුතුයි. ඊළඟට සෑම අවුරුද්දකම මේ කාලයේ දින හතක්ම ඔබලා අනුභව කළ යුත්තේ මුහුන් නොදැමූ රොටියි. මොකද අද රෑ අනන පිටි පිපෙන්න කලින් ඔබලාට මිසරයෙන් පිටවෙන්න වෙනවා. "

8.27.2012

දියෙන් මතුවූ කුමරා..... පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ජාකොබ්ට පුතුන් 12කි. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප් අනික් පුතුන් විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී  රටේ රජතුමාගේ හිත දිනාගන්නා ඔහු රටේ දේශාධිපති තනතුරට පත්වේ. පසුව තම සහෝදරයින්වත් මිසරයට ගෙන්වා ගැනීම නිසා ජාකොබ්ගේ පරපුරම මිසරයේ පැතිරයයි. එහෙත් ඉතිහාසය නොදන්නා රජෙකුගේ පැමිණීමත් සමඟම පරපුරම වහලුන් බවට පත්වේ.
පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (7 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස) --------------------------------------------------------------------------------------------------------------

8.23.2012

ජාතියම වහල්කමට... පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ජාකොබ්ට පුතුන් 12කි. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප් අනික් පුතුන් විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී ජෝසෙප් තම ස්වාමියාගේ හිත දිනා ගත්තද ස්වාමියාගේ බිරිඳ දූෂණය කිරීමට තැත් කිරීමේ චෝදනා ලැබ සිරගතවේ. නමුත් රටේ රජතුමාගේ හිත දිනාගන්නා ඔහු රටේ දේශාධිපති තනතුරට පත්වේ.

8.10.2012

උඹලාට හොඳක් කළාම එනවා කරේ නගින්න....පොරොන්දු වූ දේශය කරා.... (7 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ජාකොබ්ට පුතුන් 12කි. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප් අනික් පුතුන් විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී ජෝසෙප් තම ස්වාමියාගේ හිත දිනා ගත්තද ස්වාමියාගේ බිරිඳ දූෂණය කිරීමට තැත් කිරීමේ චෝදනා ලැබ සිරගතවේ. නමුත් රටේ රජතුමාගේ හිත දිනාගන්නා ඔහු රටේ දේශාධිපති තනතුරට පත්වේ.

------------------------------------------------------------------------------------------------------------

8.09.2012

වහලා රජකමට.................. පොරොන්දු වූ දේශය කරා.... (6 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ඒසව්ට වංචා කර පැනයන ජාකොබ් තමුන්ගේ මාමා වන ලාබන්ගේ ගෙදර නතර වේ. පසුව බොහෝ සැප සම්පත්ද තමුන්ගේම පුතුන් දොළොස්දෙනෙකුද ලබන ඔහු තම සහෝදරයා සමග යලි මිතුරු වේ. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප් අනික් පුතුන් විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී ජෝසෙප් තම ස්වාමියාගේ හිත දිනා ගත්තද ස්වාමියාගේ බිරිඳ දූෂණය කිරීමට තැත් කිරීමේ චෝදනා ලැබ සිරගතවේ.

8.05.2012

පොතිපර්ගෙ වනචර ගෑණි..... පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ඒසව්ට වංචා කර පැනයන ජාකොබ් තමුන්ගේ මාමා වන ලාබන්ගේ ගෙදර නතර වේ. එහිදී බිරියන් හතරක් ලබාගන්නා ඔහු තමුන්ගේ දේපළ වස්තුවත් රැගෙන සියරට පැමිණේ. ජාකොබ්ට පුතුන් දොළොස්දෙනෙකි. එයින් එක් පුතෙකු කෙරෙහි ජාකොබ්ගේ ඇල්මට ඉරිසියා කරන අනිත් පුත්තු මිසරය බලා යන තවලමකට ඔහු විකුණති.

8.03.2012

මෙහෙමත් සහෝදරයෝ....... පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්.  කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.
මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ට ඒසව් හා ජාකොබ් නමින් පුතුන් දෙදෙනෙකු සිටියි. වැඩිමලා වන ඒසව්ට පියාගෙන් ලැබීමට තිබූ ආශිර්වාදර සොරාගන්නා ජාකොබ් තම මාමා වෙත පලායයි. එහිදී ධනවතෙකු වන ජාකොබ් තම දරුවන් හා දේපළ සමග නැවත පැමිණ ඒසව් හා සමාදාන වෙයි. ජාකොබ් තම පුතුන් 12දෙනා අතරින් එක් අයෙකුට වැඩි ආදරයක් පෙන්වයි.

-------------------------------------------------------------------------------------------------------------

8.02.2012

කෙල්ලක් නිසා *** කපාගත් ශෙකෙම්වරු....... පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ඒසව්ට වංචා කර පැනයන ජාකොබ් තමුන්ගේ මාමා වන ලාබන්ගේ ගෙදර නතර වේ. එහිදී බිරියන් හතරක් ලබාගන්නා ඔහු තමුන්ගේ දේපළ වස්තුවත් රැගෙන සියරට පැමිණේ. 

-----------------------------------------------------------------------------------------------------------

8.01.2012

පොරොන්දු වූ දේශය කරා.... (2 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්.  කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා ඊසාක්ය. ඊසාක්ට ඒසව් ජාකොබ් නමින් පුතුන් දෙදෙනෙකු ලැබේ. බාලයා වන ජාකොබ් වැඩිමලාට උරුම පියාගේ ආශිර්වාදය ඔහු මුලා කිරීමෙන් ලබාගනී. මේ ගැන කිපෙන ඒසව් ඔහු මරන්න සොයනවිට සිය මාමාවූ හාරාන් වෙත පලායයි. 

7.31.2012

පොරොන්දු වූ දේශය කරා.... (1 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. අද ඉඳන් කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ. ලියන බාසාවෙන් ලියලා ඉවරවුනත් කම්මැලී වගේ. ඔන්න ඔහේ ඒක මකලා කතාවක් විදිහටම කියන්නම්.

-------------------------------------------------------------------------------------------------------------
Related Posts Plugin for WordPress, Blogger...