12.31.2012

සුභ නව වසරක් වේවා!

එක දවසක් උදේ තරුණ වයසේ හිටපු ළමයි පිරිසක් එක්තරා දේශන ශාලාවකට වෙලා බලන් හිටියෙ දේශකතුමා එනකන්. දේශනය සඳහා දේශකතුමාගේ මේසය සූදානම්ව තිබුණා. චාම් මේස ඇතිරිල්ලක් මේසය වසාගෙන සිටිද්දී රෝස මල් පිරුණු පෝච්චිය මේසයට අලංකාරයක් ගෙනදුන්නා. එහෙත් එතන සිටි ළමුන්ගේ සිතගියේ මේස ඇතිරිල්ලට වත් මලින් පිරීගිය බඳුනටවත් නොවේ. වෙනදා මේසය මත නොදකින අමුතුම දේවල් කීපයක් එහි තිබුනා. තරමක් කට ලොකු භාජනයක් හා තරමක් විශාල තිරුවානා ගල් කිහිපයක්.

මඳ වේලාවකින් දේශකතුමා ශාලාවට පැමිණියා. ඔහු දේශනය ආරම්භ කළා.  "මේ භාජනය පුරවන්න මේ ලොකු ගල් කැබලි කීයක් ඕනද?" පළමු ප්‍රශ්නය.

ශාලාවේ තැනින් තැනින් අත් එසවුනා.  නොයෙකුත් පිළිතුරු කියවුනා. එයින් සෑහීමට පත්වූ බවක් පෙන්වූ දේශකතුමා ළමුන්ගේ උද්‍යෝගය මැද භාජනයට ලොකු ගල් එකිනෙක දමන්නට උනා. ටිකකින් භාජනයේ කටට අවසාන ගලත් එකතු උනා. "දැන් මේ භාජනය පිරිලද?"

ළමුන් සියලු දෙනාම ඊට එකඟ උනා. ඉන්පසු කුඩා ගල් කැබලි පිරි භාජනයක් මේසය යටින් ඔහු ගත්තෙ මුවට මඳ සිනාවක් නඟාගනිමින්. කුඩා ගල් කැබලි එකිනෙක භාජනයට වැටෙන්න උනා. ඒවා ලොකු ගල් අතර හිඩැස් වලට පිරවුනා. භාජනය පිරී ඇතැයි කියූ ළමයි තමුන්ටම සිනා වෙමින් සිටියා. දෙශකතුමා භාජනය සොලවමින් අවසාන කුඩා ගල් කැබැල්ලත් එකතු කළා. "දැන් මේ භාජනය පිරිලද?"

ළමුන් සියලුදෙනාම 'නෑ' කිව්වා.  පිළිතුරෙන් සෑහීමට පත් දේශකතුමා වැලි බඳුනක් ගෙන එයට හැලූ විට එය දරාගැනීමට තරම් භාජනය පොහොසත් උනා. සෙලවෙමින් තිබූ භාජනයට වැලි පිරවීමේ සීමාව ඉක්ම ගියා."දැන් මේ භාජනය පිරිලද?"

සමහර ළමුන් 'නෑ' කිවා.  ඔවුන්ට ප්‍රශංසා කළ දේශකතුමා ජල භාජනයක් ගෙන වත් කළා. අලුතින් පැමිණි ජලය දරා ගැනීමට භාජනය හැකි උනා. ජලයත් උපරිම සීමාවට පැමිණියා. "දැන් මේ භාජනය පිරිලද?"

ළමුන් තුශ්ණිම්භූතව හිටියෙ පිළිතුරක් හිතාගැනීමට නොහැකිව. "ළමයිනේ, දැන් භාජනය පිරිලා"

"හොඳයි කියන්න බලන්න මේකෙන් ගන්න පුළුවන් පාඩම මොකක්ද?"

එවිට නම් සියලුදෙනා නිශ්ශබ්දව සිවිලිම දෙස බලන්නට, ඔලුව කසන්නට, කල්පනා කරන්නට වුවත් එක අතක් එසවුණා.  "අපි හොඳට හිතලා මතලා කටයුතු කරනවා නම් අපි හිතනවාට වඩා ගොඩාක් දේවල් ජීවිතයට ළඟා කරගන්න පුළුවන්" අනිත් ළමයිනුත් ඒ පිළිතුරේම වගේ. පිළිතුර හරිද?

"නෑ ළමයි. ඒක නෙමෙයි ගන්න පුළුවන් ආදර්ශෙ. අපි මේ ලොකුගල් කලින් නොදැම්මානම් මේ භාජනයට අපිට එක ලොකු ගලක්වත් දාන්න වෙන්නෙ නෑ"

"මේ ලොකුගල් කියන්නෙ ඔයාලගෙ ජීවිතේ වඩාත් වැදගත් දේවල් කියලා හිතමු. ඒවා කලින් නොකර ඒවාට මුල් තැන නොදී වෙන වෙන ඒවා කර කර හිටියොත් කවදාවත් වැදගත් දේවල් කරගන්න බැරිවේවි."

ඉතින්  ජීවිතේ වඩා වැදගත් ඒවාට කාලය යොදන්න ලැබෙන වැදගත් නොවැදගත් මොනවාද කියලා හඳුනාගන්න නුවණ ලැබෙන සුභ නව වසරක් වේවා!

Happy New Year 2012 + 1! 



12.19.2012

භූමිකම්පාවක් ආවොත්...

භූමිකම්පාවක් කියන්නෙ අතිශය විනාශකාරී ස්වාභාවික විපත්තියක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. භූමිකම්පාවක් තවත් භායනක වෙන්න හේතුවක් තමයි කිසිම විදිහකින් ඒ පිළිබඳ අනාවැකි කීමට නොහැකි වීම. සුළි සුළං, ටොනාඩෝ, සුනාමි වැනි තත්වයන් වලදී අනතුරු ඇඟවීම් කළහැකි වුවත් භූමිකම්පාවක් සිදුවීමට පෙර ඒ ගැන අනාවැකි කියන්න තරම් තවමත් තාක්ෂණය දියුණු වී නෑ.

'භූමිකම්පාවක් වෙන්නේ කොහොමද?' කියලා හැමෝම දන්නවානෙ. ඉතින් ඒ ගැන නොකියා භූමිකම්පාවකදී එයින් සිදුවන හානිය අවම කරගැනීමට කළයුතු දේවල් මතක් කරන්නයි මේ හදන්නෙ. හැබැයි බොහොම කෙටියෙන්. 'ලංකාවට මොන භූමිකම්පාද?' කියලා නොහිතා කියවන්ඩ පුළුවන් නම් හොඳයි. මොකද සුනාමි එන්න කලින් අපි සුනාමියක් දැනගෙන හිටියෙත් නෑනෙ.

12.13.2012

නත්තල් කන්නේ කොහොමද?

පාසල් මවගෙන් සමුගෙන බොහෝ කල් ගතවී තිබේ. එකල දැනසිටි බොහෝ මිතුරන් දැන් තාත්තලාය. දරුවන්ගේ වැඩකටයුතුත් රාජකාරී කටයුතුත් අතර හිරවී ඇති වැඩිහිටි ජීවිතය විරාමයකින් තොරව ඔහේ ගලායමින් තිබිණි. නමුත් හදිසියේ සියල්ල වෙනස් විය. ඇත්තෙන්ම මොහොතකට ලද විරාමයක් සියල්ල වෙනස් කළේය. හදිසියේම මාගේ පැරණි මිතුරන් කිහිපදෙනෙක් හමුවීමට, ඔවුන් සමඟ සල්ලාපයේ යෙදීමට හා උගුරක් තොල ගෑමට  අවස්ථාව පෑදිණි.

12.07.2012

ජුදයින්ගේ කැලැන්ඩරේ

මේ ඉන්නෙ මම. මම ජුදෙව්වෙක් බව ඕගොල්ලො දන්නවා ඇතිනෙ. නොදන්න අයත් ඇති ඉතින්. ජුදෙව්වෙක් කියනවාට අමතරව ඉශ්‍රායලයෙක් කිව්වත් වරදක් නෑ. කැමතිනම් හෙබ්‍රෙව්වෙක් කියලා උනත් කියන්න පුළුවනි. මොකද හෙබ්‍රෙව්වන්ගෙන්(Hebrew) කොටසක් තමයි ඉශ්‍රායෙල්වරු (Israelite) උනේ එයිනුත් කොටසක් තමයි ජුදෙව්වො ( Jewish) උනේ. මම දැක්කා මේ විස්තර බ්ලොගයක තියෙනවා. මෙතනින් ගියොත් ඒ විස්තර බලන්ඩ පුළුවනි.

11.24.2012

ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්නෙ ප්‍රසිද්ධ ජීවිතය ගැන

කලින් කතාව අපි නැවැත්තුවෙ ජේසුස් වහන්සේ දේව මාළිගාවෙදි නැතිවෙලා ආයෙ හම්බුනාට පස්සෙනෙ. කලින් කතාවෙදි ප්‍රතිචාර දක්වපු බොහෝදෙනෙක් කිව්වා වගේ ජේසුස් වහන්සේගේ ජීවිත කතාවේ අවුරුදු 12ත් 30ත් අතර කාලය පිළිබඳව බයිබලයේ සඳහනක් නෑ. අද තමයි කතාවෙ දෙවෙනි කොටස. ඉතින් ඒක පටන් ගනිද්දිම ජේසුස් වහන්සේට වයස අවුරුදු 30ක් වෙන්නෙ ඒ නිසාමයි. ඔන්න මඟ හැරිච්ච කෙනෙකුට පුළුවන් පළමු කොටස කියවලාම ආරම්භයක් ගන්න. මතකනෙ කොටස් හතර

1. ජේසුස් වහන්සේගේ උපත (මෙතනින් කියවන්න.)
2. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය
3. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය
4. ජේසුස් වහන්සේගේ මරණින් පසු ජීවිතය හා දෙවන පැමිණීම පිළිබඳ විශ්වාසයන්

එහෙනම් අද කතාවට යමුකො.

11.11.2012

ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)

එක්තරා ඉතිහාස කතාවක් කියන්ඩ යද්දි (මේක බ්ලොගයේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට පිළිතුරක්) මට තේරුනා ඒ ඉතිහාස කතාව හොඳින් තේරුම් ගන්න නම් ජේසුස් වහන්සේගේ ජීවිත කතාව දැනසිටීම හොඳ බව. ඉතින් ඒ ඉතිහාස කතාවට මූලාරම්භයක් විදිහට තමයි මේ කතාව කියන්නෙ. මේ කතාව කොටස් හතරයි.

1. ජේසුස් වහන්සේගේ උපත
2. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය
3. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය
4. ජේසුස් වහන්සේගේ මරණින් පසු ජීවිතය හා දෙවන පැමිණීම පිළිබඳ විශ්වාසයන්

මේ ලිපි හතර ලියද්දි ශු. බයිබලයේ කතාව වගේම වටපිටාවෙ විස්තරත් කියන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ජේසුස් වහන්සේගේ ධර්ම දේශනා, ප්‍රාතිහාර්‍යය, උපමා ආදිය ඇතුළත් නොකරන්නයි බලාපොරොත්තුව. එව්වත් කියන්න ගියොත් කතාව හොඳටම දිග්ගැස්සේවි. කියවන්න කම්මැලි හිතේවි. අද පළමුවැනි කොටසින් මම කියන්න යන්නෙ ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව.

11.05.2012

ලෝකයේ ලස්සනම පල්ලි (හැබැයි පින්තූර තමයි)

අද පොඩි වෙනසකටත් එක්ක පින්තූර ටිකක් විතරක් දාන්න හිතුවා. ඉතින් මම අද ඔයාලාට පෙන්වන්න යන්නෙ ලෝකයේ ලස්සනම කතෝලික පල්ලි කිහිපයක්. ඇත්තම කිව්වොත් මේ ලිපිය ඉංග්‍රීසි ලිපියක අමු කොපියක්. ඒ ලිපියට පාර අන්තිමට ඇති.  පල්ලි ලෑස්තුගත කරලා තියෙන්නෙත් ඒ ලිපියෙ විදිහටම තමයි. හැබැයි මම ඒ ලිපියට වඩා පින්තූර එකතු කළා.

11.01.2012

ඇති යංතං පොරොන්දු වූ දේශයටත් ආවා.. පොරොන්දු වූ දේශය කරා (අවසාන කොටස)

ආබ්‍රහම් කියන්නෙ යහපත් ජීවිතයක් ගෙවපු එඬේරෙක්. එඬේර යුගයේ එඬේරු කියන්නෙ තැනින් තැන ගිය මිනිස්සුනෙ ඉතින් ආබ්‍රහමුත් තැනින් තැන යන ජීවිතයක් තමා ගත කළේ. යහපත් පුද්ගලයෙකුවෙච්ච ආබ්‍රහම්ගෙන් පැවත එන ජාතියට ඔවුන්ටම කියා රටක් දෙන්න දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා.
එහෙම පොරොන්දුවෙච්ච රටට තමයි 'පොරොන්දු වූ දේශය' (Promised Land) කියන්නෙ. 

ඕගොල්ලොන්ට මතකයි නේද ආබ්‍රහම්ගෙ මුණුබුරෝ දෙන්නා, ජාකොබ් හා ඒසව්. මතකනෙ ජාකොබ් තමුන්ගෙ සහෝදරයව රවට්ටලා පියාගෙ ආශිර්වාදය හොරකම් කරන් මාමා ගාවට පැනලා ගිය හැටි. මාමාගෙ දෝණියැන්දෑ කෙනෙකුට බැල්මට් එක දාපු හැටි. ඒත් මාමත් බලු වැඩේ කරලා නංගි පෙන්නලා අක්කව දුන්නා. අන්තිමට ජාකොබ් කෑගහද්දි නංගිවත් දුන්නා. පස්සෙ නංගිගෙයි අක්කගෙයි හුටපට හින්දා තව බිරින්දෑවරු දෙන්නෙකුත් හම්බුනා. ඔය හතරෙන් ජාකොබ්ට පුත්තු දොලහක් ලැබුනා.

පුත්තු දොළහෙන් ජාකොබ් වැඩියෙන් ආදරය කළේ ජෝසප්ටනෙ. මේකට කලකිරිච්ච සහෝදරයො කළේ ඔහුව වහල්කමට විකුණපු එක. මිසර අධිපතියෙකුගෙ ගෙදර හිතදිනාගෙන හිටියත් ගෙදර ලමාතැනීගෙ බැල්මට් එකෙන් නම් බේරෙන්න බැරිවුනා. පස්සෙ ඒ හින්දම හිරෙත් ලැග්ගා. ඒත් රජ්ජුරුවන්ගෙ හිතදිනාගෙන පස්සෙ කාලෙක රටේ දෙවෙනි පාලකයා වුණෙත් මේ ජෝසෙප්මනෙ. ජෝසෙප් හින්දා තමයි අනික් සහෝදරයන්ට මිසරයට යන්ඩ වුනේ.

මිසරයේදී මේ ගිය කට්ටිය ලොකු සෙනගක් වුනාට පස්සෙ ඒ රටේ වහල්ලු වෙනවා.  ඉපදෙන හැම පිරිමි ළමයවම මරන්න නියෝග ලැබුනත් වාසනාවන්ත විදිහට බේරුනු මෝසෙස්ව තමයි ඉශ්‍රායෙල් ජනතාව මුදවාගැනීමේ නියමුවා හැටියට දෙවියන් වහන්සේ විසින් පත් කරන්නෙ. 

දෙවියන් වහන්සේ ජනතාව මුදවාගෙන මෝසෙස්ගේ නායකත්වය යටතේ පොරොන්දු වූ දේශයට පිටත් කරනවා. ඕගොල්ලන්ට මතක ඇතිනෙ වසංගත දහය ඒවගේම රතු මුහුදෙන් එගොඩ වෙච්ච එව්වා කාරිය. ඊටපස්සෙ දසපනත නීතිමාලාවක් විදිහට ඔවුන්ට ප්‍රදානය කරනවා. ඒ සීනායි කන්ද මුදුනෙදි. දස පනත විතරක් නෙමෙයි මුළු ජුදා ව්‍යවස්ථාවම මෙතනදිලු ලැබුනෙ.

ඔන්න ඔය ටික තමයි  කොටස් දොළහක් විදිහට ඔයගොල්ලන්ට කිව්වෙ. පහළ එක් එක් ලිපිය කියෙව්වොත් කතන්දරේ සම්පූර්ණයෙන්ම දැනගත්තැකි.

පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)        පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (6 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (12 කොටස)

මම හිතන්නෙ මේ කතාව හොඳටම දිග වැඩිවුනා. ඒක නිසා අදින් ඉවර කරන්නයි බැලුවෙ.  අද කොටසෙදි අනිවාර්‍යයෙන් කට්ටියව පොරොන්දු වූ දේශයට දාලායි පස්ස බලන්නෙ. ඒක නිසා ලිපිය ටිකක් දික්වෙයි.

 ------------------------------------------------------------------------------------------------------------

10.29.2012

නොවැම්බරේ මොකෝ කරේ

ගිය නොවැම්බර් මාසෙ තමයි මම මුලින්ම කතෝලික චාරිත්‍ර ලිපියක් ලිව්වෙ. ඒ වගේම ඒ මාසෙ එක දිගට දවස ගානෙ ලිපි පහක්ම දැම්මා. දවස ගානෙම දාපු නිසාද කොහෙද ඒවට එච්චර කියවන අයගේ අවධානය ලැබුනේ නැතිද කොහෙද. ඉතින් ආයෙමත් ඒ ලිපි වැදගත් වෙන කාලසීමාවක් ඇවිත් තියෙන නිසා ඒ ටික ආපහු මතක් කරන්න හිතුනා. 

මළවුන්ගේ නොවැම්බරය...


නොවැම්බර් මාසෙදි කතෝලික සුසාන භූමි වගේම පොදු සුසාන භූමි වල කතෝලික කොටසුත් සුද්ද පවිත්‍ර කරලා බැබලි බැබලි තියෙන්නෙ මොකද කියන එක මේ ලිපිය බැලුවොත් පැහැදිලි වේවි. කියවලා බලන්ඩකො. මේක තමයි කතෝලික චාරිත්‍ර ගැන මම ලියපු පළමුවෙනි ලිපිය.


කොටියාගේ හොල්මන........


මගේ බ්ලොගයේ පළවුනු ප්‍රථම හා එකම හොල්මන් කතාව.


ඉන්න වුන්ගෙන් මදිවට මැරිච්ච උන්ගෙනුත් හොරකං......


මේක කලින් කතාවෙ හොල්මන දැකපු සීයාම කියපු කතාවක්.  කලින් කමෙන්ට් කරපු අය නම් මේක ඇත්ත කතාවක් කියලත් කිව්වා.


පණපිටින් වැළලුනොත්....


ගමේ ගොඩේ අහන්න ලැබුනු මනුස්සයෙක්ව හා පුංචි ළමයෙක්ව පණපිටින් වළලන්න වෙච්ච සිද්ධියක්.


අන්තිම ආලේපය


මේ ලිපියත් කතෝලික චාරිත්‍ර සම්බන්ධ ලිපියක් තමයි. කතෝලික කෙනෙක් මරණාසන්න වුනාම ඉටුකරන චාරිත්‍ර වාරිත්‍ර ගැන තමයි කියවෙන්නෙ.

මේ ලිපි පහම මරණයට මළවුන්ට සම්බන්ධ ලිපි. ඒක නිසා බොහෝම පරිස්සමින් කියවන්න ඕනෙ හොඳද.  මේ ලිපියට කියන්න දෙයක් නැති නිසා ප්‍රතිචාර අක්‍රිය කරන්නම්. ඔය ලිපි පහ ප්‍රතිචාර වලට විවෘතයි. මතකනෙ "පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් මට නෑ". ගිහින් එන්නම්.

සටහන : සුපුරුදු පරිදි අන්තර්ජාලය මාසෙ අන්තිමට ඉවර වෙලා නිසා ණයට ඉල්ලාගත් එකකින් තමයි පෝස්ටුව කෙටුවේ. කලින් ලිපියට වගේම පරණ ලිපි වලට ඕගොල්ලො දාලා තියෙන ප්‍රතිචාර මම දැක්කා. ඒවට මාගේ ප්‍රතිචාර නොවැම්බර් මස පටන්ගත් හැටියේ දෙන්නම්. පොරොන්දු වූ දේශයේ කතාවත් ඔන්න ලියලා ඉවරකොළා. ළඟදීම කියවන්න ලැබෙයි.

10.20.2012

හරී ජනපති ආරක්ෂකට අරී

මම සිස්සත්වෙ ඉවර කරලා ටික කලක් යනකොට අපිට ටිකක් හොඳ කල දසාවක් ලැබුනා. මුදල් හදල් එහෙම ටිකක් තිබුනා. ඒ පිහිටෙන් මට පුළුවන් වුනා රටේ තොටේ ලොකු ඉස්කෝලයක් කියලා හඳුන්වපු එකකට ඇතුල්වෙන්න. ඒ කාලෙ ජීවිතේ හරිම ලේසියෙන් ඇදිලා ගියා. හරියට පල්ලමක යන ෆුට් බයිසිකලයක් වගේ. කලින් වගේ ඉස්කෝලෙට පයින් ගාටන්නවත් පාන්දර නැගිටලා පුටාර් එකේ ලොකු අම්මලාගෙ දිහා යන්නවත් සිද්ධ වුනේ නෑ. උදේට ගේ ළඟට වෑන් එක ඇවිත් 'පෝප් පෝප්' ගාපුවම ඒකට නඟින්ඩ විතරයි තිබුනෙ. හවසටත් ශපාන් එකේ ඉඳගෙන ඇවිත් ගේ දොරකඩින්ම බැහැලා ගෙට එන්ඩ පුළුවන් වුනා.

10.05.2012

ස්වයං-විඳවීම 2

ස්වයං-විඳවීම 1 ලිපියේදී තමුන්ටම පහරදීගන්නා කසකරුවන් ගැනත් ජේසුස් වහන්සේ මෙන් කුරුසයේ ඇණගැසුම්කන්නන් ගැනත් අපි කතාකළානෙ. අද ලිපි මාලාවේ අවසාන ලිපිය බලමු.

10.03.2012

ස්වයං-විඳවීම 1


 කසයකින් තමුන්ටම ගහගෙන එහෙම නැත්නම් වෙන විදිහකින් තමුන්ගෙ ඇඟට රිදවීමක් කරගෙන ආගමික භක්තිය පෙන්වන මිනිස්සු ඉන්නවා කිව්වොත් විශ්වාස කරනවද? විශ්වාස කරන්ඩම වෙනවනෙ. බලන්ඩකො හින්දු පෙරහැරක් ඒකෙ කටුගහගත්තු අය කොයිතරම් යනවද? ඇයි දේවාලවල කෙරෙන ගිනි පෑගීම්. මම හිතන්නෙ පන්සල්වලත් තියෙනවා. ඒවාත් ඉතින් සිරුරට වදයක් දීමෙන් තමුන්ගෙ ආගමික භක්තිය පෙන්වීමක්ම තමයි. අද මම කියන්න යන්නෙ ඒ විදිහට සිරුරට වදදෙන කිතුනුවන් ගැන. එහෙනම් කියවමු ලිපිය.

9.24.2012

සිංහල බ්ලොග් පටන් ගත්තේ කවුද?

සිංහලෙන් මුලින්ම බ්ලොග් එකක් ලිව්වෙ කවුද? මම හිතන්නෙ බ්ලොග් ලෝකෙ ගොඩාක් දෙනෙක් දන්නෙ නෑ? ඒ ගැනත් කියන ගමන් මගේ බ්ලොග් ලිවීමේ ඉතිහාසය ගැනත් කියන්න තමයි මේ සූජානම. මුලින්ම කියලා ඉන්නම්කො මගේ බ්ලොග් ඉතිහාසෙ. මට හදිස්සි වැඩකුත් තියෙන එකේ කෙටියෙන්ම තමයි කියන්න වෙන්නෙ. අනික ඉතින් මගේ බ්ලොග් ඉතිහාසය දැනගත්තා කියලා වෙන කෙනෙකුට පලකුත් නෑනෙ. ඒක හින්දා ඔන්න කෙටියෙන්ම ගහලා දානවා.

මේ සිද්ධිය උනේ දවසක් මම විස්ස විජ්ජාලෙ ලැබ් එකේ ඉන්නකොට.  අපේ ලැබ් එකත් ඉතින් ඔන් කරලා ලෝඩ් වෙද්දි තේ එකක් බීලම වැඩට බහින්න පුලුවන් ජාතියෙ එකක් තමයි. මම ලැබ් එකේ ඉන්නකොට මගෙ යාලුවෙක් ඇවිත් මැශින් එකක් ගාවින් වාඩිවෙලා මට මොකක්දෝ එකක් පෙන්වන්ඩ කතා කළා. මාත් ඉතින් ගියා බලන්ට. බලද්දි ඌම ලියපු වෙබ් සයිට් එකක්. මම ඉතින් ඒක බලලා කාරිය ඒකෙ විස්තරත් දැනගෙන "උඹ වෙබ් සයිට් එකක් ගත්තද ඇහුවා"

9.21.2012

පොරොන්දු වූ දේශය කරා.... (12 කොටස)

මෙතෙක් කතාව :-
පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)
                                                                     පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)

------------------------------------------------------------------------------------------------------------

"අම්මෝ මෙච්චර ලොකු වටු රංචුවක් දැක්කමයි. මේතරම් වටුවො කොහෙන් එනවද?"

මේතරම් වටුවො කොහෙන් එනවද
"ඔය දෙවියන් වහන්සේ උඹලාට එවපු ආහාර. ඇති තරමට අල්ලා ගනිල්ලා" මෝසෙස්ගේ නියමයෙන් ජනතාවගේ රාත්‍රී ආහාරය වෙන්නෙ වටු මස්. මේ විදිහට ඉශ්‍රායෙල් ජනතාව මිසරයෙන් පිටවෙලා පොරොන්දු වූ දේශයට පැමිණෙනකම් අවුරුදු හතලිහක් පුරාම උදේට මන්නාත් හවසට වටු මසුත් කෑවාලු.

ජනතාව ටිකෙන් ටික සීන් කාන්තාරයෙන් නික්මිලා රෙපිඩීම් කියන ස්ථානයට එනවා. මෙතැනදීත් කලින් වගේම බොන්න වතුර නැතිවුන හින්දා ආයෙත් මැසිවිලි. "අපි බොන්නේ මොනවාද?"

"මෝසෙස්, උඹ අපිව එක්කන් ආවේ මරන්නද?"

"කටවහන් ඉඳපල්ලා. උඹලා ඔය අවලාද කියන්නෙ මට නෙමෙයි දෙවියන් වහන්සේට" මෝසෙස් ජනතාවට තරවටු කරනවා. ඒත් දිගින් දිගටම ජනතාවගෙන් එල්ලවන බලපෑම් නිසා මෝසෙස් දෙවියන් යදිනවා. "ස්වාමිනී, මේ මිනිස්සු මට ගල් ගහලා මරාවි. අපිට ජලය ලබාදෙන්න"

මොසෙස් පර්වතයට පහරදීමත් සමග පර්වතයෙන් ජල කඳක් වෑස්සෙනවා
"මෝසෙස්, ඔබේ සැරයටියෙන් ඔය අසල ඇති පර්වතයට පහර දෙන්න."  මොසෙස් පර්වතයට පහරදීමත් සමග පර්වතයෙන් ජල කඳක් වෑස්සෙනවා. ඉශ්‍රායෙල්වරු ඇතිතරම් ජලය පානය කරනවා.



රෙපිඩීම්වල කඳවුරු බැඳගෙන වැඩිකල් යහතින් ඉන්න වෙන්නේ නෑ. ඉශ්‍රායෙල්වරුන්ගේ වස්තු සම්පත් දකින අමලෙක්වරු ඔවුන් හා යුද්ධයට පැමිණෙනවා. ඉශ්‍රායෙල්වරුන් බේරාගැනීමේ වගකීම පැවරෙන්නෙ ජෝෂුවාට. ජෝෂුවා කියන්නෙ ඉශ්‍රායෙල්වරු අතර හිටපු බොහෝම හැඩිදැඩි තරුණයෙක්. ජෝෂුවා ඉශ්‍රායෙල්වරු අතර හිටපු සටන් කරන්ඩ පුලුවන් පිරිමි ටිකත් අරන් යුද්ධයට යනවා. ඉශ්‍රායෙල් සේනාවට සහය වෙන්න හිතපු මෝසෙස් ආරෝනුත් තවත් කෙනෙකුත් එක්ක ළඟ තිබ්බ කන්දකට නගිනවා. කන්දෙ ඉඳන් මෝසෙස් දක්වන සහය තමයි තමුන්ගෙ හැරමිටියත් එක්ක අත්දෙක උස්සගෙන ඉන්න එක. මෝසෙස්ව දකින ඉශ්‍රායෙල්වරු නිර්භීතව සටන් කරනවා. ඒත් ඉතින් ඔහොම අතදෙක උස්සන් දිගටම ඉන්න පුළුවනෑ. ඒත් මෝසෙස් අත පාත්කරද්දිම වෙන්නෙ අමලෙක්වරුන් ශක්තිමත්ව සටන් කරන එක. මෝසෙස්ගෙ අත් ඔසවාගෙන සිටීම ඉශ්‍රායෙලුන්ගේ ජයග්‍රහණයට හේතුවෙන බව දකින ආරොනුත් අනිකාත් මෝසෙස්ගේ අත දෙක අල්ලා ඔසවාගෙන ඉන්නවා. ඉශ්‍රායෙලුන්ට යුද්ධයේ ජය ලැබෙනවා.
අතදෙක උස්සන් දිගටම ඉන්න පුළුවනෑ

යුද්ධ ජයෙන් උද්දාම වෙලා ඉන්නකොට තමයි මෝසෙස්ව හමුවෙන්න අමුත්තො කට්ටියක් එන්නෙ.  අමුත්තො කිව්වට මෝසෙස්ට නම් මේගොල්ලෝ අමුත්තෝ නොවෙයි. මොසෙස්ගේ මාමණ්ඩි මෝසෙස්ගේ බිරිඳත් දරුවනුත් අරගෙන ඇවිල්ලා. මාමණ්ඩිට මෝසෙස් කළ කීදෑත් ඉශ්‍රායෙලුන් වහල්කමින් මිදුණු හැටිත් ආරංචිවෙලා. පොරොන්දු වූ දේශයට යන මෝසෙස්ට බිරිඳත් දරුවනුත් භාරදෙන්න තමයි ඔහු ඇවිත් තිබුනෙ. ඒත් මෝසෙස්ගේ කාර්‍යබහුලකම නිසා නිවී හැනහිල්ලේ කතා කරන්නවත් ලැබෙන්නේ නෑ. හවස්ජාමේ මෝසෙස් දවසේ වැඩ ඉවර කරලා තමුන්ගෙ කූඩාරමට එනවා. "සමාවෙන්න මාමා. මට තිබුනු වැඩත් එක්ක එවලෙම එන්න වුනේ නෑ."

"මොනාද පුතා ඔච්චර වැඩ. උදේ ඉඳන් හවස් වෙනකන් අර කූඩාරමකට වෙලා, ඒ මදිවට මිනිස්සු සිය ගාණක් පෝලිම් ගැහිලා. මොකද ඔය කරන්නෙ?"

සමාවෙන්න මාමා. මට තිබුනු වැඩත් එක්ක
"මිනිස්සු ඔක්කොම ප්‍රශ්න අරන් එන්නෙ මට මාමා. මෙච්චර මිනිස්සු කට්ටියකගෙ ප්‍රශ්න විසඳන එක ලේසි වැඩක්ද?"

"ඉතින් පුතා මෙහෙම කරන්ඩකො. හොඳ මිනිස්සු ටිකක් හොයාගෙන විනිශ්චයකාරයෝ කරන්න. දශාධිපතීන්, පණසාධිපතීන්, ශතාධිපතීන්, සහශ්‍රාධිපතීන් පත් කරන්න. එතකොට පුතාට විසඳන්න වෙන්නෙ ඒ අයට විසඳන්න බැරි ප්‍රශ්න විතරයි. " මේ විදිහට සෙනඟ අතර නඩුකාරවරු පත්වීමෙන් මෝසෙස්ගේ වැඩ අඩුවෙනවා. ඉන්පස්සෙ මෝසෙස් ඇතුළු පිරිස එතැනින් පිටවෙන්නෙ මෝසෙස්ගේ බිරිඳත් දරු දෙදෙනාත් තම කණඩායමට ඇතුළු කරගෙන. ජෙත්‍රෝ හැරී යනවා. 

ටිකදිනකින්ම පිරිස සීනායි කාන්තාරයේ. මතකද කලින් මම කිව්වා මෝසෙස්ට දෙවියන් වහන්සේ දර්ශනය වුන හැටි. අර ගිනිගන්න පඳුරෙ කතාව. ඉතින් ඒ විදිහට දෙවියන් වහන්සේ දර්ශනය වෙච්ච හෝරෙබ් කන්ද තියෙන්නෙත් මේ සීනායි කාන්තාරයේම තමයි. හෝරේබ් කන්දට සීනායි කන්ද කියලත් කියනවා. එදා දෙවියන් වහන්සේ කිව්වනෙ ඉශ්‍රායෙල්වරුන් වහල් කමින් ගලවාගෙන පොරොන්ඳු වූ දේශයට යන ගමනේදී මේ කන්දට ඇවිත් දෙවියන් වහන්සේට උපහාර දක්වන්න කියලා. ඒක නිසා තමයි පිරිස කන්ද පාමුල කූඩාරම් ගහන්නෙ.

කූඩාරම් ගැහීමෙන් පස්සෙ මෝසෙස් කන්දට නගිනවා.  දෙවියන් වහන්සේ ඔහුට කතා කරනවා. "මෝසෙස්, ජනතාවගෙන් අහන්න මට කීකරුව ඉන්නවාද කියලා. ඔවුන් ඒකට කැමති නම් ඔවුන් මට කැපවූ ජාතියක් කරන්නම්" මෝසෙස් කන්දෙන් බැසවිත් මේ බව ජනතාවට දැන්වුවාම ඔවුන් දෙවියන් වහන්සේගේ අණට කීකරුව ජීවත්වෙන්න කැමැත්ත ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේත් ඔවුන් සමඟ ගිවිසුමකට එළඹීමට කැමතිවෙනවා. දෙවියන් වහන්සේගේ අණ පරිදි ජනතාව ගිවිසුම සඳහා දින තුනක් කැපවෙනවා. කන්ද වටා පිටස්තරයින්ට ඇතුළු විය නොහැකි විදිහට සීමා පනවනවා.

කන්දේ විදිලි කෙටීම් ගෙරවීම්
දවස් තුනකට පස්සෙ කන්දේ විදිලි කෙටීම් ගෙරවීම් අකුණු ගැහීම් ඇතිවෙනවා.  තද හොරණෑ හඬක් ඇසෙද්දීම කන්ද ගිනිගෙන දෙදරන්න ගන්නවා. දෙවියන් වහන්සේ කන්දට ආ බව දකින මෝසෙස් කන්දට නගිනවා. මෙතනදී තමයි දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමේ මූලික වගන්ති ප්‍රකාශ වෙන්නේ.

"මම හැර වෙන කිසිම දෙවිකෙනෙක් නුඹලාට නොසිටිය යුතුය"

දස පණත
"රූප වන්දනා නොකළ යුතුය"

"මාගේ ශ්‍රී නාමයට අගෞරව නොකළ යුතුය"

"සබත් දින ශුද්ධ ලෙස ගතකළයුතුය"

"දෙමව්පියන්ට ගෞරව කළ යුතුය"

"මිනී නොමැරිය යුතුය"

"කාමමිත්‍යාචාරය නොකළ යුතුය"

"සොරකම් නොකළ යුතුය"

"බොරු නොකිව යුතුය"

"අන්වස්තු ආශා නොකළ යුතුය"

මේ විදිහට ප්‍රකාශවෙච්ච වගන්ති දහය තමයි දෙවියන් වහන්සේත් ඉශ්‍රායෙල් ජනතාවත් අතර ගිවිසුමේ වගන්ති එහෙමත් නත්නම් 'දස පණත' වෙන්නේ. මෝසෙස් කඳවුරේ හිටපු කාලය ඇතුළත කිහිපවරක්ම කන්දට නගිනවා. කාලයක්ම නැවතිලාත් ඉන්නවා. මෙතනදී ගිවිසුමේ මූලික වගන්ති දස පණත ලෙස දැක්වුනාට දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දසපණත පමණක් නොවේ. පූජා පිළිබඳ නීති, වහලුන් පිළිබඳ නීති, අපරාධ පිළිබඳ නීති, දේපළ පිළිබඳ නීති ඇතුළු මුළු ජුදා ව්‍යවස්ථාවම ඇතිවුනා කියන්නෙ මෙම ස්ථානයේදියි. දෙවියන් වහන්සේ වරින්වර මෝසෙස්ව කැඳවලා මේ නීති රීති කියවීම තමයි සිද්ධ කරන්නෙ.

එක පාරක් දෙවියන් වහන්සේ අඬ ගහන්නෙ ගිවිසුමේ වගන්ති තියෙන ගල්පුවරු දෙන්න. මෝසෙස් මේ ගමනෙ මඟක් වෙනකම් ජෝෂුවාවත් එක්කගෙන යනවා. මෝසෙස් එනතුරු සෙනඟගේ භාරකාරත්වය ආරොන්ට පැවරෙනවා. කන්දට ගිය මෝසෙස් දවස් හතළිහක්ම කන්දේ නැවතිලා ඉන්නවා.  දෙවියන් වහන්සේගේ නීතිය ලියූ ගල්පුවරු ඔහුට ප්‍රදානය කරනවා.

අද එයි හෙට එයි කිය කිය මෝසෙස්ගේ නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් කන්ද පාමුල කූඩාරම්වල හිටපු ජනයා අතර මේ වෙනකොට කසුකුසුවක්. "මෝසෙස් ගියා ගියාමයි තාම නෑ"

"අපි ආරොන්ටවත් මේ ගැන කියමුද?"

සෙනඟ ආරොන් හම්බවෙන්න යනවා. "ආරොන්, මෝසෙස් ආගිය අතක් නෑ නේද? දැන් අපි අතරමං. අපිට මඟ පෙන්වන්න දෙවියෙක් හදලා දෙන්න"

මිසරයෙන් පිටතට ගෙනාපු අපේ දෙවියෝ
"එහෙනම් උඹලා ගාව තියෙන රත්තරං ගෙනෙල්ලා" ආරොන්ගෙ ඉල්ලීමට අනුව සෙනඟ තමුන්ගෙ රත්තරන් බඩු අරගෙන එනවා. ආරොනුත් එව්වා උණු කරලා වස්සෙකුගේ රූපයක් හදනවා. ඊටපස්සෙ වහු රූපය වේදිකාවක තියනවා. වහු රූපය ඉදිරියට එන සෙනඟ "මේ අප මිසරයෙන් පිටතට ගෙනාපු අපේ දෙවියෝ" කියමින් වහු රූපයට වඳිනවා. පුද පූජා පවත්වනවා.

"හෙට මේ දෙවියන්ට මංගල්‍යයක් පවත්වමු" පහුවෙනිදා ජනතාව උදෙන්ම නැගිටලා වස්සාට පූජා පවත්වලා උත්සවයක් පවත්වනවා. මහා හයියෙන් කරන ස්තෝත්‍ර නැටුම් ගැයුම් වලින් වහු දෙවියා පිනවන්නත් අමතක කරන්නේ නෑ.

මේ වෙලාවෙ මේ කිසිවක් නොදන්න මෝසෙස් ඉන්නෙ අර ගල්පුවරුත් අතේ තියාන දෙවියන් වහන්සේ සමඟ සංවාදයේ.  "මෝසෙස්, මම උඹ හැර මුළු ඉශ්‍රායෙල් ජාතියම වනසනවා"

"ඒ ඇයි ස්වාමිනී"

"උන් දැනටම මගේ ගිවිසුම කඩකරලා. රත්තරන් වස්සෙක් හදාගෙන දෙවියෝ කිය කිය වඳිනවා. මම ඔක්කොවන්වම වනසනවා"

 "එහෙම කරන්නෙපා ස්වාමිනී, එතකොට ඔබ ආබ්‍රහම්ට, ඊසාක්ට, ජාකොබ්ට වෙච්ච පොරොන්දුව ඉටු කරන්නේ කොහොමද? පොරොන්දු වූ දේශය දෙන්නේ කාටද?" දෙවියන් වහන්සේ නිහඬයි.

කෝපයෙන් දැවෙන මෝසෙස් කන්දෙන් බැස එනවා. මඟදී තනියට ආපු ජෝෂුවාව හමුවෙනවා. මිනිස්සු පහළ උත්සව පවත්වන හඬ ජෝෂුවාට ඇහිලායි තිබුනේ. "මෝසෙස් තුමෙනි, කඳවුරේ යුද්ධයක් ද මන්දා? ලොකු හඬක් ඇහෙනවා"

"නෑ. ඒ මිනිස්සු සිංදු කියන සද්දෙ"

ගල් පුවරු පොළොවේ ගසා කඩා දමනවා
වස්සාත් මිනිස්සුත් ඔවුන්ගේ උත්සවයත් දකින මෝසෙස්ට හොඳටම කේන්ති යනවා.  ඔහු තරහින් ගල් පුවරු පොළොවේ ගසා කඩා දමනවා. වස්සාව අරගෙන ගින්නෙන් පුච්චලා කුඩු කරලා බොන්න තිබුනු වතුර වලට දානවා. ඉශ්‍රායෙල් සෙනඟට බොන්න වෙන්නේ ඒ වතුර.

"ආරොන්, මිනිස්සු මෙච්චර දෙයක් කරනකම් මොනවා කරාද මිනිහෝ?"

"අනේ තරහාගන්න එපා මෝසෙස්, දන්නවනෙ මේ මිනිස්සු කොහොමත් පාපිෂ්ඨ මිනිස්සු. ඉතින් උන් ඇවිත් කිව්වා 'දෙවියෙකු හදලා දෙන්න' කියලා. මාත් නිකමට වගේ කිව්වා 'එහෙනම් රත්තරං ගේන්න' කියලා. උනුත් ගෙනාවා. මම එව්වා ගිනි ගොඩට විසිකරා. විශ්වාස කරන්න මෝසෙස් එතකොටම ඒ වස්සා ගිනිගොඩෙන් මතුවුනානෙ "

මෝසෙස්ගේ කෝපයේ කෙළවරක් නෑ.  ඔහු මෙහෙම කෑගසනවා. "දෙවියන් වහන්සේගේ පැත්ත ගන්න උන් මෙහෙට වරෙල්ලා" මෝසෙගේත් ආරෝන්ගේත් ගෝත්‍රය වෙච්ච ලෙවී ගෝත්‍රයේ මිනිස්සු මෝසෙස් වටා එක් රැස් වෙනවා. "හොඳයි. නුඹලා ඇත්තටම දෙවියන්ට පක්ෂ්පාතී නම් වරදට පෙළඹීමේ වන්දියක් විදිහට ඔබලාගේ නෑයින්, සහෝදරයන්, මිතුරන් මරාපල්ලා" මේ විදිහට ඉශ්‍රායෙල්වරුන්ගෙ ජනගහනයෙන් කොටසක් මියයනවා.

මේ සංහාරයෙන් පස්සේ දෙවියන් වහන්සේ ඔවුන්ට වසංගතයක් එවනවා.  වසංගතය අවසානයේදී දෙවියන් වහන්සේ ඔවුන්ට කතා කරනවා. "මෙච්චර කරපු මට ද්‍රොහීවුනු උඹලා දිහා මම ආයෙ බලන්නේ නෑ. යන තැනක පලයල්ලා. මම මඟපෙන්වන්නේ නෑ." දෙවියන් වහන්සේ ජනයාව අතහැරීම ගැන ජනයාට ඇතිවෙන්නෙ පසුතැවිල්ලක්. ඔවුන් කණකර ගලවාගෙන තමුන්ගෙ ශෝකය පල කරනවා.

බැබලෙන මූණකුත් එක්ක
ඒත් මොන වරද කළත් තාත්තෙක් දරුවන්ව අතහරින්නේ නෑ වගේ මෝසෙස්ගේ නොනවතින ඇවටිලි හමුවේ දෙවියන් වහන්සේගේ හිත වෙනස් වෙනවා.  නැවතත් කන්දට නගින මෝසෙස්ට අලුත් ගල් පුවරු ලැබෙනවා වගේම ගිවිසුමත් අලුත් කරනු ලබනවා. එහෙත් මේ කළ වරද නිසා පරම්පරා කීපයක් යනතුරු එයට වන්දි ගෙවීමට ඉශ්‍රායෙල්වරුන්ට සිදුවෙනවා. දෙවෙනිවර ගල් පුවරු රැගෙන මෝසෙස් එන්නෙ බැබලෙන මූණකුත් එක්ක. එය දකින ජනතාව ඔහු අසලට යන්න පවා භය වෙනවා. ඒ ගැන මෝසෙස් දැනගෙන ඉන්නෙ නෑ.

ඔය අතර කාලයේදී ආරොන් හා ආරොන්ගේ පුතුන්ව පූජකයන් විදිහට අභිශේක කරනවා ඒ වගේම සංගණනයකුත් පවත්වනවා. මේක ලෝකයේ පළවෙනි සංගණනය වෙන්න ඕනෙ. අවුරුදු කිහිපයක් සීනායි කන්ද අවට වාසය කළ ජනතාව එතනින් පිටත්වෙනවා. දසපණත ලියපු ගල්පුවරු දෙක කරඬුවක තැන්පත් කරලා ඔවුන් සමඟ ගෙන යනවා. ඊළඟට ඔවුන් එන්නේ 'පාරාන්' කාන්තාරයට.

ඊළඟට..

9.14.2012

ඔයා බොනවද?

එක්තරා දවසක ඉර බහින හවසක මා සිටියේ මුහුදු වෙරළකය. එදා මුහුද වෙනදාට වඩා හරිම ලස්සනයි වගේම අමුතු කතන්දරයක් කියාපාන්නාක් වැනි හැඟීමක් මට දැනුණි. ඈතින් ඇදී එන සුළඟත් සමඟ අත්වැල් බැඳගෙන නටමින් ප්‍රීතියෙන් වෙරළට ඇදෙන රැල්ල නවතින්නෙ ඔවුන්ගේ සම්බන්ධයට එරෙහිව නැඟී සිටින සතුරෙකු වන් ගල්පරයක හැපීමෙනි. ගල්පරය අභිබවා රැල්ල ගෙනයාමට අපොහොසත් සුළඟ ද රැල්ල හැරදමා මෙගොඩ වදිද්දී තනිවූ රැල්ල නැවතත් මුහුදටම ඇදුණි. නැවතත් වෙනත් සුළං පොදක් හා එක්වන රැල්ලට නැවතත් බාධා කරන්නට ගල්පරය සමත්වීමත් සමඟ ඒ සුළඟ ද හුදකලාව ගොඩබිමට වැදුණි. මම සුළඟ වූවානම් කුණාටුවක් වී ගල්පරය බිඳගෙන රැල්ලත් සමඟ මෙගොඩ වදිමි.  මම මේ නාටකය මට ආදේශ කරගන්නට උත්සාහ කළෙමි. සුළඟේත් රැල්ලේත් ගල්පරයේත් නාටකය නරඹමින් එයට දාර්ශනික අරුත් සොයමින් සිටි මාගේ දැහැන බිඳී ගියේ මාගේ කන ළඟින් ඇසුණු ලයාන්විත ස්වරයකින්. "මේ.. හරී.."

"හ්ම්ම්.." එය දිගු කතාවක ආරම්භයක් බව තේරුම්ගත්තත් රැල්ලෙන් නෙත ඉවතට ගැනීමට සිතක් මට නොවීය.

"මේ.. බලන්නකො" මිනිසාට ඇසෙන්නේ කන් දෙකෙන් බව මා සිතා සිටි ආකාරය නිවැරදි නොවන හැඩයි. රැල්ලෙන් ඉවතට ගත් මා නෙත් තවත් නෙත් යුගලක් අසල නැවතිණි. 

"මේ.. ඔයා බොනවද අනේ?" ප්‍රශ්නාර්ථයක් සහිත නෙත් යුවලක් මැවිණි. හදිසි ප්‍රශ්නයට හේතුව ඒ නෙත් යුවලේම රැඳී තිබුණි. අසල පිහිටි ධීවර බෝට්ටුවක පිට දී සිටි තරුණයෙක් තනිව මත්පැන් බෝතලයක් සෙමින් සෙමින් තොලගායි. ඒ අතර මා මෙන්ම රැල්ලේත් සුළඟේත් නාටකය බලා සිටියි. සමහරවිට ගල්පරයක් නිසා රැල්ල අතහැර පැමිණි සුළඟක් වන්නට පුළුවන. නැතහොත් රැල්ල වෙනත් සුළඟක පහස සොයා යන්නට ඇත. කුමක්වුවත් මට ඔහු ගැන දුක් වන්නට කාලයක් නැත. මා හමුවේ අභියෝගාත්මක පැනයකි. පැනයට පිළිතුරු සොයා මම අතීතයට පිය මැන්නෙමි. 

මීට වසරකට පමණ පෙරද මේ පැනයම එල්ල වූ අවස්ථාවේදී මගේ පිළිතුර වැරදී මා අසමත්වූ හැටි මට මතකය. එහෙත් මා එම පිළිතුර ලබාදුන්නේත් ඊටත් වසරකට පෙරාතුව උගත් පාඩමක් ඇසුරිණි. මීට වසර දෙකකට පෙර සමාන පැනයට මම මෙසේ පිළිතුරු බැන්දෙමි. "මම බොන්නෙ නෑ අනේ"

"බියර් එකක්වත්?"  මඳක් විශාලවූ නෙත් ඇති කෙනෙකුගේ මඳක් විවරවූ මුඛයෙන් දෙවෙනි පැනය යොමුවිය. මම නැතයි හඟවන්නට හිස දෙපසට සලමින් "ම්හ්හ්" ශබ්දය පිටකළෙමි. ප්‍රශ්නයට නිවැරදි පිළිතුර එය යැයි සිතා සිටියෙමි. එහෙත් මඳක් විවරව තිබූ මුඛය සම්පූර්ණයෙන් ඇරුණි. නැවත එය වැසුණේ සමච්චල් හිනාවක්ද සමඟිනි. "මොනවද හලෝ.. කොල්ලෙක් වුනාම පොඩ්ඩක් ජොලියෙ ඉන්න ඕනනෙ. අඩුම ගානෙ බියර් එකක්වත් බීලා" මගේ බඩ පපුව ලජ්ජාවෙන් පිච්චී ගියේය. පිළිතුර වැරදිය. මා පරාදය.

පරාජය යනු ජයග්‍රහණය වෙත ඇති කෙටිම මාර්ගයයි කවුදෝ පඬිවරයෙක් කියා ඇත. පරාජයෙන් වසරකට පසු නැවතත් එම පැනයම යොමුවුනු විට මම සතුටින් ඉපිල ගියෙමි. 'පඬිරුවනට ජය වේවා අද මම ජය ගනිමි'යි සිතට වීරියගත් මා මගේ පිළිතුර එළියට හැලුවෙමි. "ඔව්.. මම බොනවා.. " මම හදපිරි සතුටින් කීවෙමි.

ඒ නෙත් සඟලත් පෙර පරිදිම මඳක් විශාලවෙද්දී මුඛයත් මඳක් විවර විය. "හොඳටෝම බොනවද?" මලානික ස්වරයකි.

පරාජයේ සේයාවක් ඉව වැටීමෙන් මගේ රැස් බැස්සේය. මම සෙමින් එහෙත් ස්ථිරව මෙසේ කීවෙමි.  "නෑ.. ටිකක් බොනවා. කොල්ලෙක් වුනාම ජොලියෙ ඉන්න ඕනනෙ"

එහෙත් එම පිළිතුරින් පෙරපරිදිම බාගෙට විවරව තිබූ මුඛය සම්පූර්ණයෙන්ම විවරවිය. නමුත් එය වැසුණේ සුපුරුදු සමච්චල් සිනහවෙන් නොව රුවිතෙට වක ගැසීමෙනි. කොටින්ම ඒ දෑසත් තෙත්වී මුහුණත් දහඩියෙන් නෑවී තිබුණි. ඉකි ගසන ස්වරයකින් මෙසේ පවසනු මට ඇසිණි. "මම කවමදාවත් හිතුවේ නෑ හරී ඔයා ඔහොම කෙනෙක් කියලා. අපේ තාත්තවත් ඔය ජාති කටේ තියෙන මනුස්සයෙක් නෙමේ " එකම පැනය දෙවන වරටත් මා පුච්චා දැම්මේය. දෙවෙනිවරටත් පිළිතුර වැරදිය. මා පරාදය.

එකම පැනයෙන් දෙවරක්ම පැරදුණු මා යළිත් එම පැනයටම මුහුණදී සිටිමි.  වැරදි පිළිතුරු දෙකක් මා දනිතත් නිවැරදි පිළිතුරක් මා අසලකවත් නොවීය. මම බිඳක් කල්පනා කළෙමි. 'ප්‍රශ්නයකින් බේරීමට ඇති හොඳම මාර්ගය තවත් ප්‍රශ්නයක් ඇසීම' යයි මොකක්දෝ විෂයක අවසාන දේශනයේදී එක් ආචාර්‍යයෙකු අපිට ඔවදන් දුන් හැටි හදිසියේම මට සිහිවිය. ඔහු එය දේශනවාරය මුළුල්ලේම මැනවින් අත්හදා බැලූයේ ප්‍රශ්න අසන්නාට එපාවෙන තරමටම ප්‍රශ්න ඇසීමෙනි. හදිසියේ පහළවූ නුවණ යොදාගැනීමට මම තීරණය කළෙමි.

"මොනවද?" ප්‍රශ්නය තේරුම් නොගියාක් යන හැඟීමෙකින් මම නැවත ප්‍රශ්නයක් ඇසීමි.

පෙර මෙන් බාගෙට පිරුණු මුඛය වෙනුවට සිනාවෙන් පිරුණු මුඛයක් දැකීමි.  "විහිළු නෙමෙයි අනේ.. ඔයා බොනවද කියලයි ඇහුවෙ" ඒ මුඛය එසේ කියද්දී ඒ නෙත් කොන් බෝතලය අතැති තරුණයා මට පෙන්වීමට උත්සාහ කරයි. ඒ නෙත් කොනින් පෙන්වන ඉසව්ව ඔස්සේ නෙත් මෑනූ මම කිසිවක් නොදැක්කා සේ නැවතත් කටහඬ අවදි කළෙමි. 

"මොනවද?" බලාපොරොත්තු නොවූ පිළිතුරෙන් ඒ මුහුණේ දිග පළල වෙනස් විය. මඳක් වේලා එක එල්ලේ මා දෙස බලා සිටි ඒ මුහුණ "හුහ්" හඬ නංවමින් වෙනතක හැරුනෙන් ප්‍රශ්නය නිමා විය. දෙවරක් පැරදුණු මා තෙවනවර ජයගතිමි. පරාජය යනු ජයග්‍රහණය වෙත ඇති කෙටිම මාර්ගයයි. පරාජයන් අවසානයේ මම ජයගතිමි. ඒත් මේ උදම් වී ජයග්‍රහණයන් පරාජය කරගත යුතු මොහොත නොවේ. පිටතට නොපෙන්වා හිත පුරවාගත් සතුටින් මම නැවතත් රැල්ලේ නාටකය බැලීමට ගත්තෙමි. විශාල සුළඟක් සමඟ ආ රැල්ලක් ඒ මොහොතේම ගල්පරයට ඉහළින් පැන්නේය.

-නිර්මාණයකි-

9.10.2012

මිදීම..... පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)

මෙතෙක් කතාව :-

පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)

------------------------------------------------------------------------------------------------------------

උගේ ලේ ගෙදර උළුවස්සෙ තවරන්න
 ඉස්සෙල්ලා කොටසෙ අන්තිමට සියල්ල එපාවෙලා හිටපු මෝසෙස්ට දෙවියන් වහන්සේ කතා කළ හැටි මතකයිනෙ. අර දෙවියන් වහන්සේ කිව්වෙ "අද රෑ තමයි රෑ" කියලා. ඊටපස්සෙ දෙවියන් වහන්සේ මෙහෙම කියනවා. "මෝසෙස් අද රෑ මම මුළු ඉශ්‍රායෙල් ජනතාවම වහල්කමින් ගලවාගන්නම්. මෙතෙක් කලක් වහල්කමින් හිරවී හිටපු ජනතාව අද නිදහස ලබාවි. මම ඔබලාව ගලවා ගත්තු රෑ ඒ කියන්නෙ අද රෑ ඔබලා කවදාවත් අමතක නොකළ යුතුයි. ඔබලාගේ දරු මුණුබුරන්ට මා ඔබ ගලවාගත් හැටි උගන්වා සඳහටම මා වෙනුවෙන් උත්සව පැවැත්විය යුතුයි. සෑම අවුරුද්දකදීම අවුරුද්දක් වයසැති පිරිමි බැටළු පැටවෙකු මරා උගේ ලේ ගෙදර උළුවස්සෙ තවරන්න ඕනෙ. ඊටපස්සෙ බැටළු මස් මදගින්නේ පුලුස්සා නුමුහුන් රොටිත් තිත්ත පලාත් සමග අනුභව කරන්න ඕනෙ. කිසිම දෙයක් උදේ වෙනකන් ඉතුරු කරන්න එපා. ඒවගේම ඔබලා මිසරයෙන් පිටවෙන්නේ හදිස්සියේ බැවින් එය සිහිවීමට මේ කෑම කන්න ඕනෙ හොඳ ඇඳුමකින් සැරසිලා, ඉඟපටිය බැඳගෙන, පාවහන් පැළඳගෙන සැරයටියත් අතට අරගෙනයි. ඒවගේම හදිස්සියෙන් ලහි ලහියෙ කන්න ඕන. මේ විදිහට මිසරයෙන් ගැලවී ඒම සඳහටම සිහිකළ යුතුයි. ඊළඟට සෑම අවුරුද්දකම මේ කාලයේ දින හතක්ම ඔබලා අනුභව කළ යුත්තේ මුහුන් නොදැමූ රොටියි. මොකද අද රෑ අනන පිටි පිපෙන්න කලින් ඔබලාට මිසරයෙන් පිටවෙන්න වෙනවා. "

8.31.2012

මං සිස්සත්තෙ ලියපු හැටි

පෝස්ට් එක පටන්ගනිද්දිම හිතුනා පොඩි අනතුරු ඇඟවීමක් කරන්න. මේ පෝස්ට් එක කාටවත් ප්‍රයෝජනයක් නැතිවෙන්න පුළුවන්. ඒක නිසා ඔබගේ වටිනා වේලාව නාස්ති නොවෙනවා කියා හැඟේ නම් පමණක් කියවන්න. 

සිස්සත්තෙ කියන්නෙ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙකමක් නෑනෙ.  වැස්සකටවත් ඉස්කෝලෙ ගිය ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් කියයි. ඕකට මේ කාලෙ නම් කියන්නෙ අම්මලාගේ විභාගය. හැබැයි අපේ කාලෙ අම්මලාගේ විභාගය වීගෙන එන ලක්ෂණ තිබුනත් මේ තරම් නම් උනන්දුවක් තිබුනේ නෑ. දැන් බලන්ඩ එපැයි සිස්සත්තෙට පන්ති යන්න පටන්ගන්නෙ මුට්ටිසූරි යනකොටමයි.

8.27.2012

දියෙන් මතුවූ කුමරා..... පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ජාකොබ්ට පුතුන් 12කි. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප් අනික් පුතුන් විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී  රටේ රජතුමාගේ හිත දිනාගන්නා ඔහු රටේ දේශාධිපති තනතුරට පත්වේ. පසුව තම සහෝදරයින්වත් මිසරයට ගෙන්වා ගැනීම නිසා ජාකොබ්ගේ පරපුරම මිසරයේ පැතිරයයි. එහෙත් ඉතිහාසය නොදන්නා රජෙකුගේ පැමිණීමත් සමඟම පරපුරම වහලුන් බවට පත්වේ.
පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (7 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස) --------------------------------------------------------------------------------------------------------------

8.23.2012

ජාතියම වහල්කමට... පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ජාකොබ්ට පුතුන් 12කි. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප් අනික් පුතුන් විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී ජෝසෙප් තම ස්වාමියාගේ හිත දිනා ගත්තද ස්වාමියාගේ බිරිඳ දූෂණය කිරීමට තැත් කිරීමේ චෝදනා ලැබ සිරගතවේ. නමුත් රටේ රජතුමාගේ හිත දිනාගන්නා ඔහු රටේ දේශාධිපති තනතුරට පත්වේ.

8.17.2012

පල්ලියේ වෙඩිම

පිණිබිඳු අක්කාගෙන් බේරිල්ලක් නැතුව හිටියෙ මේ ලිපිය ලියන්න කියලා ඒවගේම සිරාත් ඉල්ලීමක් කරා. ඒ දෙන්නට වගේම හැමෝටම දැනගන්නත් එක්ක ඔන්න අද කියන්න යන්නෙ කතෝලික විවාහ චාරිත්‍රය ගැන. හැබැයි ඉතින් මෙව්වා අත්දැකීමෙන් කියන දේවල් නොවන නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒක නිසා ඒ අඩුපාඩු ඉවසා වදාරමින් ලිපිය කියවන ලෙස ඉල්ලාහිටින්ඩ කැමතියි. ඒ වගේම මම කලින් දිව්‍ය පූජාව ගැන ලිව්ව ලිපිය කියවලා ආවානම් මේ ලිපියෙදි හම්බෙන චාරිත්‍ර කොටස තේරුම්ගන්න ලේසිවෙයි.

ඔක්කොටම කලින් අපි බලමු කතෝලික විවාහයක් සම්පූර්ණ වෙන්න ඕනෙ අවශ්‍යතා මොනවාද කියලා. පළවෙනි කාරණාව තමයි විවාහය සිද්ධවෙන්න ඕනෙ විවාහ වීම සඳහා ඇති බාධාවලින් තොර ගැහැණු කෙනෙක් හා පිරිමි කෙනෙක් අතර. දෙවෙනි කාරණාව තමයි දෙදෙනා විවාහවෙන්න ඕනෙ දෙදෙනාගෙම ස්වකැමැත්තෙන්. කාගේ හෝ බලපෑමක් මත විවාහය සිදුකළ නොහැකියි. තුන්වෙනි කාරණාව තමයි රෝමානු කතෝලික සභාවේ නීතිරීති යටතේ විවාහවිය යුතුයි. ඔන්න ඔය කාරණා තුන සම්පූර්ණ කරන විවාහයකට වලංගු කතෝලික විවාහයක් කියලා කියන්න පුළුවන්.

8.14.2012

අමුතු සද්දෙ

මේ කතාවට පාදක වෙන්නෙ තාපසාරාමයක්. තාපසයෙක් කිව්වාම ඕගොල්ලන්ට මතක් වෙන්නෙ මිනිසුන්ගෙන් ඈත්වෙලා භාවනායෝගීව ඉන්න පුද්ගලයෙක්නෙ. කතෝලික තාපසයෙක් කියන්නෙත් සාමාන්‍යය සමාජයෙන් ඈත්වෙලා යාච්ඤාවේ වගේම භාවනාවේ ජීවිතයක් ගෙවන කෙනෙක්. ඉතින් තාපසාරාම තියෙන්නෙත් ඊටම ගැළපෙන හුදකලා ඒවගේම දුෂ්කර පැතිවල. ඔන්න පඳුර වටේ තැලීම අහවරයි.

දවසක් අවුරුදු විස්සක විතර තරුණයෙක් ගොඩක් දුෂ්කර පාරක තමුන්ගේ කාර් එකත් එලවගෙන එනවලු.  ඒත් කාත් කවුරුවත් නැති පාළු තැනකදි හිටි හැටියෙම සද්දයක් දාපු කාර් එක නැවතුනාලු. උදව්වක් ඉල්ලන්නවත් අහල පහලක කවුරුවත් නෑලු. බලන් හිටියත් එක වාහනයක්වත් ඒ පාරෙ ආවෙ නෑලු. ඉතින් මේ කොලුවා හිමින් හිමින් ඉස්සරහට යද්දි ඈතින් පේන තාපසාරාමයක් දැක්කලු.

8.13.2012

බස් ඩ්‍රයිවර්ගෙ පින

එක්තරා පැවිද්දෙක්, අපි නිකමට කියමුකො පියතුමෙක් කියලා, වසර ගණනාවක් මිනිස්සුන්ට යහමඟ පෙන්වලා, ආගමික වතාවත් ඉටු කරලා, බොහෝම ධාර්මිෂ්ඨ විදිහට ජීවත්වෙලා මියගියාලු.  ඔය වෙලාවෙදිම එච්චර නීතිගරුක නොවිච්ච, හොඳින් නොහැසිරිච්ච බස් ඩ්‍රයිවර් කෙනෙකුත් වලකජ්ජ ගැහුවලු. මැරුනට පස්සෙ ඉතින් මේ ලෝකෙ ඉන්න බෑනෙ කරපු පින් පව් අනුව ස්වර්ගයට හරි අපායට හරි යන්න වෙනවනෙ. ඉතින් දෙන්නගෙම පින් මහිමය අනුව ස්වර්ගයට යන්න වරම් ලැබුනලු. ඔන්න දෙන්නම ඉන්නවා ස්වර්ගයේ ගේට්ටුව ගාව.

ස්වර්ගයේ ගේට්ටුව භාර පේදුරුතුමා දෙන්නටම සුභ පැතුවාලු. ඇතුලුවෙන එක් එක අයට එයාලගෙ පින් මහිමයට අනුව ලැබෙන සම්පත් භාරදීම අයිතිත් පේදුරුතුමාටමලු. මුලින්ම පියතුමාට අයිති දේවල් දෙන්න හිතලා ඔන්න පියතුමාව පොඩි ජීප් එකක නග්ගගෙන ස්වර්ගයේ පිටිපස්සෙ ගේට්ටුවෙන් ඇතුල් වුනාලු. ඊටපස්සෙ අක්කර 50ක් විතර ලොකු ලස්සන පරිසරයක තිබ්බ වත්තකට ඇතුල් වුනාලු. වත්ත මැද්දෙ පොඩි කොටේජ් එකක්ලු. "මෙන්න ඔබට ස්වර්ගයේ සැප සම්පත්. ලස්සන කොටේජ් එකක්, ඒවගේ පිරිසිදු වතුර පිරුණු පොකුණක්, ඒවගේම සාරවත් ගෙවත්ත. ඔබගේ ගෙදර ඔබට අවශ්‍ය පොත්පත් වලිනුත් පුරවලා ඇති "

"බොහොම ස්තුතියි! මට සන්තෝසෙන් හිටියෑකි."

ඊළඟ වාරය ආවෙ බස් ඩ්‍රයිවර්ටලු. ලස්සන ලිමොසීන් කාර් එකකට ඩ්‍රයිවර්ව නංවාගෙන ඉස්සරහ ගේට්ටුවෙන්ම ඇතුල් වුනාලු. අක්කර 500ක විතර වත්තකටලු ඇතුල් වුනේ. ඒ වත්ත ඇතුලෙ කඳු විල් ගංඟා එහෙමත් තිබුනලු. එක කන්දක් මුදුනෙ කාමර 200ක මාළිගාවක්ලු. ඒ ළඟ තිබ්බ ළිඳට ප්‍රාර්ථනාවක් කරාම ඕන දෙයක් ලැබෙනවලු. "මෙන්න ඔබට ස්වර්ගයේ සැප සම්පත්. අර මන්දිරයේ ඔබට සේවය කරන්න සිය ගණනක් සේවක සේවිකාවො බලාගෙන ඇති. ඔබට ඕන හැමදේමමෙහි තියෙනවා. සතුටින් ඉන්න"

බස් ඩ්‍රයිවර්ගෙ ඇස් දෙක නලලෙලු."පේදුරුතුමෙනි, වරදවා හිතන්න එපා. අර පියතුමාට වඩා වැඩියෙන් මට සැප සම්පත් ලැබුනෙ මොකද?"

පේදුරුතුමාට මඳ සිනා පහළ වුනාලු. "පුදුම වෙන්න එපා දරුවා. ඔබ ගොඩදෙනෙකුව ස්වර්ගයට යොමු කරවලා තියෙනවා. ගොඩ දෙනෙක්ව යාච්ඤාවට යොමු කරවලා තියෙනවා. ඒ කරපු පින් බලෙන් තමයි මෙච්චර සැප සම්පත් ලැබෙන්නෙ."

"ඒ කොහොමෙද? මමවත් ජීවිතේට යාච්ඤා කරලා නෑනෙ"

"ඇයි දරුවො ඔයා මේ පියතුමා වගේද? එතුමා යාච්ඤා කියනකොට මිනිස්සු නිදි. ඒත් ඔයා බස් එලවනකොට කීදෙනෙක් යාච්ඤා කරාද?"

-පරිවර්තනයකි-

8.10.2012

උඹලාට හොඳක් කළාම එනවා කරේ නගින්න....පොරොන්දු වූ දේශය කරා.... (7 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ජාකොබ්ට පුතුන් 12කි. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප් අනික් පුතුන් විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී ජෝසෙප් තම ස්වාමියාගේ හිත දිනා ගත්තද ස්වාමියාගේ බිරිඳ දූෂණය කිරීමට තැත් කිරීමේ චෝදනා ලැබ සිරගතවේ. නමුත් රටේ රජතුමාගේ හිත දිනාගන්නා ඔහු රටේ දේශාධිපති තනතුරට පත්වේ.

------------------------------------------------------------------------------------------------------------

8.09.2012

වහලා රජකමට.................. පොරොන්දු වූ දේශය කරා.... (6 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ඒසව්ට වංචා කර පැනයන ජාකොබ් තමුන්ගේ මාමා වන ලාබන්ගේ ගෙදර නතර වේ. පසුව බොහෝ සැප සම්පත්ද තමුන්ගේම පුතුන් දොළොස්දෙනෙකුද ලබන ඔහු තම සහෝදරයා සමග යලි මිතුරු වේ. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප් අනික් පුතුන් විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී ජෝසෙප් තම ස්වාමියාගේ හිත දිනා ගත්තද ස්වාමියාගේ බිරිඳ දූෂණය කිරීමට තැත් කිරීමේ චෝදනා ලැබ සිරගතවේ.

8.05.2012

පොතිපර්ගෙ වනචර ගෑණි..... පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ඒසව්ට වංචා කර පැනයන ජාකොබ් තමුන්ගේ මාමා වන ලාබන්ගේ ගෙදර නතර වේ. එහිදී බිරියන් හතරක් ලබාගන්නා ඔහු තමුන්ගේ දේපළ වස්තුවත් රැගෙන සියරට පැමිණේ. ජාකොබ්ට පුතුන් දොළොස්දෙනෙකි. එයින් එක් පුතෙකු කෙරෙහි ජාකොබ්ගේ ඇල්මට ඉරිසියා කරන අනිත් පුත්තු මිසරය බලා යන තවලමකට ඔහු විකුණති.

8.03.2012

මෙහෙමත් සහෝදරයෝ....... පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්.  කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.
මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ට ඒසව් හා ජාකොබ් නමින් පුතුන් දෙදෙනෙකු සිටියි. වැඩිමලා වන ඒසව්ට පියාගෙන් ලැබීමට තිබූ ආශිර්වාදර සොරාගන්නා ජාකොබ් තම මාමා වෙත පලායයි. එහිදී ධනවතෙකු වන ජාකොබ් තම දරුවන් හා දේපළ සමග නැවත පැමිණ ඒසව් හා සමාදාන වෙයි. ජාකොබ් තම පුතුන් 12දෙනා අතරින් එක් අයෙකුට වැඩි ආදරයක් පෙන්වයි.


-------------------------------------------------------------------------------------------------------------

8.02.2012

කෙල්ලක් නිසා *** කපාගත් ශෙකෙම්වරු....... පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ඒසව්ට වංචා කර පැනයන ජාකොබ් තමුන්ගේ මාමා වන ලාබන්ගේ ගෙදර නතර වේ. එහිදී බිරියන් හතරක් ලබාගන්නා ඔහු තමුන්ගේ දේපළ වස්තුවත් රැගෙන සියරට පැමිණේ. 

-----------------------------------------------------------------------------------------------------------

8.01.2012

පොරොන්දු වූ දේශය කරා.... (2 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්.  කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා ඊසාක්ය. ඊසාක්ට ඒසව් ජාකොබ් නමින් පුතුන් දෙදෙනෙකු ලැබේ. බාලයා වන ජාකොබ් වැඩිමලාට උරුම පියාගේ ආශිර්වාදය ඔහු මුලා කිරීමෙන් ලබාගනී. මේ ගැන කිපෙන ඒසව් ඔහු මරන්න සොයනවිට සිය මාමාවූ හාරාන් වෙත පලායයි. 


7.31.2012

පොරොන්දු වූ දේශය කරා.... (1 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. අද ඉඳන් කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ. ලියන බාසාවෙන් ලියලා ඉවරවුනත් කම්මැලී වගේ. ඔන්න ඔහේ ඒක මකලා කතාවක් විදිහටම කියන්නම්.

-------------------------------------------------------------------------------------------------------------

7.27.2012

මම හොරෙක්ද?

ජීවිතේ කවියක් කියන උන්ගෙ කට කන්ඩ හිතෙනවා. ජීවිතේ කට්ටක්. දැන් බලන්ඩ ඉස්කෝලෙ යන එකම මොන කට්ටක්ද?  'උදය ම පුබු දී  මුහුණට දිය දී' මේස් බැනියම් හොය හොය ගේ වටේ දඟලලා පොත් ටික එහෙන් මෙහෙන් එකතු කරාන ගෙදර වැඩත් උඩින් පල්ලෙන් කරාන ඉස්කෝලෙ යන එක මොනතරම් කට්ටක්ද? ගෙදර ඉඳන් ඉස්කෝලෙට තිබ්බ දුර කිලෝමීටරේට අඩුවුනාට ඒ පාරෙ සෑහෙන කොටසක් කැලේ නිසාම පොඩිකාලෙ අම්මා මාව තනියම යැව්වෙ නෑ. ඔන්න ඔය කාලෙම තමයි අපේ අම්මට මල්ලී ලැබෙන්න හිටියෙ. ඉතින් මට කට්ට+ හෙවත් පස්ට කට්ට ලැබුනා. තාත්තා වැඩපොළට ගියෙ උදේ 6ට. ඉතින් තාත්තටවත් මාව ඇරලවන්න වුනේ නෑ.

7.19.2012

වසර ගාණකින් ඇරෙන වසරක් ඇර තබන දොර

මාගේ පෙර ලිපියකදී හසිත කළ ඉල්ලීමකට වැඩිදුර පිළිතුරු සැපයීම සඳහා මේ ලිපිය ලියැවේ. වසර ගාණකින් ඇරෙන වසරක් ඇර තබන දොරක් පිළිබඳ ඔබ දන්නවාද? මා දැනුවත්ව නම් එවැනි දොරවල් හතරක් තිබේ. "එක එක තැන්වල වෙනස්කම්" ලිපියේ බැසිලිකා පිළිබඳ විස්තරයේදී මා සඳහන් කළ පරිදි රෝමානු කතෝලිකයන් විසින් ප්‍රධාන බැසිලිකා ලෙස පිළිගන්නා බැසිලිකා සතරකි. ඒ බැසිලිකා සතර නම් සා. ජෝන් ලැටර්න් (St. John Lateran) බැසිලිකාව, සා. පීතර තුමාගේ (St. Peter's in the Vatican) බැසිලිකාව, ශු. පාවුළුතුමාගේ චතුරස්‍රයෙන් පිටත (St. Paul Outside the Walls) බැසිලිකාව හා සා. මේරි (St. Mary Major) බැසිලිකාවයි. මේ බැසිලිකා සතර තුළම ශු. දොර නමින් විශේෂ දොරක් වෙයි. ඉතින් මේ ලිපිය ඔස්සේ අපි ඒ ගැන වැඩි විස්තර සොයා යමු. 

7.16.2012

ජින්නායි උපාලියි බේරුනේ කොහොමද?

අද පොඩි වෙනසකටත් එක්ක IQ ප්‍රශ්න දෙකක් අහන්න හිතුවා. හෝව්.. හෝව්.. කලබල වෙන්න එපා. පොරොන්දු වෙච්ච ලිපි ලියනවා. කරුණු හොයමින් යන්නෙ. මම කලිනුත් IQ ප්‍රශ්න ඇහුවා වගේම එව්වට හොඳ ප්‍රතිචාරත් ලැබුනා. 


මෙන්න අද ප්‍රශ්නය.  ඔයාලා කියවල ඇතිනෙ මඩොල් දූව. අර මාටින් ව්ක්‍රමසිංහ මහත්මයා අතින් ලියවුනේ. එන්න ඒකෙ ජින්නයි උපාලියි ගැන නොදන්නෙ කවුද? හැබැයි මාටින් මහත්මයා කතාව ලියනකොට ඇත්තම සිද්ධිය ලිව්වෙ නෑ. කතාව ලස්සන වෙන්නත් එක්ක කෑලි අතින්දාලා තමයි ලිව්වෙ. ඔන්න මම අද කියනවා ඇත්ත කතාව.

 දූපතක් වැව්වට මොකද ජින්නයි උපාලියි දෙන්න වස කම්මැලියො. දූපතට ගොඩබැහැපු වෙලේ ඉඳන් ගෙනාපු කෑම ටික කකා දවස් ගානක් හිටියා. ඔහොම ඉඳිද්දි කැලේ සරුවට වැවුනා. ඒ වගේම මතකද අර යවුල් විදිහට තියෙනවා කිව්ව කඩොල් උල් එව්වත් වැවුනා. දැන් දෙන්නට පුදුම වැඩක් වුනේ උල් නිසා දූපතෙන් එළියට බහින්න බෑ. දෙන්නට කල්පනා වුනා මෙහෙම හිටියොත් බඩගින්නෙ මැරෙන්න වෙන බව. ඒක නිසා තමුන් සන්තකවෙලා තිබුන එකම වස්තුව වෙච්ච ගිනිපෙට්ටියෙන් කැලේ ගිනි තියලා වවන්න සූදානම් වුනා. 

එදා බටහිරෙන් සුළං එන නිසා දූපතේ බටහිරෙන් ගිනි දැල්වුවා.  හොඳට සුළං අල්ලපු නිසා ගින්න බුර බුරා නැගුනා. ටිකකින් තමයි දෙන්නට වැඩේ පත්තුවෙන්නෙ මුලු දූපත පුරාම කැලේ තියෙන නිසා දූපතම ගිනි ගනීවි. දෙන්නම මැරේවි. ගඟට පනින්නත් බෑ උල් නිසා. ගින්න නිවන්න එකම උපකරණයක්වත් නෑ. කලින් කිව්වා වගේ සන්තකේටම තිබුනෙ ගිනිපෙට්ටිය විතරයි.  

ඉතින් මම අහන්නෙ මේගොල්ලො කොහොමද ගින්නෙන් බේරුනේ?

----------------------------------------------------------------------------

දැන් කියන්න යන්නෙ සතොසේ කතාවක්. අර සමූපකාර තොග වෙළඳ සංස්ථාව කියන්නෙ. බැලූ බැල්මට නිකම්ම කඩයක් කියලා පෙනුනට ඔතන බොහොම අරුම පුදුම තැනක්. උදලුතලත් මීයෝ කනවා කියන්නෙ. ඇත්තටම ඔතන පෞරාණික කමත් එක්ක එහෙම දේවල් නොවෙන එකත් පුදුමයක්. අර කවුද කියන්නා වාගේ ඕක හොයාගත්තෙත් රාවණා රජ්ජුරුවෝ ද කියන්න මම හරියටම දන්නෙ නෑ. ඒත් ගුත්තිල පඬිතුමාගෙ කාලෙ තිබ්බා කියලා නම් ටක්කෙටම කිව්වැකි. බොරුනම් බලන්ඩ අරක්කු බොන්ඩ සතොසට ආපු වල් මිනිහෙක් ගැන කවියක් නැද්ද කියලා.

කතාවෙන් කතාවෙන් කියන්න තියෙනදේ අමතක වෙනවා. ඉතින් මේ සතොසෙ සේවකයො දහයක් හිටියලු.  එක සේවකයෙක් සීනි කිලෝ එකේ පැකට් දහයක් හදලා ගෝනියකට දාන්න ඕනලු. වැඩේ තේරුනානෙ එක ගෝනියක් කිලෝ 10ක් බරයි. එතන සීනි කිලෝ එකේ පැකට් 10යි.

හැබැයි මෙතන හිටියලු තමුන්ගේ දරුපවුල මේ පුංචි පඩියෙන් නඩත්තු කරන්න බැරි නිසා පොඩි පොඩි දේවල් කරන චෞරයෙක්.  මිනිහා හදපු හැම පැකට් එකෙන්ම ග්‍රැරෑම් 100ක් ඉස්සුවාලු. ඒ කියන්නෙ මිනිහා හදපු පැකට් දහයම කිලෝ නමයයි. ග්‍රෑම් නවසීයෙ පැකට් 10යි.

 අහු නොවෙයි කියලා හිතුවට පළපුරුදු නාට්ටාමි අයියට ගෝනි උස්සද්දි එක ගෝනියක බර අඩුව තිබුන බව දැනෙනවා. හැබැයි ගෝනි ටික එකටම දැම්ම නිසා මේකයි කියලා පෙන්නන්න බෑලු. මිනිහා කෙලින්ම යන්නෙ මැනේජර් ළඟට. 'සර් මේ එක ගෝනියක බර අඩුයි. ගෝනිය ගෝනිය කිරමු. ගෝනි අඳුනාගන්න පුලුවන් නිසා හොරාව අල්ලාගත්තැකි'

ඒත් මැනේජර් මොළකාරයා. 'දහපාරක් ඕනෙ නෑ මම එකපාරක් කිරලා හොරාව අල්ලන්නම්.'

ප්‍රශ්නය තමයි සීනි කිලෝ එකේ පැකට් දහයක් දාලා හදලා තියෙන ගෝනි 9ක් අතර තියෙන ග්‍රෑම් නමසීයේ පැකට් තියෙන ගෝනිය එක පාරක් කිරලා හොයාගන්නෙ කොහොමද?

ඔන්න ප්‍රශ්න..

7.09.2012

ඉරිදාට පල්ලියෙදි මොකද කරන්නෙ?

මගේ බ්ලොගේ නිතරම කියවන්න එන උදවිය දන්නවා ඇතිනෙ මම ලියපු බොහෝ කතෝලික චාරිත්‍ර පිළිබඳ ලිපි වලට මූලාරම්භය ලබාදුන්නෙ අන්‍යාගමික මිත්‍රයෝ මගෙන් අහපු නොයෙකුත් ප්‍රශ්න. ඒත් අද කතාවට මූලාරම්භය මටම ඇතිවුන ප්‍රශ්නයක්. 

මීට ටික කාලෙකට කලින් අපේ විශ්ව විද්‍යාලෙ බැච් එකේ කට්ටිය එකතුවෙලා බෙලිමල් දන්සලක් දුන්නා. එක්තරා පෝය දවසක කළුතර විහාරයේ සිල්ගන්න ආපු උපාසක උපාසිකාවනට තමයි සංග්‍රහ කළේ. බෙලිමල් සංග්‍රහය පිළියෙල කරන අතර මාත් බෞද්ධාගමික යාලුවෙකුත් අතර මේ වගේ දෙබසක් ඇතිවුනා. 

මම : මොකක්ද බං සිල් ගන්නවා කියලා කරන්නෙ?

යාලුවා : හාමුදුරුවො  කියන කියන දේ කියන්නයි තියෙන්නෙ.

මීට කලින් ගමරාළ සිල් ගත්තු  කතාව අහලා තිබ්බ මට කට දෙකොනින් හිනා ගියා.

මම : ගමරාළ සිල්ගත්තු හැටි නෙවෙයි බං අහන්නෙ. පොඩ්ඩක් තේරෙන්න කියපන්කො.

යාලුවා : එහෙම කියන්න තරම් දෙයක් නෑ බං. හාමුදුරුවො සිල්පද කියනකොට අපිත් ඒවා සමාදන් වෙලා. දානෙත් කාලා. හැන්දෑවට සිල් අයින් කරගෙන (මෙතනදි හොඳ වචනයක් කිව්වා. දැන් මතක නැත.) ගෙදර යනවා. එහෙනම් කියපන්කො ඉරිදාට පල්ලියෙදි මොකද කරන්නෙ කියලා.?

එතකොට තමයි මට තරු පෙනුනෙ.  මොකෝ කෙටියෙන් කියන්න කියලා උදේට පල්ලි ගිහිල්ලා සීනු කූඩුවට හරි ලැබුංගේ ඉස්තෝප්පුවට හරි වෙලා ඉඳලා සතියේ ඕපදූප අහගෙන එනවා කියන්නයැ. ඉතින් ඒක නිසා අද හිතුනා ඉරිදට පල්ලියේදි කතෝලිකයො මොකද කරන්නෙ කියලා හැමෝටම කියලා දෙන්න. හරි විදිහට කියනවානම් දිව්‍ය පූජාව කියන්නේ මොකක්ද කියලා තමයි අද කියන්නෙ. හැබැයි ගැඹුරින් කරුණු විග්‍රහ කරන්න නම් බලාපොරොත්තුවක් නෑ. පොදුවේ හැමෝටම තේරෙන්න කියන්නම්.

7.07.2012

ගාණු ළාමයි එන්න මේ පය්යිය වටේ තූත්තිරි ගලාවන්ඩ

කලින් පෝස්ට් එකෙදි වගේම අදත් කියන්න යන්නෙ කථාවක්. සමහර කට්ටිය නම් මගෙ බ්ලොග් එකේ නිකම්ම නිකම් කතා කියනවට කැමති නෑලු. :) ඒක නිසාම කථාව කියන්න කලින් පොඩ්ඩක් වට වන්දනාවෙ ගිහිල්ලම එන්නම්.

ලොරොන්සෝ ද අල්මේදා
ඕගොල්ලො ඉස්කෝලෙ ගියානම් දන්නවා ඇතිනෙ අපේ රට ඉතිහාසෙ එක්තරා කාලෙකදි යුරෝපීය ජාතින්ට යටත්වෙලා හිටිබව.  මුලින්ම පෘතුගීසීන්ට ඊටපස්සෙ ලන්දේසීන්ට ඊටත් පස්සෙ ඉංග්‍රීසීන්ට යටත් වෙලා තිබුණා. ඉතින් පුතේ, ඔය පෘතුගීසීන් තමයි අපේ රටට රෝමානු කතෝලික ආගම ගෙනාවෙ. මතකද අර මී හරක් හමක් එලාගන්න තරම් ඉඩක් ඉල්ලුව සිද්ධිය? ඒ ඉල්ලුවෙත් මේ ගොල්ලොම තමා. ඉතින්1505දි හාහා පුරා කියලා ලංකාවට ගොඩබැහැපු පෘතුගීසී නැව්වල හිටපු පූජකවරුන් මගින් අපේ රටේත් රෝමානු කතෝලික දහම පැතිරෙනවා. 

7.03.2012

අයිසෙ, එතකොට ටී වී එක............

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි     කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු            මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත්        ඉස්කොලේ

දුෂ්කර ගමක මඩෙන් වැකුණු මාවතක, ජාතික ඇඳුමින් සැරසී, කලු කුඩයකුත් පොත් කිහිපයකුත් අතින්ගෙන කලු පාට රාමුවක් සහිත කණ්ණාඩි කුට්ටමක් දමාගෙන, පා නගන ගුරුතුමෙකු සිහියට නැඟෙනවා නේද?   මඩ කඩිති පැන පැන ආ ගුරුතුමන්ලා මතකයේ නැතත් රෙද්ද බැනියම ඇඳගෙන බසයේ නැගී පාසලට පැමිණි  ගුරුතුමන්ලා කිහිඅදෙනෙකුව මට තාමත් මතකයි.  දැන් නම් එවැනි ගුරුවරු බොහෝදෙනෙක් විශ්‍රාම සුවයෙන් කල්යවනවා වන්නට පුළුවන.  අද කතාව එවැනි ගුරුතුමන්ලා දෙදෙනෙක් ගැන.

6.15.2012

සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (2 කොටස)

අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (1 කොටස) කියවපු අය නම් දන්නවා ඇති මම මේ කියාගෙන යන්නෙ සාන්ත අන්තෝනි මුනිතුමා ගැන බව. මම කලින් කොටසෙදි එතුමාගේ ජීවිත කතාව ගැන විස්තර කිව්වනෙ. ඒ ලිපිය මගහැරුණා නම් මෙතනින් ගිහින් කියවලාම එන්න. නැතිනම් මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ.කලින් ලිපියෙදි පොරොන්ඳු වූ පරිදි අද ලිපියෙදි මම කියන්න යන්නෙ එතුමාගේ අනුහසින් සිදුවූ ප්‍රාතිහාර්‍යය පිළිබඳව. එතුමා ජීවත්ව සිටි කාලයේදී මෙන්ම මියගිය පසුත් ගණන් නොකළ හැකි තරම් බොහෝ ප්‍රාතිහාර්‍යය සිදුවී තිබෙනවා. ඔය ඔක්කොම ඉතින් මෙතන කියන්න බෑනෙ. ඒක නිසා එතුමාගේ ජීවිත කාලයේදී සිදුවූ ප්‍රාතිහාර්‍යය කීපයක් සඳහන් කරන්නම්. ඊට අමතරව ලෝ වැසි ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වන එතුමාගේ ශු. ධාතු ගැනත් සඳහන් කරන්නම්. එහෙනම් ලිපියට යමු.
 ------------------------------------------------------------------------------------------------------------

6.12.2012

සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (1 කොටස)

සාන්ත අන්තෝනි මුනිතුමා කියන්නෙ කවුද කියලා දන්නෙ නැති අය පවා ඇන්ටන් ජෝන්ස් මහත්මයගෙ "සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා" ගීතය නම් අහලා ඇති. ඇන්ටන් ජෝන්ස් මහත්මයා එහෙම ගීතයක් ලිව්වෙ ඇයි කියන එක මට හිතුනෙත් ලකී සිරි  කිව්වට පස්සෙ. අද කියන්න යන්නෙ නම් ගීතය ගැන නෙමෙයි. අද (ජුනි 13) සාන්ත අන්තෝනි මුනිතුමාගෙ මංගල්ලෙ නිසාම කලින් හසිත කළ ඉල්ලීමක් ඉටුකරන්නත් එක්කම අද ලියන්නෙ සාන්ත අන්තෝනි මුනිතුමා ගැන. 

සාන්ත අන්තෝනි මුනිතුමා ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සාන්තුවරයා, ඒකෙ දෙකක් නෑ.  එතුමාගේ පිහිටාශිර්වාදය පතා කොළඹ කොච්චිකඩේ, වහකෝට්ටෙ වගේ එතුමාට කැපකළ සිද්ධස්ථානවලටත් අනෙකුත් කුඩා පල්ලිවලටත් ප්‍රතිමා අසලටත් ඇදෙන ජනගහනයෙන්ම ඒ බව පේනවා. කතෝලිකයන් සිරිතක් වශයෙන් අඟහරුවාදා දිනවලදී මේ ස්ථානවලට ඇදෙනවා. කතෝලිකයන් පමණක් නොවෙයි අන්‍යාගමිකයින් පවා. අන්තෝනි මුනිතුමා මියගොස් තිබෙන්නේ අඟහරුවාදා දවසක නිසා තමයි එදින එතුමාට කැපකළ දවසක් ලෙස සළකන්නෙ. 

5.27.2012

එක එක තැන්වල වෙනස්කම්

අද ඉටු කරන්න යන්නෙ ගීතක කරපු ඉල්ලීමක්. ගීතක ඇහුවනෙ එක එක නම් වලින් කතෝලික දේවස්ථාන හැඳින්වෙන්නෙ, ඒ කිව්වෙ දේවස්ථාන, සිද්ධස්ථාන, බැසිලිකා,ආසන දෙව්මැදුර වගේ විවිධ නම් පාවිච්චි කරන්නෙ විශාලත්වය සැළකීමෙන්ද කියලා. අද ඒකට උත්තරේ දෙන්නයි යන්නෙ. සමහර අය නම් දන්නේ නැතුව ඇති මේ වගේ විවිධ නම් තියෙනවා කියලාවත්. මොකද ගොඩක් වෙලාවට පල්ලිය කියන නම විතරනෙ පාවිච්චි වෙන්නෙ.  ඒත් කතෝලික සභාවෙන් නිල වශයෙන් කෙරුණු නම් කිරීම් තියෙනවා. ලිපිය කියෝලම වැඩි විස්තර දැනගනිමු. 

4.25.2012

ඕනා ජරා වැඩක් කරලා ලේසියෙන් ගොඩයන හැටි

හරියට කරුණු කාරණා නොදන්න අන්‍යාගමික අය වගේම සමහර රෝමානු කතෝලික නොවන කිතුනුවන් නගන ලොකුම චෝදනාවක් තමයි කතෝලික සභාව පව්කාරයින්ට අනුබල දෙනවා කියන එක. "උන්ගෙ ආගම හරි ආගමක්නෙ බං. කරන්න පුලුවන් ජරාවැඩ ඔක්කොම කරලා ෆාදර්ට ගිහින් කිව්වම ඔක්කොම හරි."  මෙහෙම කියන අය ඉන්නවා. නමුත් රෝමානු කතෝලික සභාවේ මෙන් චාරිත්‍රයක් වශයෙන් නොකළත් බොහෝ ආගම්වල  සමාව දීම හා සමාව ලබාගැනීම උතුම් ගුණාංගයක් ලෙස සළකනවා නේද? ඉතින් මම අද කියන්න යන්නෙ අපි කළ පව් වලට සමාව ලබාගැනීම හෙවත් පාපොච්චාරණය ගැන. කෝ පව්කාරයො ටික එන්න මේක කියවන්න. :)

4.16.2012

මම අහපු කොටි

ඉතිහාසයේ එක්තරා දවසක සවසක මම පොතක් බලමින් සිටියෙමි. පොත බලමින් කීවාට මගේ ඇස් පියවී තිබුනේය. පොත දිගහැරී තිබුනද පොතෙන් ඔලුවට ගිය දෙයක් නොමැත. 

"හරී.... හරී.. " මහ හඬින් කළ බෙරිහන් දීමට මම පොළවෙන් අඩි කීපයක් ඉහළ ගොස් බිමට ආවෙමි. මා සොයා බෙරිහන් දෙන්නේ අපේ මාමා යැයි කටහඬින් හඳුනාගත්තෙමි. නිව්ටන් නියම වසා තැබූ මම "අම්මේ මාමලා ඇවිල්ලා " යි කෑගසමින් ඉස්තෝප්පුවට දිව්වේ අඩනිරුවතිනි. ඉස්තෝප්පුවේ මාමාද නැන්දාද මාමාගේ මල්ලීද (පොඩි මාමා නොව මාමාගේ පුතා) සිටියෝය. 

4.06.2012

ඉබි මස් උයන අලුත් ක්‍රමයක්

ඔයාලට මතකද මම කාලෙකට කලින් මම දුටු කොටි කියලා කතාවක් ලිව්වා. බලපු නැති කෙනෙක් ඉන්නවානම් මම දුටු කොටි එකෙන් පටන් අරන මම දුටු කොටි 2, මම දුටු කොටි 3, මම දුටු කොටි 4, මම දුටු කොටි 5ත් කියවලා බලන්න. ඒත් අද ලිපියෙන් කියන්නෙ මම දුටු කොටියෙක් ගැන නෙමෙයි, ඉබ්බෙක් ගැන. 

ඕගොල්ලො මම දුටු කොටි හතර කියෙව්වානම් ඒකෙ කමෙන්ටුත් කියෙව්වානම් මතක ඇතිනෙ ඇනෝ කෙනෙක්, සෙන්නා, ඔබා මාමා වගේ කීපදෙනෙක්ම ඇහුවා එකම ප්‍රශ්නයක්. මම ඉතින් උත්තරේ නොදී පොඩ්ඩක් හිටියෙ දන්න ඇත්තෙක් හරි උත්තරේ දෙයිද බලන්න.  කොහෙද කවුරුත් නෑ. පස්සෙ මම පොඩි උදව්වකුත් කරා. ඒත් ඒකත් ගණන් අරගෙන තිබුනෙ නෑනෙ.  ඉබිමස් කන බව අහුවෙයි කියලද මන්දා? :) ඒ ගමන මාත් උත්තර දෙන එක අතෑරියා. ඒත් සෙන්නා දිගින් දිගටම අහපු නිසා ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි අද දෙන්න යන්නෙ. ඊට කලින් පොඩ්ඩක් වටේ තලලම ඉමු නේද?.

4.02.2012

රබර් වතුගානෙ කරක් ගැසූ අපේ ළමා දිනය

අන්තර්ජාලයේ සැරිසරද්දි කොළඹ අගරදගුරු පදවියෙ නිල වෙබ් අඩවියට හදිස්සියෙම ඇතුලු වුනා. මේ පාර ළමා දිනය ගැන විස්තරත් දාලා පින්තූරත් එක්ක. මගේ මතකය ගියෙ අවුරුදු ගානක් අතීතෙට. මට මතක හැටියට පහ වසරෙ ඉඳන් එකොළහ වසර වෙනකන් අවුරුදු ගාණක් මම ළමා දිනේට යන්ඩ ඇති. අවුරුද්දකට පාරක් ලැබෙන ඒ දිනය මට නම් සුන්දර මතකයක්. ඊළඟට මතක් වුනේ මගෙ බ්ලොග. මේ අත්දැකීම බ්ලොගේ දැම්මා නම් ගොඩක් අය කියවයිනෙ කියලා හිතුණා. ඔන්න ඒ හින්දම දැම්මා. කෝ එන්න එන්න කියවන්න.
කොඩි අරන් යන ළමයි

4.01.2012

බීස්කූන්නාන්සේගෙන් කනේ පාරක් කෑම

මීට අවුරුදු 12කට කලින් හරියටම අද වගේ දවසක ඒ කිව්වෙ 2000 අප්‍රියෙල් 1 වෙනිදා වෙච්ච දේ මට අද වගේ මතකයි. එදා සෙනසුරාදා දවසක්. මම උදෙන්ම නැගිටලා පල්ලි යන්න ලැහැස්ති වුනා. හරිම ආසාවෙන් ලෑස්ති වුනේ. වෙනදා ඉස්කෝලෙ ඇඳුමෙන් පල්ලි යනවානම් කොට කලිසම් කෑලිනෙ ඇඳගෙන ගියෙ. ඒත් එදා ඇඳන් යන්න තිබුනෙ අලුතෙන්ම මහලා ගෙනාපු කිරි කිරි සුදු දිග කලිසමයි අත් දිග කමිසයයි. මම ඉතින් ඔව්වත් ඇඳගෙන කණ්ණාඩි දෙකක් වගේ පොලිශ් කරපු සපත්තු දෙකත් දාගෙන කොණ්ඩෙත් පුලුවන් විදිහට තෙල් නොදා පීරාගත්තා. පල්ලියට ගියාට පස්සෙ නම ගහපු කොළ කෑල්ලකුයි ඇල්පෙනෙත්තකුයි ලැබුනා සාක්කුවෙ ගහගන්න.

මම යනකොට පල්ලිය ඉස්සරහා ලොකු තොරණක් ගහලා තිබුනා. "අගරදගුරුතුමා සාදරයෙන් පිළිගනිමු" ඒ තිබ්බ වචන අද වගේ මතකයි. මං වගේ සුදු ඇඳලා හිටපු අය ඔක්කොම එකතුවෙලා බීස්කුන්නාන්සේව පිළිඅරගෙන පෙරහරෙන් පල්ලියට එක්කන් ගියා. ඊටපස්සෙ තමයි දිව්‍ය පූජාව පටන් ගත්තෙ. පූජාව මැද්දෙදි බීස්කුන්නාන්සෙ අල්තාරෙ ඉස්සරහට ආවා. මමත් කලින් පුරුදු කරලා තිබ්බ විදිහට එතුමා ගාවට ගියා. එතුමා මගේ නලළෙ තෙල් වගයක් ගාලා ඔලුවට අත තියලා යාච්ඤා කළා. එක අවස්ථාවක මගෙ නමත් කිව්වා මතකයි. ඔහොම යාච්ඤාව යන අතරෙ එකපාර බීස්කුන්නාන්සේගේ අත ආවෙ නැද්ද මගේ කම්මුලට. වෙන විදිහකට කිව්වොත් මට හම්බුනා හොඳ කනේ පාරක්. මොනා කරන්නද ඉතින්. කොහොමත් කලින් බලාපොරොත්තු වුනානෙ. මමත් ඇවිල්ලා කලින් හිටපු තැනම වාඩිවුනා.

මේ කිව්වෙ මීට අවුරුදු 12කට කලින් මම අභිවෘද්ධි ආලේපය ලබපු හැටි. අභිවෘද්ධි ආලේපය?? ඒ මොකක්ද? ලිපියෙන්ම බලමු ඉතින්.
Related Posts Plugin for WordPress, Blogger...