Showing posts with label Chistmas. Show all posts
Showing posts with label Chistmas. Show all posts

12.25.2014

අමතක නොවන නත්තල

කාලෙකින් පෝස්ට් එකක්වත් ලියන්න බැරිවුනා මට. මේ ටිකේ මට ටිකක් වැඩ වැඩී. ඉස්සරහට එන මංගල්ලෙකටත් ලෑස්ති වෙනවානෙ. ඇත්තම කිව්වොත් පෝස්ට් ලියන්න කාලය මදිකමට වඩා පෝස්ට් එකක් ලියන තරම් හිත එකලාසයක් කරගන්න බැරිකමයි තියෙන්නෙ. දහසකුත් එකක් දේවල් ඔළුවේ තියාගෙන පෝස්ට් එකක් ලියන්න හරිම අමාරුයි.

මේ පෝස්ට් එකත් අවුරුදු කීපයක් තිස්සෙ ඩ්‍රාෆ්ට් ගොන්නට වෙලා වේලි වේලි තිබ්බ එකක්. ඔන්න අද හිතුවා පබ්ලිශ් කරලා දාන්න. කලින් ලියපුවා ඒ විදිහටම තියනවා කියලයි තීරණය කළේ.

සුභ නත්තලක් වේවා!

2014 අවුරුද්දෙ නත්තලත් ලැබුවා. අවුරුද්දක් ගිය ඉක්මන. ගියපාර නත්තල සැමරුවේ අද ඊයෙ වගේ. මේ අවුරුද්දෙ කවදාවත් නැතුව වහින්න ගත්තනෙ. මගෙ ජීවිතයේ පළවෙනි වතාවටයි මේ වගේ වැහි නත්තලක් උදා උනේ.

වැස්ස හින්දම මේ පාර නත්තල් ගහ හදන්න උනෙත් නෑ. එළියෙ හදපු ගවලෙනත් වැස්සෙන් බේරගත්තෙ බොහොම අමාරුවෙන්. තාමත් වැස්ස ඉවර නෑනෙ. :(

බලමු ඉස්සරහට.

ඔබ සැමට සතුට සාමය සපිරි සුභ නත්තලක් වේවා!


මෙන්න නත්තල ගැන මම ලියපු පෝස්ට්. කියවන්න බැරිවෙච්ච අයටයි මේ.

12.23.2013

මේ පාර අපිටත් නත්තල්

හුඟ කාලෙකින් නේද? මේ ලිපිය ලියන්න කලින් මම නිකමට මගේ පරණ ලිපි ටික දිහා බැලුවා. වෙලා තියෙන දෙයක්. බ්ලොගිය පටන් ගත්තු මුල් අවුරුද්දෙ මාස කීපෙට පෝස්ට් දොළහක්ම ලියලා. ඊළඟ අවුරුද්දෙ ඒක 38ක් වෙලානෙ. ඊටත් පස්සෙ අවුරුද්දෙ 66ක්. ඉතින් මේ අවුරුද්ද පටන් ගනිද්දිම හිතුවා මේ ගාන ඩබල් වෙලා පෝස්ට් 120ක් විතර ලියවෙයි කියලා. කියන්ඩ ලැජ්ජයි 25යිනෙ ලියවිලා තියෙන්නෙ. ඇයි තුන්වෙනි සංවත්සරේ? ඒකත් මඟ ඇරිලනෙ.

මොනවා කරන්ඩද ඉතින් මේ අවුරුද්ද බොහෝම රාජකාරි බහුල අවුරුද්දක් උනා.  උදේට වැඩට ගිහින් හවස ගෙදර ආවට පස්සේ ඉතින් කාගෙහරි බ්ලොග් දෙකතුනක් කියවලා නිදාගන්නවා මිසක් ලිපියක් ලියන්න පැය පහ හයක් ගතකරන්න හිතුනෙම නෑ. පස්සෙන් පහු මම සිංහල ලියන්න පාවිච්චි කරපු qsfox ඇඩෝන් එකත් ලෙඩ දෙන්න ගත්තා. ඉස්සර F12 ගහපුවම සිංග්ලිශ් වලට මාරු උනත් දැන් එහෙම වෙන්නෙ නෑනෙ. ඒක හින්දා වෙන වැඩක් කර කර පෝස්ට් ලියන්නත් කම්මැලි. මොකෝ මම සැරින් සැරේ මීයා අල්ලන්න කැමති නෑනෙ කීබෝඩ් මාරුකරන්න. UCSC කන්වර්ටරය විසඳුමක් උනත් කොපි පේස්ට් කිරිල්ල එපා වෙනවා. ඒ වගේම මම පුරුදුවෙලා තියෙන විදිහට වඩා වෙනස් විදිහකටයි ඒකෙ ටයිප් වෙන්නෙ. ඔයින් මෙයින් බ්ලොග් ලිවිල්ල එපාම උනා. හැබැයි ලියනවා කියලා පටන් අරන් තාම ඉවර කරපු නැති ලිපි කීපයක්ම තියෙනවා. ලබන අවුරුද්දෙවත් ඒ ටික ඉවරයක් කරලා දාන්න ඕනා.

ඉතින් මේ පාර නත්තලට කරපු මුල්ම වැඩේ තමයි  සැරසිලි හදන්න කොළ හොයන්න ගිය එක. කොළ හොයන් හදනවට වඩා ලේසියෙන්ම කඩෙන් ගන්න තිබුනා. ඒත් ඉතින් එහෙම කරන්න හිත දුන්නෙ නෑනෙ. ඉතින් තකහනිය කොළඹ ගිහින් 'සරුව පිත්තල' කොළ අරගෙන ආවා සැරසිලි හදන්න හිතාගෙන. මෙන්න මේ සැරසිලි තමයි මම දැනට හදලා තියෙන්නෙ.

12.13.2012

නත්තල් කන්නේ කොහොමද?

පාසල් මවගෙන් සමුගෙන බොහෝ කල් ගතවී තිබේ. එකල දැනසිටි බොහෝ මිතුරන් දැන් තාත්තලාය. දරුවන්ගේ වැඩකටයුතුත් රාජකාරී කටයුතුත් අතර හිරවී ඇති වැඩිහිටි ජීවිතය විරාමයකින් තොරව ඔහේ ගලායමින් තිබිණි. නමුත් හදිසියේ සියල්ල වෙනස් විය. ඇත්තෙන්ම මොහොතකට ලද විරාමයක් සියල්ල වෙනස් කළේය. හදිසියේම මාගේ පැරණි මිතුරන් කිහිපදෙනෙක් හමුවීමට, ඔවුන් සමඟ සල්ලාපයේ යෙදීමට හා උගුරක් තොල ගෑමට  අවස්ථාව පෑදිණි.

12.29.2011

මාරයා නොදාන සීට්ටු

මාරයියා කාලෙකට කලින් සීට්ටු ගැන ලිපි කීපයක් පල කලා කාට කාටත් මතක ඇති මගෙ හිතේ. බඩු සීට්ටු වලින් පටන් ගත්තු සීට්ටු දැමිල්ල තුණ්ඩු කෙලියටත් ගිහිල්ලා ඊට පස්සේ වෙන්දේසි සීට්ටු වලින් තමයි නතර වුනේ. මොනාද මේ මාරයා නොදාන සීට්ටු? එහෙම මාතෘකාව දාලා පටන් ගත්තෙ මාරයා අයියා අතින් නොලියවුනු තවත් සීට්ටු ජාතියක් ගැන ලියන්න යන හින්දා. මට මතක හැටියට මම කමෙන්ට් එකකින් කිව්වදත් කොහෙද.ඒ වුනත් එහෙම දාපු සීට්ටුවකින් සප්පායම් වුනාට පස්සේ ඒ ගැන නොකියා කොහොමද. කාට කාටත් දැනගන්නත් එක්ක දාන්නම්කො තොරණෙ විස්තරේ.

12.23.2011

මෙදා නත්තලට කැරොල් එකක් යමුද?

දැනුයි ගවලනේට තණකොල කපන්න ගිහින් ආවේ. නත්තල් ගහටත් කස අත්තක් ගෙනාවා. ටිකක් කම්මැලි හිතුනත් පස්සෙ හිතුනා ඔන්න ඔහේ තව කතාවක් කියන්ට. නත්තල් සීයා කම්මැලි නැතුව ලෝකෙටම තෑගි බෙදනවා නම් අපි කම්මැලි වෙලා කොහොමද?

12.22.2011

ගවලනේ කතන්දරේ

ගවලෙන
නත්තල් සීයා ගැන කතාවයි නත්තල් ගහ ගැන විස්තර ටිකකුයි මම කිව්වනෙ. අද කියන්න යන්නෙ ගවලෙන සෑදීමේ චාරිත්‍රය ගැන. නත්තල් ගහ ගැන ගොඩක් අය දැනගෙන හිටියට මම හිතන විදිහට ගවලෙන ගැන දන්නවා අඩුයි. ඒක නිසා කලින් ඒ ගැන විස්තරයක් කියලා ඉන්නම්.

ජේසුස් වහන්සේ ඉපදෙන්න හිටිය කාලේ රෝම අධිරාජ්‍යයාව හිටියෙ ඔගස්ටස් සීසර්. ජේසුස් වහන්සේ ඉපදුන රට ජුදයාවත් අයිති වෙලා තිබුනෙ රෝම අධිරාජ්‍යයට. ඔගස්ටස් සීසර් තීරණය කරනවා රෝම අධිරාජ්‍යයේ සංගණනයක් පවත්වන්න. මේ සංගණනය සඳහා හැමෝම තම තමුන්ගේ උපන් ගම් වලට යන ඕනෙ කියලා නීතියක් පැනවෙනවා.

නත්තල් ගහක් හදමු

පෙරේදා නත්තල් සීයා ගැන කිව්වනෙ. ඒ වගේම පොරොන්දු වුනානෙ නත්තල් කතා ටිකකුත් කියන්න.අද යන්නෙ ඒ පොරොන්දුව ඉටු කරන්න.

නත්තල් චාරිත්‍ර කියන්නෙ එක එක රටවල කතෝලික ඒවගේම අනිත් ක්‍රිස්තියානි සභාත් නත්තල සමරන්න භාවිතා කරන නොයෙකුත් විදිහේ ක්‍රියා. මේවා එක එක රටවල වෙනස් වෙනස් විදිහටයි පැවැත්වෙන්නේ. බොහෝ වෙලාවට කිතුණු සම්ප්‍රදායෙන් ආපු ලක්ෂණ වලට අමතරව එක් එක් රටවල සංස්කෘතික අංගත් මේ චාරිත්‍ර වලට බද්ධ වෙලා තියෙනවා. එහෙම එක එක රටවල සිදු කෙරෙන චාරිත්‍ර කියන්න ගියොත් ලියන මටත් කියවන ඔයාලටත් එපාවෙයි. ඒක නිසා වෙන රටවල ඒවා පැත්තක තියලා මේ රටේ ඒ කිව්වෙ සිරි ලංකාවේ නත්තල සමරන හැටි විශේෂයෙන් වර්තමානයේ සාමාන්‍ය ජනතාව නත්තල සමරන හැටි කියන්නම්. ඔතනට වර්තමාන කියන විශේෂණය යොදන්න හේතු වුනේ හැමදෙයක්ම වගේ නත්තල සැමරීමත් කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා.

12.20.2011

ඔයත් Secret Santa කෙනෙක්ද?


 ගිය මාසෙ මළවුන්ගෙ මාසෙ නිසා ඉතින් දිගටම දාන්න කියලා මළවුන්ගෙ කතා ටිකක් ලෑස්ති කොරගත්තට මොකද පහක් ඇරෙන්න ඉතුරු එව්වෑ මාතෘකාව විතරයි. දැන් ඉතින් මළවුන්ගෙ මාසෙ පහුවෙච්ච නිසා 2012ටත් මළවුන්ගෙ මාසයක් තියෙයිනෙ කියලා හිත හදා ගත්තා. අද ඉදන් නත්තල් කතා ටිකක් දාන්නයි ලෑස්තිය.

පහුගිය ටිකේම යාලුවො කීපදෙනෙක්ම මහන්සි වුනා Secret Santaලා වෙන්න. මටත් හිතුනා මේ ගැන ලිපියක් ලිව්වොත් හොඳයි කියලා. Secret Santa ගැන නෙමෙයි Santa ගැන. Secret Santa ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මේ දවස්වල කන්තෝරුවල ජයටම යන සෙල්ලමක්නෙ.

Related Posts Plugin for WordPress, Blogger...