Showing posts with label IQ. Show all posts
Showing posts with label IQ. Show all posts

5.23.2014

නයි කීදෙනෙක් ඕනද?

ඔන්න ළමයිනේ අද මම ඔයාලට පුංචි ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්නයි හදන්නෙ. කවුද බලමු හපනා.

ඕගොල්ලො දන්නවනෙ සත්ව විද්‍යාඥයෝ කියලා කට්ටියක් ඉන්න බව. ඔය සත්තු ගැන පරීක්ෂණ කරන්නෙ. අන්න ඒගොල්ලො කියන විදිහට හොඳින් වැඩුණු එහෙමත් නැත්නම් සුහුඹුල් නයි හය දෙනෙකුට ගෙම්බො හය දෙනෙක් අල්ලගන්න විනාඩි හයක් යනවලු. ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ වගේ ගෙම්බො හැට දෙනෙක් විනාඩි හැටකින් අල්ලන්න සුහුඹුල් නයි කීදෙනෙක් ඕනද? කියන එක.

නෑ.. නෑ.. උත්තරේ හැට නෙමෙයි. පොඩ්ඩක් හිතලා බලන්න. උත්තරත් එක්ක කමෙන්ට් ටික නම් දාන්නෙ හෙට උදේට.

7.16.2012

ජින්නායි උපාලියි බේරුනේ කොහොමද?

අද පොඩි වෙනසකටත් එක්ක IQ ප්‍රශ්න දෙකක් අහන්න හිතුවා. හෝව්.. හෝව්.. කලබල වෙන්න එපා. පොරොන්දු වෙච්ච ලිපි ලියනවා. කරුණු හොයමින් යන්නෙ. මම කලිනුත් IQ ප්‍රශ්න ඇහුවා වගේම එව්වට හොඳ ප්‍රතිචාරත් ලැබුනා. 


මෙන්න අද ප්‍රශ්නය.  ඔයාලා කියවල ඇතිනෙ මඩොල් දූව. අර මාටින් ව්ක්‍රමසිංහ මහත්මයා අතින් ලියවුනේ. එන්න ඒකෙ ජින්නයි උපාලියි ගැන නොදන්නෙ කවුද? හැබැයි මාටින් මහත්මයා කතාව ලියනකොට ඇත්තම සිද්ධිය ලිව්වෙ නෑ. කතාව ලස්සන වෙන්නත් එක්ක කෑලි අතින්දාලා තමයි ලිව්වෙ. ඔන්න මම අද කියනවා ඇත්ත කතාව.

 දූපතක් වැව්වට මොකද ජින්නයි උපාලියි දෙන්න වස කම්මැලියො. දූපතට ගොඩබැහැපු වෙලේ ඉඳන් ගෙනාපු කෑම ටික කකා දවස් ගානක් හිටියා. ඔහොම ඉඳිද්දි කැලේ සරුවට වැවුනා. ඒ වගේම මතකද අර යවුල් විදිහට තියෙනවා කිව්ව කඩොල් උල් එව්වත් වැවුනා. දැන් දෙන්නට පුදුම වැඩක් වුනේ උල් නිසා දූපතෙන් එළියට බහින්න බෑ. දෙන්නට කල්පනා වුනා මෙහෙම හිටියොත් බඩගින්නෙ මැරෙන්න වෙන බව. ඒක නිසා තමුන් සන්තකවෙලා තිබුන එකම වස්තුව වෙච්ච ගිනිපෙට්ටියෙන් කැලේ ගිනි තියලා වවන්න සූදානම් වුනා. 

එදා බටහිරෙන් සුළං එන නිසා දූපතේ බටහිරෙන් ගිනි දැල්වුවා.  හොඳට සුළං අල්ලපු නිසා ගින්න බුර බුරා නැගුනා. ටිකකින් තමයි දෙන්නට වැඩේ පත්තුවෙන්නෙ මුලු දූපත පුරාම කැලේ තියෙන නිසා දූපතම ගිනි ගනීවි. දෙන්නම මැරේවි. ගඟට පනින්නත් බෑ උල් නිසා. ගින්න නිවන්න එකම උපකරණයක්වත් නෑ. කලින් කිව්වා වගේ සන්තකේටම තිබුනෙ ගිනිපෙට්ටිය විතරයි.  

ඉතින් මම අහන්නෙ මේගොල්ලො කොහොමද ගින්නෙන් බේරුනේ?

----------------------------------------------------------------------------

දැන් කියන්න යන්නෙ සතොසේ කතාවක්. අර සමූපකාර තොග වෙළඳ සංස්ථාව කියන්නෙ. බැලූ බැල්මට නිකම්ම කඩයක් කියලා පෙනුනට ඔතන බොහොම අරුම පුදුම තැනක්. උදලුතලත් මීයෝ කනවා කියන්නෙ. ඇත්තටම ඔතන පෞරාණික කමත් එක්ක එහෙම දේවල් නොවෙන එකත් පුදුමයක්. අර කවුද කියන්නා වාගේ ඕක හොයාගත්තෙත් රාවණා රජ්ජුරුවෝ ද කියන්න මම හරියටම දන්නෙ නෑ. ඒත් ගුත්තිල පඬිතුමාගෙ කාලෙ තිබ්බා කියලා නම් ටක්කෙටම කිව්වැකි. බොරුනම් බලන්ඩ අරක්කු බොන්ඩ සතොසට ආපු වල් මිනිහෙක් ගැන කවියක් නැද්ද කියලා.

කතාවෙන් කතාවෙන් කියන්න තියෙනදේ අමතක වෙනවා. ඉතින් මේ සතොසෙ සේවකයො දහයක් හිටියලු.  එක සේවකයෙක් සීනි කිලෝ එකේ පැකට් දහයක් හදලා ගෝනියකට දාන්න ඕනලු. වැඩේ තේරුනානෙ එක ගෝනියක් කිලෝ 10ක් බරයි. එතන සීනි කිලෝ එකේ පැකට් 10යි.

හැබැයි මෙතන හිටියලු තමුන්ගේ දරුපවුල මේ පුංචි පඩියෙන් නඩත්තු කරන්න බැරි නිසා පොඩි පොඩි දේවල් කරන චෞරයෙක්.  මිනිහා හදපු හැම පැකට් එකෙන්ම ග්‍රැරෑම් 100ක් ඉස්සුවාලු. ඒ කියන්නෙ මිනිහා හදපු පැකට් දහයම කිලෝ නමයයි. ග්‍රෑම් නවසීයෙ පැකට් 10යි.

 අහු නොවෙයි කියලා හිතුවට පළපුරුදු නාට්ටාමි අයියට ගෝනි උස්සද්දි එක ගෝනියක බර අඩුව තිබුන බව දැනෙනවා. හැබැයි ගෝනි ටික එකටම දැම්ම නිසා මේකයි කියලා පෙන්නන්න බෑලු. මිනිහා කෙලින්ම යන්නෙ මැනේජර් ළඟට. 'සර් මේ එක ගෝනියක බර අඩුයි. ගෝනිය ගෝනිය කිරමු. ගෝනි අඳුනාගන්න පුලුවන් නිසා හොරාව අල්ලාගත්තැකි'

ඒත් මැනේජර් මොළකාරයා. 'දහපාරක් ඕනෙ නෑ මම එකපාරක් කිරලා හොරාව අල්ලන්නම්.'

ප්‍රශ්නය තමයි සීනි කිලෝ එකේ පැකට් දහයක් දාලා හදලා තියෙන ගෝනි 9ක් අතර තියෙන ග්‍රෑම් නමසීයේ පැකට් තියෙන ගෝනිය එක පාරක් කිරලා හොයාගන්නෙ කොහොමද?

ඔන්න ප්‍රශ්න..

3.03.2012

බාලදක්ෂ රැළේ කට කහන එකා එහෙම කිව්වෙ මොකෝ?

සකල සිරින් පිරි සිරි ලංකාවේ එක්තරා පළාතක එක්තරා පාසලක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නෙ. ඔය පාසලේ තිබිලා තියෙනවා පෝතක බාලදක්ෂ කණ්ඩායමක්. ඉතින් මේ පැටව් බාලදක්ෂයෝ අතර බොහොම සුචච කීකරු පැටව් වගේම් නහට අහන්නේ නැති පැටව් දෙතුන් දෙනෙකුත් හිටියා. මේ බාලදක්ෂ කණ්ඩායම මෙහෙව්වෙ ගුණවර්ධන සර්. මේ කතාව කියවපු අය නම් දන්නවා ඇති.

7.12.2011

අයින්ස්ටයින්ගේ තේරවිල්ල......



මේ post එක බොහොම ඉක්මනට ලියලා දාන්නයි යන්නේ. අද මම කියන්න යන්නේ අයින්ස්ටයින් 1800 ගණන් වල ලෝකයට හඳුන්වලා දීපු තේරවිල්ලක්. එයා කියලා තියන විදිහට නම් ලෝකයේ 98% දෙනාට මේක විසඳන්න බෑලු. ඒත් ඇත්තටම ඒක හිතන තරම අමාරු නෑ. මමත් විසඳුවා.  මෙන්න මේකයි තේරවිල්ල.

 එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු. ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්. හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු. හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු. උදාහරණයක් කිව්වොත් බ්‍රිතාන්‍ය, ජර්මන් වගේ ජාති. ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස් ජාති පහක්ලු. බොන සිගරට් ජාතියත් වෙනස් ජාති පහක්ලු. සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක සත්තුලු. ප්‍රශ්නය මේකයි කොයි ගෙදරද මාලුවෙක් සුරතලේට ඇති කරන්නෙ?

දැන් ඉතින් ප්‍රශ්නය විසඳන්න තමා තියෙන්නෙ. Try කරලා try කරලා බැරිම නම් පහල තියෙන උපකාර අවස්ථා ගන්න පුලුවන්. ඒවා නැතිව විසඳන්න පුලුවන්නම් තමයි ඉතින් හැබෑ හපනෙක් වෙන්නේ.
Related Posts Plugin for WordPress, Blogger...