මේ සිදුවීම සිදුවූයේ දහය වසරේදී කියලා තමයි මතක. කොහොමහරි එදා විද්‍යාවට තිබ්බ පාඩම තමයි පරපෝෂිත ශාක.
හොස්ස ළඟින් මැස්සා ගියත් කේන්ති යන අපේ විද්‍යාව ගුරුතුමා එදත් පන්තියට ආවේය. ගුරු ආචාරයෙන් පසු පාඩම ආරම්භ විය.
පාඩම කැරකී කැරකී ගොස් අගමුල නැති වැල් ගැන කතාකරන්න ආවේය. විස්තරය අවසානයේ "අග මුල නැති වැල් නම් මේ එහා පැත්තෙ වැට මායිමෙත් ඇති. අපිට ඕනෙනම් ගෙන්නල්ලම බලන්න පුළුවන්" ගුරුතුමාම යෝජනා කළේය.
"කවුරුහරි ගිහින් එහෙනම් වැලක් අරන් එනවද? විස්තරේ කියෙව්වාම අඳුරගන්න පුළුවන්නෙ"
"ඔය ළමයා ගිහින් අරන් එන්න" ගුරුතුමා සමීරට ඇඟිල්ල දිගු කළේය. මොහොතින් සමීර අගමුල නැති වැල් සොයා පාසල පිටුපස ට ගියේය.
ගුරුතුමා ළමයින් සඟ ඉතිරිය සාකච්ඡා කරගෙන ගියේය. මොහොතකින් සමීර පන්තියේ අනික් පැත්තේ ජනේලෙ එල්ලෙමින් හති දාන්නට විය.
"හොයාගත්තද?"
"ඔව්.. සර් .... ඔව්.. මේක නේද?" ඔහු ජයග්‍රාහීව තම අත පෑවේය.
"මේ මොනාද මනුස්සයෝ මේ කුප්පමේනියානෙ" ගුරුතුමාගේ කටින් පිටවෙනවාත් සමඟ පන්තිය එකම හූ හඬකින් ගිගුම් දුන්නේය.
ඊළඟට සිදුවූයේ සමීර පන්තිය ඇතුළට යාමත් සෙස්සෝ පන්තියෙන් එළියට යාමත්ය. අගමුල නැති වැල් පාඩම අවසාන වූයේ විදුහල්පතිතුමාගෙන් ගුටිය ගානේ ලැබීමෙනි.
4.25.2017
කාක්... කාක්..කාක්..
"කාක්... කාක්..කාක්.."
"කාක්... කාක්..කාක්.."
"කාක්... කාක්..කාක්.."
"කාක්... කාක්..කාක්.."
"කාක්... කාක්..කාක්.."
හතරවටින්ම කාක් කාක් හඬ නැඟෙද්දි මොහොතකින් පේන්න ගන්නෙ ගලකුත් අතින් ගෙන, තරහින් පුපුර පුපුර එහා මෙහා දුවන රාමුව.
"පොන්නයෝ.. යෙපිලගෙ අම්මලාට්ට.." රාමු බෙරිහන් දෙන්නෙ කෑගහන එවුන්ව මරන් කන තරම් කේන්තියෙන්. එවන් විටෙක වටේ පිටේ ඉන්නෙ කවුද වෙන්නෙ මොනවාද කියා මිනිහාට වගේ වගක් නැත. කේන්තියත් සමඟ උතුර දකුණ මාරුවූවෙකු මෙන් තැන තැන දුවන්නේ කෑගසන එවුන් සෙවීමටය. කෑගසන එවුනුත් ගස් ගල් වලට මුවාවී ජයටම වැඩේ කරයි.
පොඩිකාලයේ ද ගමේ කොළු රංචු කවුරුන් හෝ වැඩිහිටියෙක් අල්ලාගෙන ඔහුගේ හෝ ඇයගේ කෝපයෙන් සතුටක් ලබන අයුරු දැක තිබූ මට මෙය අරුමයක් වූයේ නැත. මට එදත් අදත් එකසේම වැඩිහිටියා ගැන කණගාටුවක් දැනිණි. තවදුරටත් කණගාටුවක් දැනුණේ මෙතරම් වයස් ගතවීත් වැඩිහිටියෙකුගෙන් ලාමක සතුටක් ලබනා උන් ගැනය. උන්ගේ ළමා මනස් තාම මෝරා නැත.
පසුගියදාක දවල් ආහාරයෙන් පසු නැවතත් මට පහළින් කාක්.. කාක්.. හඬක් ඇසුණි. මේ වෙලාවේත් රාමුව විහිළුවකට ගෙන ඇතැයි සිතුවත් ඒ කාක් හඬ සමාන වූයේ බලු කපුටු දානයකට ආරාධනා කරනා හඬකටය. මම ජනේලයෙන් පහළ බැලීමි.
ඉඳුල් බත් වගයක් රැගෙන රාමු "කාක්.. කාක්.." කියමින් යයි. පසුව දැනගත් ආකාරයට හැමදාම දිවා ආහාරයෙන් පසු රාමු වටේ පිටේ සිටිනා කපුටන්ටත් බල්ලන්ටත් ආහාර සපයයි.
"කාක්..කාක්.." කියමින් ඔහුව සමච්චලයට ලක් කිරීමට තරම් මෙය හේතුවක්ද? කිසිවෙක් කිසිම කෙනෙකු අතින් සමච්චලයට ලක්විය යුතු නැත.
4.23.2017
යාළුවාගේ නංගී
ආයෙ හිතේ තියාගෙන ඉන්න සැලසුම් වලට කාලෙ යොදෝලා මිසක් මේ බ්ලොග් පැත්තෙ පස් පාගන්නේ නෑ කියලා හිතාගෙන ගියාට මොකද හිතේ තියන් හිතපු දේවල් ඒ ඒ විදිහට කරගන්න හම්බුනෙත් නෑ තවම. අනික හිතපු නැති විදිහට වෙන වෙන කරදර කඩාගෙන පාත්වුනා. ඉතින් 'බ්ලොග් වසන්තය'ත් ලබපු හින්දම ඔන්න ඔහේ කාන්සිය මාන්සිය යන්නත් එක්ක බ්ලොග් පෝස්ට් දෙක තුනක් කොටලා දාන්නයි මේ ලෑස්ති වෙන්නෙ.
මේ යාළුවාගෙ ගෙවල් තිබුනෙත් අපේ වි.වි.ය අහල පහළමයි. ඉතින් ඒක හින්දම අපි වගේ බෝඩිම් බත් කන්න, තමුන්ගෙ දේවල් තමුන්ම කරගන්න ඌට සිද්ධවෙලා තිබුනේ නෑ.
උගේ ගෙවල් අහල පහල තිබ්බ හින්දම අපි එක එක වැඩවලට එහෙ යන්න පුරුදුවෙලා තිබුනා. සමහරවෙලේට කණ්ඩායම් වැඩක් කරන්න උනාම ඌට අපේ බෝඩිම්වල ලගිනවට වඩා උගේ ගෙදරම ඉන්න එක හොඳ හින්දා අපිවත් ගෙදරටම කැන්දා ගත්තා. අපිත් ඉතින් වෙනසකටත් එක්ක ඒ පැත්තෙ ගියේ බෝඩිමේ හිරවෙලා ඉන්නවාට වඩා ඒක දාහෙන් සම්පතක් හින්දා.
මේ ගිය වෙලේට දකින්න තිබ්බ දෙයක් තමයි උගේ කාමරේ තිබ්බ පිළිවෙල. පිළිවෙල කොච්චරද කියනවානම් ඒ තරමටම අපිළිවෙළයි. ඇඳුම් කැඩුම්, පොත්, තේ බීපු කෝප්ප අනං මනං හැමතැනම. ඉඳගන්න ඉඩක් හොයාගන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ. ගොඩක් කොල්ලන්ගේ කාමරවල තත්වෙ ඕක උනාට අපි බෝඩිමේ ඌට වඩා පිළිවෙලට හිටියා.
ඌ හිනාවෙවී කියන්නෙ උගෙ ඔක්කොම ලට්ට ලොට්ට දවල්ට තියෙන්නේ ඇඳ උඩ කියලාත්, රෑට නිදාගනිද්දි ඒ ඔක්කොම මේස උඩ කියලාත් තමයි.
උන්ගෙ අම්මා අපි ගියවෙලේටත් ඌට කෑගහනවා පිළිවෙලක් නැතිකම ගැන. අම්මා කොච්චර කාමරේ අස්පස් කරදුන්නත් මුගේ කිසි ඕනකමක් නැති එක ගැන අම්මා මූට දොස් කිව්වා. ඒ වෙලාවට මූ කරන්නේ "නංගී කෙල්ලෙක් වෙලාත් ඒකිගෙ කාමරේ ඔයානෙ අස් කරන්නේ" වගේ දේවල් කියලා වෙනම රෝලක් කරකවන එක.
ඔහොම කාලයක් යද්දි උන්ගෙ අම්මාට රට යන්න සිද්ධ වුනා කෙටි කාලෙකට. මතක හැටියට මාසෙකට දෙකකට විතර තමයි. රට ගිහිල්ලා අම්මා ආපහු ආපු දවසක අපිට එහෙ යන්න සිද්ධ වුණා. ගෙදර යද්දි එකම යුද්ධයයි. උන්ගෙ අම්මා බැන බැන අරූගේ කාමරේ අස් කරනවා. ඌටත් ඇඩ්‍රස් නැතිවෙලා තිබ්බෙ අම්මා එනකොට නංගීගෙ කාමරේ කිරි ටොයියා වගේ තිබ්බ හින්දා.
එතන වැඩ කරන වාතාවරණයක් නොතිබ්බ හින්දා අපි ආපහු ආවා වගේ තමයි මතක. කොහොමහරි දවස් තුනකට පස්සෙ අපි උගෙන් ඇහුවා කාමරේ කුණු ඇදලා ඉවරද කියලා.
"දැන් නංගීගේ කාමරේ එව්වා අදිනවා" ඌ කිව්වෙ හිනාවෙවී.
"මොකක්? එදා උඹට අම්මා බැන්නේ නංගිව බලාගෙනවත් හැදෙන්න කියලා නේද?"
"හි..හි.. ඒකි ඔක්කොම කුණු දාලා තියෙන්නෙ අල්මාරිය පිටිපස්සට. අතුගාලා තියෙන්නෙත් අල්මාරිය යටට. දැන් මම කනක් ඇහිලා ඉන්නවා"

Subscribe to:
Posts (Atom)