ගාලු කොටුව, කොළඹ කොටුව තරම් මීගමු කොටුව ප්‍රසිද්ධ නම් නෑ. ප්‍රසිද්ධ නැති උනාට ඒකත් කොටුවක්නෙ. අද කියන්න යන්නෙ මීගමු කොටුව බලන්න ගිය විස්තරේ. මට පුරාවිද්‍යාව ගැන එච්චරම උනන්දුවක් නැති හින්දා පුරාවිද්‍යාත්මක වටිනාකම නම් හොයන්න ගියේ නෑ. ඒත් ඒ ගැන උනන්දුවක් තියෙන කෙනෙකුට මේ ඔත්තුවෙන් ගිහින් වටිනා විස්තර හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ආගිය කතාත් නැවතිලා තියෙන එකේ අපිවත් මෙව්වා ගැන කියන්න ඕනනෙ. :)
5.31.2014
5.27.2014
අලුත් වචන තුනක් දවසකට වචන පහක්
අද උදේ පාන්දරම මට හිතුනා අන්තර්ජාලෙන් ජෝක් එකක් බලන්න. (රටේ ජෝක් නැති කමට :))ඔන්න ඔය පහළ පින්තුරෙ මට හම්බවුනා. ඒකෙන් පෙන්වන්න හදන්නෙ සොෆ්ට්වෙයාර් කම්පනි එකකට එන පාරිභෝගිකයෙක්ව අදාළ ආයතනය මඟින් තෘප්තිමත් කරන්නෙ කොහොමද කියන එකට උදාහරණයක්.
පාරිභෝගිකයා බලාපොරොත්තු වුනේ මොකක්ද? අන්තිමට දුන්නෙ මොකක්ද කියන එක වචනයෙන් විස්තර කරන්න ඕනෙ නෑනෙ. පහළ කරුණු ටික බලමුකො.
මේ වචන තුන දැනගත්තම මතක් උනේ හැමදාම දවසට අලුත් වචන පහක් ඉගෙන ගන්නවා කියලා මම කී වාරයක් නම් හිතාගෙන ඇතිද? එහෙම හිතලා අවුරුදු කීයක් නම් ගතවෙලා ඇතිද? ගොඩක් වෙලාවට එහෙම ඉගෙන ගන්නවා කියලා හිතුන ගමන් ඉංග්‍රීසි පත්තරයක් අරගෙන ඇවිත් නොදන්න වචනවලට ඉරිත් ගහගෙන ඔන්න කොල්ලා වැඩ පටාන් ගන්නවා. ඒ උනන්දුව නැතිවෙන්නෙ එක දිගට සෑහෙන කාලයක් ඒ කිව්වෙ දවස් දෙකක් විතර ඒ වැඩේ කළාට පස්සේ. ඇත්තටම හැමදාම එහෙම ඉගෙනගත්තානම් මේ වෙනකොට වචන කීයක් දන්නවාද හිතෙනකොටත් දුකයි. ඒත් එහෙම ඇතිවෙන දුකත් තාවකාලිකයි. :P
ඔන්න ඔක්කොම අමතක කරලා අද ඉඳන් මම දවසට වචන පහ ගානෙ ඉගෙනගන්න පටන් ගන්නවා. 'දැන් කොහොමද වචන ඉගෙනගැනිල්ල?' කියලා දවස් දෙක තුනකට පස්සේ අහන්න ඔට්ටු නෑ ඔන්න. :)
පාරිභෝගිකයා බලාපොරොත්තු වුනේ මොකක්ද? අන්තිමට දුන්නෙ මොකක්ද කියන එක වචනයෙන් විස්තර කරන්න ඕනෙ නෑනෙ. පහළ කරුණු ටික බලමුකො.
- පළවෙනි කාරණාව පාරිභෝගිකයා හොඬක් බලාපොරොත්තු වෙනවා. හරි හොඬක් තියෙනවා.
- දෙවෙනි කාරණාව කකුල් හතරක් තියෙන්න ඕනෙ. ඒකත් හරි.
- මිනිසුන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන් විය යුතුයි කියන කාරණාවත් හරි.
- ඊළඟට කළු වෙන්න ඕනෙ. ඒකත් හරිනෙ.
- ඊළඟ එක තේරෙන්නෙ නෑ වගේ. අතැරලා දාමුකො දැනට.
- ඔය කාරණා වලට අමතරව හදපු එකාගෙන් කිරිත් ගන්න පුළුවන්. කොහොමද ටිකිරි මොළේ.
- Herbivore - ශාඛ භක්ෂක
- Carnivore - මාංශ භක්ෂක
- Omnivore - සර්ව භක්ෂක
මේ වචන තුන දැනගත්තම මතක් උනේ හැමදාම දවසට අලුත් වචන පහක් ඉගෙන ගන්නවා කියලා මම කී වාරයක් නම් හිතාගෙන ඇතිද? එහෙම හිතලා අවුරුදු කීයක් නම් ගතවෙලා ඇතිද? ගොඩක් වෙලාවට එහෙම ඉගෙන ගන්නවා කියලා හිතුන ගමන් ඉංග්‍රීසි පත්තරයක් අරගෙන ඇවිත් නොදන්න වචනවලට ඉරිත් ගහගෙන ඔන්න කොල්ලා වැඩ පටාන් ගන්නවා. ඒ උනන්දුව නැතිවෙන්නෙ එක දිගට සෑහෙන කාලයක් ඒ කිව්වෙ දවස් දෙකක් විතර ඒ වැඩේ කළාට පස්සේ. ඇත්තටම හැමදාම එහෙම ඉගෙනගත්තානම් මේ වෙනකොට වචන කීයක් දන්නවාද හිතෙනකොටත් දුකයි. ඒත් එහෙම ඇතිවෙන දුකත් තාවකාලිකයි. :P
ඔන්න ඔක්කොම අමතක කරලා අද ඉඳන් මම දවසට වචන පහ ගානෙ ඉගෙනගන්න පටන් ගන්නවා. 'දැන් කොහොමද වචන ඉගෙනගැනිල්ල?' කියලා දවස් දෙක තුනකට පස්සේ අහන්න ඔට්ටු නෑ ඔන්න. :)
5.26.2014
දන්සල යකා වෙච්චි හැටි.
කාලෙකට ඉස්සර, එකමත් එක කාලෙක, ලෝක ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙකුට ඕන උනාලු යකෙකුයි දේවදූතයෙකුයි එකට ඉන්න චිත්‍රයක් අඳින්න. මේ චිත්‍ර ශිල්පියා තම නිර්මාණකරණය සඳහා පාවිච්චි කළෙත් අපූරු ක්‍රමයක්. ඔහු මුලින්ම තම හිතේ චිත්‍රය නිර්මාණය කරගත්තා. ඊළඟට හිතේ මැවුනු රූප සැබෑ ජීවිතයෙදි හොයලා ඒ දිහා බලාගෙන තමයි නිර්මාණය බිහි කළේ. කෙටියෙන් කිව්වොත් හිතේ මැවුනු පුද්ගල රූප වලට සමාන පුද්ගලයින් දිහා බලාගෙන ඔහු චිත්‍ර නිර්මාණය කළා.
5.23.2014
නයි කීදෙනෙක් ඕනද?
ඔන්න ළමයිනේ අද මම ඔයාලට පුංචි ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්නයි හදන්නෙ. කවුද බලමු හපනා.
ඕගොල්ලො දන්නවනෙ සත්ව විද්‍යාඥයෝ කියලා කට්ටියක් ඉන්න බව. ඔය සත්තු ගැන පරීක්ෂණ කරන්නෙ. අන්න ඒගොල්ලො කියන විදිහට හොඳින් වැඩුණු එහෙමත් නැත්නම් සුහුඹුල් නයි හය දෙනෙකුට ගෙම්බො හය දෙනෙක් අල්ලගන්න විනාඩි හයක් යනවලු. ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ වගේ ගෙම්බො හැට දෙනෙක් විනාඩි හැටකින් අල්ලන්න සුහුඹුල් නයි කීදෙනෙක් ඕනද? කියන එක.
නෑ.. නෑ.. උත්තරේ හැට නෙමෙයි. පොඩ්ඩක් හිතලා බලන්න. උත්තරත් එක්ක කමෙන්ට් ටික නම් දාන්නෙ හෙට උදේට.

5.13.2014
එහෙනම් අතනට දෙකක් දෙන්න
ඔන්න එක්තරා යුනිවර්සිටි එකක ළමයි කට්ටියක් බරටම උද්ඝෝෂණයක්ලු. මේ ළමයින්ගේ උපාධිය සල්ලිවලට විකුණන්න යන එක තමයි උද්ඝෝෂණයට හේතුව වෙලා තියෙන්නෙ. උද්ඝෝෂණය පවත්වලා තියෙන්නෙ අදාළ පෞද්ගලික උපාධියේ සමාරම්භක උත්සවේදිලු.
ළමයි උත්සවේට බාධා කරමින් කෑකෝ ගසමින් ඉද්දි පොලෝසියට මේ ආරංචිය ගිහිල්ලා තියෙනවා. ඔන්න පොලෝසියෙ මහත්තුරු ඈතින් එනවා පේනවලු.
මේ අතර එක කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ කනට කරලා මෙහෙම කියනවලු. "මචං මෙතන හිටියොත් නම් කන්න වෙනවා හිමීට මාරුවෙමු."
"ශේප් එකේ යමාන්. මෙතන හිටියොත් කන්නයි වෙන්නෙ."
දෙන්නා මොකුත් නොදන්න උන් වගේ ටිකක් මෙහාට උනාලු. ඊටපස්සෙ තොල්පටවල් තද කරගෙන එකෙක් අනිකට මෙහෙම කියනවලු. "ඔය එන බස් එකේවත් එල්ලෙමු. අඟුලාන බස් එකක්නෙ."
කොල්ලො දෙන්නා බස් එකේ එල්ලෙනවා. බස් එක අද්දනවා.
"මල්ලිලා කොහාටද?"
"අඟුලානට දෙකක් දෙන්න අයියෙ."
"අයියෝ මල්ලි වැරදි පැත්තෙන් නැගලා තියෙන්නෙ. පාරෙන් පැනලා එහා පැත්තට යන්ඩ. මේක යන්නෙ කිරිබත්ගොඩට"
"එහෙනම් කිරිබත්ගොඩට දෙකක් දෙන්න."
ඉතුරු ටික ඉතින් කියන්න ඕනෙ නෑනෙ.

5.06.2014
පොල් කැඩිල්ල
පොල් පොල් පො පොල් පොල් පොල් පොල් පොල්
එහෙම කිව්වෙ එම්. එස්. නෙ. අද මම මේ කියන්න යන්නෙ පොල් ගැන නම් නෙමෙයි පොල් කැඩිල්ල ගැන. මෙහෙම පෝස්ට් එකක් ලියන්න නම් හිතාගෙන හිටියෙ නෑ. ඒත් ඊයෙ පෝස්ට් එකේ කමෙන්ට් එකකින් ප්‍රසන්න අයියා පොල් කැඩීමක් ගැන මතක් කළාට පස්සෙ පොල් කඩන ක්‍රම නම් කොච්චර තියෙනවද කියලා හිතුනා. ඉතින් ඔන්න ඒ ටික ලියන්නයි මේ හදන්නෙ. ඊයෙ පොල්ගස් ගැලෙව්වා. අද පොල් කඩනවා. හෙට පොල් ගහන්න වෙයිද මන්දා? ආහ්.. පොල් ගැහිල්ලක් ගැනත් මම ලිව්වා නේද?
ලංකාවෙ වතුවල වැවෙන පොල්

5.05.2014
පැල තවාන් කාරයින්ට අසුවූ මගේ කොන්ද..
"මහත්තයා, අපි හඳුන්වාදීමක් විදිහට පැල බොහෝම අඩු මුදලට දෙනවා. පැලයක් දෙකක් බලමුද? " අතකින් පින්තූර ඇල්බමයක් ගත් තරුණයෙක් අපේ ගෙදර ගේට්ටුවෙන් එබුණේ මීට කලකට ඉහතදීය. කවදත් පැල වැවීමට බොහෝම මනාපයක් දැක්වූ අපේ තාත්තාද ඒ අසලට යනු පෙනිණි. වත්තේ පවතින ඉඩ ප්‍රමාණය බොහොම සීමිත වුවද අම්මාගේත් තාත්තාගේත් පැල සිටුවීමේ ආශාවට සීමාවක් ඇති බව නොපෙනේ. වැඩීමට ඉඩ නැති තැන්වල පවා කලින් කලට අඹ ගස් කොස් ගස් දෙල් ගස් සිටුවයි. ඉන්පසු මඳක් ලොකුවී ගෙට නැමෙන තත්වයක් ඇතිවූ විට කාට හෝ මුදල් දී ගස කපා දැමීමට සිදුවේ. මා නම් බොහෝ විට මෙවැනි පැල සිටුවීමක් දුටු තැනම එයට විරුද්ධව කතා කරන්නේ නිස්කාරණේ ගස් කපන්නන්ට මුදල් දිය යුතු නැති බව පැහැදිලි කිරීමටයි. කොපමණ කිව්වත් ඔවුන්ට ඇහෙන්නේ නැති ගානය. එක ගසක් කපන විට එතැන තව ගසක් ඉන්දවයි. මෙහෙව් තාත්තාට පැල තවාන් කරුවාගේ පැමිණීම දේවදූතයෙකුගේ පැමිණීමක් ලෙස පෙනෙන්නට ඇත. ඔහු ඉදිරියට දිව ගියත් මම සුපුරුදු දෝෂාරෝපණය නඟමින් නිවසට වී සිටියෙමි. එහෙත් තවාන්කරු තමන් අතැති ඇල්බමය ඒ මේ අත පෙරලමින් පැල වර්ණනාවේ නොකඩවා යෙදෙයි.
Subscribe to:
Posts (Atom)