අද ඉටු කරන්න යන්නෙ ගීතක කරපු ඉල්ලීමක්. ගීතක ඇහුවනෙ එක එක නම් වලින් කතෝලික දේවස්ථාන හැඳින්වෙන්නෙ, ඒ කිව්වෙ දේවස්ථාන, සිද්ධස්ථාන, බැසිලිකා,ආසන දෙව්මැදුර වගේ විවිධ නම් පාවිච්චි කරන්නෙ විශාලත්වය සැළකීමෙන්ද කියලා. අද ඒකට උත්තරේ දෙන්නයි යන්නෙ. සමහර අය නම් දන්නේ නැතුව ඇති මේ වගේ විවිධ නම් තියෙනවා කියලාවත්. මොකද ගොඩක් වෙලාවට පල්ලිය කියන නම විතරනෙ පාවිච්චි වෙන්නෙ. ඒත් කතෝලික සභාවෙන් නිල වශයෙන් කෙරුණු නම් කිරීම් තියෙනවා. ලිපිය කියෝලම වැඩි විස්තර දැනගනිමු.