අද පොඩි වෙනසකටත් එක්ක IQ ප්‍රශ්න දෙකක් අහන්න හිතුවා. හෝව්.. හෝව්.. කලබල වෙන්න එපා. පොරොන්දු වෙච්ච ලිපි ලියනවා. කරුණු හොයමින් යන්නෙ. මම කලිනුත් IQ ප්‍රශ්න ඇහුවා වගේම එව්වට හොඳ ප්‍රතිචාරත් ලැබුනා.
මෙන්න අද ප්‍රශ්නය. ඔයාලා කියවල ඇතිනෙ මඩොල් දූව. අර මාටින් ව්ක්‍රමසිංහ මහත්මයා අතින් ලියවුනේ. එන්න ඒකෙ ජින්නයි උපාලියි ගැන නොදන්නෙ කවුද? හැබැයි මාටින් මහත්මයා කතාව ලියනකොට ඇත්තම සිද්ධිය ලිව්වෙ නෑ. කතාව ලස්සන වෙන්නත් එක්ක කෑලි අතින්දාලා තමයි ලිව්වෙ. ඔන්න මම අද කියනවා ඇත්ත කතාව.
දූපතක් වැව්වට මොකද ජින්නයි උපාලියි දෙන්න වස කම්මැලියො. දූපතට ගොඩබැහැපු වෙලේ ඉඳන් ගෙනාපු කෑම ටික කකා දවස් ගානක් හිටියා. ඔහොම ඉඳිද්දි කැලේ සරුවට වැවුනා. ඒ වගේම මතකද අර යවුල් විදිහට තියෙනවා කිව්ව කඩොල් උල් එව්වත් වැවුනා. දැන් දෙන්නට පුදුම වැඩක් වුනේ උල් නිසා දූපතෙන් එළියට බහින්න බෑ. දෙන්නට කල්පනා වුනා මෙහෙම හිටියොත් බඩගින්නෙ මැරෙන්න වෙන බව. ඒක නිසා තමුන් සන්තකවෙලා තිබුන එකම වස්තුව වෙච්ච ගිනිපෙට්ටියෙන් කැලේ ගිනි තියලා වවන්න සූදානම් වුනා.
එදා බටහිරෙන් සුළං එන නිසා දූපතේ බටහිරෙන් ගිනි දැල්වුවා. හොඳට සුළං අල්ලපු නිසා ගින්න බුර බුරා නැගුනා. ටිකකින් තමයි දෙන්නට වැඩේ පත්තුවෙන්නෙ මුලු දූපත පුරාම කැලේ තියෙන නිසා දූපතම ගිනි ගනීවි. දෙන්නම මැරේවි. ගඟට පනින්නත් බෑ උල් නිසා. ගින්න නිවන්න එකම උපකරණයක්වත් නෑ. කලින් කිව්වා වගේ සන්තකේටම තිබුනෙ ගිනිපෙට්ටිය විතරයි.
ඉතින් මම අහන්නෙ මේගොල්ලො කොහොමද ගින්නෙන් බේරුනේ?
----------------------------------------------------------------------------
දැන් කියන්න යන්නෙ සතොසේ කතාවක්. අර සමූපකාර තොග වෙළඳ සංස්ථාව කියන්නෙ. බැලූ බැල්මට නිකම්ම කඩයක් කියලා පෙනුනට ඔතන බොහොම අරුම පුදුම තැනක්. උදලුතලත් මීයෝ කනවා කියන්නෙ. ඇත්තටම ඔතන පෞරාණික කමත් එක්ක එහෙම දේවල් නොවෙන එකත් පුදුමයක්. අර කවුද කියන්නා වාගේ ඕක හොයාගත්තෙත් රාවණා රජ්ජුරුවෝ ද කියන්න මම හරියටම දන්නෙ නෑ. ඒත් ගුත්තිල පඬිතුමාගෙ කාලෙ තිබ්බා කියලා නම් ටක්කෙටම කිව්වැකි. බොරුනම් බලන්ඩ අරක්කු බොන්ඩ සතොසට ආපු වල් මිනිහෙක් ගැන කවියක් නැද්ද කියලා.
කතාවෙන් කතාවෙන් කියන්න තියෙනදේ අමතක වෙනවා. ඉතින් මේ සතොසෙ සේවකයො දහයක් හිටියලු. එක සේවකයෙක් සීනි කිලෝ එකේ පැකට් දහයක් හදලා ගෝනියකට දාන්න ඕනලු. වැඩේ තේරුනානෙ එක ගෝනියක් කිලෝ 10ක් බරයි. එතන සීනි කිලෝ එකේ පැකට් 10යි.
හැබැයි මෙතන හිටියලු තමුන්ගේ දරුපවුල මේ පුංචි පඩියෙන් නඩත්තු කරන්න බැරි නිසා පොඩි පොඩි දේවල් කරන චෞරයෙක්. මිනිහා හදපු හැම පැකට් එකෙන්ම ග්‍රැරෑම් 100ක් ඉස්සුවාලු. ඒ කියන්නෙ මිනිහා හදපු පැකට් දහයම කිලෝ නමයයි. ග්‍රෑම් නවසීයෙ පැකට් 10යි.
අහු නොවෙයි කියලා හිතුවට පළපුරුදු නාට්ටාමි අයියට ගෝනි උස්සද්දි එක ගෝනියක බර අඩුව තිබුන බව දැනෙනවා. හැබැයි ගෝනි ටික එකටම දැම්ම නිසා මේකයි කියලා පෙන්නන්න බෑලු. මිනිහා කෙලින්ම යන්නෙ මැනේජර් ළඟට. 'සර් මේ එක ගෝනියක බර අඩුයි. ගෝනිය ගෝනිය කිරමු. ගෝනි අඳුනාගන්න පුලුවන් නිසා හොරාව අල්ලාගත්තැකි'
ඒත් මැනේජර් මොළකාරයා. 'දහපාරක් ඕනෙ නෑ මම එකපාරක් කිරලා හොරාව අල්ලන්නම්.'
ප්‍රශ්නය තමයි සීනි කිලෝ එකේ පැකට් දහයක් දාලා හදලා තියෙන ගෝනි 9ක් අතර තියෙන ග්‍රෑම් නමසීයේ පැකට් තියෙන ගෝනිය එක පාරක් කිරලා හොයාගන්නෙ කොහොමද?
ඔන්න ප්‍රශ්න..