දවසක් උදේ පාන්දර පාප්තුමා මුහුදු වෙරළක ඇවිදිමින් හිටියා. ටිකකින් පාප්තුමා දැක්කෙ ඇස් අදහාගන්න බැරි දර්ශනයක්. එංගලන්ත රගර් ජර්සියක් ඇඳගෙන හිටපු මනුස්සයෙක්ව කන්න යනවා ලොකු මෝරෙක්. දත් විලිස්සාගත්තු මෝරා මිනිහාව හපනවා. ඒ මිනිහා පුළුවන් තරම් දඟලනවා බේරෙන්න. එහෙට දඟලනවා. මෙහෙට දඟලනවා. මූදෙ වතුරත් ලේ පාට වෙලා. පාප්තුමාට කරන්ඩ දෙයක් නැතුව දුකෙන් බලාගෙන හිටියා.
මෙන්න එකපාරටම බෝට්ටුවක් කඩාගන බිඳගෙන යනවා මෝරා ඉන්න තැනට. ඒකේ හිටපු තුන්දෙනාගෙන් කෙනෙක් මණ්ඩයකින් ගහනවා මෝරට. මෝරා දඟලද්දි අනිත් දෙන්නා එංගලන්ත මනුස්සයාව බේරාගෙන බෝට්ටුව පටෝගන්නවා. ඒ වගේම මනුස්සයව කන්ඩගිය මෝරට ගහලා ගහලා ගහලා ගහලා මරලා බෝට්ටුවට දාගන්නවා.
මෝරාවයි මනුස්සයවයි දාගෙන බෝට්ටුව ගොඩට එන තැනට පාප්තුමා දිවයන්නෙ බොහොම සන්තෝසෙන්. බෝට්ටුවේ හිටපු තුන්දෙනා ඇඳගෙන හිටපු ස්කොට්ලන්ත රගර් ජර්සි දැකපු පාප්තුමාට මාර පුදුමයි. "මම ඔබලාට ආශිර්වාද කරනවා දරුවනේ. ඔබලා කරේ ඉතා උතුම් ක්‍රියාවක්. මම අහලා තිබුනෙ ස්කොට්ලන්ත රගර් ෆෑන්ස්ලයි එංගලන්ත රගර් ෆෑන්ස්ලයි නයි වෛරයි කියලා. ඒත් ඔබලා ඒ කතාව බොරු කරා. ඔබලාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරාවි"
පාප්තුමා ඔවුන්ට ආශිර්වාද කරලා ඒ වගේම නොසෑහෙන්න ප්‍රශංසා කරලා පිටව යනවා.
"කවුද බන් ඒ නාකි මනුස්සයා"
"අර පල්ලියේ පාප් කියන්නෙ ඒ මනුස්සයට තමයි"
"මට නම් මිනිහා කියපු මොකුත් තේරුනේ නෑ. මිනිහට මොළේ හොඳ නැද්ද?"
"හරි..හරි.. කතා ඇති. අපි අපේ වැඩේ කරමු. මොකද කියන්නේ මේ ඇමම ගහනවාද? නැත්නම් තව සුද්දෙක්ව අල්ලන් එනවද?"
-පරිවර්තනයකි-