6.02.2013

බැඳලා බැඳලා මං දැන් බැඳලා...

කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. කාලෙකින් පෝස්ට් එකක් ලියන්නේ. නිතර දෙවේලෙ කතාබහකරපු අය නම් කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරිවෙච්ච හේතුව දන්නවා ඇතිනෙ. හොයාබලපු හැමෝටම ස්තුතියි.

ජීවිතය කියන්නෙත් මහා පුදුමාකාර දෙයක් නේද?  වෙලාවකට ඔහේ නිවී හැනහිල්ලෙ ගලාගෙන යනවා. තවත් වෙලාවකට නැඟගන්ඩ බැරි තරමට ගල්පර හමුවෙනවා. තවත් වෙලාවකදී දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙන්නේ දොරටත් තට්ටු කරලමයි. ඒ වෙලාවට අවුරුදු ගානකින් කරන්ඩ බැරිවෙච්ච වැඩක් පැය කීපයකින් වෙන්න පුළුවන්. ජීවිතය පුදුමාකාරයි. ඒකනෙ ඒකට ජීවිතය කියන්නෙ. ජීවිතේ සුන්දරද මෙතරම්.. කියලා කවුදෝ ගායකයෙකුත් කිව්වා වගේ හීනි මතකයකුත් තියෙනවා. නප්පියට ගහලා ඉන්න වෙලාවක වෙන්ට ඇති.

ජීවිතේට ලොකූ බලපෑමක් කරන්න පුංචීම පුංචි දේකටත් පුළුවන්. හරියටම කිව්වොත් ලෝකයක් විනාශ කරන සුනාමියක් ඇතිකරන්න පුංචීම පුංචි සමනළ තටුවකට පුළුවන් වගේ. ඒ වගේම එක දුරකථනයකින් මිදිලා දුරකථන කුළුණක් ඔස්සේ හුවමාරු මධ්‍යස්ථානයකට ඇවිත් එතනින් තවත් දුරකථන කුළුණක් ඔස්සේ වෙනත් දුරකථනයකට ඇතුළු වෙලා තත්පරයකින් දෙකකින් හෝ ඊටත් අඩු කාලයකින් වියැකී යන නන්නාඳුන ගන්ධබ්බ ඇමතුමකට අවුරුදු ගානක් නිවී හැනහිල්ලෙ ගලාගෙන ආපු ජීවිතයක් වෙනස් කරන්ඩ පුළුවන්ද? විශ්වාස කළත් නොකළත් ඒක වෙලා ඉවරයි. ඔව් ඉවරෙටම ඉවරයි. ඒ ජීවිතය දැන් වෙනස් වෙලා.
Related Posts Plugin for WordPress, Blogger...