හුඟ කාලෙකින් නේද? මේ ලිපිය ලියන්න කලින් මම නිකමට මගේ පරණ ලිපි ටික දිහා බැලුවා. වෙලා තියෙන දෙයක්. බ්ලොගිය පටන් ගත්තු මුල් අවුරුද්දෙ මාස කීපෙට පෝස්ට් දොළහක්ම ලියලා. ඊළඟ අවුරුද්දෙ ඒක 38ක් වෙලානෙ. ඊටත් පස්සෙ අවුරුද්දෙ 66ක්. ඉතින් මේ අවුරුද්ද පටන් ගනිද්දිම හිතුවා මේ ගාන ඩබල් වෙලා පෝස්ට් 120ක් විතර ලියවෙයි කියලා. කියන්ඩ ලැජ්ජයි 25යිනෙ ලියවිලා තියෙන්නෙ. ඇයි තුන්වෙනි සංවත්සරේ? ඒකත් මඟ ඇරිලනෙ.

මොනවා කරන්ඩද ඉතින් මේ අවුරුද්ද බොහෝම රාජකාරි බහුල අවුරුද්දක් උනා. උදේට වැඩට ගිහින් හවස ගෙදර ආවට පස්සේ ඉතින් කාගෙහරි බ්ලොග් දෙකතුනක් කියවලා නිදාගන්නවා මිසක් ලිපියක් ලියන්න පැය පහ හයක් ගතකරන්න හිතුනෙම නෑ. පස්සෙන් පහු මම සිංහල ලියන්න පාවිච්චි කරපු
qsfox ඇඩෝන් එකත් ලෙඩ දෙන්න ගත්තා. ඉස්සර F12 ගහපුවම සිංග්ලිශ් වලට මාරු උනත් දැන් එහෙම වෙන්නෙ නෑනෙ. ඒක හින්දා වෙන වැඩක් කර කර පෝස්ට් ලියන්නත් කම්මැලි. මොකෝ මම
සැරින් සැරේ මීයා අල්ලන්න කැමති නෑනෙ කීබෝඩ් මාරුකරන්න. UCSC කන්වර්ටරය විසඳුමක් උනත් කොපි පේස්ට් කිරිල්ල එපා වෙනවා. ඒ වගේම මම පුරුදුවෙලා තියෙන විදිහට වඩා වෙනස් විදිහකටයි ඒකෙ ටයිප් වෙන්නෙ. ඔයින් මෙයින් බ්ලොග් ලිවිල්ල එපාම උනා. හැබැයි ලියනවා කියලා පටන් අරන් තාම ඉවර කරපු නැති ලිපි කීපයක්ම තියෙනවා. ලබන අවුරුද්දෙවත් ඒ ටික ඉවරයක් කරලා දාන්න ඕනා.
ඉතින් මේ පාර නත්තලට කරපු මුල්ම වැඩේ තමයි සැරසිලි හදන්න කොළ හොයන්න ගිය එක. කොළ හොයන් හදනවට වඩා ලේසියෙන්ම කඩෙන් ගන්න තිබුනා. ඒත් ඉතින් එහෙම කරන්න හිත දුන්නෙ නෑනෙ. ඉතින් තකහනිය කොළඹ ගිහින් 'සරුව පිත්තල' කොළ අරගෙන ආවා සැරසිලි හදන්න හිතාගෙන. මෙන්න මේ සැරසිලි තමයි මම දැනට හදලා තියෙන්නෙ.