7.10.2016

හැත්තෑගණන්වල මිහිරි මතක ( පින්තූර කතාව )


අම්මා සන්තකව එකදාස් නවසිය හැටගණන්වල සිට මේ දක්වා සුරැකිව තිබූ පින්තූර එකිනෙක විනාශ වී යාමට පටන්ගෙන ඇතිබව දුටුවිට මා තුළ ජනිතවූයේ ශෝකයකි. අප කුඩා කාලයේ පටන් ඒ පින්තූර පෙන්වමින් කළ විස්තර ඊළඟ පරපුරට අහිමිවනු ඇතැයි සිතූ නිසා විනාශවීගෙන යන පින්තූර මම නැවත ඡායාරූපගත කළෙමි. අද ඔබට ගෙනෙන්නේ එයින් කිහිපයකි.

මෙම ලිපියට එකතුකළ පින්තූර සියල්ලම මඩු වන්දනා ගමන් දෙකකදී ලබාගත් ඒවාය. අද මෙන් ඡායාරූපගතකරණය සුලභ නොවූ එකල, මේ පින්තූර ලබාගෙන ඒවා සුරැකිව තබාගනිමින් කළ මෙහෙවරට ඔවුන්ට කෘතඥ වියයුතුය.

මේ පින්තූරත් ඒ සමඟම දෙමාපියන් පැවසූ විස්තරත් එකල අතිශය වැදගත් වූයේ යුද්ධය හේතුකොටගෙන තිස් වසරක් පුරාවට මඩු වන්දනාව ඇනහිට තිබූ බැවිනි. හැබැහින් යාමට නොහැකිවූ කල මේ පින්තූර වල මතකය ඔස්සේ ඔවුන් මඩු වන්දනාවේ යද්දී අපි කිසිදා නොදුටු මඩු පල්ලිය පින්තූරයකින් දුටුවෙමු. ඒ හා සම්බන්ධ විනෝදජනක, ත්‍රාසජනක කතා ඇසීමු.

6.30.2016

White Fang

අප අවට වටපිටාව, අපේ අවට සිටින පුද්ගලයින්, සිදුවන සිදුවීම්, අපේ ජීවිතයට කොතරම් බලපෑමක් කරනවාද අපේ ජීවිතය කොතරම් වෙනස් කරනවාද කියලා හිතුනේ ඇමරිකානු ලේඛක ජැක් ලැන්ඩන්ගෙ වයිට් ෆෑන් පොත කියවනකොට.

වයිට් ෆෑන්ගේ බිහිවීමේ සිට මරණය දක්වාම කියවගෙන යද්දි ඒ කතාව අතරින් මට මැවිලා පෙනුනෙ අන්ත අසරණව මේ ලෝකෙට බිහිවෙන වීදි දරුවෙක්ව. වයිට් ෆෑන්ගේ ජීවිතය තුළ සිදුවන සිදුවීම් මම වීදි දරුවෙකුගේ ජීවිතය තුළින් දකින්න උත්සාහ කරා. 



6.13.2016

මාළුවෙක් බේක් කරමු

ඉරිදා ඉතින් නිවාඩු දවසනෙ. වෙනදා නම් ඉතින් පල්ලි ගිහින් ගෙදර ඇවිල්ලා උයන පිහන මොනාහරි කරලා පොඩ්ඩක් විවේක ගන්න එකනෙ කරන්නෙ. ඉතින් ඊයෙ පොඩි වෙනසකටත් එක්ක මීගමුව පැත්තෙ රවුමක් දාලා එන්න ගියා. කලින් දැකලා තිබුන මීගමු කොටුව ආයෙත් වතාවක් දැක්කා. කොටුව පහුකරගෙන ගියා වාහනේ නැවැත්තුවෙ මීගමු ලෙල්ලමේ. ලෙල්ලම කියන්නෙ මාළු විකුණන තැන.

එනගමන් අපි දෙන්නා කතා උනේ හැමදාම වගේ බතුයි හොදියි කන්නෙ නැතුව වෙනසකටවත් එක්ක මාළු බේක් කරලා කන්න. මෙන්න මෙහෙමයි අපි මාළුවා බේක් කරගත්තේ.

හරස් අතට කැපුම් කීපයක් දාන්න
මුලින්ම මාළුවාගේ බොකු බඩවැල්, කරමල්, කොරපොතු, වරල් අයින් කරලා ගන්න ඕනෑ. අන්තර්ජාලෙ සමහර තැන්වල නම් තිබ්බෙ මාළුවාගේ පෙනුම තියාගන්න ඕන හින්දා වරල් ඉවත් කරන්න එපා කියලයි. ඒ වගේම බඩ හරහා කැපුමක් කරලා මාළුවාගේ ඇතුළෙ තියෙන එව්වා සුද්ද කරන්න කියලායි. මේක ඉතින් ගෙදර අපිම විතරක් කන හින්දා මම වරල් ටිකත් කපලාම දැම්මා. මම කියලා කරේ මාළුවා සුද්ද කරන එක විතරයි.

ඊටපස්සෙ මාළුවාගේ ඇඟේ පින්තූරෙ පේන විදිහට හරස් අතට කැපුම් කීපයක් දාන්න. 

දැන් ළුුණු, සුදුළුුණු, ඉඟුරු, රම්පා, කරපිංචා, කෑලි මිරිස්, තුනපහ කුඩු, ලුණු ටිකක්, කහ ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කුරුඳු පොත්තක් අරගෙන හොඳට අඹරා ගන්න තලපයක් වගේ වෙන්න. මෙතනදි මම ප්‍රමාණ සඳහන් නොකළේ තමුන් ගන්න මාළුවාට ඇතියි කියලා හිතෙන ප්‍රමාණ ගන්න ඕන නිසා. මතක ඇතුව කහත් ඉඟුරුත් වැඩිපුර දාන්න එපා.

දැන් තියෙන්නෙ මිශ්‍රණය හොඳින් තවරාගන්න එක. පස්සෙ මාළුවාව මේ විදිහට කෙලින් හිටවලා තෙල් ටිකක් වක්කරන්න. 

දැන් තියෙන්නෙ 200 C වල මිනිත්තු 30ක් විතර හොඳින් බේක් කරගන්න එක.


මෙන්න මාළු දෙන්නා මේසෙ උඩ.



Related Posts Plugin for WordPress, Blogger...