11.16.2010

විනාඩි එකොලහක් තුල පැළ එකොලොස් ලක්ෂ තුනක්(1,100,003) සිටුවීම


කලින් 1,100,000 යි කියලා නේද කිව්වෙ? 3ක් කොහෙන්ද කට්ටිය හිතනවා ඇති. රජයෙන් පැළ බෙදාදීපු ගානනෙ 1,100,000 කියන්නෙ. ඊට අමතරව මමත් පැළ තුනක් හිටෙව්ව.

ඇත්තම කිව්වොත් මේ වැඩේ හරිම හොඳ වැඩක්. දෙවන පදවි ප්‍රාප්තියට සැණකෙලි පැවැත්වීම ගැන මම මොකුත් කියන්නේ නෑ. කොහොමහරි හොඳ දේට කට ඇරලා හොඳයි කියන්න ඕනනෙ.

මම ඉතින් රජතුමාට මනාපෙ දුන්න කෙනෙකුත් නෙමේ එත් ඉතින් හොඳ වැඩක් නිසා මමත් සහභාගී වුනා.
ඒත් ඉතින් මට තියෙන දුක තමයි මහින්ද රාජපක්ෂ දිනවන්න උඩ දාගෙන දඟලපු, ජනාධිපතිවරණෙට පස්සෙ දවසෙ බීගෙන පාටි දාපු , මහින්දට පඩයක් ගියත් වෙඩි පත්තු කරන අපේ අසල්වාසීන්
මේ වගේ හොඳ වැඩකට දායක නොවීම.මම හිතන්නෙ ඒ මිනිස්සු රට ගැන හිතලා පක්ෂ භේද නැතුව මහින්දට ඡන්දෙ දෙනවා කියලා තියෙන්නෙ බොරුවට. පාටටම තමයි මනාපෙ දීලා තියෙන්නේ. නැත්නම් ඉතින් මේ වගේ හොඳ වැඩකටවත් support එක දෙන්න ඕනනෙ. දෙවන පදවි ප්‍රාප්තිය කෙසේවෙතත් පැළ හිටෙව්වොත් රටටනේ.

පොඩ්ඩක් හොයලා බලන්නකො ඕගොල්ලො අතරත් රජතුමාව කරේ තියන් ඉන්න කීදෙනෙක් පැළ හිටෝලද කියලා.

6 comments:

  1. හොඳ දේට කට ඇරලා හොඳ කියන විදියටම වැරදි දේට කට ඇරලා වැරදියි කියන්න බැරිද?

    ReplyDelete
  2. @Anonymous :
    බොහොම ස්තුතියි comment එකට.
    වැරදි වැඩට කොහොමත් වැරදි කියලා කියනවානෙ...
    එතකොට කියන්නෙ උඹලා හැම එකේම වැරදි හොයනවා කියලනෙ
    ඒකයි මම කිව්වෙ හොඳ දේට කට ඇරලා හොඳයි කියන්න ඕනන කියලා

    ReplyDelete
  3. මට පැල හිටවන දවස මගෑරුනා. නැත්නම් මාත් හිටවන්න කියලා හිටියේ. මේක කියවපු එකේ ගෙදර පෝච්චියක හිටවලා තියෙන ලොවි පැලේවත් වලක් කපලා හිටවන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. මම අදනෙ කමෙන්ට් එක දැක්කෙ..

      දැන් ලොවි ගහේ ගෙඩිත් ඇවිත් ඇති..

      Delete
  4. අන්න හොඳ ළමයි.. ඔය පැල තුන තාම තියනවද බන් ?

    ReplyDelete
    Replies
    1. එක පොල් පැලයක් තියෙනවා.. අනිත් ඒවානම් අසල්වාසීන් සමඟ ප්‍රශ්නයකදී අහිමි වුනා..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...