11.18.2010

මූනුපොත පරිස්සමින් පාවිච්චි කරන්නේ කොහොමද?

මේක තිබ්බෙ මට exibition එකකදි හම්බෙච්ච handbill එකක. ජනන්ත මාරසිංහ කියලා නමක් තමයි author විදිහට තිබ්බේ.ඒකෙ තිබ්බා ආරක්ෂාකාරීව Facebook යන්නේ කොහොමද කියලා කරුණු 10ක්.

1.ඕගොල්ලො URL එක එහෙම  නැත්නම් webaddress එක ටයිප් කරනකොට https://  කියලා ටයිප් කරන්න http://www.facebook.com/ වෙනුවට. එතකොට කාටවත් ඔයගොල්ලන්ගෙ password එක හොරකම් කරනව වගේ වැඩ කරන්න ලැබෙන්නේ නෑ.

2.ඔයගොල්ලන්ගෙ පුද්ගලික තොරතුරු (විශේෂයෙන් ඉන්න තැන,උපන් දිනය, දුරකතන අංකය වගේ දේවල්) ඇතුලත් කිරීම හැකිතාක් අවම කරන්න. සුදුසු අයට විතරක් ගැලපෙන විදිහට privacy settings හදන්න. Default එන එක තියන්න එපා..

3.profile list කීපයක් පවත්වාගෙන යන්න. ඉස්සෙල්ලාම කෙනෙක් ඇතුලත් කරගනිද්දී ඔයා ගැන වැඩිපුර තොරතුරු නැති list එකට දා ගන්න. එයා ගැන දැන ගත්තාට පස්සේ ඔයාට පුලුවන් වෙන list එකකට එයාව දා ගන්න.

4. search engines වල හා ඕනෑම කෙනෙකුට පෙනෙන privacy settings හදන්න.

5.Facebook කියලා එන e-mail වලින් හා ලින්ක් වලින් පරිස්සම්වන්න. Link එකක් click කිරීමට පෙර දෙවරක් හිතන්න.

6.යාලුවන් එකතු කරගැනීමේදී ප්‍රවේසම් වන්න. යාලුවෙකුගෙන් friend request එකක් පැමිනිවිට එය එව්වේ ඇත්තටම ඔහු/ඇය ද කියා විමසිලිමත් වන්න. e-mail හෝ දුරකතන ඇමතුමක් දීමට හැකිනම් වඩාත් හොඳයි.

7.හොඳ password එකක් පාවිච්චි කරන්න. ඒක කලින් කලට මාරු කරන්න. තමුන්ගෙ password එක කාටවත්ම කියන්න එපා.

8.Facebook වල chat කරන්න කවුරුත් දන්නවනෙ. ඒත් නොදන්න අය එක්ක chat කරන්න යන්න එපා. තමුන්ගෙ පුද්ගලික තොරතුරු ඒ අයට කියන්නත් එපා.

9.Facebook වලට තමුන්ගෙ computer එකෙන්ම log වෙනවානම් හොඳයි. Keyloggers වගේ දේවලින් එතකොට කරදරයක් වෙන්නේ නෑ.

ඔය ටික තමයි කියන්න තියෙන්නෙ.. කවුරු කවුරුත් එහෙමනම් පරිස්සමින් මූනුපොත පාවිච්චි කරන්නකො..
ඒත් කාලෙ නම් නාස්ති කරන්න එපා ඔන්න...

මට හිතෙනවා මම Facebook එකේ කාලෙ නාස්ති කරනව කියලා එක නිසා මම මටම සීමාවක් දා ගත්තා.. මට දවසට නියමිත වැඩ ඉවර වෙනකන් Facebokවත් blog කියවන්නවත් යන්නේ නෑ කියලා.. ඒත් ඉතින් තාම ඒක කරගන්න බැරිවුනා..හෙට ඉඳන් නම් අනිවාර්යෙන්ම එහෙම කරනවා...


පසුවදන :- මාගේ ලිපි පිළිබඳ ඔබගේ අදහස් මම ඉතා අගය කරමි. අන් අයටත් කියවීමට සලස්වන්නේ නම් මැනවි.
                                                    
                                                              -හරී-

9 comments:

  1. @ පිස්සා පලාමල්ල : බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. niyamai macho niyamai uba apita loku udawwak kale

    ReplyDelete
  3. වටින අදහස් ටිකක්, මමත් default එන application ටික් හැරෙන්න අනිත් application ඔක්කොම අයින් කරා.

    "Word Verification" අයින් කරොත් comment කරන්න ලේසියි :)

    ReplyDelete
  4. සාරංගගේ අදහසට බොහොම ස්තුතියි...

    ReplyDelete
  5. hi Sri lankan friends
    ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
    lankawe ayata pamanai
    www.teenlanka.net

    ReplyDelete
  6. ගොඩක් වටින ලිපියක්. මාත් සමහර ඒවා පිලිපැදලා බලන්න ඕන. මොකද ඔය ප්‍රොෆයිල් එක පරිස්සම් කරගන්න එපැයි.

    ReplyDelete
  7. @මධුරංග :පෙට්ටගමක දාලා අරන් තිබ්බොත් මොකද?

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...