12.04.2010

මොළේ තියෙන මැති ඇමතිවරු...

ඔන්න ගියපාර කතාවෙ දෙවන කොටස. වාසනාවකට මගේ post එකට comment දාපු හැමෝම පිලිඅරන් තිබුනා හීනලන්තේ කෙසේවෙතත් ලංකාවේ නම් සුදුස්සාට සුදුසු තැන නෑ කියලා.(එහෙම හිතන්නැති අය comment නොකර හිටියද දන්නෙත් නෑ.) ඒ වගේම comment දාපු අය කියලා තිබුනා ලංකාවේ මැති ඇමතිලාට අධ්‍යාපන සුදුසුකම් නෑ කියලා. මම ඔය කතාව මගේ යාලුවෙක්ට කියපු වෙලාවේ එයා නම් කිව්ව මැති ඇමතිලාට අධ්‍යාපන සුදුසුකම් තියෙනවා කියලා.   මම හිතන්නේ මිනිහා ඉන්නේ මේ ලෝකෙ නෙමේ.
මම ඒක කිව්වෙ එහෙම හිතන එවුනුත් ලංකාවෙ ඉන්නවා කියන්න.                ඔන්න අද කතාව...

  අද උදේ දැක්ක තවත් දේකින් මම තවත් බය වුනා. මෙතන පොඩ්ඩක් බලන්නකො..

මම මීට ඉස්සෙල්ලා දාපු හීනලන්තෙ ලිපි දෙක බලන්න ඇතිනෙ. නැත්නම් මෙතනින් බලලා එන්න.
1.පලමු ලිපිය
2.දෙවන ලිපිය

ඔන්න හීනලන්තෙ පාලනයට අලුත් නිළධාරි මණ්ඩලයක් පත් කරගන්න කාලෙ ඇවිත්. ඉතින් පක්ෂ විපක්ෂ හැමෝම තම තමන්ගෙ පැත්තෙන් ඉදිරිපත් කරන්න කට්ටිය තෝරනවා.  මොකද ඡන්ද තුනක්ම එකපාර තියෙන නිසා ගොඩක් කට්ටිය තෝරන්න තියෙනවානෙ. අනික ආවට ගියාට කට්ටිය දාන්නත් බෑනේ.

 මම කලින් කිව්ව වගේ සෑම අපේක්ෂකයෙකුටම අවම වශයෙන් පලමු පෙල උපාධියක් වත් තියෙන්න ඕනා.(ප්‍රාදේශීය සභා වලට නම් අඩුම ගනනේ A/L වත්). හැබැයි ඒ degree ඔක්කොම රජයේ පිලිගත් විශ්ව විද්‍යාල  වලින් ගත්තු ඒවා.(පෞද්ගලික විශ්ව විද්‍යාල  වලින් හෝ එක එක තැන් වලින් දුන්නු ගෞරව උපාධි වෙන්න බෑ) ඒක හින්ද අපේක්ෂකයො ඔක්කොම දෙනා විශ්ව විද්‍යාල වල අභ්‍යන්තර ශිෂ්‍යයො විදිහට ඉඳලා degree ගත්තු අය.

පලමුවෙනි කරුන හරි. ඊලඟට ඒ degree ඔක්කොම කලා හෝ විද්‍යා හෝ නීති හෝ වෙන්න බෑ. වෙන විදියකට කිව්වොත් අපේක්ෂකයෝ අතර විවිධත්වයක් තියෙන්න ඕනා. මොකද හීනලන්තෙ ඇමති කෙනෙක් වෙන්න ඕනා සුදුසුකම් වෙනම තියෙනවා. ඒක නිසා ඡන්දෙන් පස්සෙ ඒ එක එක ඇමති තනතුරු පුරවන්න අවශ‍ය විදියට විවිධ degree තියෙන කට්ටිය තමයි නාම යෝජනා වලට දාන්න ඕනා.

ඊලඟට degree විතරක් තිබිලා බෑ මැතිවරන කොමිසමෙන් පවත්වන විභාග වලින් 60% වත් ලකුණු ගන්න ඕන. මේ විභාග ලොකු ලියන විභාග නෙමෙයි. පරිඝනක මාර්ගයෙන් MCQ තමයි තියෙන්නෙ. පරිඝනක වැඩසටහන් මාර්ගයෙන් අහඹු ලෙස ලැබෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනෙ.

ප්‍රශ්න පත්‍ර කීපයක් තියෙනව.
1.නීතිය
2.ව්‍යවස්ථාව
3.ආර්ථිකය
4.කාලීන සිදුවීම්
5.සාමාන්‍ය දැනීම

 ඒ වලිනුත් සමත් වෙලා එනවනම් ඡන්දෙ ඉල්ලන්න පුලුවන්.

සාරංශයක් විදියට කිව්වොත් අපේක්ෂකයන්ට

1.අඩුම ගානෙ පලමු පෙල උපාධියක් තියෙනවා.
2. එක එක ඇමතිකම් වලට ගැලපෙන විදියට degree තියෙන අය  ඉන්නවා
3.  60% වඩා ලකුනු අරන් යම් යම් කාරනා ගැන ඇත්තටම දන්න බව ඔප්පු කරලා තියෙනවා

දැන් ලංකාවෙ තියෙන තත්වේ හැටියට හීනලන්තෙ ඔය තරමින්වත් සුදුසුකම් බලන එක හොඳයි නේද?

දැන් හීනලන්තේ තරඟ බිමේ ඉන්නේ හොඳම අපේක්ෂකයෝ...

මැතිවරන ප්‍රචාරක කටයුතු ගැන ඊලඟ පොස්ට් එකෙන් කියන්නම්...

ආයුබෝවන්!

-හරී-

2 comments:

  1. හීනලන්තෙම තමා මෙහෙම ඒවා වෙන්නේ :))

    ReplyDelete
  2. @Hasitha :මොනවා කරන්නද සහෝ...ඕක දිගටම හීනයක් විතරක් වේවි....ඔහොම නීතියක් බැරිවෙලාවත් ගෙනාවොත් ඒක සම්මත වෙන්න ඕනෙත් ඉන්න මී හරක්ගේ අතින්මනෙ...ඉතින් උන් ඕක කරයිද?...මම මේ කතා ලියන එක නැවැත්තුවා නිකං පාලු ගෙයි වලං බිඳිනවා කියලා හිතුනු නිසා....

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...