2.18.2011

ඔයාලටත් මේ වගේ තෑග්ගක් ලැබුනොත් කොහොමද?

අපි කැවුරුත් කැමතිනෙ අපිට තෑග්ගක් ලැබෙනවට නේද? තෑගි වල වටිනාමක හොඳටම තේරෙන්නෙ පොඩිකාලෙ තමයි. ඒ දවස්වල තෑග්ගක් ලැබෙනව කියන්නෙ රටක් රාජ්ජයක් ලැබුන වගේ. ඒ දවස්වල ඉතින් අවුරුද්දට නත්තලට මඟ බලන් ඉන්නෙ තෑගි ගන්න.ඔන්න අද මං ඔයාලට තෑග්ගක් දෙන්නයි යන්නෙ. බලන්නකො හොඳයිද කියලා.

Ultimate Gift එහෙම නැත්නම් අසමසම තෑග්ග... 2006 දී තිරගත වුනු චිත්‍රපටියක්. ඒ ගැන ලියන්න හිතුනෙ මේ ලඟදි ඒ චිත්‍රපටිය බලන්න ලැබුන නිසා. මට හිතෙන හැටියට ඒක හොඳ ආදර්ශමත් චිත්‍රපටියක්.මට ඒක බලන්න ලබුනෙ අපේ campus එකෙ පෙන්නපු නිසා. ඊට පස්සෙ සංවාදයකුත් තිබ්බා ඒක ගැන. සාමාන්‍යයෙන් campus වල ෆිල්ම් පෙන්නද්දී එහෙමයි. මම හිතන හැටියට ෆිල්ම් එකටත් වඩා discussion  එක තමයි රසවත්.
ඔන්න මම ඔයාලටත් බලන්න අවස්ථාව දෙන්න හිතලා ෆිල්ම් එක download කරගන්න ලික්න් එක දුන්න. මෙතනින් click කරලා බාගන්නකෝ. Ultimate Gift Download

ෆිල්ම් එකේ සිංහල subtitles මම හෙව්වා බයිස්කෝප්  සිංහලෙන් අඩවියේ ඒත් ලැබුනෙ නෑ. මම English subtitles හොයා ගත්තා. කැමති අය මේ සබැඳියෙන් ගිහින් බාගන්න. Ultimate Gift English subtitles

කතාව කෙටියෙන් මෙහෙමයි:

"ජේසන් කියන්නෙ මහ නාස්තිකාර ඒවගේම සල්ලිකාර තරුණයෙක්. (සල්ලිකාර කිව්වට ඉතින් එයා වියදම් කරන්නෙ එයාගෙ සල්ලි නෙමෙයි ) ජේසන්ගේ සීයා බිලියනර් කෙනෙක් එහෙමත් නැත්නම් අපේ බාසාවෙන් කෝටිපතියෙක් කියමුකො. ඉතින් සීයා මැරෙන්න කිට්ටුවෙලා තීරනය කරනවා එයාගෙ දේපළ දරුවන්ට මුණුබුරන්ට බෙදල දෙන්න. ඉතින් සීයා හැමෝටම තමන්ගේ දේපළ බෙදලා දෙනවා. ඔක්කොටම එක විදිහට නෙමේ. ඇත්තටම හැමෝටම ලැබෙන්නෙ තමුන් හිතුවට වඩා අඩු ප්‍රමාණයක්. ජේසන් කොච්චර නාස්තිකාරයෙක් වුනත් සීයා ජේසන්ට ආදරෙයි. ඒක නිසා සීයා තීරණය  කරනවා ජේසන්ට විශේෂ තෑග්ගක් දෙන්න. ඉතින් ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ සීයා කොහොමද ජේසන්ට තෑග්ග දුන්නේ කියලා. මොකද සීයා ජේසන්ට බන්දේසියක තියලා තෑග්ග දෙන්නේ නෑ"
පහල තියෙනවා ෆිල්ම් එකේ trailer එක ඒකත් බලන්නකො.



ඕගොල්ලෝ ෆිල්ම් එක එහෙම බලලා ඉන්නකො. ෆිල්ම් එක ගැන කියන්න තව විස්තර තියෙනවා. (discussion එකේදී අහුලගත්තුවා :D).

මම අදට නවතින්නම්.ඔයාලට හිතෙන දෙවල් පහල comment එකකින් කියලා යනවානම් තමයි හොඳ.

-හරී-

ප.ලි. :කියන්න අමතකවුනා අන්තිමට රඟපාන අයගේ නම් ටිකත් බලන්න...

6 comments:

  1. බලන්නකො පස්සෙ ඒ ගැන කතා කරමු...

    ReplyDelete
  2. maha epaa karapu film 1 kiyala hithala beluwe machine 1 thibila awruddakata withara passe beluwata passe thamai therune kochchara gathida kiyala...maru ahr...

    ReplyDelete
  3. @ Apollo :මටත් මුලින් බලද්දී එහෙම හිතුනා...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...