3.01.2011

මහේල තිලාන් වරද පිළිගත යුතුය.....

 පසුගියදා පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයෙන් පසු ඇතිවූ සිද්ධිය ගැන අටුවා ටීකා ටිප්පණි අවශ්‍යය නැත. එම තරඟයේදී ඇතිවූ තත්වයත් ඊට පසු එක් මාධ්‍යයක් එය වාර්තාකල ආකාරයත් ඔබට අමතක නැතැයි මම සිතමි. ක්‍රීඩා ලෝලී අපගේ ලේ නහර කුපිත කල ඒ වැකිය ලියන්නට උගේ පෑන් ඉස්සුනේ කෙසේදැයි අපට සිතා ගැනීමටත් බැරිය. සමහරවිට මේ දවස්වල ඉතුරා යන ( market කරන ) දේශප්‍රේමීත්වය එය කරන්නට ඇත.


ඔබ ඒ රූප රාමු ඇස් කෙසේවෙතත් කන් ඇරගෙන ඇසුවා නම් "ගේම් එක චේන්ජ් කරන්නේ යි පුන පුනා කී නිසාදෝ මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කරාදැයි අපට නිකමට සිතේ " යයි කියනු පැහැදිලිවම ඇසේ. මේ නොකියා කියන්නෙ මහේල තිලාන් අල්ලස් ගත් බවද? ... අප දන්නේ නැත. නමුත් අපට වැටහෙන්නේ එයයි.

තව ටික දිනකින් "රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් හා අප රටට ලෝක කුසලානය ගෙන ඒමට සිටින විරුවන් අපකීර්තියට පත් කිරිමේ අරමුණින් අපගේ ප්‍රකාශ වලට වෙනත් අර්ථකථන දීමේ වැඩපිළිවෙලක් විපක්ෂය කරගෙන යයි. ඊනියා දේශද්‍රෝහී කුමන්ත්‍රන වලට අසු නොවී අපේ රට බේරා ගැනීමට කැපවෙමු. " යැයි කියා අත සෝදා ගතහොත් අප පුදුම විය යුතු නැත. මන්ද, බත් කන කටින් *ත් කෑ හැකි බව මීට පෙරද ඔප්පු කර ඇති බැවිනි. එදා චන්ද්‍රිකා යුගයේදී චන්ද්‍රිකාට වන්දිභට්ටකම් කර ගුණ ගී ගයා දැන් කාපු පතේම ** හැටි කාටත් පෙනේ. මහේලගේ හා තිලාන්ගේ චේන්ජ් ගැන කතා කරන එවුන් එක එක දේශපාලන වුවමනාවන්ට ප්‍රවෘත්ති චේන්ජ් කරන හැටි ජනතාව දන්නා බව ඒ ගොන් හැත්ත නොදන්නේද?

"කෙහෙල් ගහට කොටපුදාට ඔක්කොම ඉවරයි" මිනිස්සු කියන්නේ කට කහනවාට නොවේ. දකින දකින තැනට අනින්න යන ගොනා අන්තිමට තමාටත් නොදැන තමාට ඇනගත්තේය. (සැ.යු.:- සමහරවිට ඇත්තටම ඇනගෙන ඇත්තේ ඌට බනින අප විය හැකිය. මන්දයත් ඉහත කතාව පසුව විකාශය වීමට නියමිත නාට්‍යයක පලමු ජවනිකාව විය හැකි බැවිනි )

මෙබඳු හාල්පාරුවන්ගේ කතා තවදුරටත් අසා සිටීමට ජනතාව මෝඩ නම් තව ලෝක කුසලාන හතක් දින්නත් රටට ඇතිවන සෙතක් නැත. රටේ ජනතාව දැන් දැන් කලයුත්තේ රටම එළ හරක් යයි සිතා සිටින මෙබඳු මී හරක් පන්නා දැමීමයි. එසේ සිදුවේද?

අවසාන වශයෙන් කීමට ඇත්තේ මහේල තිලාන් ඇත්තටම වැරදි කාරයෝය. වැරැද්ද නම් මෙබඳු හාල්පාරුවන් සිටින හා උන්ගේ වැදිබණ දෝත් මුදුනින් පිලිගන්න රටක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි. එයට සමාව දිය හැකිද?

"දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා
කරවට මල්මාල දමනවා
එකක් දෙකක් අයියෝ පැරදුනොතින් ගොයියෝ
මොකක්ද මේ කලේ අහනවා." පගාව අරගෙනයි කියනවා."


අද පිටපත **ගෙන් නොවේ.

-හරී-

19 comments:

  1. ehenam uba gihin play karapan team ekata

    ReplyDelete
  2. @ Anonymous :මචෝ උඹ මේ comment එක දාලා තියෙන්නේ title එක විතරක් බලලනෙ බං..ඔක්කොම කියෙව්වනං තේරෙයි කතාව...

    ReplyDelete
  3. මේ වගේ උන් තමයි බඩගොස්තරවාදි මාධ්‍යවේදියෝ... ඔය ම...ද අබේ...ර කියන එකා සල්ලි දෙනවනම් පු...ත් ලෙවකයි... තුහ් නොදෝඉන් මේවාගේ මාධ්‍යකාරයෝ ඉන්න රටක ඉන්න ලැබිමත්

    ReplyDelete
  4. ගොබ්බා වාහිනියේ නපුන්සකයෝ ඇන ගනී.....අනේ හොදා ගොබ්බයොන්ට...
    මහේලටයි තිලාන්ටයි ඔය නපුන්සක වාහිනී කාරයා තරම් අමාරුවක් නෑ...
    ආන්ඩුවට හෙලුවෙන් කඩේ යන සක්කිලියෝ

    ReplyDelete
  5. @ Anonymous 2:ඒක ඇත්ත සහෝදරයා..ඒත් ඉතින් කරුමෙ ගොඩක් උන්ට ඕක නොතේරෙන එකනෙ...blog කියවන උන්නම් එච්චර ඕවට අහුවෙන්නේ නෑ ඒත් ගම්වල හුඟක් උන් අහුවෙනවනෙ..ගමේ අය මෝඩයි කිව්වා නෙමෙයි..ඒ ඒගොල්ලන්ගේ හැටි ඕනාවට වඩා මිනිස්සු විශ්වාස කරන නිසා වෙච්ච එකක්.. ප්‍රතිචාරයට ස්තුතියි!

    @ රත්ගමයා :ඔව් බං අපිට කියන්න තියෙන්නේ අපේ වුන්ට ඔය හරක් කථා අහන්නේ නැතුව හොඳට සෙල්ලං කරලා cup එක උස්සමු කියලා තමා..රත්ගමයාගෙ ප්‍රතිචාරෙට උපහාරෙ..

    @ budhajeewa :ප්‍රතිචාරයට ස්තුතියි!

    ReplyDelete
  6. මහේල ගේ සහ තිලාන් ගෙ කාමරේ කාන්තා යට ඇඳුම් සහ අසභ්්‍ය සඟරා තිබුනෙ නැද්ද දන්නේ නැහැ.

    ReplyDelete
  7. @ Dinesh_Silva :ඉස්සරහට එහෙමත් වෙන්න බැරි නැහැ..

    ReplyDelete
  8. මහේල නඩු දානව කියල තියෙන නිසා මීට වඩා කැත වැඩක් උනත් ආණ්ඩුව පැත්තෙන් ඉස්සරහට කරන්න බැරිකමක් නෑ.
    අර ගස් බැන්ද කතාව,කැම්පස් එකේ ළමයෙක් මැරුණු කතාව අදටත් ඒ දේවල් අභිරහස්.
    ලංකාවේ ඔහොම තමයි අයි ඩෝන්ට් නෝ වයි කියන්න තමයි වෙන්නේ අන්තිමට..
    පෝස්ට් එක එළ.. ශ්‍රීලංකාවට ජයෙන් ජය..

    ReplyDelete
  9. @ සිරකරුවා : මුලින්ම ස්තුති කරන්න ඕනා ප්‍රතිචාර දැක්වීම ගැන...ඇත්තටම ලංකාව ඇතුලෙත් අපි හිරකාරයෝ වෙලාද මන්දා?

    ReplyDelete
  10. සීනි දියවෙ ගෝනි දිය නෙවෙ...කමොන් මහෙල!!!

    ReplyDelete
  11. සමහර විට නඩු කියන්න ගියොත්, ලකුනු අතර හිටියත් මහේලට ටීම් එකේ තැනක් නැතිවෙන්නත් පුලුවන්.ඕක අපේ රටේ හැටිනෙ, අවසානෙදි වැරදි කාරය වෙන්නෙ පැමිනිලි කරු

    ReplyDelete
  12. @ Sagara Sanjeewa :ඒක ඇත්ත බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නෙත් නෑ නොවැ....

    ප්‍රතිචාරයට තුතිමල්........

    @ සංහිඳ පාමුළ: හ්ම්..එහෙම වුනොත් ලකුණු අතර නැති කට්ටියටත් තැනක් එන්න පුලුවන්......

    දිරිමත් කිරීමට තුති......

    ReplyDelete
  13. oya Mahinda abesundara Pu** lewakana eka. u me paranam ana gaththa.

    ReplyDelete
  14. ඔන්න මම කියපු දේ ටිකකට කලින් සිද්ධවුනා..බත් කන කටින් *ත් කෑවා.

    ReplyDelete
  15. aththatama oya abesundaraya lankawe ipadunu ekekda?.lankawe ipadila ape ratema waradi hoyana oy wage ke wattayanta henama gahapiya kiyala thama mata kiyanna wenne

    ReplyDelete
  16. @ nishan :රටේ තියෙන වැරදි පෙන්නනවානම් කමක් නෑ සහෝ...... ඒත් මෙතන කරන්න එක පැත්තකට වාසිදායක වෙන විදිහට බොරු වැරදි මවා පාන එකනෙ.....එව්වා නම් වැරදි වැඩ........

    ස්තුතියි සහෝ.......

    ReplyDelete
  17. මචං මේ වගේ Title දාන්න එපා..මොකද ගොඩක් උන් පෝස්ට් එක කියවන්නෙ නැතුව උබ ගැන,උබේ ‍බ්ලොග් එක ගැන වැරදියට හිතන්න පුළුවන්..එල වැඩක්..දිගටම කරගෙන යන්න....! :D :D

    ReplyDelete
  18. @ Admin :ස්තුතියි මචං....

    මම ඔය ටිකක් ඉස්සර Title දාපු විදිහ තමයි... ඔය ක්‍රමෙන් ගොඩක් පිරිසක් කියවන්න පෙළඹෙනවා...මොකද ගොඩක් කට්ටිය කැමතිනෙ කාටහරි බනින්න. ඒක හින්දා කඩාගෙන එනවා..

    ඒත් මට හිතෙනවා දැන් නම් ඕක 2.50හේ වැඩක් කියලා...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...