4.01.2011

ලෝක කුසලානය ඉන්දියාවට........

මේ දවස්වල ඉතින් හැමෝගෙම කටේ තියෙන්නේ ක්‍රිකට්නෙ.  ඔහොම ඉද්දි මට හිතුන දෙයක් තමයි ක්‍රිකට් සුද්දගෙ රටේ ඉපදුනාට ක්‍රිකට් ගැන වැඩිය දන්න මිනිස්සු ඉන්නෙ අපේ රටේ කියලා. මොකද බස් එකේ කෝච්චියේ ගියත් බස් හෝල්ට් එකක් හිටියත් කඩේට ගියත් හැමතැනම කතාවෙන්නේ ක්‍රිකට්නෙ. මට නම් එවලෙට හිතෙන්නෙ අපේ රටේ තේරුම් කමිටුවට ඒගොල්ලන්ව යවන්න ඕනෙ කියලා.

ඇත්තටම හොයලා බලපුවම තමයි තේරෙන්නේ ගොඩක් අය තමුන් දන්නවා කියලා පෙන්වන්න විචාරය දුන්නට මොකද ගොඩක් ඒවා කාගෙන්හරි අහුල ගත්තුවා. ගොඩක් මිනිස්සු ගමේ වෙලේ පොල්පිත්තකින්වත් ක්‍රිකට් ගහපු එවුන් නෙමෙයි.

මට නම් හිතෙන්නෙ තේරුම් කමිටුව තීරනයක් ගන්නේ හොඳට හිතලා බලලා. මම නම් හිතන්නේ නෑ කවදාවත් මැච් එකක් පරදින්න සැලසුම් කරයි කියලා. ඒ තීරනත් ඉතින් විවිධ හේතු මත වරදින්න පුලුවන් ඒක ලෝක ස්වභාවයනෙ.

ඒක හින්දා බොරුවට ගිරිය පුප්පාගෙන  team එකට කට්ටිය තෝරන එක වැඩක් නෑ මම හිතන්නෙ. නිකම් පාලු ගෙයි වලං බිඳීමක් විතරයි වෙන්නේ. මොකද අපි කියන ඒවා තේරීම් කමිටුවට ඇහෙන්නෙත් නෑ. ඇහුනත් හැමෝම කියන ඒවා කරන්න ගියොත් මේ කපේදී team එකක් තෝරන්න වෙන්නෙත් නෑ.

කතාවෙන් කතාවෙන් කියන්න ආපුදේ කියන්නත් බැරිවුනා.


1996 දී වගේම 2011දීත් ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය ගේන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

සංගා ඇතුලු අපේ කොල්ලන්ට ජයවේවා!

-හරී-

ප. ලි. : සමාවෙන්න..... Title එකේ ඉතිරි හරිය තව පොඩ්ඩෙන් දාන්න බැරිවෙනවා.

          නම් ලැබෙන්න එපා!


14 comments:

  1. උඹත් නිකන් ස්වර්නවාහිනිය වගේ ..අදහස් විකෘති මාතෘකාව දාන්නේ... හැබැයි මචන් මෙහෙම දෙයක් තියනව .ලංකාවෙ පෞද්ගලික රුචි අරුචි කම් මත කණ්ඩායමට කට්ටිය තේරුනා කියල හිතන්න පුලුවන් අවස්ථා තියනව . ඉතින් ඒව හරියි කියල පිලිගන්න පුලුවන්ද ???? අනික විවේචනය කියන්නෙ ඕනිම කෙනෙක්ගෙ අයිතියක් නේ

    ReplyDelete
  2. ඔන්න ඔය පොඩ් ආතල් එකක් ගන්න ඕන නම් දෙරන ටීවී බලන්නකෝ...
    කලාකරුවෝ ආතල් එකක් ගන්නවා,,,ඔන්න මතක ඇතුව ගෙදර ඉස්සරහා ජාතික කොඩිය දාන්න,,,ඒ වගේම කාසිය වාසිය දිනනකොට පොඩි ප්‍රාර්ථනාවකුත් කොරන්න ඕනා,.,

    ReplyDelete
  3. @Dilantha :ප්‍රතිචාරයට ස්තුතියි සහෝ.........

    ReplyDelete
  4. ඔව් තේරිම් කමිටුවේ ඉන්නේත් මිනිස්සුනේ. ඒ හින්දා වරදින එක සාධාරනයි. ඒ වගේම දේශපාලනික හෝ වෙනත් බලපෑම් මත තීන්දු තීරණ දෙන එක නම් වැරදියි.

    කොහොම උනත් මොනවා කලත් අපේ පිළට අපි හදවතිනම් සුභ පතනවා !!!!!

    ජයවේ ලක් මෑණි !!!!

    ReplyDelete
  5. සරමත් අතින් අල්ලගෙන කෙලගෙන ආවේ හොම්බට දෙක් ඇනලා යන්න. title එක දැකලා. දැන් ෂේප්.

    ReplyDelete
  6. මාත් බැලුවෙ මේ ලංකාවෙ සිංහල බ්ලොග් ලියන ඉන්දියන් කාරයා කවුද කියලා.අවුලක් නැහැ.ලංකාවේ ජය අපේ පැතුමයි.
    ලංකාව, දින්නොත් ජනාධිපති,ක්‍රීඩා ඇමති,ආණ්ඩුව තමයි
    පැරදුනොත් ..හි.හි සංගක්කාර තමයි ඉතින්

    ReplyDelete
  7. @buwa:අපෝ ස්වර්ණවාහිනී නම් මතක් කරන්න එපා සහෝ....උන් ප්‍රවෘත්ති කියනවා නෙමෙයි ටෙලිනාට්‍යය පෙන්නනවා.....

    ඔයා කියන දේට නම් මමත් එකඟ වෙනවා..ක්‍රීඩාවට දේශපාලන බලපෑම් තියෙනවා තමයි... ඒත් මේ සැරේ එහෙමයි කියලා මම නම් හිතන්නේ නෑ..කියන්න බෑ ඉතින් තිරේ පිටුපස මොනවා වෙනවද අපි දන්නේ නෑනෙ සහෝ.....

    විවේචනයට ගරු කරන්න පුලුවන් විවේචනය සුදුසු කෙනෙක් කරනවානම්...ඒකයි මගේ අදහස...

    ඔයාගේ ප්‍රතිචාර දැක්වීමට ස්තුතියි... අපි එහෙනම් ලංකාවට ජය පතමු නේද?

    ReplyDelete
  8. @රත්ගමයා: කාසියෙ වාසිය අපිට ලැබුනොත් නම් හොඳයි මම හිතන්නෙත්... අපි ප්‍රාර්ථනා කරමු සංගා නෝනා ඉල්ලුවොත් නෝනාත් පොල්ල ඉල්ලුවොත් පොල්ලත් එන්න කියලා...

    මම හිතන්නෙ ඔය කාසියෙ වාසිය බලන්නේ නැතුව අත් දෙකේ ගල හෙව්වනම් හොඳයි කියලා... එතකොට සංගට පුලුවන්නේ අත් දෙක උඩ ඇහි පිහාටු දෙකක් තියලා පිඹලා ගල තියෙන අත හොයන්න...මං හිතන්නෙ දෝනි ඔය ට්‍රික්ස් දන්නේ නෑ...

    ප්‍රතිචාරයට තුති..

    ReplyDelete
  9. @මධුරංග :ඔයා කියන එක ඇත්ත දේශපාලනික හෝ වෙනත් බලපෑම් මත තීන්දු තීරණ දෙන එක නම් වැරදියි තමයි...

    ප්‍රතිචාරයට ස්තුතියි..

    ReplyDelete
  10. @ රොබින් :හරි හරි සන්සුන් වෙලා සරම ඇඳගන්නකො සහෝ.......

    අපි හෙට දිනයි...

    කොමෙන්ටුවට තැන්කූ....

    ReplyDelete
  11. @ JHOTHISHALANKA :ඒක ඇත්ත දින්නොත් නම් එහෙම තමයි වෙන්නේ...කිරිගහට ඇන්න වගේ කියන්න පුලුවන්...

    පැරදුනොත් කාට කාට තොප්පිය සෙට් වෙයිද දන්නේ නෑ මේ පාර.....

    ප්‍රතිචාරයට ස්තුතියි......

    ReplyDelete
  12. අතේ තිබුන මැච් එක........

    ReplyDelete
  13. හ්ම්.....ඒක ඇත්ත.. කොහෙද දෝණියටත් මේ මැච් එකේම ගහන්න ඕනෙ වුනානෙ....

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...