4.02.2011

ලෝක කුසලානයේ අතුරු ප්‍රයෝජන හෙවත් තරඟාවලිය පණුවෙක් කිරීම...

දැන් වේලාව රෑ 12:17 යි.  අද (4/2/2011) රටට වැදගත් දිනයකි. මන්ද අපගේ රටට දෙවෙනි ලෝක කුසලානය ලබා ගැනීමේ අවස්ථාවක් ලැබී ඇති බැවිනි. අද නම් රටේ වුන්ට ක්‍රිකට් පිස්සුව හොඳටම තදවී ඇත. එක අතකින් එහෙම නැති එකාට වෙන පිස්සුවක් ඇතැයි සිතිය හැක. රටම ක්‍රිකට් ගැන කතා කරයි. තව සතියක් දෙකක්ද මෙලෙසම කතාකරනු ඇත.

දින්නොත්
             සතියක් දෙකක් යනතුරු ලංකාව උදේනියක් වෙයි. මෙලෝ යකෙක්ට කෑම බීම පවා මතක් වෙයිදැයි සැක සහිතය.

පැරදුනොත්
             තේරීම් කමිටුවේ සිට ක්‍රීඩකයන්ගේත් තව එක එක වුන්ගේත් අම්මලා තාත්තලාට කිඹුහුම් යැවීමට සලස්වයි. කෙස් පැලෙන විචාර දෙයි.  කොහෙද අරූ හිටියනම් ගහනවනෙ මූ හිටියනම් ගහනවනෙ කියයි.

මොනව වුනත් තව සතියක් වත් වනතුරු අගල බොර වෙලා තියෙයි.හොඳට මාලු බාන්න පුලුවන්. කල දුටු කල වල ඉහගං.. බොරදියේ මාලු බානවා වැනි කියමන් අදටත් වලංගුයි මම හිතන්නෙ.

කට්ටියට තේරෙන්නේ නෑ මම හිතෙන්නෙ මම කියන දේ. කමක් නෑ. කමක් නෑ. කලබල වෙන්න එපා ලමයි ඔහොම යනකොට නිකන්ම තේරෙයි.

ආ.... ඒක නෙමෙයි. තෙල් අඩු කරලලු නේද? පෙට්‍රල් රු.-10කිනුත් ඩීසල් රු.-3කිනුත් භූමිතෙල් රු.-10කිනුත් අඩුවෙලා මට ඇහුන හැටියට නම්. ඒක නම් ලොකු දෙයක් අප්පා මේ දවස්වල හැටියට. මමත් බොහොම අමාරුවෙන් රෝල ගහගෙන යන්නේ. මටනම් වටින්නේ ලාම්පුතෙල් අඩුවෙච්ච එක මොකද රෑ නිදිමරාගෙන බ්ලොග් ලියනකොට එලිය දෙන්නෙ කුප්පි ලාම්පුව තමයි ඉතින්.

මට හරිම ආඩම්බරයි ඒ වගේ තෙල් මිල බැහැපු දවසක මුල් පැයේම මම ලාම්පුවත් පත්තු කරං බ්ලොග් ලියනවා. හි..   හි..

පස්සෙ හම්බවෙමු.(මම දවසක කාටදත් මෙහෙම කිව්වා මතකයි. හැබැයි ඒ පස්ස නම් තාම ආවේ නෑ....  :)   )

ලංකාවට ජය!

-හරී-



8 comments:

  1. Gas price also goes down..May be it because of happiness,Srilanka team go through with Final

    ReplyDelete
  2. අරක්කුත් පොඩ්ඩක් විතර අඩු වුනානම් මරු....සතුට සමරන්න..

    ReplyDelete
  3. හික්...මමත් මේ ලියන්න ඉදියෙ ලෝක කුසලානය දිනුවාම අපිට ලැබෙන බෙනිෆ්ට් ගැන..
    දිනන්න කලින්ම බෙනිෆිට් ලැබුන නේ

    ReplyDelete
  4. කිව්වත් වගේ දිනන්න කලින්ම බෙනිෆිට් ටික ලැබිලා නේ. එතකොට හරීයෝ කොහොමෙයි ලැප් එක චාර්ජ් කර ගන්නේ ?

    ReplyDelete
  5. ජනහද හදුනන නායකෙයා හදාගත්තහම ඔෙහාම තමයි! අද රජා ඉන්දියාෙව ගිහිං ෙරද්ද උස්සෙෙගන නටයි. ඉතින් ෙමච්චර අපිත් ඒකක ඉන්න ෙලාක්ෙකක් අපිට අඩුවක් පාඩුවක් කරයි ද

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මට බොහොම දුක හිතුනු වෙලාවක තමයි මේ comment කරන්නෙ වරදක් ඇත්නම් සමාවෙන්න ඕනා.

    @ Anonymous : බොහොම ස්තුතියි ප්‍රතිචාරයට...

    @ අසoක :දැන් නම් දුකට බොන්න වෙන්නේ...
    කොමෙන්ටුවට තැන්කූ..

    @ රත්ගමයා:දිනුවත් නැතත් benefit ලැබෙයි... තව 52යි දිනන්න නම් බෑ වගේ...
    මෙහෙ ආවට තන්කූ....

    @ මධුරංග:අපිට කොහෙන්ද බූල් බල්ලෝ....පැරදුනාම ලැබෙන බෙනෙෆිට් තමයි තියෙන්නේ.....
    ප්‍රතිචාරයට තුති.....

    @ ranaberaya :තව පොඩ්ඩෙන් නායකයාට රෙද්ද උස්සන් නෙමෙයි රෙද්ද කඩාගෙන එන්න වෙන්නේ........ප්‍රතිචාරයට තුති..

    මැච් එක නම් පරදී වගේ බොලව්...දුකේ බෑ :'(

    ReplyDelete
  8. අපරාදේ දිනන්න තිබිච්ච මැච් එක........

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...