4.11.2011

පොතක් ප්‍රකාශයට පත් කරන්නේ කොහොමද? - දන්න අය කියලා දෙන්න.

මේ ලිපිය මම ලියන්නේ ඔයාලට යමක් කියා දෙන්න නෙමෙයි. මට යමක් දැන ගන්න. නිධාන කතාවත් කියලම ඉන්නම්කෝ.

මට පොඩිකාලෙ ඉඳලම ආසාවක් තිබුනා පොතක් ලියන්න. මම පොඩිකාලෙ පොතක් ලියලත් තියෙනවා. මම හිතන්නෙ නවය හෝ දහය වසරෙදි වෙන්න ඕනෙ. ඒක කතන්දර පොතක්. මට ඒ කාලෙ ලොකු පිස්සුවක් තිබ්බේ පොත් ලියන්න . මම කරේ මගේ ඉස්සෙල්ලා අවුරුදු වල පොත්වල ඉතුරුවෙච්ච කොල එකතු කරලා පොතක් හදාගෙන ඒකෙ ලියපු එක. ටික කාලෙකින් මට පුලුවන් වුනා ඒක ඉවරකර ගන්න. ඊට පස්සෙ ඉතින් මට ඕනෙ වුනා ඕක අච්චු ගහන්න ඉතින් මම අම්මලාට ඕක කිව්වා. ඒත් ඉතින් අවාසනාවකට අපේ අම්මලාට ඕක joke එකක් වුනා. මොනවා කරන්නද මමත් පොඩි එකානෙ. අම්මා කිව්වා "පොඩි අයට පොත් ලියන්න බෑ පුතේ" කියලා.

ඒත් මම පසු බහින්න කැමතිවුනේ නෑ මම පෙන්නුවා අර TV එකේ පත්තරේ යන පොඩි අය ලියපු පොත් ගැන විස්තර. එතකොට අම්මා කිව්ව කතාව තාමත් මතකයි. "ඔය සල්ලි කාරයින්ගෙ ලොකු ලොක්කන්ගෙ දරුවො පුතේ. ඒ ගොල්ලෝ කරන වැඩ දුප්පත් අපිට කරන්න බෑ. පුතා ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්නකො. ඊට පස්සෙ බැරියැ පොත් ලියන්න." මට නහුතෙට නැග්ගා. ඊට පස්සෙ පොත ආදාහනය කරලයි පස්ස බැලුවෙ.එදා අම්මත් එක්ක තරහ වුනාට දැන් හිතෙනවා එදා කියපුදේ හරි කියලා.

ඔන්න දැන් වර්තමාන කතාව. මට ආයෙ කාලෙකට පස්සෙ හිතුනා පොතක් ලියන්න. අර චීන කියමනකුත් තියෙනවාලුනෙ මිනිහෙක් අනිවාර්යෙන් කරන්න ඕනා දේවල් තුනක් ගැන.
  1. ගහක් හිටවන්න ඕනා.
  2. පොතක් ලියන්න ඕනා.
  3. පුතෙක් හදන්න ඕනා.
මෙදා නම් කතන්දර ලියන්න අදහසක් නෑ. වැදගත් දෙයක් ලියන්න ඕනා.

මම ඉතින් දැන ගන්න කැමතියි. පොතක් ලියන තැන ඉඳලා ප්‍රකාශයට පත්වෙන තැන දක්වා වැඩ සිද්ධ වෙන්න කොහොමද කියලා. මම මේ post එක දැම්මෙ ඒ ගැන ඔයාලගෙන් දැන ගන්න. මම හිතන්නෙ මේ බ්ලොග් අවකාශයේ ඒ ගැන දන්න අය ගොඩක් ඇති.

ඒක නිසා පහල ප්‍රතිචාරයකින් කියලා යන්න.
ස්තුතියි.

-හරී-

17 comments:

  1. පොතක් ප්‍රකාශනය කිරීමේ වැඩ පිළිවෙලේ මූලික පියවර මෙන්න.

    අංක 1.
    පොත් ලියා, සකසා, එහි අතින් ලියූ හෝ වර්ඩ් ප්‍රොසෙසින් කළ හෝ පිටපතක් සකසා ගැනීම. ඔබ පරිඝනක පිටපතක් හදන්නේ නම් ඒ සඳහා FM ෆොන්ට්ස් (FM-Abhaya) භාවිතා කරන්න.

    අනිත් සේරම ඊට පස්සේ.

    අර පොඩි කාලේ ලියපු පොත පිච්චුවේ අපරාදේ!

    ReplyDelete
  2. writing is one part of the problem but publishing is the second part

    first you got to decide whether your are a self publisher or get it published by a company

    if you are a self publisher you got to get your own ISBN number from the national library
    There is a office where you can get this number

    When you print the book you can print this number on the back cover

    Once you print the book you will have to take copies to the same location and re register it

    They will keep one copy at the national library, National Archives

    If you give it to a publishing company they will do all this work.

    ReplyDelete
  3. "සිංහල කියවන්නාට ලිවීම" කියා ගූගල් විමසිල්ලක් කළාම 2010 ජූලි 12 දා මා ලියූ මෙම ලිපිය කියවා විස්තර දැනගතු හැකියි.
    http://arunishapiro.wordpress.com/2010/07/12/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7-%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8/

    ReplyDelete
  4. මම නම් දන්නේ නෑ සහෝදරයා ඔය ගැන. ඒ උනාට කරන වැඩේ සාර්ථක වෙන්න කියලා එකසිතින්ම පතනවා

    ReplyDelete
  5. @Kathandara :
    ඔයා කරන්න ඕන මූලික දේ කියලා නේද?
    මට හිතාගන්න බැරුව හිටියෙ ඉස්සෙල්ලා පොත ලියලා ප්‍රකාශකයෙක් හොයා ගන්න ඕනෙද.. නැත්නම් ඉස්සෙල්ලා ප්‍රකාශකයෙක් හොයාගෙන පොත ලියන්න ඕනෙද කියලා......

    මම ඔයාට ඊ-මේලයක් එවන්නම්...

    ඔයාට බොහොම ස්තුතියි ....

    මට ඉතින් හරියට දුක හිතුනා ඒකයි එහෙම කරේ.

    ReplyDelete
  6. @ Donald Gaminitillake:

    Thank you so much Mr. Donald...

    you provided lot of information to me...

    Thank you again...

    ReplyDelete
  7. @ arunishapiro: මම ඒ ලිපිය කියෙව්වා...

    ඇත්තම කිව්වොත් ඒක කියවලා මට ටිකක් බය හිතුනා... නිකං වැඩේ හරියන්නෑ හරියන්නෑ වගේ දැනුනා...

    කමක් නෑ ඉතින් යථාර්තයනෙ කියලා තියෙන්නේ...(කොහොමත් ඇත්ත ටිකක් තිත්තයිනෙ...)

    බොහොම ස්තුතියි මාව දැනුවත් කිරීම ගැන...

    ReplyDelete
  8. @මධුරංග :බොහොම ස්තුතියි සහෝ... ඇත්තටම ගොඩක් පින්... මට හරිම සතුටක් දැනෙන්නෙ වචනෙකින් හරි උදව් කරන්න කට්ටිය ඉන්නවා කියලා හිතෙනකොට....

    @ඔක්කොටම : ගොඩක් ස්තුතියි......

    ReplyDelete
  9. මමත් දන්නෙ නම් නෑ ඔය ගැන ඒත් කරන වැඩේ එල කිරි වගේ සාර්ථක වෙන්න කියල මාත් එකසිතින්ම පතනවා...

    ReplyDelete
  10. ඕක කරන්නෙ කොහොමද කියලා නම් දන්නෙ නැහැ...... එත් මම සුබ පතනවා........

    ReplyDelete
  11. මාත් සුභපතනවා.. ලිව්වට පස්සෙ පොත අරගන්නන් :)

    ReplyDelete
  12. ඔන්න පැන්නුවා.....ඔයා කරන්න යන වැඩේ ඉහලින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  13. ලොල්ය... සොරි වෙන්න ඔනි ඒක ගැනනම් දන්නෙ නෑ.. :/ ඒත් ඔයා දැන ගත්තොත් ඕන් ඒ ගැන පෝස්ට් එකක් දාන්න ඔනි හරිද...??

    ReplyDelete
  14. @ Apollo : Apollo ගොයියා දාපු comments ඔක්කොම spam වෙලා ඒකයි මෙච්චර කල් පෙන්නලා නැත්තෙ....

    බොහොම ස්තුතියි මාව දිරිමත් කිරීමට.....

    @ කල්හාර දිසානායක :බොහොම ස්තුතියි සහෝ....

    @ pissi :පොත ලියන්නත් කලින් පාඨකයෝ ඉන්නවනෙ බොහොම සන්තෝසයි..

    ලිව්වම කියන්නම්කො.....

    @ බීටා:කොහොමහරි බීටවත් පන්නනවා ලඟදීම ..... මේ පැත්තෙ ආවට ස්තුතියි......

    @සුළඟිල්ල | pinkie :ඔය ඉහල ඇරුණි අක්කා දාලා තියෙන link එකට ගියානම් ඔයාටත් දැනගන්න පුලුවන් වෙයි (අක්කා කිව්වට තරහා වෙයිද මන්දා)

    මේ පැත්තෙ ආයෙත් එන්න...ලොල්

    ReplyDelete
  15. හරී, මටත් ඔය උන තදේටම තියෙනවා ..ම්න් හිතන්නේ මට පුලුවන් වෙයි උදවු කරන්න. ඊමේලයක් දාන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! මම ඊමේලයක් එවන්නම්කො..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...