8.27.2011

රොබෝවන්ගේ ලෝකය...

ඔයාලට මතක ඇතිනෙ මම කලින් ලිපි පෙලකින් පොඩි රොබෝවෙක් හදන හැටි කියලා දුන්නා. දෙවෙනි රොබෝත් පලවෙනි රොබාගෙ PDF එකත් ලඟදීම පිට කරන්නයි ඉන්නෙ. (බොහෝ දෙනාගේ ඉල්ලීම පිට )

අද කියන්න යන්නෙ වෙනස් කතාවක් රොබෝලා ගැනම තමයි. මේක ඉතින් රොබෝලාගෙ ජීවන ගමන ගැන කියවෙන පිංතූර ටිකක්. ලිහන්න පුලුවන් මල්ල ඔබන්නෙ නැතුව ලිහලම බලමු.


රොබෝවන්ගේ ලෝකය...

ලෝකයේ හදපු පලවෙනි රොබෝ විදිහට සැලකෙන්නෙ ආකිටස් කියන ග්‍රීක ගණිතඥයා හදපු වාෂ්ප බලයෙන් වැඩ කරන පරවියෙක්. මේ පරවියට පුලුවන්ලු මීටර 200ක් පියාඹන්න.

රොබොට් කියන වචනය මුලින්ම ලෝකෙට ඇවිල්ල තියෙන්නෙ 1920 දි. ඔතන පිංතූරයේ නාට්‍යයකින් ඔය වචනෙ ආවා කිව්වත් මම දන්න විදිහට නම් කැරල් කාපෙක් (Karel Čapek)කියන ලේඛකයා තමයි ඔය වචනෙ නිර්මාතෘ. වචනෙ තේරුම තමයි "සේවකයා" කියන එක.

1961දී තමයි පලමුවෙනි රොබෝ අත නිපදවලා තියෙන්නෙ. ඊට අවුරුදු 18ක් වෙද්දි ඒකෙන් මිනිහෙක් මැරිලත් තියෙනවා.  රොබට් විලියම් කියල කෙනෙක්ලු.

2009 අවුරුද්දෙදි ඇමරිකාව රොබෝලට වියදම් කරල තියෙනවලු නාවික හමුදාවට වියදම් කරපු තරම්ම මුදලක්. ඒ වගේම අවුරුද්දකට ලෝකයේ අලවිවන රොබෝලගෙ වටිනාකම සමහර රටවල (සිම්බාබ්වේ,ලාඕසය, මොංගෝලියාව ) දළ ජාතික නිෂ්පාදනයටත් වඩා වැඩිලු.

Service රොබොට්ලා ඒ කියන්නෙ යම්කිසි සේවයක් සලසන රොබෝලා  Industrial රොබෝලා එක එක දේවල් නිෂ්පාදනයට භාවිතා කරන අය විදිහට රොබෝලව වර්ග කරන්න පුලුවන්. ඒ දෙකම ගත්තාම රොබෝ කර්මාන්තය ඇමරිකාවෙ අකුරු තුනේ කර්මාන්තෙටත් වැඩිය ලොකුයිලු.

Service රොබෝලා ගොඩක්ම ඉන්නෙ තණකොල කපන රොබෝලා හැටියට, Vacuum cleaner හැටියට හරි එහෙම නැත්නම් Sex රොබොට්ලා හැටියටලු.  කියන හැටියට නම් සමහර මිනිස්සු Vacuum cleaner රොබෝලා එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවලු. ඒවට නමුත් දාලා තියෙනවලු හරියට අපි බල්ලො පූසන්ට දානවා වගේ. උන්ට අතුගාලත් දෙනව කියන්නෙ වැඩේ ලේසි වෙන්න.

Sex රොබෝලත් Service රොබෝලා තමයි. ඔය ඉන්නෙ තුන්දෙනෙක් පහල.
GYNOID කියන්නෙ මෙන්න මෙයා
මේ Roxxxy
15" උස එක්කෙනා
  රොබෝලා 20,000ක් විතර ආරක්ෂක අංශවල වැඩකරනවාලු.

රොබෝ කෘමියෙක්
රොබෝ කුරුල්ලෝ
BIG-DOG













 ලෝකයේ ඉන්න රොබෝලගෙන් හතරෙන් එකක් ඉන්නෙ ජපානෙලු.

හෙලෝ ! මම ඇසිමෝ..
HONDA කම්පැනියෙ හදපු ASIMO තමයි දැනට ලෝකයේ ඉන්න සුපිරිම HUMANOID රොබෝ. (මිනිස් ස්වරූපෙ තියෙන රොබෝලට අපි කියනවා HUMANOID රොබෝ කියලා)
ASIMO හදන්න ඩොලර් මිලියනයක් විතර ගිහින් තියෙනවා. එයාට පුලුවන්ලු මිනිස්සුන්ව හඳුනාගන්න. අතට අත දෙද්දී අත දෙන්නත් දන්නවා වගේම කලින් ආපු නැති අය එද්දිත් හඳුනාගෙන සුභ පතන්නත් පුලුවන්. එයාගෙ නමට ප්‍රතිචාර දක්වනවා වගේම බලාපොරොත්තු නොවන ශබ්ද වලටත් ප්‍රතිචාර දක්වන්න පුලුවන්.

රොබෝලන්තය(Robots Land) කියලා theme park එකක් තියෙනවලු කොරියාවෙ.  ඒකෙ තියෙන මින් මැදුරෙ ඉන්න මාලු අපි කියන කියන විදිහටලු යන්නෙ. රොබෝලත් එක්ක යුද්ධ කරන්න. රොබෝ සත්තුවත්ත බලන්න එහෙම පුලුවන් එහේ ගියොත්. හැබැයි තාම විවෘත කරලා නෑ.
2014දී විවෘත වන රොබෝලන්තය

රොබෝ හොරා








අන්තිමට කියන්න තියෙන්නෙ විද්‍යාඥයො අනුමාන කරන හැටියට අනාගතේ මිනිස් හොරු වෙනුවට රොබෝ හොරු ඉඳීවිලු.









ඔන්න ඕකයි රොබාගෙ කතන්දරේ. මම ඕක කිව්වෙ මෙන්න මෙතන තියෙන පිංතූරයක් පාදක කරගෙන. ගිහින් එන්නම්.

-හරී-

9 comments:

  1. රොබෝ හොරු අල්ලන්න රොබෝ පොලිසියකුත් දාන්න වෙයි...

    ReplyDelete
  2. කාලෙකදි ලෝකෙ පාලනයත් රොබෝලා අතට යයිද දන්නෙ නැහැ ...

    ReplyDelete
  3. මම නම් රොබෝලා ගැන ඒතරමටම දන්නේ නෑ.
    පත්තරේක දක්කා අනාගතේ එන රොබෝලට බරි වර්ගයා බෝ කරන්න විතරයි ලූ. ඒ තරමටම රොබෝලා දියුනු වෙනවලූ.

    ReplyDelete
  4. @තාරක Dilsh@n :ඒක ඇත්ත පොලීසියකුත් ඕනා වෙයි....

    මට ඔයාගේ comment එක දැක්කාම පරන කතාවක් මතක් වුනා....

    ලෝකයේ හොරු නැති වුනොත් මොනා වෙයිද? කියන කතාව....

    ප්‍රතිචාරයට ස්තුතියි....

    ReplyDelete
  5. @පන්සල් හංදිය :ඔව් සමහර film වල තියෙනවා වගේ....

    IRobot එකේ ඔප්පු කරල පෙන්නුවනේ රොබෝලාගෙ නීති තුන ප්‍රමානවත් නෑ කියලා....

    ස්තුතියි අයියේ....

    ReplyDelete
  6. @ මධුරංග :ඉස්සරහට ඒකත් පුලුවන් වෙයි.. ඊට පස්සෙ ඉතින් අපිට දෙයියන්ගෙම පිහිටයි..... ප්‍රතිචාරයට ස්තුතියි....

    ReplyDelete
  7. කෝ දෙවනි රොබා............ඉක්මනට දෙන්නකෝ...........

    ReplyDelete
  8. කෝ දෙවනි රොබා.........

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...