9.14.2012

ඔයා බොනවද?

එක්තරා දවසක ඉර බහින හවසක මා සිටියේ මුහුදු වෙරළකය. එදා මුහුද වෙනදාට වඩා හරිම ලස්සනයි වගේම අමුතු කතන්දරයක් කියාපාන්නාක් වැනි හැඟීමක් මට දැනුණි. ඈතින් ඇදී එන සුළඟත් සමඟ අත්වැල් බැඳගෙන නටමින් ප්‍රීතියෙන් වෙරළට ඇදෙන රැල්ල නවතින්නෙ ඔවුන්ගේ සම්බන්ධයට එරෙහිව නැඟී සිටින සතුරෙකු වන් ගල්පරයක හැපීමෙනි. ගල්පරය අභිබවා රැල්ල ගෙනයාමට අපොහොසත් සුළඟ ද රැල්ල හැරදමා මෙගොඩ වදිද්දී තනිවූ රැල්ල නැවතත් මුහුදටම ඇදුණි. නැවතත් වෙනත් සුළං පොදක් හා එක්වන රැල්ලට නැවතත් බාධා කරන්නට ගල්පරය සමත්වීමත් සමඟ ඒ සුළඟ ද හුදකලාව ගොඩබිමට වැදුණි. මම සුළඟ වූවානම් කුණාටුවක් වී ගල්පරය බිඳගෙන රැල්ලත් සමඟ මෙගොඩ වදිමි.  මම මේ නාටකය මට ආදේශ කරගන්නට උත්සාහ කළෙමි. සුළඟේත් රැල්ලේත් ගල්පරයේත් නාටකය නරඹමින් එයට දාර්ශනික අරුත් සොයමින් සිටි මාගේ දැහැන බිඳී ගියේ මාගේ කන ළඟින් ඇසුණු ලයාන්විත ස්වරයකින්. "මේ.. හරී.."

"හ්ම්ම්.." එය දිගු කතාවක ආරම්භයක් බව තේරුම්ගත්තත් රැල්ලෙන් නෙත ඉවතට ගැනීමට සිතක් මට නොවීය.

"මේ.. බලන්නකො" මිනිසාට ඇසෙන්නේ කන් දෙකෙන් බව මා සිතා සිටි ආකාරය නිවැරදි නොවන හැඩයි. රැල්ලෙන් ඉවතට ගත් මා නෙත් තවත් නෙත් යුගලක් අසල නැවතිණි. 

"මේ.. ඔයා බොනවද අනේ?" ප්‍රශ්නාර්ථයක් සහිත නෙත් යුවලක් මැවිණි. හදිසි ප්‍රශ්නයට හේතුව ඒ නෙත් යුවලේම රැඳී තිබුණි. අසල පිහිටි ධීවර බෝට්ටුවක පිට දී සිටි තරුණයෙක් තනිව මත්පැන් බෝතලයක් සෙමින් සෙමින් තොලගායි. ඒ අතර මා මෙන්ම රැල්ලේත් සුළඟේත් නාටකය බලා සිටියි. සමහරවිට ගල්පරයක් නිසා රැල්ල අතහැර පැමිණි සුළඟක් වන්නට පුළුවන. නැතහොත් රැල්ල වෙනත් සුළඟක පහස සොයා යන්නට ඇත. කුමක්වුවත් මට ඔහු ගැන දුක් වන්නට කාලයක් නැත. මා හමුවේ අභියෝගාත්මක පැනයකි. පැනයට පිළිතුරු සොයා මම අතීතයට පිය මැන්නෙමි. 

මීට වසරකට පමණ පෙරද මේ පැනයම එල්ල වූ අවස්ථාවේදී මගේ පිළිතුර වැරදී මා අසමත්වූ හැටි මට මතකය. එහෙත් මා එම පිළිතුර ලබාදුන්නේත් ඊටත් වසරකට පෙරාතුව උගත් පාඩමක් ඇසුරිණි. මීට වසර දෙකකට පෙර සමාන පැනයට මම මෙසේ පිළිතුරු බැන්දෙමි. "මම බොන්නෙ නෑ අනේ"

"බියර් එකක්වත්?"  මඳක් විශාලවූ නෙත් ඇති කෙනෙකුගේ මඳක් විවරවූ මුඛයෙන් දෙවෙනි පැනය යොමුවිය. මම නැතයි හඟවන්නට හිස දෙපසට සලමින් "ම්හ්හ්" ශබ්දය පිටකළෙමි. ප්‍රශ්නයට නිවැරදි පිළිතුර එය යැයි සිතා සිටියෙමි. එහෙත් මඳක් විවරව තිබූ මුඛය සම්පූර්ණයෙන් ඇරුණි. නැවත එය වැසුණේ සමච්චල් හිනාවක්ද සමඟිනි. "මොනවද හලෝ.. කොල්ලෙක් වුනාම පොඩ්ඩක් ජොලියෙ ඉන්න ඕනනෙ. අඩුම ගානෙ බියර් එකක්වත් බීලා" මගේ බඩ පපුව ලජ්ජාවෙන් පිච්චී ගියේය. පිළිතුර වැරදිය. මා පරාදය.

පරාජය යනු ජයග්‍රහණය වෙත ඇති කෙටිම මාර්ගයයි කවුදෝ පඬිවරයෙක් කියා ඇත. පරාජයෙන් වසරකට පසු නැවතත් එම පැනයම යොමුවුනු විට මම සතුටින් ඉපිල ගියෙමි. 'පඬිරුවනට ජය වේවා අද මම ජය ගනිමි'යි සිතට වීරියගත් මා මගේ පිළිතුර එළියට හැලුවෙමි. "ඔව්.. මම බොනවා.. " මම හදපිරි සතුටින් කීවෙමි.

ඒ නෙත් සඟලත් පෙර පරිදිම මඳක් විශාලවෙද්දී මුඛයත් මඳක් විවර විය. "හොඳටෝම බොනවද?" මලානික ස්වරයකි.

පරාජයේ සේයාවක් ඉව වැටීමෙන් මගේ රැස් බැස්සේය. මම සෙමින් එහෙත් ස්ථිරව මෙසේ කීවෙමි.  "නෑ.. ටිකක් බොනවා. කොල්ලෙක් වුනාම ජොලියෙ ඉන්න ඕනනෙ"

එහෙත් එම පිළිතුරින් පෙරපරිදිම බාගෙට විවරව තිබූ මුඛය සම්පූර්ණයෙන්ම විවරවිය. නමුත් එය වැසුණේ සුපුරුදු සමච්චල් සිනහවෙන් නොව රුවිතෙට වක ගැසීමෙනි. කොටින්ම ඒ දෑසත් තෙත්වී මුහුණත් දහඩියෙන් නෑවී තිබුණි. ඉකි ගසන ස්වරයකින් මෙසේ පවසනු මට ඇසිණි. "මම කවමදාවත් හිතුවේ නෑ හරී ඔයා ඔහොම කෙනෙක් කියලා. අපේ තාත්තවත් ඔය ජාති කටේ තියෙන මනුස්සයෙක් නෙමේ " එකම පැනය දෙවන වරටත් මා පුච්චා දැම්මේය. දෙවෙනිවරටත් පිළිතුර වැරදිය. මා පරාදය.

එකම පැනයෙන් දෙවරක්ම පැරදුණු මා යළිත් එම පැනයටම මුහුණදී සිටිමි.  වැරදි පිළිතුරු දෙකක් මා දනිතත් නිවැරදි පිළිතුරක් මා අසලකවත් නොවීය. මම බිඳක් කල්පනා කළෙමි. 'ප්‍රශ්නයකින් බේරීමට ඇති හොඳම මාර්ගය තවත් ප්‍රශ්නයක් ඇසීම' යයි මොකක්දෝ විෂයක අවසාන දේශනයේදී එක් ආචාර්‍යයෙකු අපිට ඔවදන් දුන් හැටි හදිසියේම මට සිහිවිය. ඔහු එය දේශනවාරය මුළුල්ලේම මැනවින් අත්හදා බැලූයේ ප්‍රශ්න අසන්නාට එපාවෙන තරමටම ප්‍රශ්න ඇසීමෙනි. හදිසියේ පහළවූ නුවණ යොදාගැනීමට මම තීරණය කළෙමි.

"මොනවද?" ප්‍රශ්නය තේරුම් නොගියාක් යන හැඟීමෙකින් මම නැවත ප්‍රශ්නයක් ඇසීමි.

පෙර මෙන් බාගෙට පිරුණු මුඛය වෙනුවට සිනාවෙන් පිරුණු මුඛයක් දැකීමි.  "විහිළු නෙමෙයි අනේ.. ඔයා බොනවද කියලයි ඇහුවෙ" ඒ මුඛය එසේ කියද්දී ඒ නෙත් කොන් බෝතලය අතැති තරුණයා මට පෙන්වීමට උත්සාහ කරයි. ඒ නෙත් කොනින් පෙන්වන ඉසව්ව ඔස්සේ නෙත් මෑනූ මම කිසිවක් නොදැක්කා සේ නැවතත් කටහඬ අවදි කළෙමි. 

"මොනවද?" බලාපොරොත්තු නොවූ පිළිතුරෙන් ඒ මුහුණේ දිග පළල වෙනස් විය. මඳක් වේලා එක එල්ලේ මා දෙස බලා සිටි ඒ මුහුණ "හුහ්" හඬ නංවමින් වෙනතක හැරුනෙන් ප්‍රශ්නය නිමා විය. දෙවරක් පැරදුණු මා තෙවනවර ජයගතිමි. පරාජය යනු ජයග්‍රහණය වෙත ඇති කෙටිම මාර්ගයයි. පරාජයන් අවසානයේ මම ජයගතිමි. ඒත් මේ උදම් වී ජයග්‍රහණයන් පරාජය කරගත යුතු මොහොත නොවේ. පිටතට නොපෙන්වා හිත පුරවාගත් සතුටින් මම නැවතත් රැල්ලේ නාටකය බැලීමට ගත්තෙමි. විශාල සුළඟක් සමඟ ආ රැල්ලක් ඒ මොහොතේම ගල්පරයට ඉහළින් පැන්නේය.

-නිර්මාණයකි-

80 comments:

  1. Replies
    1. එන්න එහෙම අහන්න ඕනෙ..

      Delete
  2. අම්බෝ කාලෙකට පස්සේ හරීගේ නිර්මාණයක් කියෙව්වේ !
    නියමයි ඈ..

    ReplyDelete
    Replies
    1. බොනවද ?

      කෑවේ නැතත් අනිවාර්යෙන්ම බොන්ඩ ඕනා... නොබී ඉන්ඩ නම් බෑ !

      Delete
    2. කලකට පස්සේ වෙලකට බැස්සේ

      ස්තුතියි අගය කළාට..

      ඒක තමයි බොන්නේ නැතුව කොහොමද?

      Delete
    3. "කලකට පස්සේ වෙලකට බැස්සේ"

      ඒක නෙමේ තුවාල තියගෙන වෙලවල් වලට බහිනවා නෙමේ ඕං !!

      Delete
    4. මතක් කළ එක හොඳයි... මී උණ හැදෙන්න පුලුවන්නෙ..

      Delete
  3. හපෝ බොන්නේ නැතුව ඉන්න පුලුවන්ද? විජලනය හැදේවි. පිස්සු කෙල්ලෝ... ඕවා ගණන් ගන්න එපා මෙයා. :පි

    එක එක්කෙනාට ඕන විදියට උත්තර දෙන්න යනකොට ඔහොම තමා වෙන්නේ...හිහි

    //මොනවද හලෝ.. කොල්ලෙක් වුනාම පොඩ්ඩක් ජොලියෙ ඉන්න ඕනනෙ. අඩුම ගානෙ බියර් එකක්වත් බීලා//

    බියර් බිව්වම ජොලිද හැබෑට? මමනම් දැකලා නෑ බියර් බිලා ජොලියේ ඉන්න අය. ඔන්න වටේ ඉන්න අනිත් අයටනම් ජොලි ලු...

    ආ තව ප්‍රශ්නයක්...එතකොට කෙල්ලෙක් උනාම ජොලියේ ඉන්න ඕන නැහැලු ද? :ඩි

    ReplyDelete
    Replies
    1. "ඕවා ගණන් ගන්න එපා මෙයා." මෙහෙම කියන්නෙ මේක නිකන් මට වෙච්චි දෙයක් වගේනෙ.. :) මේක කතාවක්නෙ..

      බීපුවම ජොලි කියලනෙ බොන්නෙ.. කතාව ඇත්ත බොන එකාට වඩා වටේ ඉන්න එවුන්ටයි ජොලි.. ඒවගේම බීපුවම වාත වෙන එකෙක් හිටියොත් ඉවරයි..

      "කෙල්ලෙක් උනාම ජොලියේ ඉන්න ඕන නැහැලු ද?" කාගෙන්ද මෙව්වා අහන්නේ.. :)

      Delete
  4. උඹ තුල සුපිරි නිර්මාණකරුවෙක් ඉන්න බව මේ කතාව ඔප්පු කළා හරී.. දිගටම පලයන්.. සුබ පැතුම් !!

    ඔය ප්‍රශ්නෙ මටත් ඔය විදිහටම අනන්ත එල්ල වෙලා තියනවා. ඔය වගේ ප්‍රතිචාරත් අනන්ත හම්බෙලා තියනවා..හැබැයි මගේ පිලිතුරනම් හැමදාම එකක්. ඒක කවදාවත් අන් අයගෙ ප්‍රතිචාර මත මම වෙනස් කළේ නෑ..

    ReplyDelete
    Replies
    1. සුභපැතුම් හදවතින්ම භාරගන්නවා.. බොහොම ස්තුතියි!

      කතාවෙ ඉන්න 'හරී' මම නොවෙන බව කරුණාවෙන් සළකන්න ඕනෑ.. මම ඒ නමම පාවිච්චි කරේ කට්ටිය එතකොටනෙ ආසාවෙන් කියවන්නෙ..

      "ඒක කවදාවත් අන් අයගෙ ප්‍රතිචාර මත මම වෙනස් කළේ නෑ.." මෙහෙම හිතුවොත්.. ඒ කොල්ලා කලින් නොබී හිටියා.. පස්සෙ සමච්චලය හින්දා බොන්න ගත්තා.. ඒකෙ විරුද්ධ පැත්තත් ලැබුනා..පස්සෙ ඌට හිතාගන්න බෑ කරනදේ..

      Delete
    2. ඒක තමයි.. කියන එකා මොන දේ කිවුවත් ඌ තම්න්ගෙ එකම ප්‍රතිපත්තියක හිටියනම් ඔහොම වෙන්නෑ..

      Delete
  5. අදමයි මේ පැත්තෙ ආවෙ. කතාව නිර්මාණයක් කිව්වට අත්දැකීමක්ද මන්ද... :පී

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා..

      අත්දැකීමක් නෙමෙයි.. ඒත් ඔය විදිහෙ අදහස් හා ඔය වචනම කියවෙනවා මම අහලා තියෙනවා.. මිනිස්සු විවිධයිනෙ.. තියෙන්නෙත් විවිධ අදහස්..

      Delete
  6. ඔය ප්‍රශ්නයම එයාගෙනුත් ආපහු අහන්ට තිබුනේ....:D

    ReplyDelete
    Replies
    1. කාගෙන් කියලා අහන්ටද? මේක නිර්මාණයක්නෙ..

      Delete
  7. සම හරක් නම් බොන්නෙ නෑ උන්ට පෙවෙනවා...

    ReplyDelete
    Replies
    1. එතකොට හරක් බොන වුන්ද නොබී ඉන්න බැරි වුන්ද? මට නම් තේරුනේ නැත.

      Delete
  8. සම ‘හරක්‘ බොනවා... ඊට පස්සේ නානවා...
    කෙල්ලෙක්ට ඇත්ත කියන්න කොල්ලෝ ඔච්චර බයද...?

    ReplyDelete
    Replies
    1. "සම ‘හරක්‘ බොනවා... ඊට පස්සේ නානවා.." ඔව් සමහරු බීලා වෙරි බහින්න නානවනෙ.. දෙහි විනාකිරි වගේ දේවලුත් ඔලුවට දානවා නේද?.. :)

      "කෙල්ලෙක්ට ඇත්ත කියන්න කොල්ලෝ ඔච්චර බයද...?" අපි නම් භය නෑ හරිය..

      මෙතන කොල්ලා බයයි කියන කතන්දරයක් නෑනෙ.. ඌ නොබී ඉන්නකාලෙ 'බොන්නෙ නෑ' කියලා කියනවා ඒක නිසා සමච්චලයට ලක්වෙනවා.. ඊට පස්සෙ ඌ හිතනවා බොන උන් තමයි හොඳ කියලා බොන්න පටන් ගන්නවා.. එතකොට දෙවෙනි පාරට 'බොනවා' කියනවා.. එතනදී ඌ දැනගන්නවා බොනවට කැමති වගේම අකමැති පිරිසකුත් ඉන්න බව.. ඉතින් තුන්වෙනි පාරෙදි උත්තරයක් හිතාගන්න බෑ.. ඉතින් මොන අවස්ථාවකවත් බොරුවක් කියලා නෑනෙ..

      එහෙම බැලුවොත් මේ කොල්ලා බීමට වැටිලා තියෙන්නෙ කවුරු නිසාද? :)

      Delete
  9. ඔය ප්‍රශ්නේ අහන අය තාමත් ඉන්නවද ? මට නම් විශ්වාස නැහැ..

    ReplyDelete
    Replies
    1. මේකෙන් අදහස් කළේ දැන් අය බොන්නේ නෑ කියලද? බොන්නැති කෙනෙක් නෑ කියලද?

      Delete
  10. හොඳ නිර්මාණයක්. අර වසර දෙකකට පෙර පිලිතුරු දීපු හරියෙ ඉඳල දෙවනි වතාවට කියවන්න සිද්ධ වුනේ මගේ කලබලය හින්දද මන්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! එතන පොඩ්ඩක් ස්ටැක් (stack) ගතියක් තිබුන නිසා පැටලෙන්නැති..

      Delete
  11. ලේඛන කලාවේදී වාර්තාකරණය, පරිවර්තනය, නිර්මාණකරණය, කියන සියලුම කරුණු අතිශයින් වැදගත්. ඔබ තුල නිර්මාණ හැකියාව ඇති බවත්, එය ඔප්නංවා ගැනීමෙන් විශිෂ්ඨත්වයට පත්විය හැකි බවත්, මොනවට පෙන්වන උදාහරණයක් තමයි මේ ලිපිය. ඔබ ආචාර්ය කියන වචනය ඉතා නිවැරැදිව (නිවැරදි කියන වචනය වැරැදියි නිවැරැදි කියන වචනය හරි)මට මෙහි තිබෙන සිංහල යතුරු ලියන පහසුව යටතේ බොහෝ සිංහල වචන හරියට ලියන්න ඉඩ නැහැ. මගේ බ්ලොග් අඩවියේ නිවැරැදි වචන ලියන්නට නොහැකිවීම ගැන මම බොහොම දුක් වෙනවා. ආචාර්ය කියා නිවැරැදිව ලියන්නේ, ආචාය කියා ලියා, ඉන්පසු ය යන්නට යංශය ලියා, ඒ මත රේඵය ලිවීමයි.

    මම ඉස්සරනම් තදින් මත්පැන් බිව්වා. අදනම් මාසෙකට එක වරක් තරම් තමා බොන්නේ. පැන්සොන් දවසට. :D එයට හේතු කීපයක් තියනවා. මත්පැන් වලින් සිරුරට වෙන හානිය අවබෝධවීම. දැන් ඉස්සර තරම් අතමිට මුදල් නැතිකම. ඉස්සර තරම් බොන තැන් වලට දැන් යන්නට නොලැබීම. මගේ වගකීම් අවබෝධ කරගැනීම. ඒ හේතුයි. මම දිනකට සිගරට් 42 ක් බිව්වා. 1994 දී එකවරම නැවැත්තුවා. අද මම දුම් බොන්නේ නැහැ. මගේ ප්‍රතිපත්තියක් තියනවා එදත් අදත්. මම කිසිම කෙනෙකුට මත්පැන් හෝ දුම් පානය සඳහා බල කරන්නේ නැහැ. දුම් පානයේ ආදීනව කියා දෙනවා. මත්පැන් පානයේ ආදීනව කියාදෙන්නේ නැහැ. ඒ මම තවම මත්පැන් පානය අත්හැරලා නැති නිසයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. @ විචාරක

      අගය කිරීමට ස්තුතියි විචාරක මහත්මයා..

      නිවැරැදි යන්න නිවැරදි වලට වඩා නිවැරැදි බව දැනගත්තෙ අදයි. එයට ස්තුතියි! ආචාර්‍යය යන්න මම ලියන්නෙ 'ආ' 'චා' 'ර්' '‍‍යංශය' 'ය' ලෙසයි. නමුත් යුනිකෝඩ් වල ඔය සියල්ල එකතු කළ විට ආචාර්‍යය ලෙස ලියවෙයි. මෙලෙසම කාර්‍යය යන්නද නිවැරැදිව ලිවිය නොහැක. හෙන්-රි, දුම්-රිය ද ලිවිය නොහැක..

      මත්පැන් හා දුම් පානය නම් ඉතින් හොඳ නෑ.. මත්පැන් පානය සියදිවි නසාගැනීමක් දුම්පානය මරාගෙන මැරීමක් කියලා කියනවනෙ.. මත්පැන් පානය අඩු කරපු එකත් දුම් පානය නැවැත්තුව එකත් හොඳයි..

      "දිනකට සිගරට් 42 ක් බිව්වා" :O

      "මත්පැන් පානයේ ආදීනව කියාදෙන්නේ නැහැ. ඒ මම තවම මත්පැන් පානය අත්හැරලා නැති නිසයි. " මහත්මා ගාන්ධි ප්‍රතිපත්තිය..

      Delete
  12. අපෝ මම නම් බොනවා....

    නිර්මාණ හැකියාවනම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මේ පෝස්ට් එක කියවපු ඔක්කොම අය බොනවා..

      ස්තුතියි!

      Delete
  13. " ඔයා බොනවද " අහද්දි බය වෙන්නෙ මොකටද ..මගෙන් කවුරු හරි ඇහුවොත් මම නම් කියනවා " ඔව් මම බොනවා " ඉතින් ඇත්තටම මම බොනවනෙ. ටැප් ජෝ...ලිං ජෝ... හි හි

    කතාව නම් අපූරුවට නිර්මාණය කරලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. අනේ.. මේ සූටි නංගී තාම ජෝද බොන්නෙ.. :) අපි නම් වතුරත් බොනවා...

      බොහොම ස්තුතියි!

      මේ පැත්තෙ ආපු පළවෙනි පාර වෙන්ටැ.. සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  14. මාත් බොනවා...
    වතුර ඇතුලු බොහෝ දේ...

    ReplyDelete
    Replies
    1. එළකිරි!

      එව්වත් බොනවා නේද?

      Delete
  15. හොඳ නිර්මාණයක් හරී. මට එක ප්‍රශ්ණයක් තියෙනවා.
    අහන්න ඕනෙත් නෑනේ?

    ...........................?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි!

      :)

      Delete
  16. බොන මිනිස්සුන්ගේ බොක්ක හොඳයි. මතක තියාගන්න. බොන මිනිස්සුන්ගේ. නාන මිනිස්සුන්ගේ නෙමෙයි....

    ReplyDelete
    Replies
    1. "බොන මිනිස්සුන්ගේ බොක්ක හොඳයි." අක්මාවලු නේද අවුල් වෙන්නෙ.. මම හිතන්නෙ නාන මිනිස්සුන්ගෙ ඔලුව හොඳයි.. කුණු එහෙම නෑනෙ.. නිතරම නාන නිසා.. :)

      ඔය කියන්නෙ හිත හොඳයි කියලා වෙන්ටැ.. හැබැයි බීපු වෙලාවට..

      Delete
  17. මට මේක කියවනකොට මතක් උනේ මගේ පැරණි පෙම්වතියක්ව ,එතරම් හොද චරිතයක් නොතිබුන ඇය මාව දාලා යන්න හේතුවක් විදියට ඉදිරිපත් කලෙත් ඕක

    "ඔයා බොන නිසා මම ඔයාට අකමැතියි "

    ReplyDelete
    Replies
    1. පරණ තුවාලයක් පෑරුණා නම් සමාවෙන්න ඕනෙ..

      අපරාදෙ කලින් මේ පෝස්ට් එක කියවලා තිබුනා 'මොනවද?' කියලා අහන්ඩ තිබුනා.. :)

      ඒත් ඔයා එයාට දීලා තියෙන විශේෂණ පදය දැක්කම මට හිතෙන්නෙ නොබිව්වානම් කියයි "මොනවද හලෝ.. කොල්ලෙක් වුනාම පොඩ්ඩක් ජොලියෙ ඉන්න ඕනනෙ. අඩුම ගානෙ බියර් එකක්වත් බීලා". බොන හින්දා දාලා ගියා නෙමේ දාලා යන්න ඕන හින්දා බොනවයි කිව්වා වෙන්න ඇති.

      Delete
  18. හිතන්න දෙයක්......
    ජය!

    ReplyDelete
    Replies
    1. හොඳයි...

      එසේම වේවා!

      Delete
  19. කෙල්ලො ඔහොම්ම තමා! :D

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන් වෙන්ටෑ කියන්නෙ.. :)

      Delete
  20. හිහිහී.. "මොනවද..?"

    අපූරු නිර්මාණයක් හරි අයියේ..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නන්ඳු..

      Delete
  21. මම අහන්නේ මොනවද ජාතිය කියලා..හැබැයි එක අතකින් බොන එකෙක් එහෙම එහෙම අහන එකත් වැරදියි.

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනේ 'විත්තිකරු, තමා මත්පැන් පානය කරනවද?'
      'බොනවනම් බොමු ස්වාමිනි'
      කතාව :)

      Delete
  22. නස‍්රුදීන්ගේ කතාවක් මතක් වුණා.

    යාලුවෙක් දවසක් නස්රුදීන්ගෙන් අහනවලු

    "කවුරු හරි ඔයාගෙන් ප්‍රශ්නයක් අහපුවාම ඇයි ඔයා ප්‍රශ්නෙකින්ම උත්තර දෙන්නේ" කියලා.

    නස්රුදීන් කිව්වලු "මොනවා ? මම එහෙමද ?" කියලා :D

    ReplyDelete
    Replies
    1. නසෘදීන් (මට ඒකත් හරියට ලියන්න බෑ) මාර වැඩකාරයා නේද? නසෘදීන්, ඊසොප්, මහදැනමුත්තා එක වල්ලෙ පොල් නේද?

      Delete
    2. හරී,

      ඕක ලියනකොට කඩලා ලියලා පස්සෙ කමෙන්ට් බොක්ස් එකේදි සම්බන්ධ කරන්ඩ. මම නම් කරන්නෙ එහෙමයි.

      nas rudhin

      නස් රුදින්

      නස්රුදින්

      හෙන්රි, දුම්රිය වගේ දේවලුත් එහෙමයි.

      Delete
    3. @ හරී

      ඒ ලිස්ට් එකට එන්න ඕනේ තව පොරක් තමා "අන්දරේ" :D

      @ සෙන්නා

      අයියා ක්‍රමේ අල්ලගෙන :D

      Delete
    4. @ senna,

      මට එහෙම කරන්න බෑනෙ. මම ටයිප් කරන්නෙ කමෙන්ට් බොක්ස් එකේමයි...

      සරි.. සරි.. මම ටයිප් කරද්දි හිස්තැනක් තියලා පස්සෙ ඒ හිස්තැන ඩිලීට් කරා.. හරි වගේ නස්රුදීන් හෙන්රි දුම්රිය හරි නේන්නම්.. හැබැයි ආචාර්‍යය ලියන්න බෑනෙ..

      බොහොම ස්තුතියි!

      Delete
    5. @ හසිත,

      අන්දරේත් එහෙම කෙනෙක් තමා..

      Delete
    6. මම පාවිච්චි කරන්නෙ මාලින්ද කන්වර්ටර් එක. ඒකෙ කොහෙවත් නෑ බන් "රේපෙ" ලියන විදිහක්. ඉතින් ආචාර්ය කියලා තමා ලියන්ඩ වෙන්නෙ.

      Delete
    7. මම පාවිච්චි කරන Firefox Add-on එකේ රේපෙ ලියන්න ඕනෙ නෑ අමුතුවෙන්ම එනවා.. :) ඔය මම ලියපු රේපයක් නෙමෙයි හරි විදිහට ආචාර්‍යය කියලා ලියන්න ගිය ගමන් එනවා..

      ඔය සුළු සුළු අඩුපාඩුකම් තිබුනට (මම නොදන්නවාට ඒ වගේ වචන ලියන්න ක්‍රමත් ඇති සමහරවිට..) මම පාවිච්චි කරන ක්‍රමය නම් බොහොම ලේසියි.. බ්‍රවුසරේ උඩ ඕන තැනක සිංහලෙන් කෙටුවැකි..

      Delete
  23. නිර්මාණයක් පමණි

    අපිට තමා කස්ටිය ඔය කෑල්ල දැම්මාම බනින්නේ :)

    ReplyDelete
    Replies
    1. කවුද දැන් බනින කස්ටිය?

      Delete
  24. මේ.. හරී ඔයා බොනවද අනේ?///හි හි... :D
    හොඳ නිර්මාණයක්......!

    ReplyDelete
    Replies
    1. මොනවද? :)

      ස්තුතියි හොඳේ..

      Delete
  25. නිර්මාණයනම් නියමයි අයියේ..

    ReplyDelete
  26. හොඳ කතාව. මොනවද කියල ඇහුවෙ නෑනෙ හැබෑටම!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්!

      Delete
  27. මෙහෙම ඇහුවොත්? ඔයා මොනවහරි බොනවද කියලා??

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්තනෙ බලන් ගියාම.. බොනවද අහන්නෙ සැර දේවල්.. මොනවාහරි බොනවද අහන්නෙ තිබහට වගේ බොනකොට.. ව්‍යවහාරෙ හැටි තමයි..
      නැද්ද අලුත් ලිපියක්..

      Delete
  28. බොනව නම් බොමු ස්වාමීනී :)

    ReplyDelete
  29. ඔය ගෑනු ළමයින්ගෙ ප්‍රශ්න වලට නම් එක උත්තරයක් නෑ හරී..හික්ස්..

    ReplyDelete
    Replies
    1. ගෑණු ළමයෙක්ම කියපු එක තමයි වටින්නෙ.. :)

      රූ අක්කා දන්නවනෙ අර කතා දෙකක් තියෙන්නෙ.. 'ඔයා මොනවද කන්නේ' අහන එකයි.. 'මම ඔයාට කෝල් කරන්න ඕනෙ මොන වෙලාවටද' අහන එකයි.. :)

      Delete
  30. චඃ අලුත් පෙනුම මල් හතයි ඈ. හරිම ලස්සනයි අලුත් පිටු සැලැස්ම සහ මුහුණුවර. මොකද නියමිත දිනවල විතරක් ලිපි පලකරන්න හිතුවේ?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හොඳ අගය කිරීමක්.. ලඟ එන දෑ අවුරුදු සංවත්සරය නිමිත්තෙන් තමයි වෙනස් කම් කෙරුවෙ.. බොහොම ස්තුතියි..

      මට හිතුනා ගිය මාසවල ලියවුනා වැඩී කියලා ඒක නිසා ඇබ්බැහි වෙනවා වගේ දැනුනා.. ඒක නිසා පොඩි සීමාවක් දාගන්නයි බැලුවෙ.. ඒත් හදිසි මුද්‍රණ පිටවේවි.. :)

      Delete
  31. මේ අයියේ.... ඔයා මොනාද බොන්නෙ... මම බොන එව්වමද? :D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මම දන්නෙ නෑනෙ ඉතින්.. කියන්න බලන්න ඔයා බොන එව්වා..

      Delete
  32. නියම නිර්මාණයක්.ඇත්තම කියනවනම් මිනිහෙක්ගේ අවංකත්වය පවා වෙලාවකට විහිළුවක් වෙනවනේ.මොනවා කරන්නද?.තුන වෙනි වතාවේ ඉදල හිටලා කියන එක තමයි හොඳම(මේ මම වගේ) .

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි මානවක සහෝ.. සහතික ඇත්ත..

      Delete
  33. ඕන ජගතෙක් ඉස්සරහ මම බොන්නෙ නෑ කියල අභිමානයෙන් කියන කෙනෙක් මම.මත්පැන් දුම්වැටි මම කටේවත් තියල නෑ.මගෙ ඒ ප්‍රතිපත්තියට බොන නොබොන හැමෝම ගරු කරනවා

    ReplyDelete
    Replies
    1. මේ කතාවෙ ඉන්නෙ මම කියලා වැරදිලාවත් හිතලද මන්දා? :)

      මමත් ගරු කරනවා ඔබ ප්‍රතිපත්තියක් ඇතිව ජීවත් වන්නෙකු වීම ගැන..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...