5.13.2014

එහෙනම් අතනට දෙකක් දෙන්න

ඔන්න එක්තරා යුනිවර්සිටි එකක ළමයි කට්ටියක් බරටම උද්ඝෝෂණයක්ලු. මේ ළමයින්ගේ උපාධිය සල්ලිවලට විකුණන්න යන එක තමයි උද්ඝෝෂණයට හේතුව වෙලා තියෙන්නෙ. උද්ඝෝෂණය පවත්වලා තියෙන්නෙ අදාළ පෞද්ගලික උපාධියේ සමාරම්භක උත්සවේදිලු.

ළමයි උත්සවේට බාධා කරමින් කෑකෝ ගසමින් ඉද්දි පොලෝසියට මේ ආරංචිය ගිහිල්ලා තියෙනවා. ඔන්න පොලෝසියෙ මහත්තුරු ඈතින් එනවා පේනවලු.

මේ අතර එක කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ කනට කරලා මෙහෙම කියනවලු. "මචං මෙතන හිටියොත් නම් කන්න වෙනවා හිමීට මාරුවෙමු."

"ශේප් එකේ යමාන්. මෙතන හිටියොත් කන්නයි වෙන්නෙ."

දෙන්නා මොකුත් නොදන්න උන් වගේ ටිකක් මෙහාට උනාලු. ඊටපස්සෙ තොල්පටවල් තද කරගෙන එකෙක් අනිකට මෙහෙම කියනවලු. "ඔය එන බස් එකේවත් එල්ලෙමු. අඟුලාන බස් එකක්නෙ."

කොල්ලො දෙන්නා බස් එකේ එල්ලෙනවා. බස් එක අද්දනවා.

"මල්ලිලා කොහාටද?"

"අඟුලානට දෙකක් දෙන්න අයියෙ."

"අයියෝ මල්ලි වැරදි පැත්තෙන් නැගලා තියෙන්නෙ. පාරෙන් පැනලා එහා පැත්තට යන්ඩ. මේක යන්නෙ කිරිබත්ගොඩට"

"එහෙනම් කිරිබත්ගොඩට දෙකක් දෙන්න."

ඉතුරු ටික ඉතින් කියන්න ඕනෙ නෑනෙ.

42 comments:

  1. දැං කාලේ කැම්පස් ළමයින්ට උද්ඝෝෂන වචනේ ඇහුනත් ඇති චූ යන්න. උංගේ කොන්ද කඩලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. වැඩේ කියන්නෙ අනිත් පැත්තෙ එකත් උද්ඝෝෂණ කරපු එකෙක්නෙ.

      Delete
  2. හැක් ,කියන්න දේ තිබ්බත් නොකියා යන එක හොදයි ...

    ReplyDelete
  3. අපෝ හරී උබ පිකටින් වලටත් බයයිද බං... වැඩක් නෑ.. :)

    ReplyDelete
    Replies
    1. මම මේකට ගියෙ නෑ බං. තේරුමක් නැති වැඩක් කියලා හිතිච්ච හින්දා. එවලෙ මම එහෙම කිව්වම නම් උන් මාව කන්න වගේ හිටියෙ. හැබැයි පස්සෙ තේරුනා මම හරි බව.

      Delete
  4. කැම්පස් එවුන් එච්චර බයද!

    ReplyDelete
    Replies
    1. බය? මොන බයද? උපක්‍රමික පසු බැස්ම. :)

      Delete
  5. මඩකලපුව පැත්තේ ඉස්කෝලෙක ළමයි උද්ඝෝෂණයක් පටන් ගත්තා. ක්‍රිකට් මැච් එකකදී බැට් වලින් විකට් පොලු වලින් ගහගත්ත ළමයි වගයක් පොලීසියෙන් අල්ලාගෙන ගිය නිසා ඒ අය නිදහස් කරන්න කියලයි උද්ඝෝෂණය. ගෑණු ළමයිනුත් උද්ඝෝෂණයට එක්වුණා. 'අපේ ශිෂ්‍යයෝ දියව්' කියලා තමයි කෑගහන්නේ. නමුත් එයාලගේ සිංහල උච්ඡාරන ප්‍රශ්න නිසා කියවෙන්නේ, 'අපේ චිච්චියෝ දියව්' කියලයි.

    ReplyDelete
    Replies
    1. මේකට නම් ඉල ඇදෙනකම් හිනා උනා.. :D :D

      Delete
  6. හපොයි විප්ලවේ...

    ReplyDelete
    Replies
    1. විප්ලවේටත් වඩා බස් එකේ ගිය උන් මුන් ගැන මොනා හිතන්ඩ ඇතිද කියලයි කියන්ඩ ඕනා උනේ.

      Delete
  7. ඔය වගේ සටන්කාරයෝ ඉන්නකම් පාලකයින්ට හොද ඇති.

    ReplyDelete
    Replies
    1. මේකෙ ජෝක් එක බස් එකකට නැඟලා ඒක යන ඕනෑම තැනකට ටිකට් ඉල්ලීමයි.

      Delete
  8. ඔක්කොම විප්ලවකාරයො ඔහොම වෙන්න ඇති නේද ? විප්ලවේ අවුල්නම් හම්බෙන ඕනෑම බස් එකක නැගලා යනවා..

    ReplyDelete
    Replies
    1. :) මොන විප්ලවේදීත් මඟ අරින්නො පාවාදෙන්නො ඉන්නවා..

      හැබැයි මෙතනදි නම් කියන්න උත්සාහ කළේ ටිකට් ගැනීමේ ජෝක් එක.

      Delete
  9. කාලෙකින් මේ පැත්තෙ ආවෙ... පසුබිම් රුව වෙනස් වෙලානේ... චාම්.. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඒ කියන්නෙ අක්කා හුඟ කාලෙකින් ඇවිත් නෑ..

      Delete
  10. නියම කතාව. පෙරලුන පිට හොඳයි කියනවා

    ReplyDelete
    Replies
    1. මුං දෙන්නා බස් එකෙන් බහින්න බයේ.. :)

      Delete
  11. //එහෙනම් අතනට දෙකක් දෙන්න //

    මං හිතුවා උබ කෑල්ලගෙන් කිස් දෙකක් ඉල්ලුවා කියලා.

    ReplyDelete
  12. අපේ හරි, අපිට අරී

    ReplyDelete
    Replies
    1. මම කලින් වැඩ කරපු තැනක හිටියා රීටා කියලා වයසක ගෑනු කෙනෙක්. බැඳලා නෑ.. ඉතින් අපි කිව්වේ "රීටා කෙලී" කියලා. එයාටත් අපි මේ වගේම කිව්වා "රීටා කෙලී, අපිට කෙලී "කියලා.. හෙහ් හෙහ්

      Delete
    2. එතකොට අපි කියනවා මෙහෙම..
      අපෙ සෙන්නා
      රීට ට ඇන්නා

      ඕ යේස් !!

      Delete
    3. ඔක්කාරෙට ආවා බොල මේක දැකලා.. එතකොටත් හැටට කිට්‍ටුයි රීටා කෙලීට... :D

      Delete
    4. @Anonymous,
      අයියෝ මචං උඹ පෝස්ට් කීපෙකම එකම කමෙන්ට් එක දදා යනවනෙ.

      පත්තර මල්ලි, සෙන්නා,
      :D

      Delete
  13. දැන් කොහොමත් උද්ගෝශණ වෙනවනම් ඔහොම මාරු වෙලා යන එකම තමා හොද..

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙ උද්ඝෝෂණ ඉවරවෙන්නෙ එකෙක් දෙන්නෙක් වලපල්ලට ගිහින්නෙ.. හැබැයි එතකොට නෑයන්ට මාමාගෙන් තෑගි ලැබෙනවා.

      Delete
  14. හපොයි මෙහෙමත් බයගුල්ලෝ. පිරිමි ලමයි ගෑනු ලමයින්ට වඩා බයයි කියන එක මේ කතාවෙන් ඔප්පු වෙනවා...:D

    ReplyDelete
    Replies
    1. පොලෝසිය නෑවිත් කැරපොත්තෙක් හරි මකුළුවෙක් හරි ආවා නම් බලාගන්න තිබ්බා. :D

      Delete
  15. ස්තුතියි! අනිත් සින්ඩිවලට සාපේක්ෂව මේකෙ තියෙන වෙනස මොකක්ද? තවත් එක සින්ඩියක් නම් වැඩක් නැතිවෙයි.

    ReplyDelete
  16. හික්ස්.. කනවට වඩා මාරු වෙන එක සැපයි

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉතින් වැදගත් විදිහට කරන්න එපායැ..

      Delete
  17. ඔය ගිය දෙන්නාගෙන් එක්කෙනෙක් හරී ද? :P

    ReplyDelete
  18. සමහර වෙලාවට රැවුලයි කැඳයි දෙකම බේර ගන්න ඕන නිසා හරීට යාළුවටයි වුනු වැඩේට මම නං හිනා වෙන්නෑ ඔන්න..

    ReplyDelete
    Replies
    1. හොහ්.. හෝ.. මම ඔය උද්ඝෝෂණයට ගියෙ නෑ අක්කේ.. බොරු වැඩක් කියලා නිකම් හිටියා.. මොරාල් අප් වෙච්ච එවුන් මාව කන්න තරම් තරහෙන් හිටියෙ.. පස්සෙ එක එකාගෙ පන්ති තහනම් වෙන්ඩ ගත්තමයි උඩ බැච් වල අය තමුන්ව කඩේ යවපු බවයි තේරෙද්දි උන්ගෙ තරහා මරහා අමතක උනා..

      Delete
  19. ඉතින් දෙන්නත් එක්ක කිරිබත්ගොඩ ගියාද? :)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ කිරිබත්ගොඩටම ගිහින් නෑ මගින් බැහැලා..

      Delete
  20. Replies
    1. පොහ්.. බය??? උපක්‍රමික පසුබැස්ම..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...