6.10.2014

නම නොදන්න ගහ

වෙලාව උදේ හයට විතර ඇති. මට එකපාරටම ගැස්සිලා ඇහැරුනේ කන ගාවම කන පැලෙන්න කුරුල්ලො කෑගහනවා ඇහිලා. මුන්ගෙ තියෙන කන්කරච්චලේ මිනිස්සු මොකට කුරුල්ලන්ගෙ සද්ද අහන්න කුරුල්ලො බලන්න 'කුමන' ගාටනවද මන්දා? මම හිතින් බැන බැන නැගිට්ටා. මොකද සද්දෙ බලන්න ජනේලෙ ඇරියා. ජනේලේ ළඟම තියෙන නම නොදන්න ගහේ කුරුල්ලො ගොඩාක් වහලා එක එක ජාතියෙ උන්. උන්ට උදේ පාන්දරම හොඳ කෑමක් ලැබිච්ච චිත්ත ප්‍රීතියටද කොහෙද කනවට වඩා කෑමොර දෙනවා. කන එකක් කටවහගෙන කාපියව්කො.

නම නොදන්න ගෙඩි
අඹ කොට්ටෝරුවෙකුයි, කොහෙකුයි, මයින් ජෝඩුවකුයි, බට්ටිච්චෙකුයි පොඩියට තියෙන නම නොදන්න ගහේ වහලා හිටියෙ එකම පවුලෙ සාමාජිකයො වගේ. මගේ තරහා එහෙමම නිවිලා ගියා උන් සමඟියෙන් බෙදාහදාගෙන කන හැටි දැකලා.  චුට්ටක් බලාගෙන හිටපු මම හිමීට මගේ ජංගමේ ලංකළේ ඔයාලට පෙන්වන්න පින්තූරයක් ගන්න. ඒත් පැහැදිලිව ඒක මානගන්න මට පුළුවන් උනේ නෑ. උන් ඉන්නෙ හිතනවාට වඩා දුරින්. ඔන්න ඔය වෙලාවට තමයි කැමරාවක අගේ දැනෙන්නෙ. ඉතින් ඒ මිහිරියාව මට තනියම විඳින්ට වෙච්චි එක ගැන නම් කණගාටුයි.

නම නොදන්න මල් හා කොළ
උන් ගියාට පස්සෙ මම ගහ ළඟට ගිහින් ගහේ පින්තූර කීපයක් ගත්තා. විශේෂයෙන්ම මේ ගහ එච්චර ප්‍රසිද්ධ නැති නිසාත් ගහ මොකක්ද කියලා දැනගන්න උවමනාවක් මට තිබ්බ නිසාත්. මේ පැළය අපේ අම්මලා ගෙනල්ලා තිබ්බෙ යාලුවෙකුගෙ ගෙදරකින්. ඒගොල්ලො කිව්ව හැටියට හිටවලා තියෙන්නෙ ඉතාලියෙ ඉඳන් ගෙනාපු පළතුරක ඇටලු. ඒගොල්ලොත් නමක් කියන්න දන්නෙ නෑ.  ඒ ගේ ඉස්සරහා රතුපාටින් බබලමින් තිබ්බ ගහ දැකලා තමයි අම්මලා පැළයක් ගෙනත් තිබුනේ.

 ගහේ විස්තර කියනවා නම් පුංචිම පුංචි කහපාට මලක් පිපෙනවා ඔය පින්තූරෙ විදිහට. ඊටපස්සෙ කොළපාටින් මතුවෙන ගෙඩි ටික කලකින්ම තැඹිලි පාට වෙනවා. මුලදි නම් හයියයි. ඒත් ඉදුනම අතින් පොඩි කලහැකි තරමට පිටි පිටි ගතියයි හරියට ලාවුළු වගේ. ඉදිච්ච ගෙඩි රතුම රතුයි. දොඹ ඇටයක් තරම් ලොකු ඇති. 

ගෙඩි ඉදෙන කොට කුරුල්ලන්ගෙන් පුදුම ඉල්ලුමක් තියෙන්නෙ. සමහරු නම් කිව්වා ඒවා කොලෙස්ට්‍රෝල් වලට හොඳයි කියලා. සමහර විට දියවැඩියාවට අරවා හොඳයි මේවා හොඳයි කියන ජාතියෙ විසඳුමක් වෙන්න පුළුවන්. පුදුමයට කාරණය ගහේ නමවත් නොදැන ලෙඩකට හොඳ බව දැනගෙන ඉඳීම. කුරුල්ලොත් ඒක දැනගෙන වෙන්නැති.

ගහ මොකක්ද කියලා දන්න කවුරුහරි ඉන්නවා නම් තොරතුරක් දෙන්න බලන්න .

47 comments:

  1. ME THAMI ' APRICOT ' ME DAWAS WALA GEDI PIRILA, EWA KANNA EKA EKA JATHIYE
    KURULLOTH PIRILA. MAGE NIWASA LANGATH GAS 2K THIYANAWA.

    ReplyDelete
    Replies
    1. ගෑස් 2 කේ තියනවානම් සෑහෙන කාලෙකට ඇති.

      Delete
    2. @Anonymous6/10/14, 8:12 PM,
      පහළ එක්කෙනෙක් කියලා තියෙන විදිහට මේ ගහ 'පීනට් බටර් පෘට්' කියන ජාතිය. ඇප්‍රිකට් කියන්නෙ කහපාට ගෙඩි ජාතියකට නේද? ස්තුතියි.

      @Anonymous6/11/14, 12:15 AM,
      ගෑස් නෙමෙයි ගස්.. :)

      Delete
  2. ගහ දන්නා අයට කොළ කඩා පානවා කියන කියමන විතරයි මතකයට ආවේ. මටනම් මේ පින්තූර වලින් කිසිම අදහසක් ආවේ නැහැ. හරියට මාදං වල ප්‍රභේදයක් වගේ.

    ReplyDelete
    Replies
    1. මාදං තරම් චූටි නෑ.. ඒවගේම මේ ගෙඩියෙ ලොකු ඇටයකුත් තියෙනවා.. ගහ දන්න අයට කොළ පෙන්නලා තමයි ගහ මොකක්ද කියලා අහගන්න ඕනා..

      Delete
  3. කුරුල්ලො කනව නම් ඔය ගෙඩි වස විෂක් නැතුව ඇති. කාල බැලුවෙ නැත්ද?

    මට නම් ඔය ගහ කොළ ගැන වැඩි අවබෝධයක් නෑ. බේතකට හරි ගහක් හොයා ගන්න ඕන උනොත් වයසක මනුස්සයෙක්ගෙන් තමා හරියට දැනගන්නෙ. තව කාලයක් යද්දි ගහකොළ ගැන දන්න මිනිස්සු ගම්වලවත් නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. එයි මදුරු නාෂකයා උබව දැක්ක කල්

      Delete
    2. @DDT,
      අපේ මල්ලි කාලා බලලා කිව්වා චුට්ටක් ඇඹුලයි කියලා.. මම නම් කන්න ගියේ නෑ.. කන්න ආසා හිතෙන පෙනුමක් තිබ්බෙත් නෑ.. මොකද මම ඉදිච්ච වේරළු කන්නත් ආසා නෑ..

      ගොඩක් පැළෑටි වඳවෙලා ගිහින්.. තියෙන එව්වත් අඳුරන අය බොහොම අඩුයි.. කාලයක් යද්හ්ඩි මිනිස්සුන්ට දැනගන්නවත් ගහකොළ නැතිවෙයි..

      මැලේ රාළ කියනවා වගේ DDT දැක්කෙ බොහොම කාලෙකින්..

      Delete
  4. Common Name: Peanut Butter Fruit
    Botanical Name: Bunchosia armeniaca

    http://en.wikipedia.org/wiki/Bunchosia_argentea

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දැන් දන්නවා ගහේ නම. විකිපීඩියා පිටුව කියනවා මේ ගස් ඇතිවෙලා තියෙන්නෙ වෙනිසියුලාවෙලු. ඊට පස්සෙ මම අඳුරන වෙනිසියුලානුවෙක්ගෙන් ඇහුවම නම් දන්නෙ නෑ කිව්වා. හොයලා බලලා කියන්නම් කිව්වා.. මේක තමයි ගහ හරියටම හරි.

      Delete
  5. කුරුල්ලො කොච්චර සද්දෙ දැම්මත් සින්දු කියන්නෙ පොල්කිච්චා කියල මං දැනගත්තෙ ලඟදි.. මං ඉන්න තැන වටේට ඉන්නෙම පොල්කිච්චො..

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කා ඒ හතර වටේම පොල්කිච්චෝ ඉන්නවා.

      Delete
    2. @සරත් ලංකාප්‍රිය,
      මම සංගීතය කරද්දි ඉගෙන ගත්තා කුරුළු ලෝකේ මිහිරිතම ගායකයා පොල්කිච්චා බව. Oriental Magpie-Robin කියලනෙ කියන්නෙ. ඒත් පොල්කිච්චෙක් දැක්කම මූසලයි කියලා පන්නගන්නවනෙ..

      Delete
  6. කුරුල්ලන් blood test එකක් කරලා බලමු

    ReplyDelete
    Replies
    1. කොලෙස්ට්‍රොල්ද කියලද? :)

      Delete
  7. Apricot කියල තමයි අපි කියන්නෙ. කොලෙස්ටෙරෝල් වලට බේතක් කියලත් කියනව, හරීලගෙ පැත්තෙ කුරුල්ලන්ට කොලා ඇති ඒකයි පොරකකා කනව ඇත්තෙ. :-D

    ReplyDelete
    Replies
    1. අප්රිකොට් වලට මීට වඩා රවුම් හැඩයක් නේද තියෙන්නේ...?

      Delete
    2. @කම්මල,
      කොලෙස්ට්‍රෝල් වලට බේතක් බව මමත් අහලා තියෙනවා. ඒත් ප්‍රශ්නෙ නමවත් හරියට නොදන්න මිනිස්සු ඒක බේතක් බව දන්නෙ කොහොමද කියන එකයි.. ඇප්‍රිකට් නෙමෙයි. හරි නම දැනගන්න පුළුවනි සමහර කමෙන්ට් වලින්.

      @සයුරි,
      මේ ඇප්‍රිකට් නෙමෙයි.. ඇප්‍රිකට් කියන්නෙ මෙන්න මෙව්වට.

      Delete
  8. අයියෝ ඔය ගහ අදුරන්නේ නැත්ද බන් ... අපේ පැත්තෙනම් හේනට තියෙනවා .... මොනවද මන් බොලා ඉස්කෝලේ ගිහිල්ල නැද්ද... අපිනම් පොන්චි කලේ ඉඳන්ම ඔය ගහ මොකද්ද කියලා දන්නවා

    ReplyDelete
    Replies
    1. ඔව් බං මැලේ ඉස්සර අපේ ඉතාලියේ ගෙදර මිදුලෙත් ඔය ගස් හරියට තිබ්බා.අපිත් සුට්ටී කාලේ ඉඳන්ම ඔය ගහ ගැන දන්නවා.

      Delete
    2. @S. L. මැලේ රාළ, Manoj Fernando,
      උඹල වගේ උන්ව ආශ්‍රය කරන්ඩ ලැබිච්ච එකත් සන්තෝසයි බං.. පොඩි කාලෙ ඉඳන් කොච්චර දැනුම් තේරුම් තියෙන මිනිස්සුද හැබෑට.. :)

      Delete
  9. නරකද කුරු‍ල්ලෙක් අල්ලගෙන ගහේ නම අහල බැලුවොත්.

    ReplyDelete
    Replies
    1. ඒ අදහසත් නරක නෑ.. අවුල තියෙන්නෙ උදේට නැගිටින එකයි.

      Delete
  10. //ඉතාලියෙ ඉඳන් ගෙනාපු පළතුරක ඇටලු//සමහරු නම් කිව්වා ඒවා කොලෙස්ට්‍රෝල් වලට හොඳයි කියලා//

    hangover එකටත් හොද නම් පත්තර මල්ලි දන්නව ඇති

    ReplyDelete
    Replies
    1. ඒකට හොඳ දෙහිනෙ.. :)

      Delete
  11. definitely not apricot fruit.

    ReplyDelete
  12. This should be one of Bunchosia plant,species name can be find if you check and compare the leaf anotomy with following reference .http://www.arthurleej.com/p-o-m-May11.html

    here the key points :Bunchosia Armeniaca leaves are hairless, while the Bunchosia argentea leaves are densely silky with hairs.but Bunchosia glandulifera leaves contain glands on lower surface.
    your pictures are not clear enough to say the complete scientific name.but it is not apricot,it is a plant under the acerola family, Malpighiaceae.Apricot is belongs to family Rosaceae genus Prunus.
    you will find the species name by refering the link easily.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක හරිම වැදගත් බොහොම ස්තුතියි. ලින්ක් එක වගේම විස්තරයත් බොහෝම වටිනවා.

      දැන් රෑ නිසා හරියටම කුමන වර්ගයෙ ගහක්දැයි හොයාගන්න පේන්නෙ නෑ.. උදෙන්ම බලලා කියන්නම්කො..

      Delete
  13. මම දෙන්නද මරු අයිඩියා එකක්...දවසක උදේම නැගිට්ට ගමන් කුණුකෙළ පිටින්ම ගෙඩි දෙක තුනක් ඇද බාපං...මලේ නැත්තං...පහුවදාට පොඩි මේස කෑල්ලක් ගේ ලග අටවලා ගෙඩිය 100 ගානෙ විකුණපං...ලොකු බඩවල් මට්ටු කරන කදිම ඖෂදේ ඉතාලියෙන් කියලා....

    ReplyDelete
    Replies
    1. මලේ නැත්නම්නෙ.. වැරදිලාවත් මලොත්.. :)

      Delete
  14. හරී පරිසර විරෝධියෙක් නේද ? මමනම් හරිම ආසයි ගේ වටේ ඉඳන් කුරුල්ලො කෑගහනවට.. මට කවම කවදාවත් ඒක කරච්චලයක් කියලා නිකමටවත් හිතිලා නෑ..

    මේ ගහගැනනම් මම දන්නේ නෑ.. ඔය වගේම නම නොදන්න ගහක් ඉස්සර අපේ වත්තෙ තිබුනා.. දම්පාට මල් එන යෝධ ගස් ජාතියක්.. ඒකල ජනපදය පැත්තේ තාමත් තියනවා ඒ ගස් පාර දිගේ..අදටට් හේ ගහේ නම මම දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මටත් තාමත් හිතිලා නෑ කුරල්ලන්ගේ කෑ ගැහිල්ල කරච්චලයක් කියලානම්. හරී ඒක කියලා තියන විදියට හිනා යනවා හැබැයි..මම කෑම එහෙම දීලා බලෙන් කුරුල්ලෝ ගෙන්න ගන්න ජාතියේ එක්කෙනෙක්;

      සෙන්නා පින්තුරේ මාරු කරගෙන වගේ...

      Delete
    2. ඕ යෑස්.. අවුරුදු තුනකට පස්සෙ මාරු කළා...ටීචර්.. :D

      Delete
    3. සෙන්නා ' Plastic surgery ' කරලා තියෙන්නේ හී හී...

      Delete
    4. @සෙන්නා,
      සෙන්නාට මම පරිසර විරෝධියෙක් කියලා හිතෙන්න ඇත්තෙ කලින් පෝස්ට් එකක අම්මලාගේ ගස් වැවිල්ලට විරුද්ධව කථා කළ නිසාත් වෙන්න ඇති. ඒත් මම පරිසර විරෝධියෙක් නෙමෙයි. එක කාලෙක මම වත්ත පුරාම එළවළු හිටෙව්වා.. ගස් හිටවන වැඩේදි උනත් මම කිව්වෙ ප්‍රායොගිකව වත්තේ ඉඩ ප්‍රමාණයට ගැළපෙන තරමේ ගස් හා ඉඩමට ගැළපෙන තරම් ගස් සංඛයාවක් හිටවන්න ඕනා කියලා. මට හිතෙන්නෙ සෙන්නලාගෙ ගෙවල් පැත්තෙ දෙමලිච්චෝ නැතිව ඇති..

      රොබරෝසියා ගස් ගැන නේද කියන්නෙ? මීට කාලෙකට කලින් බොහොම ලස්සනට පාර දෙපැත්තෙ තිබුන ගස් පොළක් හදන්න ගලෝලා.. දැන් තියෙන්නෙ එක පේළියයි..

      @සයුරි,
      …මමත් කුරුල්ලන්ට කෑම වතුර තියලා තියෙනවා කාලෙකට කලින්.. ඩෙංගු බලන්න එන මිනිස්සු කෑගහනකොට තමයි ඒක නැවැත්තුවෙ.. හැබෑටම සයුරිලාගෙ ගෙවල් පැත්තෙ දෙමලිච්චො නැද්ද? දෙමලිච්චො ආවම බලන්නකො පොඩ්ඩක්..

      Delete
    5. ඒකත් එක හේතුවක් තමා.. මම හිතුවේ හරීට ගස්, කුරුල්ලෝ පෙන්නන්න බැරුව ඇති කියලා.. දෙමළිච්චො ඉන්නවා හරී.. මම නම් උන්ගෙ කච බචේට මනාපයි...

      අර ගස් වල්ට කියන්නේ රොබරෝසියා කියලද ? ඔව් මේ හරී දීලා තියන ලින්ක් එකේ තියන ගස් තමා.. ස්තූතියි නම කිව්වට..

      Delete
  15. මමනම් ඔය පලතුර දැකලාම නෑ. ඉතාලියේ ඇත්තොන්ගෙන්ම අහගත්තොත් තමා හොඳ

    ReplyDelete
    Replies
    1. ඇනෝ පාඨකයෝ කීපදෙනෙක් හරියටම ගහ අඳුනාගත්තා. ඒ අය ඉතාලි කිව්වට මේක ලතින් ඇමරිකානු ගහක්..

      Delete
  16. උදේම නැගිටිනකොට කුරුල්ලන්ගේ සද්දේ අහන්ට පුලුවන් නම් කොච්චර එකක්ද හරී...:)

    ReplyDelete
    Replies
    1. කොච්චර එකක්ද කියන්නෙ?? එතකොට \ඇහැරෙන්න ඕන වෙලාව ලංවෙලා කියලා තේරෙනවනෙ.. :(

      Delete
  17. //පුදුමයට කාරණය ගහේ නමවත් නොදැන ලෙඩකට හොඳ බව දැනගෙන ඉඳීම. //

    ගම්වල ඉන්න අති පණ්ඩිතයන්ට ටොකු අනින්න එපා හරී..!!

    ReplyDelete
    Replies
    1. ගම්වල පණ්ඩිතයො ගැන නම් කියලා වැඩක් නෑ.. බොහෝම අමාරුවෙන් උපෙ පාස්වෙලා. ඒ අතරිනුත් වෛද්‍ය විද්‍යාලෙට තේරිලා උපාධි අරන් එන්නෙ මොකටද හිතෙනවා ගම්වල අත්බේත් දැක්කම.. අර ලෙඩේට අරක හොඳයි මේක හොඳයි කිය කිය කොච්චර ජාති කනවද? වැඩිපුරම බේත් දෙන්නෙ දියවැඩියාවට..

      Delete
  18. නම දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. පීනට් බටර් පෘට්

      Delete
  19. පැලයක් දෙන්න බැරි ද හරි? :)

    ReplyDelete
    Replies
    1. පැල එකට දහයක් දෙන්නම් නොමිලේ.. කොහොමද ගන්නේ?

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...