9.06.2014

GPS, මාව කාපන්

වාහනේ ගත්තු මුල්ම කාලෙ මට හරිම ආසයි එහෙ මෙහෙ ඇවිදින්න යන්න. වෙනදා වගේ බස් එනතුරු ඇස් කැඩෙනකම් බලාගෙන ඉඳලා බස් එකට නැගලා ඉල ඇට කඩාගෙන ගෙදර යන්න ඕනා නෑනෙ දැන්. කොහෙහරි යන්න හිතුනා නම් එවලෙම ගියා. ඒත් ඒක එහෙමම නොවෙන්නෙ වාහනේ ඉස්සරහට යන්න යන්න ඉන්ධන මට්ටම පෙන්වන කට්ට පස්සට පස්සට  එන හින්දා. හරි හරි ඉතින් වාහනේ පස්සට යද්දිත් පෙට්‍රල් පිච්චෙනවා තමා. ඉස්සරහට ගිහින් හරි පස්සට ගිහින් හරි ඒ කට්ට පස්සට ගියාම ආයෙත් ඉස්සරහට යවන්න උනාම තමයි ඇවිදීමේ රඟේ තේරෙන්නෙ. මුල්ම කාලෙ ඒකත් එච්චර අවුලක් නෑ. ආසාවනෙ. සෙනසුරාදා දවස් බාගෙන් වැඩ ඉවරවුනාට පස්සේ ඔහේ කොහේහරි රවුමක් යන එක පුරුද්දට ගියා. ඒ වගේ දවසක ගම්පහට ආපු වෙලාවක තමයි 'හොරගොල්ල ජාතික උද්‍යානය' බලන්න සිහියට ආවෙ.

හොරගොල්ල ජාතික උද්‍යානයට යනවා කිව්වට පාරක් තොටක් මොකුත් දැනගෙන හිටියෙ නෑ. 'හොරගොල්ලට යන්න දන්නවනෙ ඉතින් ජාතික උද්‍යානය හොයාගන්න එක කජ්ජක්ද?' කියලා හිතුවා. හොරගොල්ලට ආපුවම තමයි ඒකෙත් රඟේ තේරුනේ. අහන අහන මෙලෝ එකෙක් එහෙම එකක් දන්නෙ නෑ. අන්තිමේදී එකෙක් කිව්වා පාරක යන්න කියලා. ඉතින් බොහොම සන්තෝසෙන් ඒ පාරෙ ගියා. ඒත් යනවා යනවා. මොන??

පස්සෙ කඩයක් ගාව නවත්තලා අහපුවාම අපි පහුකරන් ඇවිත් කියලා ආපහු යැව්වා. බලද්දි එතන පුස්තකාලයක් මිසක් ජාතික උද්‍යානයක් නෑ. පස්සෙ එහෙට මෙහෙට අහලා අහලා නහුතෙට තදවෙච්ච පාර කෙලින්ම ගෙදර ආවා. එහෙම ඇවිත් තමයි මාරයාගේ පෝස්ටුව බැලුවේ.

ඊළඟ සෙනසුරාදා වෙනකොට පාර එහෙම හොඳටම දැනගෙන ලෑස්ති උනා මේ පාරනම් හොරගොල්ලෙ උද්‍යානෙටම පාගනවා කියලා. ගූගල් අයියාගෙන් අහගෙන ගිය පාරට හැරුනා. වාහන දෙකක් යාන්තටම මාරුවෙන්න පුළුවන් පටුම පටු පාරක්. කමක් නෑ කියලා ඉස්සරහට ගියා කියමුකො. මෙන්න අලි කන්දක්. කන්දක් නම් කමක් නෑ. ඒ පාර හරහා වතුර ගිහින් තාර පාර තනිකරම කළු ගල් ගොඩක් වෙලා. මම හිත හදාගෙන වාහනේ ගල්ගොඩට දැම්මා. ඒත් එයා ඉස්සරහට ගියෙම නෑ. මඟක් යනවා නතර වෙනවා. ඔය විදිහට දෙතුන් පාරක් උනාම වැඩේ හරියන්නෙ නැති බව තේරුනා. හරවගත්තා කෙලින්ම ගෙදර. (අද මාරයාගේ පෝස්ටුව බලද්දි තේරුනා ඒ පාරත් හරිම පාර නොවන බව :P )

ඔය එන අතරවාරෙදි තමයි කලින් සැරේ පාර අහ අහා ඉන්නෙ නැතිව GPS පාවිච්චි කරන්න පුළුවන්කම තිබුනා නේද කියන එක ඔලුවට ආවෙ.

"දන්න පාරක් තියෙද්දි උනත් GPS පාවිච්චි කරලා කෙටි පාරවල් හොයාගන්න පුළුවන්. අපිට යන්න ඕනා තැනට තියෙන දුර වගේම එතනට යන්න ගතවෙන කාලය ඔක්කොම පෙන්වනවා. කොච්චර ලේසිද?"

"අනික Map app එකෙන් හරි Navigation app එකෙන් හරි ලේසියෙන්ම අපි යන පාර ටුක් ටුක් ගාලා බලාගන්න පුළුවන්."

"ඔව්. හැබැයි පොඩ්ඩක් අවුල් නේද?"

"මොකක්ද?"

"සද්දෙ"

මේ විදිහට GPS ගැන පැහැදුනත් නඩේගුරා ඩොට් කොම් ලියපු දිනේෂ් ඩෙකර්ලා කෙටි පාරකින් පොල් වත්තකට ගිය හැටිත් වෙනී අයියලා මළ ගෙදරක ගිය හැටිත් මම අහලා තිබුනා.

ඊළඟ සෙනසුරාදා ඔන්න GPS වලින් පාර හොයාගෙන අපි ටුක් ටුක් ගගා ගම්පහ ගියා. කෙටි පාරකින් එන්න ලැබුනා. අවුලකට තිබ්බෙ Navigation වල ඊතලය ගමන් කරන දිශාවටම යොමු නොවී තිබීම. ඒක නිසා කල්පනාවෙන් නොබැලුවොත් හන්දියකදී හැරෙන පැත්ත වරදින්න පුළුවන්. එහෙම වැරදීම් කිහිපයකින් පස්සෙ GPS ඕනෑ නෑ කියන තත්වයට ආවත් ඊතලය තිතක් විදිහට හිතුවානම් ප්‍රශ්නය නිරාකරණය වෙයි කියන තැනට ආවා.

ඊටත් පස්සෙ සතියෙ අපි ඔක්කොම කට්ටිය කෙටි වන්දනා ගමනක ගියා. හැමදාම ගිහින් පුරුදු දන්න කියන පාර තිබ්බත් GPS වලින් කෙටි පාරක් හොයාගෙන යන එක පොඩි සතුටක් වගේ. ඉතින් ඔන්න එදාත් GPS අයියාගේ උදව් අපි ඉල්ලුවා. GPS පාවිච්චි කරලා කෙටි පාරකින් යමු කියද්දි කෙටි පාර දන්න බව තාත්තා කිව්වත් එක්ක. කමක් නෑ GPS ඊට වඩා කෙටි පාරක් දන්නවා ඇතිනෙ. අපි එයාගෙ පිහිට පැතුවා.

මෙන්න එයා ශෝක් ළඟ පාරක් පෙන්වනවා. ඔන්න අපිත් එයා පස්සෙ එලවනවා. ප්‍රධාන පාරෙන් පැනලා එයා අතුරු පාරවල් දිගේ යනවා. අපි එයාගෙ පස්සෙ පන්නනවා. ජීවිතේට ගිහින් නැති පාරවල් වල එයා අපිව එක්කගෙන යනවා. ටිකක් වෙලා යනකොට තමයි අල්ලගත්තු කොටි වලිගෙ තරම තේරුනේ. GPS යන්නෙ කඳු, පල්ලම්, බෝක්කු, වංගු පිරිච්ච පාරක. යනවා යනවා ඉවරයක් නෑ වගේම. කැඩිච්ච පාර හින්දා ගාටන්නත් උනා.

අන්තිමේදී කැරකිලා කැරකිලා ප්‍රධාන පාරට මතු උනාම තමයි යන්තම් යන්න පුළුවන් උනේ. තාත්තගෙ මූණ බලන්නත් බෑ වගේ. ආපහු එද්දි තාත්තා කියපු පාර දිගේ කෙලින්ම ආවා. පැය කාලකට වඩා ගිය කෙටි පාරට වඩා දුර පාරෙන් විනාඩි දෙකයි.

මට යක්ස තරහයි වෙච්චි දේට. කඳු පල්ලම් තියෙන පාර උඩින් බලලා කෙටියි කියලා GPS හිතන්න ඇති. ඒකයි වරදින්න ඇත්තෙ. මම ඌට සමාව දෙන්න හිතාගෙන නිකමට ටවුන් එකේ ඉඳන් ගෙදරට එන පාර බැලුවා. මූව කොටියාම කන්න එපායැ. ඒ පෙන්වන කෙටිම පාරෙන් එන්න බෑ. ඇලකින් වෙන්වෙච්ච පාරවල් දෙකක් මූ එකක් කියලා පෙන්වනවා. ඒ පාරෙ එන එකාට බෝට්ටුවකුත් අරන් එන්න වෙන්නෙ ඇලෙන් පනින්න.

එහෙම තියෙද්දිත් ලජ්ජා නැතුව මම ඊයෙත් පාරක් අහගත්තා. ගමන ගිහින් ඇවිත් බලපුවම ඊට වඩා ළඟ පාරක් තිබිලා. මූ මාව වටේ ඇරලා.

GPS, මාව කාපන්. ආයෙ නම් උඹෙන් පාරවල් අහන්නෙ නෑ. ඊට වඩා හොඳයි පාරෙ යන හරකෙක්ගෙන් අහනවා.

75 comments:

  1. Replies
    1. @ සෙන්නා,
      අන්න නියම වචනේ.

      Delete
    2. හරියට හොද වැඩේ...
      සෙන්නගෙ වචන ටික නං පට්ට

      Delete
  2. ඊ තලේ පැත්තට දිගටම ගියානං හරි එන බාධක ගැන බලන්නැතුව.. ගස් ගල් උඩින්, ගෙවල් දොරවල් උඩින්.. යාන වාහන උඩින්, ඇළ දොල ගංගා හරහා.. යනාදී වශයෙන්.. මට මතක විදියට Mr Bean ඒ වගේ ගමනක් ගියා.. එහෙමම නැතත් ඊට ආසන්ක ක්‍රමේකින් තමයි ගමන් කරන්නේ.. හැබැයි handheld gps කබලක් ගන්න වෙනවා

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. @විදානේ,
      මට මතක හැටියට එතනදි පාවිච්චි උනේ GPS නෙමෙයි. මාලිමාව යම් නගරෙකට එල්ල කරගෙන ඒ දිගේ ආවා වගෙයි මතක. ඒකේන් මේකෙන් අපි කැඩෙටින්ග් කරද්දි කොම්පාසු පිටිපස්සේ ගිය හැටි මතක් උනා.

      ජය වේවා!

      Delete
  3. ඔය අවුලට වොලන්ටරි මැප් මෙකර්ලත් වගකියන්න ඔන. සැට් ඉමෙජ් එක බලාගෙන ජීවිතයට ගියපු නැති පාරවල් අඳිනවා ස්ටේටස් ඉහල දාගන්න, ඒ පාරවල් වල යන්න බැරි බව එයාල දන්නේ නැති වුනත් 40 -60 වගේ ඩීෆොල්ට් වේග දෙනවා

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ එහෙම වෙන්න ඕනෙ. ඔය විදිහට මැප් ඇන්ඳම හම්බෙන ප්‍රතිලාභෙ මොකක්ද?

      මම අපේ ගෙවල් අහල පහල ආයෙ උවමනාවෙන් බැලුවා. ළඟ තියෙන කර්මාන්තපුරේ පාරවල් ප්‍රධාන පාරත් එක්ක සම්බන්ධ නොවී තාප්පෙන් වෙන් වෙලා තියෙන්නෙ. මැප් එකට අනුව ඒ පාරවල්වලත් ගියෑකි.

      Delete
  4. ඇනෝ කිවුවා වගේ ඕක තනිකරම map making වල වැරැද්ද.. හරිහමන් වගකීමක් නැතුව maps ඇන්දහම ඔහොම වෙනවා.. අනික් දේ තමා sat nav software එක නිතර update එකේ තියාගන්ට ඕන.. හැබැයි ඉතිං පාරවල් කැඩෙන-හැදෙන හැටියට maps update කරනවද කියන එකත් ප්‍රශ්නයක්..

    ReplyDelete
    Replies
    1. කැඩෙන හැදෙන එක අමතක කරමුකො බුරා අයියා. අඩුමගානේ සම්බන්ධ වෙලා නැති පාරවල් ඒ විදිහට තියෙන්න එපායැ.

      මේ ළැඟදි ඉඳන් යන යන හැමතැනම පාරවල් හදනවානෙ. හදපු පාරවලුත් ආයෙ හදනවා. පුදුම සංවර්ධනයක් මේක. :P

      Delete
    2. මම හිතන විදියට ඔතන වෙන්නෙ හරී ගූගල් අර්ත්/ ගූගල් මැප්ස්වලින් එන සැටලයිට් ඉමේජස් බලාගෙන රෝඩ් මැප් අඳින්ට යාමක් වෙන්ට පුළුවන්.. ඔයා අර උඩ ඇනෝට දීලා තියෙන උත්තරෙන් පේන්නෙ එහෙම දෙයක් වෙලා කියලා තමා.. අර වෙන් වෙන් පාරවල් දෙකක් එකක් කියලා පෙන්නන්නෙත් ඒක තමා..

      Delete
  5. මමනම් හිතන්නේ ඔය ජීපීඑස් කෙලිය සඳහා තවම ලංකාවේ නිවැරදි දත්ත ඇතුලත් වෙලා නැහැ. යුද්ද කාලේදී ඔව්වා පාවිච්චි කරන්න ගිහින් තව පොඩ්ඩෙන් 'කොටියා කාලා' තමයි නවතින්නේ. සමහර සිතියම් එක්ක ඕකත් ඇන්න ගියාම, මන්නාරම බැලුවම පෙන්නන්නේ මඩකළපුව.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා බැරිද මැප් ගැන රටතොට දන්න කෙනෙක් විදිහට මැප් අප්ඩේට් කෙරුවාවට දායක වෙන්න, ඒකට වගකීමක් ඇති උදවිය ගේ දායකත්වය අවශ්‍යයි. www.google.lk/mapmaker තමයි සයිට් එක. එතකොට; අසමි දකිමි සොයමි සහ කරමි වෙන්න පුළුවන්.

      Delete
    2. @ Anonymous9/6/14, 11:56 PM

      බොහොම ස්තුතියි ඔබේ යෝජනාවට. නමුත් මා හිතනවා ඒ කාර්යය සඳහා මගේ සුදුසුකම් ප්‍රමාණවත් නොවේයයි කියා. කෙසේ වෙතත් ඔබ ලබාදී තිබෙන ලින්ක් එකෙන් ගිහින් බලන්නම්.

      Delete
    3. @Wicharaka,
      කොටියා නොකා බේරුනා ඇති. පාරවල් වැරදුනාම අඩුම ගානෙ ආපහු ආවැකි. ඒත් කොටියා කෑවොත්.

      මම හිතන්නෙ ලංකාවෙ මිනිස්සු මොකක් හරි අලුත් දෙයක් ආවාම ඒක ගැන චුට්ටක් දැනගෙන මහා ලොකුවෙන් තමයි කතා කරන්නෙ. මට මතකයි එක කාලයක් ප්‍රවෘත්ති වල කියනවා ගංජා හේන් අල්ලන්න ගූගල් මැප් පාවිච්චි කරන්න යන බව.

      ඊයෙ පෙරේදා දවසක මොක්කුද මන්දා රජයේ නිලධාරි ටිකක් තොරතුරු ගන්න ඇවිත් මැප් එකේ අපේ ගේ පෙන පෙන්න ලොකු ටෝක් දෙනවලු. අපි සිස්ටම් එකක් හදන් යන්නෙ ලංකාවෙම තියෙන ගෙවල් බලාගන්න. ඕගොල්ලන්ගෙ ගේත් ඇතුළත් කරලා තියෙන්නෙ කියලා පෙන්වනවලු. අපේ අම්මා අහලා ඔය ගූගල් මැප්ද කියලා. : D උන් ටික සද්දෙ නැතුව ගියාලු යන්න.

      Delete
    4. @Ano,
      ඒක නම් හොඳ වැඩක්. මමත් බැන බැන ඉන්නෙ නැතුව ඔය ලින්ක් එකෙන් ගිහින් වෙලා තියෙන වැරදි ටික කිව්වා. ඒ වගේම ගෙවල් අහල පහල තියෙන වැරදි හොයලා නිවැරදි කළා.

      හැබැයි ඒ තොරතුරු වෙනස් කරන එක ටිකක් විතර අමාරුයි. උදාහරණයකට කිව්වොත් මම එකක් වෙලා තියෙන පාර දෙකක් කරන්න ගියාම තියෙන පාරක් උඩින්ම අඳිනවා කියන චෝදනාව එනවා. මම පැහැදිලිව හේතු සඳන කළා. ඉවසලා බලමුකො. ස්තුතියි අදහසට.

      @ විචාරක,
      රටේම පාරවල් නැතත් ගමේ ගොඩේ අහල පහල පාරවල් ටික හදලා දාන්න පුළුවන් නේද?

      Delete
    5. එහෙම කරලා වැඩක් නෑ. මම කරපු වෙනස් කිරීම් කවුරුත් අනුමත කරලා නෑලු. ඒක නිසා එව්වා වෙනස් කරන්න බෑ කියලා මට කියල එවලා තිබ්බා. කාට කියන්නද මේ දුක?

      Delete
  6. GPS හැමවෙලේම නැතත් බොහෝවිට හරි පාර පෙන්වනවා. දවසක් කිරින්දෙ ඉඳන් හම්බන්තොට යන්න යද්දි එක හන්දියක් හම්බුනා gps පෙන්වන පාර නෙවි අනික් පැත්තට බෝඩ් එක ගහලා තියෙන. ඒ වෙලාවෙ මැප් එකේ පෙන්වන පාර අබලන් වගේ දැක්කෙ. බෝඩ් එක තිබුනු පාරෙ ටික දුරක් ගිහින් පාරෙ ගිය කෙනෙකුගෙන් ඇහුවම පාර බෙදුනු තැනින් අනික් පැත්තට ගියාම ඉකමනින් යන්න පුලුවන් කීවා. මුල් ටික අබලන් වුනාට එතැනින් එහාට අවුලකුත් නෑ කීවා. බෝඩ් එක දෙපැත්තටම තිබිලා අලුතින් පාර කාපට් කරපු නිසා ඒ පාරෙ මිනිස්සු යවන්න අනික් බෝඩ් එක අයින් කරලා. අපි ඉතින් අලුතින් හදපු පාරෙ නෑවිත් මැප් එකේ විදියට පරණ පාරෙ ආවා.

    ReplyDelete
    Replies
    1. චෝදනා කළාට ඉතින් හොඳ පැතිත් ඇති GPS වල. මමත් මේ වගේ හොඳ අතට අත්දැකීමක් හම්බුනොත් කියන්නම්කො.

      Delete
  7. මම හිතන්නේ මේකට හේතුව විචාරක මහත්තයත් කිව්වා වගේ, ලංකාවේ පාරවල් තාම ජීපීඑස් වල හරියට සිතියම් ගතවෙලා නෑ. ඒකයි සමහර වෙලාවට වැරදි පාරවල් පෙන්නන්නේ.

    ReplyDelete
    Replies
    1. කවුරුහරි පේන පේන විදිහට ඉරි ඇඳගෙන ගිහිල්ලා වගේයි. ඒ වගේම පාරෙ තත්වය පිළිබඳ විස්තර මදි.

      Delete
  8. වැඩේ අවුල් වෙච්ච වෙලාවට පාවිච්චියට ගන්න A4 GPS එකකුත් අරන් ගියානම් හරි. හෙහ් හෙහ් හෙහ් ....

    ReplyDelete
    Replies
    1. මමත කියන්න අගියේ වෙනි අයියගේ A4 GPS එක අරන් ගියානම් හරි කියලා

      Delete
    2. @DDT,ඉවාන්,
      මම ඊයෙ කොළා. ඊයෙ මොරටු යන්න ඕනෑවෙලා කොළඹින් එළියට යන්න ඕනෑ කරන මාර්ගෙ ඔක්කොම ඇඳගත්තා කොළේක. අවුලක් උනේ නෑ. :)

      Delete
  9. ඕක මොකක්ද හරී..

    අපි මේ ඊයේ පෙරේදා ගම්පහ පැත්තේ නල ගෙදරක යන්න ගූගල් මැප බලාගෙන ගියා..

    ටික වෙලාවක් යනකොට හෙන කැලෑ පාරක් දිගේ යන්න කියල තමයි ගූගලේ පෙන්නුවේ.

    පස්සේ ඒ අටමගලේ වහල දාල ඊට වඩා හොඳ පාරක් හොයාගෙන අපි අපේ ගමන ගියා..

    ReplyDelete
    Replies
    1. "නල ගෙදරක"
      මොකද්ද යකෝ මේ ගේ ..... ජලප්‍රවාහන මණ්ඩලේට අයිති තැනක්ද

      Delete
    2. අම්මට හුඩු..වැරදිලා නේද...

      මැලයෝ.. මචන් එක "මල ගෙදර" .

      මාත් දැනුයි දැක්කේ...

      Delete
    3. @໶භ๣ෂණ,
      GPS වල๢න๞ ළඟම ප๟රක๞ ๧පන๞න๤වත๞ ໰ ක๟๧ල ගමන๞ යනව๟න໦ ළඟම ප๟රට වඩ๟ ආරක๞ෂ๢ත ප๫ධ๟න ප๟රක යන එක ๧හ๟ඳය๢ ක๢යලය๢ මටන໦ හ๢๧තන๞๧න.

      @ම๠๧ල๞,
      :)
      ๧ම๟කක๞ද බ๜ එත๧ක๟ට ජලප๫ව๟හන ක๢යන๞๧න?

      Delete
    4. මොකද හරී මේ කොටු කොටු රිප්ලයි දාන්නෙ? උඹ උත්තර දෙන්නෙ අසභ්‍ය වචන වලින්ද? :-)

      Delete
    5. බූරා, මටත් පේන්නෙ මූ අපිට හොරෙන් කුණුහරුප කියනවා.. ඒවා ගූගලයට මාට්‍ටුද කොහෙද ! ? :D

      Delete
    6. හරිය වටේ ගිය පාර උපරිම මංඥං වෙලා

      Delete
    7. @බුරා,සෙන්නා,මහේෂ්

      එහෙමත් වෙලාද? අනේ මන්දා මගෙ කොම්පීතරයා ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ යැව්වා. ලෙඩක් නෑ කියලා එහෙන් එව්වා කලිනුත්. ගෙදර ආවම වැඩ නෑ. අන්තිමේදි ඇපල් ලැපකින් අමාරුවෙන් තමයි මේ ටිකේ අල්ලගෙන යන්නෙ. ඒකෙ යුනිකෝඩ් නෑ කියලා පෙන්වන්නෙ. ඉන්ස්ටෝල් කළත් ඉන්ස්ටෝල් උනා කියලා පෙන්නුවාට හරියට වැඩ නෑ. මුලින්ම යුනිකෝඩ් හරියට ලෝඩ් වෙනවා. පස්සෙ ඔටෝ රිෆ්‍රෙශ් වෙලා සමහර අකුරු වෙනුවට කොටු වැටෙනවා. මම හිතන්නෙ එහෙම කොටු වැටිච්ච එකක් කොපි පේස්ට් කරලා තමයි කොටු පේන්න ඇත්තෙ. මට මේ ලැපේ කොහොමත් කොටු පෙන්වන්නෙ. :(

      Delete
    8. මම කලින් කමෙන්ට් එකේ කිව්වෙ රෑක ගමනක් යනවානම් කෙටි පාරට වඩා ආරක්ෂිත පාර තෝරාගන්න කියලයි.

      Delete
  10. කොළඹ ගම්පහ පැත්තෙ ඔහොමනං සූරියවැවෙන් එහාට එහෙම ඕව බලාගෙන ජීවිතේට යන්න එපා. ඒ කාලෙ තිබ්බ පාරවල් එකක්වත් දැං ඒ පැත්තෙ නෑ සමහර විට. ඒ මදිවට අලුත් පාරවල් උඩිං යටිං. මත්තල බලල සූරියවැවට එන්න ආපු එකා තව පොඩ්ඩෙන් නවතින්නෙ කතරගම ගිහිල්ල. හොඳ වෙලාවට ටිකක් දුර යනකොට කතරගමට මෙච්චරයි කියල බෝඩ් එකක් ගහල තිබුණ. වන්වේ එකේම අනික් පැත්තට පැද්ද දාන්න තැනක් එනකල්. හොඳ වෙලාවට ඒ පාරවල් වල තාම ඒහැටි වාහන නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත, gps බලාගෙන හම්බන්තොට එලෙවුවොත් කංකසන් තුරේ තමා.

      Delete
    2. @ ප්‍රසන්න,
      බුදු අම්මේ ඒ පාරවල්වල යන්න එච්චර අමාරුද? පාරවල් වෙනස් වෙලා කියපු එක නම් ඒ හැට් තේරුනේ නෑ. පරන තිබ්බ පාරවල් එහෙම පිටින්ම අයින් කරලාද?

      අනික් හිනා යන කාරණාව උනේ වැඩිය වාහන යන්නෙ නැති පාරක් වන් වේ කියපු එක. ආසියාවේ ඈස්චර්‍යය වෙන්න එහෙම නැතුව බැරුව ඇති. :P

      @කම්මල,
      ලංකාව වටෙන්ද? :)

      Delete
    3. සමහර පාරවල් එහෙම පිටිංම අයින් කරල තියෙනව. ඒ වගේම තියෙන පාරවල් වල උනත් ගියාම යන්නෙ ඉස්සෙර ගමනාන්තයට නෙමෙයි. ඒ වගේම අලුත් පාරවල් ඕන තරං.
      ඒ පැත්තෙ අලුතෙන් හදල තියෙන පාරවල් හැම එකක්ම ලේන් 4 ඒව. ලේන් දෙක වෙන් කරන්න මැද සිමෙන්ති බැම්මක් තියෙනව. ඉතිං අපිට ඕන තැනකින් අනික් පැත්තට දාගන්න බෑ.

      Delete
    4. රාජධානිය හම්බන්තොටට මාරු වෙයිද කියලත් හිතෙනවා.

      Delete
  11. අඩෝ GPS වලට විතරක් බනින්න එපා අපි මුළු ජීවිතේම ගෙවන්නේ ඕකත් එක්ක

    ReplyDelete
    Replies
    1. අවුලට හේතුව තේරුනේ දැන්නෙ. :P

      Delete
  12. ඔය වෙනියගේ GPS කතන්දරේ ඇහින් දු‍ටු සාක්කි කාරයෙක්නේ මම. නමුත් උඹ දන්නවද හරී ඔය විදියට Navigation එකෙන් සෑහෙන තෘප්තියක් මම ලබනවා. විශේෂයෙන්ම හොඳට දන්න පාරක වුනත් navigation පාවිච්චි කරලා යනෙ එකේ ආතල් එකක් නැද්ද උඹ කියන්නේ?

    උඹ අපිට අලුත් වාහනේ ගැන කිව්වේ නෑනේ හරියට. අපිත් වාහන පිස්සෝ නිසා ආසයි විස්තර දැනගන්න. ඒ ගැන කතා කරන්න. අදහස් හුවමාරු කරගන්න හෙම...

    ReplyDelete
    Replies
    1. ආතල් එකක් තියෙන බව නම් සහතික ඇත්ත. මමත් ඒකට ආසා නිසානෙ මෙච්චර කටු කකාත් ඕක පස්සෙම යන්නෙ. හැබැයි පාරක් වැරදිලා ටිකක් දුර ඇවිල්ලා ආපහු හරවගෙන යන්න ගියාම තමයි ආතල් කුඩු වෙන්නෙ.

      වාහනය මරුටියක්. ඔන්න මට පේනවා මූණු ඇකිලෙන හැටි. කාර් එකක් තියා කාර් රෝදයක් නැති සමහර උනුත් අහන්නෙ "අපෝ මරුටියක්ද?" කියලනෙ. ඒත් මම හොඳට හොයලා බලලා හොඳට හිතලා බලලා ගත්තෙ. ඕන නම් වාහන ගැන පුංචි පෝස්ටුවක් දාන්නම්. වාහන ඔස්තාද්ලගෙ දැනුම හුඟක් එකතු කරගන්න පුළුවන් වෙයි.

      Delete
  13. මම තාමත් යන්නෙ ගුනසේන එකෙන් ගත්ත road map එක පිහිටෙන්. දැන් හැම තැනම අහවල් තැනට දුර මෙච්චරයි කියල board තියනව, එතන්දි සීරෝ කලා, ආයෙ ගියා ඒක නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි ඔබේ ක්‍රමය. මමත් හිතනවා අපේ රටට තවම ගැලපෙන්නේ ඔය ක්‍රමය කියලා.

      Delete

    2. @කම්මල,
      // අහවල් තැනට දුර මෙච්චරයි කියලා තියෙනකොට සීරෝ කළා ගියා// මේ ටික තේරුනේ නෑනෙ. අපි කාලෙකට කලින් ට්‍රිප් යද්දි විජය පත්තරෙන් නොමිලේ ලැබිච්ච ලොකු මාර්ග සිතියමක් අරන් ගියා. ඒකත් හරි. ඒත් අපිත් එක්ක ගිය පප්පා ඩයිවර් උන්නැහේ ඒකෙන් කියන පාරවල් වල යන්න කැමති නෑනෙ. කුරු කුරු ගාලා මිනිහා වෙන පාරවලින් යන්නෙ.

      සිතියම් ක්‍රමේදී ප්‍රධාන පාරවල් ඇර අතුරු පාරවල් වලට අවධානය යොමුවෙන්නෙ නෑනෙ. අනික ඕනෑම මොහොතක අපි ඉන්න තැන හරියටම කියන්න අමාරුයි.

      @විචාරක,
      මාර්ගයක් සොයාගැනීමට සිතියම් ක්‍රමය තාමත් ඉදිරියෙන් කියලා මම හිතනවා. හැබැයි කෙටිම පාර හෙවීමේදි නොවෙයි.

      Delete
    3. ඔය සීරෝ කරනව කියන්න ඇත්තෙ වාහනේ ස්පිඩෝ මීටරේ තියෙන අර කිලෝමීටර් ගාන පෙන්නන එක වෙන්න ඇති.

      Delete
    4. @ විචාරක , ඇත්තටම මම ගමනක් යද්දි ප්‍රධාන පාර මගහැරල අතුරු පාරවල් වලින් යන්න කැමතියි. පාරෙ බෝඩ් බලල, සමුර්දි බැංකු, සමූපකාර බෝඩ් බලල, පාර හොයාගෙන යන්ඩ හොදට පුලුවන්,

      Delete
    5. @ හරී, වාහනේ km ගනන පෙන්වන මීටරේ ඩිජිටල් ඒවා වල තියනව, මුලු දුර පෙන්වන එකට අමතරව A සහ B කියල සීරෝ කරන්ඩ පුලුවන් මීටර් දෙකක් ඒකින් එකක් ගමනෙ සම්පූර්ණ දුර තියාගන්නව, අනික තැනකින් තැනකට සීරෝ කරමින් දුර ගනනය කරනව.
      සිතියම පාවිච්චි කරල කෙටිම පාරත් හොයා ගන්න පුලුවන් ඒ ගැන පොඩ්ඩක් දැනුවත් උනාම. යන එන තැනක නවත්තල කහට ටිකක් බීල වටේ පිටේ ඉන්න අයගෙන් බලන්ඩ වටින තැනුත් අහගන්න පුලුවන්.

      Delete
    6. @ ප්‍රසා, මීටරේ සීරෝ කරන්නෙ නැතුව කොමෙන්ට් මාර්ගයෙනුත් මට හොයාගෙන එන්න පුලුවන් හෙක් : D

      Delete
    7. @කම්මල්,
      දැන්නෙ වැඩේ තේරුනේ. තැනක හම්බන්තොටට පහයි කියලා තිබ්බානම් මීටරේ සීරෝ කරගෙන පහක් ගියාම හම්බන්තොට. ඒකත් මරු වැඩේ තමයි.

      තේ කහට වැඩේ නම් හරියන්නෙ නැතිවෙයි. ඉක්මනටම දියවැඩියාව හැදෙයි. :)

      Delete
  14. මමත් බොහොම කලාතුරකින් තමයි ඕවා පාවිච්චි වෙන්නේ.. ලගදි දවසක අයියා එක්ක කොහේද ගිය වෙලාවක පාර වැරදිලා සෑහෙන්න ගිහින් අපිටත් තේරුණාට පස්සේ මෙන්න මේක කියනවා ආපහු හැරෙන්න කියලා.. කියලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. එක් දවසක් පාළු පාරක මහ රෑක පිස්සු නටන්න ගත්තා. මම ඇත්තටම බය උනා. මේක වැඩ නොකලොත් මොකෝ කරන්නෙ කියලා. මම නම් රෑ ගමන් වලදී ප්‍රධාන මාර්ගයම පමනයි පාවිච්චි කරන්නෙ දුර උනත්.

      Delete
  15. මම නම් ඇන්ටි-GPS පොරක්... මගේ තියන ලොකුකම හින්දා මම කාගෙන්වත් පාරවල් අහන්නේ නෑ. GPS අක්කලා උණත් කියන පාරවල් අහගෙන යන්න එක මට නිකං මදිකමක් වගේ. ඒ නිසා මම තාම මැප් එක බලලා යන්නේ... මැප් එක බලලා ගියහම තමන් යන තැන අවට තියන පාරවල්, තමන් යන දිශාව, යන්න පුළුවන් විකල්ප මාර්ග වගේ දේවල් ගැන දැනුමක් ලැබෙනවා. හැබැ‍යි මේක කියෙව්වහම මට හිතුණා, GPS මට ගැලපෙයි කියලත්... ගමනක් යනකොට ප්‍රධාන මාර්ගයේ නොගිහින්, වෙන වෙන මාර්ග වල යන්න තමයි මම කැමති... මොකද මම වැඩියෙන් රස විඳින්නේ ගමනාන්තයට වඩා ගමනයි.

    ReplyDelete
    Replies
    1. මගේ GPS එක තමා ත්‍රී වීල් බුවාල. ආයෙ කිරි ගහට මෝල්ගහෙන් ඇන්නා වගේ තමා හරියටම හරි.. බොරුනම් කරලා බලහන්...

      Delete
    2. @තිසර,
      මමත් ආසයි අලුත් අලුත් පාරවල්වලින් යන්න. කෙටි පාරක ගියා කියන එක හිතට ලොකු සතුටක්. විභාගයක් පාස් උනා වගේ. සිතියම් ක්‍රමයේදී කෙටිම පාර හොයාගන්න පුළුවන්ද? මම මෙහෙම අහන්නෙ GPS වගේ හැම අතුරු පාරක්ම මුද්‍රිත සිතියම් වල නැති නිසා.

      @සෙන්නා,
      GPS පාවිච්චි කරන්න කලින් මගෙත් මඟපෙන්වන්නො තමයි ත්‍රීවීල් කට්ටිය. ඒත් මාව හොරගොල්ලෙදි වටේ යැව්වෙත් උන්දලම තමඉ.

      Delete
    3. @තිසර, ගමන් යද්දි ගෑණු පිරිමි ( බහුතරයක් හෝ මං දන්න වැඩිදෙනා) ) වෙනස

      දැන ගෙන හිටියත් ගෑණු පාර අහගන්න කැමතියි

      කොයිතරම් නොදන්නව වුනත් පිරිමි පාර අහන්න අකමැතියි



      Delete
  16. මම දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කර තිබෙන, අදත් එලෙසම නිරීක්ෂනයවන කාරණයක් කියන්නම්. ඉතා අවාසනාවන්ත ලෙස අපේ රටේ බහුතරයක් උදවිය නිවැරදිව පාරක් කියන දන්නේ නැහැ.

    'ඔහොම ඉස්සරහට යනකොට මේ පැත්තට තියනවා මී ගහක්. එතන පහුකරලා ගිහින් මහ හුඹහ පහුකරලා උඩ පැත්තට යනකොට හම්බවෙයි'

    'මේ ඉස්සරහ ලේන් එකේ ප්‍රයිඩ් රයිස් බෝඩ් එක ලඟින් දකුණට හැරිලා අහන්නකො'

    ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු.

    මමනම් හිතන්නේ මේ පාරවල් කියලා දීම කරන්නේ කොහොමද කියන එක පාසලේදීම කියලාදීම වැදගත්.

    ReplyDelete
    Replies
    1. "ඔහෝඕඕඕම ඉස්සරහට යනකොට හම්බෙයි නිදගෙන ඉන්න බල්ලෙක්.. ආආඅන්න ඌ ගාවින් වමට හැරෙන්න' කිව්වලු... :D

      Delete
    2. @Wicharaka, senna,

      සහතික ඇත්ත. පාරක් තොටක් ඇහුවාම කියන්නෙ බහුබූත. දන්නෙ නැතුව බොරු කියනවාට වඩා දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියන එක හොඳයි. එතකොට වෙන කෙනෙක්ගෙන් අහගන්න හරි පුළුවන්නෙ. ඔය හොරගොල්ලෙදි උනත් වෙන්න ඇත්තෙ හොරගොල්ල කියලා කියපු ගමන් ඉතිරි ටික අහන්නෙ නැතුව උත්තර දීම වෙන්න පුළුවන්.

      ඊයෙ මම කාරෙක නවත්තලා බස් හෝල්ට් එකක මනුස්සයෙක්ගෙන් පාරක් ඇහුවා. ඊටපස්සෙ ඒ මනුස්සයා දුන්න උත්තරෙ වැරදි කියලා අනික් මනුස්සයා කිව්වා. අන්තිමේදි දෙන්නා ඒක ගැන වාද කරනවා මිසක් පාර කියන සිහිය නෑ.

      මගේ යාලුවෙක් මට කිව්වා කවදාවත් වාහනේ ගමන් කරන පැත්තට යන අයගෙන් පාර අහන්න එපා කියලා. "හරි මහත්තයා මමත් ඒ පැත්තට තමයි යන්නෙ" කියලා නඟිනවාලු. අන්තිමේ මඟින් බැහැලා "ඉස්සරහට ගිහින් අහගෙන යන්න" කියපු වෙලාවලුත් තියෙනවාලු.

      Delete
  17. මේ රටේ නං ජී පී එස් හොඳට වැඩ කරනවා. ඒත් මං කලින් සැලසුම් කරන ගමනක්නං ගූගල් මැප් දෙයියා ලඟට ගිහින් හොඳට බලාගන්නවා. ඊට පස්සෙ මග සලකුණු එක්ක යනවා. මේ විදිහට ගියාම පාර මතකයි.. කොහේදිහරි හිර උනොත් විතරක් ජීපීඑස් එක පිහිටට එනවා. අපෙ රටෙ මනුස්සයෙක්ගෙන් පාරක් ඇහුවොත් අපි එක්ක ඇවිත් හරි පෙන්නනවා. මේ රටේ කට්ටිය නිකංම දන්නෙ නෑහ් කියනවා.

    ReplyDelete
    Replies
    1. කලින් සූදානම් වෙලා යන එක කෝකටත් හොඳයිනෙ. සරත් අයියගෙ කමෙන්ට් එකත් එක්ක මතක් උනේ. අපි ළඟ තියෙන සමහර හොඳ ගතිගුණ වෙනත් රටවල ඇත්තන්ගේ නෑ. ඒවගේම වෙනත් ඇත්තන්ගේ නැති නරක ගතිගුණත් අපේ රටේ තියෙනවා.

      Delete
  18. හරී ලංකාවට ජීපී එස් වැඩ නැත්තෙ මැප් එහෙම ගන්නෙ උං සැටා වලින් නෙව..
    කලිං තියෙන දත්ත මත පදනම් වෙලා වගේ තමා හුගකු දුරට ඔය ජීපීඑස් අපේ රට වලදි වැඩ කරන්නෙ...
    වැඩිය ඕන නෑ...
    කොළඹ සමාර පැති හැර ලංකාවෙ හුගක් තැං වල ඉදං මැප් එකේ අපි ඉන්න තැන වෙනුවට පෙන්නන්නෙ සිග්නල් කණුව..
    ගොංපීතරයගෙන් තාම බලල නෑ...
    ඒත් හුගක් පාරවල් වැරදී කියල යාළුවො නිතරම කියනව...

    අපේ හොදම නෙවිගේටර් තමා බස් කොන්දන් සහ වීල් ඩැයියන්...
    සම්මක්කපේකට පාර වරදින්නෑ...
    ඒ අතිං ගූගලය පරාදයි

    ReplyDelete
    Replies
    1. මීට අවුරුදු පහ හයකට කලින් බලද්දි නම් ලංකාවේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ ඇරෙන්න අනික් ඒවා ගූගලයේ පෙන්නුවේ නෑ. ඒත් අද වනවිට තත්වය හොඳයි මම හිතන්නෙ.

      මමත් හුඟාක් දුරට වීල් ඩයිවර්ලගෙන් අහනවා.

      Delete
  19. ගමන යන්න කලින් ගුගල් මැප් බලල පාරවල් සොයාගෙන සටහනක් හදාගන්නවා දුරවල් එක්ක ඉන් පස්සේ එකේ පිලිවලට වාහනේ මීටරේ බලාගෙන යනවා කවදාවත් වරදින්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මමත් මේ ක්‍රමය ට්‍රයි කරලා බලන්න ඕනෙ. මට තියෙන අවුල තමයි සමහර ගමන් යන තැන තීරණය වෙන්නේ මඟටත් බැහැලා ටිකක් දුර පෑගුවටත් පස්සෙ. එතකොට ඔච්චර දෙයක් කරන්න වෙලාව නෑ..

      Delete
  20. අපෝ මමනම් ජී පී එස් එක නැත්නම් කපෝතිම තමා. මම විතරක් නෙමේ තව මෙහෙ ඉන්න අපේ ගොඩක් දෙනෙක්ට එහෙම තමා. ඔට්ටුයි හැතැප්ම පනහකට එහා ජී පී එස් නැතුව ගියොත් එකෙක්ටවත් ආපහු එන්න පාර හොයා ගන්න බෑ (මැප් එකක් තිබුනත් වැඩක් වෙන්නේ නෑ එච්චර. ඒක බල බල කවුරු හරි නැරේට් කරන්නත් වෙනවා).

    ReplyDelete
    Replies
    1. සයුරිලා ඉන්න තිබ්බෙ ඔය පහසුකම් නැතිකාලෙ. එහෙම නම් එකතැනකට වෙලා උඩ බලන් ඉන්න වෙයි. :)
      මම අහලා තියෙනවා ජපානයේ මිනිස්සු හරියටම පාර දැනගෙන මිසක් එළියට බහින්නෙ නෑ කියලා. හරියට මඟ සළකුණු බලාගෙන ඒ ඔස්සේ යනවලු. යම් තැනකදි හැරෙන්න ඕනා පැත්ත හරියටම දැනගන්නකම් හැරෙන්නෙ නෑලු. අපි නම් අඩුමගානෙ වැරදෙන්න හරි ගිහින් බලනවනෙ.

      Delete
    2. naa haris, mama hithanne na adu gane me rate minissuntawath gps nathuwa inna puluwan kiyala. lankawenam kagen hari ahuwahaki adu gane. matanam me paarawal thoge dakkama oluwa awul wela yanawa :(

      Delete
  21. අනේ අපි නම් ඔය GPS වලින් පාරවල් හොයන් පොරවල් වෙන්න යන්නේ නැහැ.ඔය කාගෙන් හරි අහගන්නවා මිසක්.:D
    මේ ලඟකදී ඔහොම අහගෙන යන්න ගිහින් පාර වැරදියට කියලා මට මාර සෙල්ලමක් වුනා.වැඩේ කියන්නේත් 3G ෆෝන් එකක් අතේ තිබුනත් හදිසියකට ඔය GPS වලින් බලන්න අමතක වෙන එකනේ..:D

    ReplyDelete
    Replies
    1. පොර නොවී යන්න ගිහින් කාපු කට්ට ඇතිනෙ පුතේ.. :P

      මට නම් මතක් වෙනවා. කලින් වැරදියට පාරවල් පෙන්වපු හැටිත් එක්කම..

      Delete
  22. මම අහලා තියෙන විදියට ලංකාවෙ මාර්ග නිසිආකාරව තවම GPS පද්ධතියට ඇතුලු කරලා නෑ. මම ඉන්න ක්වාලාලම්පූර් නගරයේ නම් ඉතාම ලස්සනට ඒ වැඩේ කරලා තියෙනවා. මේ ලගදි ආයතන ප්‍රධානියා වාහනේ දුන්නා රියදුරා එක්ක ටිකක් ඈත ගමනක් යන්න....මිනිහා එදාමයි වැඩ බාරගත්තෙ...මම දන්නෙත් නෑ පාර. ලොක්කා කිව්වා GPS එකෙන් බලාගෙන යන්න කියලා. අපි දෙන්නා සහයෝගයෙන් ගමන ගියා. මම පාර කියනවා....මිනිහා එළවනවා.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි තාක්ෂණය නිවැරදිව භාවිතා කිරීමට ඒ රටේ ජනතාව පෙළඹී ඇති ආකාරය. ඒ වගේම දුකයි අපේ රටේ ඉබි ගමන පිළිබඳව.

      Delete
  23. GPSබලන් වන් වේ පාරක ගිහින් දඩ කොලයක් කාපු මගේ යාලුවෙක් ඉන්නවා
    ඌට මේක පෙන්නන ඕනෙ. ^_^

    ReplyDelete
    Replies
    1. මමත් කොළඹ පැත්තෙ යද්දි බොහොම කල්පනාඅවෙන් යන්නෙ ඔය වන් වේ සෙල්ලම හින්දා. සමහර පාරවල් වන් වේ බව දැනගන්න ඕනෙ අත්දැකීමෙන්.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...