12.25.2014

සුභ නත්තලක් වේවා!

2014 අවුරුද්දෙ නත්තලත් ලැබුවා. අවුරුද්දක් ගිය ඉක්මන. ගියපාර නත්තල සැමරුවේ අද ඊයෙ වගේ. මේ අවුරුද්දෙ කවදාවත් නැතුව වහින්න ගත්තනෙ. මගෙ ජීවිතයේ පළවෙනි වතාවටයි මේ වගේ වැහි නත්තලක් උදා උනේ.

වැස්ස හින්දම මේ පාර නත්තල් ගහ හදන්න උනෙත් නෑ. එළියෙ හදපු ගවලෙනත් වැස්සෙන් බේරගත්තෙ බොහොම අමාරුවෙන්. තාමත් වැස්ස ඉවර නෑනෙ. :(

බලමු ඉස්සරහට.

ඔබ සැමට සතුට සාමය සපිරි සුභ නත්තලක් වේවා!


මෙන්න නත්තල ගැන මම ලියපු පෝස්ට්. කියවන්න බැරිවෙච්ච අයටයි මේ.

1. මේ පාර අපිටත් නත්තල් - මේ පෝස්ට් එකේ මම ලිව්වෙ ගිය අවුරුද්දෙ නත්තල සමරපු හැටි. නත්තල් සැරසිලි කීපයකුත් ඔය ගොල්ලන්ට පෙන්නුවා මතක ඇතිනෙ.

2. මාරයා නොදාන සීට්ටු - අපේ ගෙවල් කිට්ටුව සිදුවෙන සීට්ටු ක්‍රමයක් ගැනයි මේ විස්තරේ. මේ ක්‍රමය නත්තලට ආදාළ වෙන්නෙ ඒ සීට්ටුව දාන අයට ප්‍රතිලාභ ලැබෙන්නේ නත්තල් දිනයට වීම නිසා. ඒ නිසාම නත්තල් සීට්ටුව කියලයි ව්‍යවහාර වෙන්නෙ.

3. මෙදා නත්තලට කැරොල් එකක් යමුද? - නත්තල් කාලෙට කතෝලිකයින් බහුලව ඉන්නා ප්‍රදේශවල පුංචි ළමයි රාත්‍රී කාලයේ ගෙයින් ගෙට ගිහින් නර්තනයේ ගායනයේ යෙදෙනවා. ඒ ගැන වැඩි විස්තර මේ පෝස්ට් එකේ තියෙනවා.

4. ගවලනේ කතන්දරේ - නත්තල් කාලෙට හැම කතෝලික නිවෙසකම පාහේ දක්නට ලැබෙන ගවලෙන ගැන ලියවුන විස්තරයකුයි මේ.

5. නත්තල් ගහක් හදමු - මේ නත්තල් ගහ ගැන විස්තරේ.

6. ඔයත් Secret Santa කෙනෙක්ද? - මේ නත්තල් සීයාගෙ කතාව.

3 comments:

  1. සුබ නත්තලක් හරී...

    හරීගෙ බ්ලොග් එකේ මම කියවපු මුල්ම ලිපිය තමා ඔය තුන්වෙනි ලිපිය... මම බ්ලොග් ලියන්න පටන් ගත්තු මුල්ම කාලෙ ඒ...

    ReplyDelete
    Replies
    1. සෙන්නාටත් එසේම වේවා.

      මාර මතකයක්නෙ තියෙන්නෙ. :)

      Delete
  2. සුබ නත්තලක් හරී ! ආහ් වෙන්ඩ වය්ෆ්ටත් සුබ පැතුවයි කියහන් කොල්ලෝ !

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...