2.09.2015

පිටකොටුව ප්‍රධාන වෙළඳ භාණ්ඩ අලෙවි මාර්ග (Shopping at Pettah)

මේ අවුරුද්දෙ පබ්ලිශ් කරන්න හිතාගෙන ලියන පළවෙනි පෝස්ට් එක. දැන් ඉතින් අහන්නෙපා පබ්ලිශ් නොකරන්නත් පෝස්ට් ලියනවද කියලා. මොකද මම එහෙම කිව්වෙ පබ්ලිශ් කරන්න හිතාගෙන ලිව්වත් මේ වෙනකන් පබ්ලිශ් කරන්න බැරිවෙච්ච පෝස්ට් එහෙමත් තියෙන හින්දා.

හදිසියේම මේ පෝස්ට් එක ලියලා දාන්න හිතුනේ අන්තර්ජාලෙ පීරලා හොයපු කාරණාවක් ජාලෙ නෑ කියලා තේරුනු නිසා. හොයපු කාරණාව තමයි කොළඹ පිටකොටුවේ බඩු ගන්න යනකොට ඒ ඒ බඩු ගන්න මොන මොන පාරවල්වලද යන්න ඕන කියන එක. කොළඹට ගිහින් ඇහුවාමත් දැනගන්න පුළුවන් වෙයිනෙ. ඒත් ඉතින් දැනගෙන යන එක හොඳයි කියලා තමයි හොයලා බැලුවෙ.

මමපොඩි පොත් පිංචකින් හොයාගත්තු කාරණා ටික ඔන්න ජාලෙට දානවා. ඕගොල්ලො දන්න කියන කාරණාත් දාලා පෝස්ට් එක වැඩි දියුණු කරන්න පුළුවන්නම් ඒක ලොකු උදව්වක්.මෙන්න මේවා තමයි මම හොයාගත්තෙ.

බෑග්, ඔරලෝසු, පාවහන් (පිරිමි )- මල්වත්ත පාර, 01 වෙනි හරස් වීදිය

විදුලි උපකරණ හා ලෙදර් වර්ග - කුමාර වීදිය

ගොඩනැගිලි ද්‍රව්‍ය - පරණ යොන් වීදිය

විසිතුරු භාණ්ඩ, වීදුරු භාණ්ඩ, පොලිතින් - චයිනා වීදිය

රෙදි - 2වෙනි හා 3වෙනි හරස් වීදි, කෙයිසර් වීදිය

රසායන ද්‍රව්‍ය - බංගසාල වීදිය

බෙහෙත් බඩු හා කේක් බඩු - ගබෝස් ලේන්

ආහාර (තොග ) - 4 වෙනි හරස් වීදිය

එළවළු - මැනිං වෙළඳපොළ, ඕල්කට් මාවත

කරවල - පෙරේරා මාවත

මංගල අරයුම් පත් - මැලිබන් වීදිය

මුද්‍රණ ද්‍රව්‍ය හා ලිපි ද්‍රව්‍ය - රෝහිනි 1වෙනි පටුමග

තරාදි හා ආයුධ වර්ග - 3 වෙනි හරස් වීදිය

විදුලි උපකරණ හා මැහුම් උපකරණ - 2වෙනි හරස් වීදිය

Updated:

විදුලි උපකරණ කොටස් හා ඉලෙක්ට්‍රොනික් කොටස් - 1 හරස් වීදිය

ඇඳුම් පැළඳුම් ( විසාකාමල්ස්, රන්ජනාස් වගේ මහා පරිමාණ ) - මේන් ස්ට්‍රීට්

වීදුරු, මුහුණ බලන කණ්නාඩි - කුමාර වීදිය

බයිසිකල්, කේක් බඩු - වේල්ල වීදිය

වායු රයිෆල් - වේල්ල වීදිය

රත්තරන් බඩු - හෙට්ටි වීදිය

කෘතිම මල් - බංගසාල වීදිය

කොස්මෙටික්ස්- (විළවුන් හා ආලේපන ) දෙවෙනි හරස් වීදියේ තියෙන අන්ඩග්‍රවුන්ඩ් කඩ
 
ඔන්න ඔය ටික තමයි මට හොයාගන්න ලැබුනෙ. නිතර දේවේලෙ කොළඹ රටේ ගැවසෙන කොළඹ ගෙදර වගේ ඇත්තන්ගේ දැනුම අපේක්ෂා කරනවා.

කලින් වතාවක කොළඹ ගිය වෙලාවක මූණදීපු ප්‍රශ්නයක් තමයි වාහනය නවත්වන එක. යෝක් වීදියෙ තිබ්බ රථගාලයි පාවිච්චි කරේ. එතන ඉඳන් සෑහෙන දුර පයින් යන්න උනා. ඊටවඩා ලේසි තැනක් තියෙනවද?

ප.ලි. : ඉරිදා දින බොහෝ වෙළඳසැල් වසා ඇත.

53 comments:

  1. මට හිතෙනවා මහනුවරටත් මෙහෙම ලැයිස්තුවක් දැම්මොත් හොදයි කියලා.මම නම් වැඩිය කොළඹ එන්නේ නෑනේ.ඒත් හොයන්න උත්සහාගත්තු කාරනේ වටිනවා......
    මමත් පබ්ලිශ් කරන්නේ නැතුව පෝස්ට් තියෙනවා ලියලා.....

    ReplyDelete
    Replies
    1. මහනුවරත් මේ වගේ විශාලා ප්‍රමාණයෙන් තොග කඩ තියෙනවා කියලා දැනගෙන හිටියෙ නෑ.

      Delete
    2. නුවර කොහෙද තියෙන්නේ ....කරුණාකර තියෙන ිදියයි නමයි කියනවද

      Delete
  2. ane ban Nuwarata mona wholesale shop listda ban? hitan athi maha loku town ekak kiyala.pissek.

    ReplyDelete
    Replies
    1. විරුද්ධ මතයක් උනත් සංයමයෙන් ඉදිරිපත් කළා නම් නේද හොඳ? අනිත් අයව අපිව පේන්නෙ කොහොමද කියලා අපි දන්නෙ නෑනෙ මිත්‍රයා.

      Delete
  3. ඔක්කොමත් හරි වාහන නවත්තන්නනම් හිතන්න එපා , කොහොමත් පිටකොටුවේ යනවනම් බස් එකේ යන එක තමයි හොඳම ඔප්ෂන් එක.

    ReplyDelete
    Replies
    1. චාමර්ස් එකේ ටිකක් පුලුවන් , ඒත් ඉස්සර තරම් බෑ

      Delete
    2. @ඉවාන්,
      ඒ උනාට ඉවාන් බඩු ගොඩක් අරන් බස් වල එනවා කියන්නෙත් ලොකු කට්ටක්නෙ.

      @ ප්‍රා,
      ඒ කොහෙද ඒ?

      Delete
  4. සමහර වීදි නම් දැන් වෙනස්වෙලාද මන්දා.

    බංගසාල වීදියේ දැන් වැඩිපුර තියෙන්නේ කෘත්‍රිම මල් සහ විසිතුරු බඩු.

    පිටකොටුවේ සාප්පු යන්න තමන්ගේම වාහනයකින් යනවා නම්, පාන්දරින්ම ගිහිල්ලා තැනක් අල්ලාගෙන වාහනේ නවත්තලා, ඉස්සෙල්ලා ටිකක් ඇවිදින්න කඩවල් බලන්න. ඒ වෙලාවට කඩවල් වහලා. නමුත් සෙනග නැති නිසා කඩවල් බලාගන්න පහසුයි. ඊළඟට උදේට කාලා ඉන්න හොඳට බඩ පිරෙන්න. දැන් පටන්ගන්න කකුල් ගෙවෙනකල් ඇවිදින්න. අත්දුටුවයි සත්තයි.

    හාපෝ......................යලට මහට ලිපි ලියන කම්මැලියා..............................

    ReplyDelete
    Replies
    1. //""පාන්දරින්ම ගිහිල්ලා තැනක් අල්ලාගෙන වාහනේ නවත්තලා,""// ඊට පස්සේ ඒ වාහනේ ගන්න රෑ දොළහ විතර වෙනකන් ඉන්න. වටේටම නවත්තලා තියෙන ත්‍රීවීල්, බයිසිකල්, අත්කරත්ත අයින්කරගත්ත්ට පස්සේ :P

      Delete
    2. //සමහර වීදි නම් දැන් වෙනස්වෙලාද මන්දා. //මටත් හිතුනා වෙනස් වෙලා ඇති කියලා. ඔය ලිස්ට් එකේ මාළු වලට තිබ්බ තැන මම දැම්මෙ නෑ. ඒක වෙනස් වෙලානෙ.

      කියපු අනිත් ඔක්කොටම එකඟයි වාහන නවත්වන විදිහට ඇරෙන්න. ඉවාන් කියන විදිහේ දෙයක් වෙයි කියලා හිතෙනවා.

      ඒ කොහොම උනත් කඩ අහල පහල නවත්වන්න දෙන එකක් නෑ කියලයි හිතෙන්නෙ.

      ඉස්සරහට ලියන්නම්කො දිගටම.

      Delete
    3. පිපල්ස් පාර්ක් එකේ නතර කකරන්න පුලුවන්

      Delete
  5. විචාරක කියල තියෙනව වගේ හොඳම දේ ඉස්සෙල්ල ඔය පාරවල් ටික හොයාගෙන ඉන්න එක. මොකද ඔය එක පාරකින් ඇතුලට ගියාට පස්සෙ කොහේ කොහේ යැවෙනවද කියල හිතාගන්න බැරි වෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේ නම් හොඳයි තමයි. ජී.පී.එස්. බැරිවෙයිද? ;)

      Delete
  6. පිටකොටුවේ ෙකාටුවේ කොටුවෙ...
    හිහි
    වාහන වල කෑලි සම්බන්ධයෙන් වග කියනු නොලැබේ...
    හිහි

    ReplyDelete
    Replies
    1. පහුවදාට කෑලි පංචිකාවත්තෙ තියෙයිද?

      Delete
  7. වෙඩිමේ වැඩවලට ඇවිදලා කොටුව නිකං ගෙදර වගේ වෙලා තිබ්බේ.දැං නං මොකුත්ම මතක නෑ.වාහන නං නවත්තන්නේ නැති එක තමා හොඳ.එක්කො නාට්ටාමි මහත්තයෙක් එයාගේ කරත්තේ ඇණගෙන යයි.නැත්තං කෑලි කෑලි එක එක ලේන්වල සේල් කරන්ඩ තියෙයි.

    ReplyDelete
    Replies
    1. හපොයි මේ හොඳට හිටිය නාඹර වස්සා කරත්තෙක බැන්දාද ?

      Delete
    2. @දිනුක,
      පාරෙ ගිහිල්ලත් බේරෙන්න බැරි එක නවත්තලා තිබ්බොත් හොඳට තියෙයි.

      @සරත්,
      නාඹර කියන්නෙ නාකි කියන එකද? :P

      Delete
  8. කොස්මෙටික්ස්- (විළවුන් හා ආලේපන ) මිළදී ගන්න යන්න දෙවෙනි හරස් වීදියේ තියෙන අන්ඩග්‍රවුන්ඩ් කඩ වලට.. සමහරු මේවගේ යන්න බයයි. ඒත් එහෙම නෑ. මෙරට වගේම පිට රටවල නිශ්පාදිත විළවුන් හා ආලේපන සාමාන්‍ය වෙළඳපොල මිලට වඩා ගොඩාක් අඩුවෙන් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඒ ටිකත් දාන්නම්

      Delete
  9. 1 cross street - electrical and electronic parts

    ReplyDelete
  10. හරී ඔය හැම තැනකම ඇවිදලා හොයාගන්න බැරි දෙයක් තියේ නම් යන්න කඳානෙ ශාන්ති එකට එතන නැති මඟුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. කඳානෙ ශාන්ති එක නම් අත ළඟ. ඒක දැක්කම කොළඹ යන්න හිතෙන්නෙත් නෑ. ඒත් ගාන නම් වැඩි ඇති.

      Delete
  11. ඇඳුම් පැළඳුම් ( විසාකාමල්ස්, රන්ජනාස් වගේ මහා පරිමාණ ) - මේන් ස්ට්‍රීට්

    වීදුරු, මුහුණ බලන කණ්නාඩි - කුමාර වීදිය

    බයිසිකල්, කේක් බඩු - වේල්ල වීදිය

    ReplyDelete
    Replies
    1. බයිසිකලේ වේල්ල වීදියෙන් අරගෙන බයිසිකල් චේන්, කඩු, කිනිසි ගන්න 3 වෙනි හරස් වීදියට යන්න වයෙි නේද? :D

      //ආයුධ වර්ග - 3 වෙනි හරස් වීදිය//

      Delete
    2. වායු රයිෆල් - වේල්ල වීදිය

      Delete
    3. @ඉන්දික, ප්‍රා,
      මේ ටිකත් දාන්නම්

      @ප්‍රසන්න,
      ආයුධ කියන්නෙ කැති උදලු වෙන්න ඇති.

      Delete
    4. කාට හරි මට කියන්න පුළුවන්ද හොද ටොෆි චොකලට් වර්ග අඩු මිලකින්ඩු ගන්න පුලුවන් තැනක් ගැන???

      Delete
  12. උ/පෙ වලට පාඩම් කරන කාලෙ රෝහිණී පටුමගෙන් කඩදාසි ගෙනාවෙ කටු වැඩ වලට...දෙමළ කඩ තමයි එතැන වැඩිපුර තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් දාලා තියෙන්නෙ.

      Delete
  13. හරි වටිනවා..............

    ReplyDelete
  14. ඇයි ඉතින් අපි මේ වීදිවලට ගිහින් ඔය බඩු ගන්නේ? :P

    ReplyDelete
    Replies
    1. ඒ කඩවල බඩු බොහොම ගණන් අඩුයි. ලංකාවෙ හැම පළාතකටම වගේ බඩු ගෙනියන්නෙ මේ කඩවල ඉඳලා. අනික තෝරාගැනීමේ අවස්ථාව වැඩී.

      Delete
  15. මේ පාරවල් ටික නම් ගොඩාක් වටිනවා. වාහන නවත්වන එක තමා ප්‍රශ්නේ.

    පබ්ලිශ් කරපු නැති ලිපි කිහිපයක්ම මගේත් තියෙනවා. අද ලූර්දු ම‍ංගල්ලෙට ලූර්දු දර්ශනය ගැන ලිපියක් දාන්න හිටියා. ඒ වුනාට ඒක ඉවර කරගන්න බැරිවුණා.

    ReplyDelete
    Replies
    1. වාහන නවත්වන්න පහසුකමක් ඇති කළානම් බොහොම වටිනවා.

      දැන් හරි ලිපිය දාන්න සහෝදරතුමා. අපි කියවන්න එන්නම්.

      Delete
  16. බෙහෙත් බඩු,කේක් බඩු ගන්න තියෙන "ගබෝස් ලේන්" කිව්වාම මතක් වෙන්නේ අපේ ගෙවල් කිට්ටුව තියෙන "ජබොස් ලේන්"එක.ජබොස් ලේන් කියන නම වැදගත් මදි වගේ නිසා ලේන් එකේ කට්ටිය එකතු වෙලා නම දාගත්තා "ශ්‍රී ධම්මානන්ද මාවත" කියලා...:D

    ReplyDelete
    Replies
    1. ජබොස් ලේන් කියලා කතාවක් ගියාද මන්දා ටී වී එකේ. ඒ නම හොඳට අහලා පුරුදුයි.

      Delete
  17. හරියා පහුගිය දොහේ මැලිබන් වීදියේ කරක් ගැහුවා කියලා මගේ සැටලයිට් ජාලෙට වැදුනා .. ඕන්... එහෙනහ් !!

    ReplyDelete
    Replies
    1. එහෙමද? පුදුම ජාලයක්නෙ තියෙන්නෙ. ඔන්න හෙට්ටි වීදියත් දැම්මා.

      Delete
  18. රත්තරන් බඩු - හෙට්ටි වීදිය

    ReplyDelete
  19. පූජා භාණ්ඩ තොග මිලට ගන්න තියෙන්නෙ කොහෙන්ද කියන්නකො පුළුවන්නම්

    ReplyDelete
  20. DVD hifi setup වල රිමෝට් කන්ට්‍රෝල් එහෙම ගන්න තියෙන්නෙ කොහෙද කියන්නකො දන්න කෙනෙක්

    ReplyDelete
  21. බිස්කට් ගන්න තියෙන්නේ කොහෙද

    ReplyDelete
  22. චොක්ලට් තොග දෙන තැනක contact number එකක් දාන්නකෝ

    ReplyDelete
  23. Chocolate thoga wasayen ganna puluwan than kiyannko colombo wala

    ReplyDelete
  24. Ane pahan thira hadunkuru hadanna badu ganna thiyanne koheda

    ReplyDelete
  25. ගොඩක් ප්‍රයෝජනවත් මෙහෙම ලිපි දුර ඉඳන් එන අය⁣ට.මිනිස්සු
    හිතන් ඉන්නෙ බස් එකෙන් බැස්ස ගමන් තියෙන කඩ පේලි ටික.තමයි කොටුවකියන්නෙ කියල,ඒවගය බඩු මිල අඩු නැනෙ,බොහොම තුති..

    ReplyDelete
  26. චොකලට් තොග කඩ කොහෙද තියෙන්නේ

    ReplyDelete
  27. 3 වෙනි හරස් වීදියෙ දැන් ගොඩක් තියෙන්නෙ රෙදි කඩ.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...