4.14.2015

සලාත් (ප්‍රවේසම් වන්න)

(ගත්තෙ මෙතනින්)
ජීවිතය විටින් විට අපට පාඩම් කියාදෙයි. වරෙක පොතෙන් පතෙන්ද, තවත් වරෙක තමන්ගේම අත්දැකීම් තුලින්ද, තවත් වරෙක අන්‍යයන්ගේ අත්දැකීම් ඇසුරෙන්ද අපි පාඩම් උගන්නෙමු. විටෙක එකම පාඩම කිහිපවරක්ම උගන්නෙමු. කෙටිකලක් තුළ පිරිසකට ස්වකීය අත්දැකීම් තුළින්ද තවත් පිරිසකට අන්‍යයන් දෙස බලාද පාඩම් ඉගෙනගැනීමට සැලස්වූවෙකි, සලාත්.

නූස් නොමිටි සාමාන්‍ය ප්‍රමාණයේ දේහයකින් යුක්තවද මනාව නඩත්තු කළ කෙස්වැටියකින් හා රැවුළකින්ද යුක්තවූ ඔහු අන්‍යයන්ට ප්‍රියමනාපව පෙනෙන ආකාරයෙන් ඇන්ඳේය. පැලැන්ඳේය. පාරිභෝගික කටයුතු පිළිබඳ නිලධාරියෙක් ලෙස මීට වසරකට දෙකකට පමණ පෙර අප ආයතනයට ආ ඔහු අවුරුදු විසිගණන්වල සිටිනා බවක් පෙන්වීය. ඔහුට අනුව ඔහුගේ වයස විසිතුනකි. ඔහුට අනුව?

"මචං අයෑම් සලාත්" මුල්ම හමුවීම මට අද මෙන් මතකය. ඒ අපගේ පළමු හමුවීම වුවද වසර ගණනාවක සිට දැන හඳුනන මිතුරෙකු මෙන් ඔහු කතාබහ කළේය. "කොහොමද මචං?" "ඒක මෙහෙමයි මචං" "එල මචං" "යමං මචං" "අපි බොක්කෙන් මචං""බොක්ක දෙන්නම් මචං" ඔහුගේ මුවග රැඳුණු හිත මිතුරු ආමන්ත්‍රණ විය.

යම් යම් අවස්ථාවලදී සිදුවූ හමුවීම් අතර ඔහු පෞද්ගලික තොරතුරුද එකිනෙක නිරාවරණය කළේය. "මං කිරුළපන මචං" "ඉස්කෝලෙ ගියෙ සහිරා" "එහෙ ෆුට්බෝල් කැප්ටන් මම" කට නිකන් කතුරක් මෙනි. ජාතියෙන් මුස්ලිම් වුවත් මනාව සිංහල බස හැසිරවීමේ සමත්කම ඔහුට තිබිණි. අසල ආසනයේ සිටි දමිළ ජාතිකයා පමණක් නොව ආයතනයේ සිටි අනෙකුත් සිංහල පුද්ගලයන් සමඟද ඔහු ඉතා ඉක්මණින් හිතවත් වූවේය.

මේ අතරතුර කාලයේදී ආයතනයේ විනෝද චාරිකාවට දින නියම විය. ඒ වනවිට සලාත්ගේ ආගමනයෙන් යන්තම් මසක් ගතවී තිබෙන්නට ඇත. එහෙත් වසර ගණන් සේවය කළ අය පරදා ඔහු සංවිධාන කටයුතුවල පෙරමුණ ගත්තේය. චාරිකාවට අවැසි කළමනා සෙවීමේ පටන් නවාතැන් පොළවල් වෙන්කිරීම දක්වා ඔහු දැක්වූ කාර්‍යශූර භාවය සැමගේ ප්‍රශංසාවට ලක්විය.

චාරිකාව තුළදීද ඔහු තව තවත් ජනප්‍රිය වී තිබුනේ පැවසූ රස කතා නිසාය. කලින් ඔහු ගිය චාරිකා, ඒවා සංවිධානය කළ හැටි, මෝටර් සයිකල් රේස් පැද්ද හැටි, බයිසිකලයෙන් වැටී ඇටකටු කුඩු වූ හැටි, ඉස්කෝලෙ පාපන්දු ක්‍රීඩා කළ හැටි ආදි මෙකී නොකී කතා රාශියක් සලාත් තරුවක් බවට පත් කළේය. සමහරු අහසින් පාත්වූ වැඩකරුවෙකු වීරයෙකු ලෙස ඔහු අදහනු පෙනෙන්නට තිබිණි.

මසක් පමණ ගතවී ගියේය.

"සලාත් ඕල් රෙඩි ලෙෆ්ට් ද ජොබ්. ප්ලීස් රිමූව් හිස් මේල් අයිඩී" පාරිභෝගික කටයුතු භාර කළමනාකරු තොරතුරු තාක්ෂණ කළමනාකරු ඇමතීය. අප කා හටත් එය ප්‍රෙහේළිකාවක්ම විය.

"සලාත් ගිහිල්ලා? මක්වෙලාද?"

"මිනිහට මොකද උනේ"

"බබාට අසනීපයි කිය කිය හිටියා."

"බබෙක්? මිනිහා බැඳලද? අවුරුදු විසිතුනයිනෙ"

සලාත් ගැන කතාවලින් කන් පිරිණි. ඔහුගේ නික්මයාම මට අඹ මල් රේණුවක තරම්වත් විශේෂයක් නොවූ නමුදු සමහරු සලාත් සොයා ගම රට පීරන්නට වූහ. මුන් ඉතින් දෙයියො වගේනෙ හිතන් හිටියෙ.

"යන එකා ගියාවෙ බං. ඌ වෙන ජොබ් එකකට පනින්න ඇති" සලාත් ගැන කතාවක් ඇදී ආ වෙලාවක මම මැද්දට පැන්නෙමි.

"මොන වෙන ජොබ්ද බං? ඌ ලක්ෂ ගාණකට පොල්ල තියලා පැනලා තියෙන්නෙ"

"හෑ.. කාටද? "

"කාටද කියන්නෙ ගොඩදෙනෙක්ට. රාජලිංගයටයි නිමල් අයියටයි තමයි ලොකුම පොල්ල තියලා තියෙන්නෙ."

"නෑ.."

"ඌ දීලා තියෙන නම්බර් එකට රිං වෙනවලු. බට් නෝ අන්සර්ලු."

"ගොඩක් එවුන් පොල්ල කාලා. කියන්නෙ නෑ ලජ්ජාවෙ."

"මුං හොයන් ගිහින්. එහෙම ඇඩ්‍රස් එකක් නෑලු. සහිරා එකේ එහෙම එකෙක් ඉඳලත් නෑලු"

"ඉතින් බං කම්පැනියෙ හිටියා කියලා, මොකුත් නොදන්න එකෙකුට ලක්ෂ ගණන් දෙන්න අපේ එවුන් බබ්බුද? මුන්ගෙ වැරැද්ද"

"උඹ දන්නෙ නෑ උගෙ ගැට"

දැනගන්නට ලැබුණු පරිදි සලාත් උපක්‍රමශීලීව පිරිස නම්මවාගෙන තිබිණි. මුලින් කිසියම් මුදල් හදිසියක් කියා රුපියල් දහසක පමණ මුදලක් ලබාගෙන ඇත්තේ දින කිහිපයකින් ආපසු දෙන පොරොන්දුව පිටය. එහෙත් පොරොන්දුවූ දිනට පෙරම ඔහු මුදල් නැවත දී ඇත්තේ කාරණාව කරගත් බව කියමින් නොවඳිනා වැඳුම් වැඳ ස්තුති කරමිනි. නැවත ටික දිනකින් යලිත් මුදලක් ඉල්ලාගෙන කලින්ම ආපසු දෙයි. මේ අතර ඔහු කෙමෙන් ණයට ගන්නා මුදල් ප්‍රමාණය වැඩි කරමින් නැවත ආපසු දෙමින් විශ්වාසය උපයාගෙන තිබිණි.

අවසානයේදී විශාල මුදලක් කිහිපදෙනෙකුගෙන්ම ලබාගන්නා ඔහු අතුරුදහන් වෙයි. කරුණු කාරණා අනුව පෙනී යන්නේ ඔහු ආයතනයට පැමිණෙන්නටම ඇත්තේ මෙබඳු අරමුණකින්ම බවයි. නැතිනම් අනන්‍යතාවය සැඟවීමට හේතුවක් නොමැත.

දැන් මේ සිදුවීමට වසර දෙකක් පමණ වේ. අදටත් සලාත් ගැන තොරතුරක් නොමැත. මෙබඳුම සලාත්ලා දහස් ගණනක් ඔබ අප අවට රැඳී සිටිනවා වන්නට පුළුවන. අපගේ හිත දිනාගන්නට පුළුවන. අපගේ පොකට්ටුවට විද අතුරුදහන් වන්නට පුළුවන. රාජලිංගම්ලාට නිමල්ලාට මෙන් ලජ්ජාවෙන් නිශ්ශබ්දව සිටීමට සිදුවන්නට පුළුවන. ප්‍රවේසම් වන්න.

36 comments:

  1. හොද වගේම නරක මිනිසුන් මේ ලෝකෙ ඉන්නවා.... නම සලාත්(නැමදුම- මෙහෙම නමක් ඇහුවමයි ) ඒත් කරලා තියෙන වැඩෙ කැතයි

    ReplyDelete
    Replies
    1. //හොද වගේම නරක මිනිසුන් මේ ලෝකෙ ඉන්නවා// ඔව් ඒක ඇත්ත. ඒවගේම හැම මිනිහම 100%ක් හොඳත් නෑ නරකත් නෑ. මිශ්‍ර ගතිගුණ තියෙන්නෙ.

      Delete
    2. Ferdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?

      වීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.

      Delete
  2. සුබ අළුත් අවුරුද්දක් හරී.
    (හරීල නම් ඉතින් අවුරුදු සමරන්නෙ නැතුවත් ඇති සමහර විට)

    මම නම් ණය ගන්න අකමැති වගේම කාටවත් ණයට දෙන්න කැමැත්තකුත් නෑ. ඔය කඩවල්වල ලොකුවට බෝඩ් ගහල තියෙනව වගේ ‘ණයට දීමෙන් මුදලත්, මිතුරත් දෙකම නැතිවේ‘ තමයි සාමාන්‍යයෙන් නම් වෙන්නෙ. (හැබැයි මගේ එක යාළුවෙක් ඉන්නව හිටීගමන් ඇවිත් දාහ දෙදාහ ඉල්ලගෙන යනව, හැබැයි උෟ සතියකින් දෙකකින් ගෙනත් දෙනව. අපි වගේ නෙවිනේ, පවුල්කාරයො උනාම ඉතිං වියදම් නැතෑ)

    කොහොම උනත් ඕනවට වඩා විශ්වාසවන්ත බවක් පෙන්නගෙන හිටිහැටියෙ ලංවෙන අයත් එක්ක මොනම විදියකවත් ගනුදෙනුවක් තියාගන්න හොඳ කාලයක් නෙවි මේක. අතේ දුරින් තියන් ටික කාලයක් ආශ්‍රය කරල පුද්ගලය කවුද කියල අඳුරගන්න එක තමා හොඳම දේ. පාඩු නම් උනාට කමක් නෑ, අරුන් ටික හිරේ යන්න වැඩක් සෙට්කරලම පොර මාරු උනානම් ඉතින් ඉවරම තමයි.

    ReplyDelete
    Replies
    1. මම අලුත් අවුරුදු සමරන්නේ නෑ තමයි. ඒත් කමක් නෑ සුභ පැතුවා කියලා අහක යන්නේ නෑනෙ. ටත් සුභම සුභ අලුත් අවුරුද්දක්.

      මමත් නම් අකමැතිම වැඩක් තමා ණයට දෙන එක. හැබැයි වෙලාවට මම කාවවත් ණයට දෙන්න පුරුදු කරගෙන නෑ. ඒවගේම ණය වල ඇප වලට අත්සන් කරද්දිත් පරිස්සම් වෙන්න ඕනා.

      ඕනම දෙයක් ඕනවට වැඩිය ඕන නෑ කියනවනෙ. මේ දවස්වල තවත් පොරක් ඔහොම සෙල්ලම් දානවා. බලමු ඉස්සරහට.

      Delete
  3. හ්ම්.......................සලාත්ලා ලෝකය පුරාම ඉන්නවා. ප්‍රශ්නේ තමයි අපිට එයාලව කල්තියා අඳුනාගන්න බැරිවීම.

    ReplyDelete
    Replies
    1. එයාලව අඳුරගන්නකොට පරක්කු වැඩී.

      Delete
  4. බ්ලොග්වලත් ඉන්නවනේ ඔහොම අයියලා

    ReplyDelete
    Replies
    1. බලන් යද්දි නැති තැනක් නෑනෙ.

      Delete
    2. "බ්ලොග්වලත් ඉන්නවනේ ඔහොම අයියලා"
      බොරු නම් කියන්න එපා. බ්ලොග් ලෝකේ නෑ එහෙම අය :P

      Delete
    3. හි හි

      Delete
  5. ඔය වගේ උන් දෙතුන් දෙනෙක් ගැනම මම දන්නවා....අපිත් එක්ක එකට වැඩ කරපු ලංකාවෙ එකෙකුයි, තව ඒ වගේම අපිත් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරපු ඉන්දියන් එකෙකුයි ඔය විදිහට යාළුවන්ට, බැංකුවව්ල පොළු තිබ්බේ ලංකාවෙ සල්ලි වලින් කෝටි ගණන් වලින්....! ඔය වගේ මිනිස්සු අඳුනගන්න තියෙන හොඳම දේ තමයි ඕනෑවට වඩා ඈඟෑලුකම් පාන්නට ඒම.... එහෙම එන එවුන්ව අතේ දුරින් තියා ගන්න එක තමයි නුවණට හුරු.....!

    ReplyDelete
    Replies
    1. මම අහල තියෙනවා සමහර කට්ටිය ලංකාවෙ නෑදෑයින්ට දෙන්න කියලා සල්ලි, බඩු මුට්ටු එවනවලු ඒ වගේ නොදන්න අය අතේ. එව්වට ඉතින් අබ සරණයි.
      තව සමහරු ගමේ යද්දි දාගෙන යන්න කියලා රත්තරන් බඩු ඉල්ලගන්නවලු. ආයෙ එන්නෙ නෑලු.

      Delete
  6. Mamath oya super stars walin âth wela inna nisa awulak naga
    Mama Naya gannawâ wagêma denawath ekka...
    Habai e okkoma wage kâleka indalama danna kiyana un...
    E kiyanne podikâle indalama danna bokke fit ewun...
    Kohomatath mama Muslims là ekka deal karanne naha...
    E mage prathipaththiyak...

    ReplyDelete
    Replies
    1. ණය ගැනීමත් දීමත් ප්‍රශ්නයක් නෙමෙයි. අනික ණය ගන්නවා කියන්නෙත් නරක දෙයක් නෙමෙයි. අපි අතර ඉන්න ගොඩක් අය අඩුම ගානෙ බැංකුවකින් වත් ණයක් අරගෙන ඇතිනෙ.

      ඒත් මෙතන වැඩේ ණය අරගෙන නොදී මාරුවෙන එකනෙ.

      Delete
  7. සලාත් ගේ ජාතියේ පොරවල් හැම තැනම ඉන්නවා . . හිත හොඳ උන් සලාත්ලගේ ජාතියේ උන්ට එදත් අහුවුනා අදත් අහුවෙනවා හෙටත් අහුවෙනවා වෙනසක් නෑ . . .

    අඩු ගානේ ගිනි පෙලෙල්ලෙන් බැට කෑවට පස්සේ වත් කනා මැදිරි එලියටම නෙමේ පහන් දැල්ලක් දැක්කත් දෙපාරක් හිතන ගානට වෙනස් වෙන්න පුලුවන් වෙන්න ඕන . .

    බොහෝම ස්තූතියි මේ කතාවට. සමහර විට සලාත්ගේ ජාතියේ ගනුදෙනුවක් අරගෙන දීලා ඊලඟට තව ලොකු ගානක් ඉල්ලන උන් සෙට් උනාම ඌව මතක් වෙලා වත් දෙපාරක් හිතයිනේ මාත් . .

    ReplyDelete
    Replies
    1. අහුවෙන්නේ හිත හොඳ එවුන්මද කියලා නම් කියන්න අමාරුයි. සමහර උන් ඉන්නවානෙ එකෙක් තරුවක් වගේ උනාම ඌව යාළු කරන් ඉන්න හදන. ඒ වගේ උනුත් ණය දෙන්න පුළුවන්.

      //සමහර විට සලාත්ගේ ජාතියේ ගනුදෙනුවක් අරගෙන දීලා ඊලඟට තව ලොකු ගානක් ඉල්ලන උන් සෙට් උනාම ඌව මතක් වෙලා වත් දෙපාරක් හිතයිනේ මාත් . //
      ඒක නම් බොහොම හොඳ වැඩක්.

      Delete
  8. කවුරු හරි තමන්ව අධිකව වර්නනා කරනවනම්, අධික සුහදකම් පානවනම් දෙපාරක් නොහිතා ඒ පුද්ගලයාගෙන් ඈත් වෙන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්. විරුද්ධ ලිංගිකයින්ටත් අදාලද? එහෙමනම් ජනගහණ පාලනයට හොඳ විසඳුමක්

      Delete
    2. @සෙන්නා,
      මට මතක් උනේ කේජු කෑල්ලයි නරියගෙයි කතාව.

      @ප්‍රා,
      එහෙම එන්නෙත් ඉතින් හොඳකට නෙමෙයිනෙ.. :)

      Delete
    3. ඩිවෝස් වෙන්න වෙන්නෙ...

      Delete
    4. ප්‍රා, ‍තෝරා ගත් එක් පුද්ගලයෙකුට හැර අනෙක් විරුද්ධ ලිංගිකයන්ටත් අදාලයි...

      Delete
  9. කවුරු හරි තමන්ව අධිකව වර්නනා කරනවනම්, අධික සුහදකම් පානවනම් දෙපාරක් නොහිතා ඒ පුද්ගලයාගෙන් ඈත් වෙන්න.

    ReplyDelete
  10. අපි හරී ආසයි කාට හරි අහුවෙන්න. ඒ අපේ හැටි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් එවුන් ආසයි අලුතෙන් මොකෙක් හරි ආවම ඌව කරේ තියාගන්න. ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙනවා කියන්නෙ.

      Delete
  11. හ්ම්,අපිනම් අහු වෙයි සලාත්ලාට.:D

    ReplyDelete
    Replies
    1. අහුවෙලා වරෙන්කො.. :D

      Delete
  12. විශේෂයෙන් අලුතෙන් අදුන ගන්න ය ගැන ටික කාලයක් යනකන් වැඩිය විස්වාස නොකරන එක තමා හොද

    ReplyDelete
    Replies
    1. අලුත් උනත් පරණ උනත් තම තමුන්ගෙ සීමාවල ආශ්‍රය කරනවා නම් තමයි හොඳ..

      Delete
  13. හිබ්රු වලින් "සලාත්" කියන්නේ රිමොර්ට් කන්ට්‍රෝල් එකට.. ඔය වගේ අය ඉන්නවා රට පුරාම,, අපි දැනගන්න ඕනේ පරිස්සම් වෙන්න

    ReplyDelete
  14. මෙහෙම මිනිස්සුන් අපි අතරත් අැති ඔ්න තරම්.. පරිස්සම්විය යුත්තේ මුන්ගෙන් තමයි

    ReplyDelete
  15. ඔහොම එකෙක් මේ දවස්වල මලගිය පරාණකාරයෙක්ට පණ දෙන්න ට්‍රයි කරනව දැක්ක ත'න්ගල්ලෙ ඉඳන් ඉන්ටර්නෙට් එකට රිංගල.

    ReplyDelete
  16. මේ වගේ එකෙක් කැනඩාවේ ඉන්නවා ද්විත්ව පුරවැසිභාවය ලබා දෙනවා කියලා මිනිසුන් ගෙන් සල්ලි ගහ ගත්තා , කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි හාමුදුරුවන් ගේ අත්සන හොරෙන් ගහලා පන්සලට අධාර කියලා මුදල් ගැරුවා.

    ටොරන්ටෝවේ කුප්‍රකට දේපළ වෙලදාම් ඒජන්තයෙකු වන වසන්ත අබේසිරි නැමැති පුද්ගලයා විසින් ටොරන්ටෝ විහාරයට , බ්‍රැම්ටන් බෞද්ධ පන්සලට හා මිසිසාගා පන්සලට ආධාර පිණිස කියමින් වංචනිකව ලංකාවේ ධනවත් බෞද්ධයන් ගෙන් ආධාර මුදල් එකතු කොට තිබෙන බවට වාර්තා වේ. මීට ඉහතදීද මෙම පුද්ගලයා විසින් ශ්‍රී ලාංකික සංක්‍රමනික යන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට පොරොන්දු වී මුදල් වංචාවක නිරතවී තිබුණු බවට හිටපු කොන්සල් ජෙනරාල් කරුණාරත්න පරණවිතාන මහතා විසින් පරීක්‍ෂණයක්ද පවත්වා තිබුණි. වසන්ත අබේසිරි නැමැත්තා මොන්ට්‍රියල් බැංකුවේ Bank of Montreal (BMO)සේවය කළ අයෙක් වන අතර ඔහු බැංකු සේවයෙන් නෙරපා හැර ඇත්තේ වංචනික චෙක්පත් ගණුදෙනුවක් හේතුවෙන් බව හෙලිවී ඇත​. මොහු කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන්ගේ අත්සන ඇතුළු අනෙකුත් විහාරාධිපති හිමිවරුන් ගේ අත්සන් හොරට යොදා ලංකාවේ ධනවත් බෞද්ධයන් ගෙන් ආධාර මුදල් එකතු කොට තිබේ. අප විසින් මේ සම්බන්ධයෙන් කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන් ගෙන් මෙන්ම බ්‍රැම්ටන් බෞද්ධ පන්සලේ හා මිසිසාගා පන්සලේ විහාරාධිපති හිමිවරුන් ගෙන් විමසීමක් කළ අතර මෙම පන්සල් වලට ආධාර සඳහා වසන්ත අබේසිරි නම් පුද්ගලයාට කිසිදු බලයක් ලබා නොදී තිබෙන බව එකී හිමිවරුන් පෙන්වා දුන්හ​. තවද මෙම වංචනික වසන්ත අබේසිරි නැමැත්තා අබෞද්ධයෙකු බවද කැනඩාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් පෙන්වා දෙති.

    ReplyDelete
  17. හරියා........ සිරි සුභ මංගලම් අෑ

    පෝස්ටු දාන්න පරක්කුත් ඒකද????????

    ReplyDelete
  18. මංගලම් ජය මංගලම් වේවා සිරි සුබ මංගලම්!!!

    ReplyDelete
  19. වැඩේ කියන්නෙ මෙහෙම දේවල් කොච්චර වාර්තා උනත් අපේ උන් ආයෙ ආයෙ අහුවෙනවනේ බං

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...