10.10.2015

හොබිට්ටා (The Hobbit)

පොත් ප්‍රදර්ශනයෙන් ගෙනාපු එක පොතක් කියවලා ඉවර කළා. J. R. R. Tolkien ගේ The Hobbit. The Lord of the Rings කතාවට ආරම්භය ලැබෙන්නේ මේ පොතෙන්. මම හිතන්නේ ගොඩක් දෙනෙක් මේ පොත කියවලා ඇති. පොතේ පිටපත් මිලියන 140ක් විකිණිලා තියෙනවාලුනෙ. 

මේ පොතේ මනඃකල්පිත ජීවි කොට්ඨාස කීපයක් ගැනම ලියවී තියෙනවා. එක් එක් ජීවීන්ට අනන්‍යවූ විවිධ ලක්ෂණ තියෙනවා. මම ඒ ලක්ෂණ මෙතන විස්තර කරන්නේ නෑ. පොත කියවලම බලන්න වෙනවා ඒවා දැනගන්න. මට මේ පොත කියවලා බලන්න හිතුවෙත් ඒ වගේ හේතුවක් හින්දා. දවසක් මම දවල්ට දෙපාරක් කෑවා කිව්වාම මාත් එක්ක වැඩ කරන කෙනෙක් ඇහුවා 'ඔයා හොබිට් කෙනෙක්ද?' කියලා. එතනින් තමයි කතාව කියවන්න ආසා හිතුනේ. අනික් කාරණාව මෙච්චර පොත් ගණනක් විකිණෙන්න නම් මේ පොත හොඳ එකක් වෙන්න ඕනෙ කියලා හිතුනා.

පොතේ කතානායකයා 'බිල්බෝ බැගින්ස්' කියන්නෙ 'හොබිට්' කියන ජීවී කොට්ඨාසයට අයිති ජීවියෙක්. මීට අමතරව 'ගැන්ඩල්ෆ්' කියන මායාකාරයත් තෝරින් ප්‍රමුඛ අඟුටුමිට්ටෝ දහතුන් දෙනෙකුත් ඉන්නවා.තෝරින්ට උරුමවෙච්ච රාජධානියේ අයිතිය ලබාගන්න මේගොල්ලෝ යන ගමන තමයි පොතේ තියෙන්නෙ. ඒ ගොල්ලෝ එක් එක් නපුරු වගේම යහපත් ජීවී කොට්ඨාස වල වාසභූමි පහුකරලා රාජධානිය සොයා යාමත් අවසානයේදී රාජධානිය අයිති කරගෙන සිටින මකරාගෙන් එය ලබාගන්නා හැටිත් පොතේ විස්තර වෙනවා.

“Where there's life there's hope.” 

32 comments:

  1. ඕකෙ ෆිල්ම්ස් තුන නම් මා ගාව තියෙනව හරී. පළවෙනි එක විතරයි හැබැයි තවම බලල තියෙන්නෙ. නිවාඩුවක් හම්බවෙනකන් ඉන්නෙ ඒ ටික ආයෙ බලන්න.

    ReplyDelete
    Replies
    1. මම නම් එකක්වත් බලලා නෑ. හොයාගෙන බලන්න ඕනෙ.

      Delete
  2. මොන හේතුවකටද මන්දා The Lord of the Rings මට වැඩිය ඇල්ලුවේ නෑ.. සමහර විට මේක කියෝලා බැලුවොත් වැඩේ අල්ලගන්න පුළුවන් වෙයි.. දැන් ප්‍රදර්ශනේ නැති නිසා මේක ගන්න පුළුවන් තැනකුත් දාමුද බලන්න.. :)

    ReplyDelete
    Replies
    1. මටත් මෙලෝම රහක් නැති ෆිල්ම් ටිකක් තමයි. මුලින්ම සිරසෙ හඳකවලා යනකොට හිතුවා හඳ කැවීමේ අවුලක් කියලා. පස්සෙ හොයාගෙන පිළිවෙලට බලන්න හිතුවා. ඒත් මාරම කම්මැලියි. හොබිට් කතාව නම් එහෙම ගතියක් තිබ්බෙ නෑ. ඊළඟට ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් කියවලා බලන්නයි ඉන්නෙ.

      ගන්න තැනක් නම් මාත් දන්නෙ නෑ. මේ ජාතියෙ පොත් තියෙන තැන්වල ඇති.

      Delete
    2. අම්මප මං හිතුවෙ මේ ලෝකේ "ලොඩ් ඔෆ් ද රිංග්ස්" එකට කැමති නැති එක්කුට ඉන්නෙ මං විතරයි කියලා.මට නං ඒට බලන්නත් පට්ට කම්මැලී.

      Delete
    3. මේ මාත් ඉන්නවා. මටත් දිරෙව්වේ නැති එකක් තමයි Lord of the Rings.
      ඒ එක්කම මම ඔය Hobbits මූවීස් නම් බලලා තියෙනවා.

      Delete
    4. @මලියා, Dude,
      තව ඇති තව ඇති..

      Delete
    5. Lord of the rings එකයි බැලුවෙ. කට්ටියම ඒ කාලෙ පිස්සු වැටිලා හිටිය නිසා මාත් ලස්සනයි කියලා හිතලා අයියට වද තිස් දෙකම දීල ගෙන්න ගත්තට පලවෙනි එක භාගයක් බලද්දිම මටත් එපා උනා.

      හැබැයි හොබිට් නම් ලස්සනයි. ෆිල්ම් තුනක් ගැන නම් දැනන් හිටියෙ නෑ. ඒත් එකක් බැලුවා. ඒක නම් හොදයි.

      Delete
  3. මේක ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කතාවට අදාල නෑ. මේකෙ කියවෙන විදිහට ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ෆිල්ම් එකේ කියවෙන සිද්දිය වෙන්න කලින් වෙන සිදුවීමක් ගැන කියන්නෙ. හරි නම් මේක කලින් එන්න ඕනෙ ෆිල්ම් එකක්. මේ පොතෙන් ෆිල්ම් දෙකයි හැදුවෙ. බැට්ල් ඔෆ් ෆයිව් ආමීස් කියන්නෙ දෙවෙනි එක.

    ReplyDelete
    Replies
    1. //The Lord of the Rings කතාවට ආරම්භය ලැබෙන්නේ මේ පොතෙන්. //කියලා ලිව්වෙ කතාවට අදාළ මුද්ද හම්බවෙන්නේ මේ කතාවෙදි නිසායි.

      එතකොට හොබිට් කතාවෙන් හැදුවේ ෆිල්ම් දෙකයිද? ලෝර්ඩ් ඔෆ් ද රින්ග් එකෙන් ෆිල්ම් 3යි. ඔක්කොම 5යි.

      Delete
    2. The Hobbit: An Unexpected Journey (2012)

      The Hobbit: The Desolation of Smaug (2013)

      The Hobbit: The Battle of the Five Armies (2014)

      Delete
    3. මේ කතාව ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කතාමාලාවට බොහෝ කාලයකට කලින් වෙන සිදුවීමක් බව ඇත්ත. අර ළඟදි ආපු Minions ෆිල්ම් එකත් එහෙමයි නේද. ඒකත් මුලින් ආපු Despicable Me වල කතාවලට කලින් සිදුවීම්. හැරී පොටර් ෆිල්ම්ස්වලත් අග ෆිල්ම්ස්ටික බලනකොට මුල් ඒවයෙ වටහා ගන්න අමාරු උනු සමහර සිදුවීම් චරිත ලස්සනට තේරුම් යනව.

      Delete
    4. ෆාස්ට් ඇව්ඩ් ෆියුරියස් එකෙත් ඒම තියෙනවා නෙහ්....... අර 3 මැරෙන එක අවසාන එකට සම්බන්ධ වෙන්නෙ......

      Delete
    5. @ DDT, අවංක ආර්යන්,

      ස්තුතියි..

      ඔව් මිනියන්ස් එකේ තියෙන්නෙත් පටන් ගැනීමේ කතාව තමයි. හොබිට් කියන්නෙත් ඒවගේ එකක්. මම මේ කල්පනා කළේ ෆිල්ම් තුනක් ගහන්න තරම් දෙයක් හොබිට් එකේ තියෙනවද කියලා. ෆිල්ම් බලලම තමයි තීරණය කරන්න වෙන්නෙ.

      "එක්ස් මෙන්" ෆිල්ම් වලත් අන්තිමට ආවේ මුලින් වෙච්ච කතා ටිකනෙ.

      Delete
  4. අද්භූත රසය ලෝකාරම්භයේ සිට තියනවා කියලයි මටනම් හිතෙන්නේ. අපි පුංචිකාලේ අපේ වැඩිහිටියන් කියලා දුන්න කතන්දර වල අද්භූත රසය සෑහෙන්න ගැබ්වෙලා තිබුණා. යතාර්ථයෙන් තොර මනඃකල්පිතවල සැරිසරන්න මිනිසා තුළ උපතින්ම ආසාවක් තියනවා.

    අදනම් මම අද්භූත රසය ප්‍රියකරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතාවලට සෑහෙන්න රසික ප්‍රතිචාර තියෙනවා. මතකනෙ හැරී පොටර්.

      විචාරක මහත්මයා, ලියමුකො නව නළු රස ගැන ලිපියක්. සමහර රස වර්ග නම් එකකින් අනික වෙන්කරගන්නත් බෑ වගේ.

      Delete
  5. මංනං ආසයි ලෝඩ් ඔෆ් ද රින්ග්ස් සෙට් එකටම............ මේකෙ චිත්‍රපටි 3ත් හොයන් බලන්න ඕනි...........

    ReplyDelete
    Replies
    1. මමත් හොයාගෙන බලන්න ඕනා. ලෝඩ් ඔෆ් ද රින්ග් ආයෙ බලන්නෙ පොත් කියෙව්වට පස්සෙ.

      Delete
  6. හොබ්ටි, LOTR කියන්නේ මම ආසම ෆිල්ම් මාලා. ෆිල්ම් එක බැලුවාට පස්සේ මිඩ්ගාර්ඩ් වල සිතියමක් බාගත කරගෙන එකේ කියවෙන නගර තියන තැන් එකින් එක හොයලා බැලුවා. කොහොමත් ෆිල්ම් එකට වඩා පොත රසවත් හින්දා පොත කියවන්න පටන් ගත්තා. අත්දැකීමෙන් දන්න හින්දා මේ වගේ පොතක සිංහල පරිවර්තනය කියවන්න දෙපාරක් හිතනවා. මොකද සමහර පරිවර්තකයන්ගේ පරිවර්තන වලින් මුල් කතාවේ රසය ගොඩාක් දුරකට අඩු වෙනවා. හොබිට් පොතේ ඉංග්‍රීසි පොත හම්බුනේ නැති හින්දා pdf එක තමයි කියවන්න ගත්තේ. ඒත් වැඩේ ටිකක් අමාරු හින්දා පොඩ්ඩක් අත පහු උණා. ඒත් කියවන්න ඕනේ ඉක්මනටම ආපහු

    ReplyDelete
    Replies
    1. ඔව්.. ගොඩක් වෙලාවට වචනවල තේරුම් හොය හොය හරි මුල් කෘතිය කියවන එක හොඳයි පරිවර්තන කියවනවට වඩා. සමහර පරිවර්තන වල වචන ශබ්දකෝෂයකින් බලාගෙන පෙරලලා වගේ. එතනට ගැළපෙන තේරුම නෙමෙයි තියෙන්නෙ.

      Delete
  7. "Lord of the Rings" ෆිල්ම් තුනට ම මම නම් තාමත් පිස්සු වැටිලා ඉන්නේ..මම හිතන්නේ ඔය ෆිල්ම් තුනම අවුරුදු 10 කැට වඩා පරණ ඇති.

    එත් හරි යෝ Hobit වල දැනට ඇවිත් තියෙන ෆිල්ම දෙකම කිසිම විදියකට අල්ලලා ගියේ නැහැ. හේතුව මොකක්ද මන්දා...

    ReplyDelete
    Replies
    1. මට පුදුමයි පිස්සු වැටිලා ඉන්නෙ කිව්වම. පොත කියවලා ආයෙ බලන්න ඕනෙ.

      හොබිට් නම් තාම බැලුවෙ නෑ.

      Delete
  8. Lord of the Rings ෆිල්ම් නම් ලස්සනයි හැබැයි හොබිට් එච්චරම නැගලා ගියේ නැහැ. නවසීලන්තේ තියනවා මේ ෆිල්ම් ගහපු තැන තවම සංචාරක ආකර්ෂණ තැනක් හැටියට. ටිකට් අරන් යන්න ඕනේ බලන්න. අර හොබිට් ලගේ ගෙවල්, ගෙවතු හැමදෙයක් ම තියනවා.... හරිම ලස්සනට.
    එතන ඉන්නවා ෆිල්ම් එකට යොදාගත්තා කියන අශ්වයෝ වගයක් පුදුමේ කියන්නේ උන් සාමාන්‍ය අශ්වයින්ට වඩා විශාලයි කොහෙන් හොයාගත්තද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ විස්තරයක් කලින් දැනගෙන හිටියෙ නෑ. එතන ලස්සනට ඇති කියලා හිතනවා. ජාලෙන්වත් පින්තූර ටිකක් බලන්න ඕනා. ඒ ලොකු අශ්වයෝ ගන්න ඇත්තෙ හොබිට්ලාව පොඩියට පේන්න වෙන්න ඇති.

      Delete
  9. මම ඔය ෆිල්ම් සෙට් එකම බැලුවා.අද්භූත,මායාකාරි,දේවල් තමයි වැඩිපුරම තියෙන්නේ.හොදත් නැ නරකත් නැ.එහෙම කියන්න හේතුව ප්‍රයෝග භාවිතය ඉතා ඉහලින් සිදු කරලා තියනවා වගේම යම් කුතුහලයක් කතා පෙල තුල ඇති කරලා තියනවා.නමුත් ඒකාකාරිබව නිසා ටිකක් වෙලා ගියාම එපා වෙනවා.අනික දිග වැඩිද කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකාකාරී බව ගැන නම් කියන්න වචන නෑ. කට්ටියක් එකතුවෙල කොහෙදො යනවා යනවා යනවා යනවා යනවා යනවා ඉවරයක් නෑ.
      ප්‍රයෝග ඉතාමත් හොඳින් භාවිතා කරලා තියෙනවා.

      Delete
  10. හොබිට් ෆිල්ම් තුනක් තියෙන බව දන්නෙත් අදයි...;)
    හැබැයි මමත් එකක් බැලුවා.පොත නම් කියවලා නැහැ.

    ReplyDelete
    Replies
    1. මම එකක්වත් බලලා නෑ.

      Delete
  11. Replies
    1. ඒ වගේම කතා ගොඩක එකතුවක් නේද?

      Delete
  12. මම film සේරම බැලුවා , හිතපු තරම් හොඳ නෑ, ලෙගොලස් hero වෙයි කියලා හිතුවට වුනේ නෑනෙ

    ReplyDelete
  13. මම film සේරම බැලුවා , හිතපු තරම් හොඳ නෑ, ලෙගොලස් hero වෙයි කියලා හිතුවට වුනේ නෑනෙ

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...