1.09.2016

නත්තලේ මෝඩකම්

මීට අවුරුදු ගණනාවකට ඉස්සර අසල්වාසීන් අතර එකමුතුකමක් තිබුන, අසල්වාසීන් හා එකමුතුව නත්තල් අවුරුදු වගේ විශේෂ දවස් බෙදාහදාගෙන සමරපු, කාගෙහරි වැඩකදී අසල්වාසීන් සියලුදෙනාම පාහේ එකතුවෙච්චි, ළමයෙකුව අහළ පහළ ගෙදරක තියලා ගමනක් බිමනක් යන්න පුළුවන්වෙලා තිබ්බ කාලෙ කතාවක් තමයි මේ.

කවදත් හිත හොඳ මනුස්සයෙක් වෙච්ච නිහාල් මාමා ඒ කාලෙ කසාද බැඳලා හිටියෙත් නෑ. ඒ වගේම හතරවටේම ගෙවල්වල ළමයි ලොකු මහත්වෙලා තිබුනෙත් නෑ. නිහාල් මාමලාගේ පවුලෙ අය පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි. ඉතින් ඒ වටේ පිටේ කවුරුහරි දෙමාපියෙක් ගමනක් බිමනක් යනවා නම් ළමයින්ව නවත්වලා ගියෙ නිහාල් මාමලාගෙ ගෙදර. මමත් පොඩි කාලෙ අම්මලා තාත්තලා නැතිවෙලාවට එහෙ ගෙදර තමයි හිටියෙ. 

මට මතකයි දවසක් මම නත්තලට එහෙ ගෙදර ගියා. ඒ ගෙදර නත්තල් ගහ නම් සරසලා තිබ්බා. ඒත් අපේ ගෙදර වගේ ගව මඩුවක් හදලා සුරුවම් තියලා තිබුනෙ නෑ. මම ගවලෙන හොයද්දි නිහාල් මාමා පෙන්නුවා එයාලගෙ ගවලෙනේ. කැඩිච්ච පුටුවක් උඩට පිදුරු දාලා ඒ උඩ ගවලෙනක පින්තූරයක් තියෙන නත්තල් කාර්ඩ් එකක් තියලා තිබුනා. ඒක දැකලා මට හිනා. මට තාම මතකයි මම ඒ දිහා බලපු අවඥාසහගත බැල්ම. මම ගෙදර ඇවිල්ලත් ඒ ගැන කිව්වම අම්මලා කිව්වෙත් ඒ තරම් දෙයක් කරන්නවත් උවමනාවක් නැතිකම හෝ ඔය වගේ ආසන්න හේතුවක් වෙන්න ඕනෙ. 

කාලය ගෙවිලා ගියා. 2015  අවුරුද්දෙ නත්තල ලැබුවා. අපේම ගෙදරක හදන පළමුවෙනි ගවලෙන අපි හදමින් හිටියා.  හැමදාම පිදුරු මිටි ගෙනැල්ලා කෝටු කෑලි හොයාගෙන ගව මඩුවක් හදලා ඒකෙ සුරුවම් ටික තැන්පත් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද? මම කල්පනා කළා. 

ඒ මොහොතෙ තමයි මගේ මතකයට ආවෙ නිහාල් මාමගෙ ගවලෙන. මම මෙච්චර කාලයක් පහුවෙලා හදන්න හිතන වෙනස්ම තාලෙ ගවලෙන නිහාල් මා ඒකාලෙම හදලා තිබුණා නේද කියලා මට හිතුණා. ජේසු උපත නිරූපණය කිරීම තිබෙනවානම් ඕනෑම විදිහක ගවලෙනක් හොඳයි කියලා තේරුම්යන්න ගොඩක් කල් ගිහිල්ලා.එදා මම නිහාල් මාමගෙ ගවලෙනට හිනාවීම ගැන ඇතිවෙන්නෙ දුකක්. කුමන හෝ කාරණාවක් නිසා නිහාල් මාමා ඒ විදිහේ ගවලෙනක් හදන්න ඇති. මට ඒකට සමච්චල් නොකර ඉන්නයි තිබුනෙ.

මේ තියෙන්නෙ ඒ වගේම වෙනත් විදිහෙ ගවලෙන්.






37 comments:

  1. සමහර වෙලාවට අපි හරි කියලා හිතන් ඉන්න දේවල් හරිම නෙමේ තමා...

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහර එව්වා වැරදි කියලා තේරෙන්නෙ ගොඩක් කල්ගිහිල්ලා. සමහරවිට මැරෙනකම්ම තේරුම් නොයන වැරදිත් ඇති.

      Delete
  2. Replies
    1. තාම කියන්න බෑ. පස්සෙ වෙන විදිහකට හිතෙයිද දන්නෙ නෑනෙ.

      Delete
  3. තමන් අදහස් කරන දේ, අනික් අයට හරියට සන්නිවේදනය වෙනවා නම්, පින්තූරයක් වුනත් හොඳටම ප්‍රමාණවත් නේද? අපේ පන්සලේ ඉන්න පොඩි හාමුදුරු දෙනම, වෙසක් එකට පුංචි තොරණක් ගහනවා, වෙසක් කාඩ් වලින්. ලයිට් දාලා දෙන්නේ, ඒ පොඩි දෙනමගේ වයසේ ඉන්න, ගමේ පිරිමි ලමයි.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සංතෝසයි සෑර් !!!

      Delete
    2. එකමුතුකම හරිම අගෙයි. අහන්නත් සංතෝසයි. පොඩියට නමුත් කරන වැඩේ ගොඩක් වටිනවා.

      Delete
  4. එහෙම හරි දෙයක් නොකර ඉන්නවට වඩා ඒ කරපු දේ වටිනව නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් වටිනවා.

      Delete
  5. ලබන පාර ගවලෙනක් හදද්දිි ඉතුරු ටික හොයාගනිං හරියෝ..ගවයට මං ඉවානයව ගෙනත් දෙන්නං !! ඕ යේස්

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව නාස් ලණුව දාලම ගෙනෙං

      Delete
    2. කර අඹන්නෙ නැතුව ඉමු නේ බං …පව් නෙවැ .හැක :D

      Delete
    3. ගවයො ගොඩ්ක් ඉන්නවනේ බොල අනිත් උන්ට ගන්නේ කාවද ?

      Delete
    4. අටමා , විදානෙයා , සිංදුවා , :D

      Delete
    5. ඉවානෙයට කරාඹන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවැයි?

      පත්තරෙයට ඌරව ගම්මු. (හුටා - දෙපැත්ත මාරු වෙලා ගහල තියෙන්නෙ)

      Delete
    6. බලන් යද්දි බාගෙට බාගයක් ගවයොනෙ.. හුහ් හූ.. ඒ මදිවට ඌරොත් ඉන්නවා. ඔක්කොම ගවයො වෙලා හරියන්නෙ නෑ. කොටළුවෙකුයි. ඔටුවො දෙතුන් දෙනෙකුත් ඕනා..

      මට ඇහුනා පොඩි එකෙක් කියනවා. ගවහලේ.. පිදුරු මිටිය මට කන්නට තිබුනානම්.. කියනවා..

      Delete
    7. එතකොට කෝ බැටළුවො

      Delete
    8. බැටළුවො නෑ ඔක්කොම කොටළුවෝ..

      Delete
  6. සමහර අපි කරපු වැඩ මෝඩකම් කියලා හිතෙන්නේ පස්සේ.හැබැයි එක පාඩමක් කර ගන්න පුළුවන් ඉදිරියට තව මෝඩකම් නොකරන්න.

    ReplyDelete
    Replies
    1. හැබැයි රෑ වැටුණු වලේ දවලුත් වැටෙන වෙලාවල් තියෙනවනෙ..

      Delete
  7. හොඳ පණිවිඩයක්

    ReplyDelete
  8. හදපු විදිහ කොහොම උනත්, ඒ අවස්ථාව සමරන්න කෙනෙක් එහෙම හරි දෙයක් කරපු එක වටිනවා. මොකද සමහරු එහෙම කරන්නවත් උනන්දුවක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ එහෙම හිතන්න තරම් මොළේ දියුණුවෙලා තියෙන්න නැතුව ඇති,,

      Delete
  9. ඉතින් හරීලගෙ අලුත් ගෙදර හදපු ගවලෙන ද අර උඩින්ම තියෙන්නෙ.

    ඇත්තටම බං දැන් මේ වගේ දේවල් කාලයත් එක්ක ටික ටික වෙනස් වෙනව. උඹල මේවගේ සැරසිලි එක්ක නත්තල සමරනව වගේ අපි වෙසක් එකට මහෙම සැරසිලි කරනව. අපි පොඩි කාලෙ වෙසක් එක කිට්ටු වෙනකොට තාත්තා බට කෑල්ලක් අරන් ඇවිත් වෙසක් කූඩු හදනව. අපි හතර දෙනාට අනිවාර්යෙන් කූඩු හතරක් හදනව. ඊට පස්සෙ අපිත් එක්ක එකතු වෙලා කොල කපල ඒව අලවනවා. හවසට ඒව එල්ලල ලයිට් දාලා කොඩිදාලා බකට් එල්ලල සරසනවා. දැන් අපේ ගෙදර ඒව කරන්න කවුරුත් නෑ බං. මටත් කම්මැලියි, අනික කූඩු ලිහෙන්නෙ නැති වෙන්න ගැටගහන්නත් මට බෑ. ඉතින් මම කම්බි කූඩු වෙල්ඩින් කරල හදපු කූඩු දෙකක් ගෙනාවා දැන් අවුරුදු දෙක තුනකට කලින්. දැන් අපේ නෑනා තමා ඒවයෙ කොල අලවන්නෙත්.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ ඒක මේ ජාලෙන් හොයාගත්තු එකක්. මේ සැරේ අපි දෙන්නා වෙනම ගවලෙනක් හැදුවා අපේ ගෙදර..

      Delete
  10. හරී හරි.. :) වෙනස් වෙනස් දෑ නොතනන ජාතිය ලොව නොනගී. අපි කරන්නේ වෙනස් යමක් දැක්කම හිනා වෙන එක නිසා ගොඩක් දුරට අපි හැමදාම එක තැන.

    ReplyDelete
    Replies
    1. වෙනසට හිනා වීම තමයි ගොඩ දෙනෙක් කරන්නෙ..

      Delete
  11. Something is better than nothing යැ. බළලා මැටියෙන් වුනත් මීයන් අල්ලයි නම් මොනවද මේ කතා?

    ReplyDelete
  12. අදහස බොහොම වටිනවා...

    ReplyDelete
  13. ඔන්න කාලෙකින් මමත් ඇවිත් ගියා නාඩි මලේ...

    ReplyDelete
    Replies
    1. නාඩියා....? උඹ වැරදි වෙලාවකද කොහෙද ඇවිත් තියෙන්නෙ.

      Delete
    2. පොඩි ටැපලීමක් මෙයා..

      Delete
    3. අවුරුද්ද පටන් ගත්තු ගමන් ඔහොම වෙන එක හරි නෑ නේද? :P

      Delete
  14. මාත මේ පැත්තට ආවෝ...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...