2.05.2016

තහනමට පෙර, කමු.

අපේ රටේ හරක් මැරිල්ලත් තහනම් කරලා පිටරටින් මස් ගෙන්වන්න හදන එකේ දැන්ම මේ කෑම නොකෑවොත් ආයෙ පස්සෙ කන්න වෙන එකක් නෑ. ඉතින් ඒක හින්දා පහුගිය සති අන්තයේ හදපු කෑමක් තමයි මේ. 

 අවශ්‍ය ද්‍රව්‍යය: 
1.හරක් මොළ එකයි. උදෙන්ම ගියොත් මස් කඩෙන් ගත්තැකි. 
2.බිත්තර දෙකයි 
3.කිරි කෝප්ප බාගයයි 
4.විස්කෝතු කුඩු කෝප්ප බාගයයි 
5.ලුණු ස්වල්පයයි 
6.පොල්තෙල් 

මුලින්ම වතුර කෝප්ප දෙකක් විතර නටන තෙක් උණුකරගන්න.

ඊටපස්සෙ හොඳට හෝදගත්තු මොළය අරගෙන හිමීට නටන වතුර එකට දමන්න. මේ විදිහට විනාඩි 10ක් විතර මොළය හොඳින් තම්බාගන්න. ඊටපස්සෙ වතුරෙන් ගොඩ අරගෙන හොඳට නිවෙන්න තියන්න. 

ඒ අතරෙ කෝප්ප තුනක් අරගෙන එකකට පාන් පිටිත් අනිකට බිත්තර හා කිරිත් අනිකට විස්කොතු කුඩුත් දාගන්න. 

ඊටපස්සෙ කරන්න තියෙන්නෙ මොළය අඟල් දෙකේ දෙකේ කෑලිවලට කපාගන්න එක.

අඟල් දෙකේ දෙකේ කෑලිවලට

කපාගත්තු කෑලි එකින් එක පිටි තවරලා, ඊටපස්සෙ බිත්තර මිශ්‍රණයේ තවරලා විස්කොතු කුඩු දවටාගන්න.

විස්කෝතු කුඩු දැවටීමෙන් පස්සෙ
අන්තිමට හොඳට ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැදගන්න. මතක ඇතුව උණු උණුවෙම ලුණු ටිකක් ඉහළා කෑමට ගන්න. 
ම්ම්ම්ම්ම්

මේ තියෙන්නෙ අපි හදපුවා. 


25 comments:

  1. බැදල පත්තරකොලේට දාපු එක තමයි අව්ල

    ReplyDelete
    Replies
    1. පත්තර කොළේ හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්. ඇත්තටම හොඳ නෑ තමයි.

      Delete
  2. Meka sama harak dekkoth honda honda comment hambawei. hak...
    Ediri kiyala thiyenawa wage paththara pavichchiyanan echchara honda ne male.

    ReplyDelete
    Replies
    1. වෙන කොළයක් තිබ්බෙ නෑ අයියෙ. කවුරුත් ආවෙ නෑ වගේ..

      Delete
  3. හරක කනව කියල දන්නව ඒත් උගෙ මොලෙත් කනව කියල දන්නෙ සිරාවටම දැං..
    ව්ලැහ්..
    සිරාවට හරී.. මංඥං වෙලා ගියා

    ReplyDelete
    Replies
    1. හරකත් නිකම් කප් රුක වගේ කියලයි මට නම් පේන්නෙ. හැම කොටහක්ම වගේ කනවා. සමහර රටවල කන්නෙ නැති කොටස් අනෙක් රටවල කනවා.

      මහේෂ් දන්නවද කුකුලගෙ කකුලෙ අහකදාන කොටස අරගෙන බැදගෙන කන රටවල් තියෙනවා. දැක්කම අප්පිරියාවෙ බෑ. එක් එක්කෙනා පුරුදුවෙලා තියෙන විදිහ තමා.

      Delete
  4. අම්මෝ......නොකමි නොකමි නොකමි.

    ReplyDelete
    Replies
    1. මස් කමි මොළ නොකමිද? නැත්නම් හරක් මස් නොකමි අනෙක් මස් කමිද? :)

      Delete
  5. මොලේ තම්බන්නෙ නැතුව බන්,ඔහොම්ම බිත්තරයක්,පිටි ටිකක්,ලුනු,ගම්මිරිස් ටිකක්,කහ සුට්ටක් දාලා මිශ්‍රනයක් හදාගෙන,,ඒක බැද ගන්නත් පුලුවන්

    ReplyDelete
    Replies
    1. එහෙමත් පුළුවන්ද? මැද අමු ගතියක් එයි කියලත් හිතෙනවා. ඒ විදිහටත් හදලා බලන්න ඕනා.

      Delete
  6. හරී ඔය කියන්නේ පිට රට හරක්ට මොළේ නෑ කියලා වෙන්නැති... :D

    මම හරක් මස් කන්නෙ නෑ.. ඒක හින්ද මේකෙන් වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. හික්..හික්... සෙන්නාට හිතිලා තියෙන දේවල්..
      මම කිව්වෙ හරකාට සාපේක්ෂව මොළේ කුඩා හින්දා අපනයනය කරන්න තරම් සැළකිලිමත් වෙන එකක් නෑ. එහෙම කළත් මස් වලට වඩා මිලෙන් වැඩි වෙයි.

      Delete
  7. මම හරක් මස් හොඳි විතරයි කන්නේ.හොද්දෙන් මුකුත් කරන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. හොද්දෙන් විස්කෝතු කුඩු ටික පොඟෙ‍ා්ල තම්බපු බිත්තරේක කහ මදේ අයින් කරල ඒකට පුරෝල කන එකයි ඇත්තෙ. හැක්..

      Delete
    2. ප්‍රසන්න අයියා කියලා තියෙන විදිහ නම් පුළුවන්.

      Delete
    3. ගුඩ් අයිඩියා මිස්ටර් ගොඩකවෙල

      Delete
  8. හරිම රස කෑමක් , කෝ මේ සමහරක් තාම නැත්තේ මොකද , උඹ කමෙන් මොඩියුරේට් කරාද

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මොකුත් කරලා නෑ.

      රසම රසයි. බයිට් එකකටත් පංකාදුයි.

      Delete
  9. මම මෙ ඉන්නේ පිටරට හරක්ගේ මොළේ ඉම්පෝර්ට් කරනකල් .

    ReplyDelete
    Replies
    1. ලෝකල් මොළ හොඳ මදිද?

      Delete
    2. ඒවා කෑවම පව්.

      Delete
  10. හරක් මොළ,වලිග බොහොම මිළ අධික ආහාර කියලා ඉංගිරිසි සාහිත්‍ය උගන්නපු ගුරුතුමී කිව්වා අර පොයම් එකක් උගන්නනකොට.ඊට පස්සෙ දැං තමයි දැක්කෙ. ඇයි බන් කුකුල් කකුල්..?ඒක පැකට් කරල එනවා ස්නැක් එකක් වගේ කකා ඉන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වලිගෙ නම් ගණන් තමා. ඒත් මොළේ නම් ඒ හැටි ගානක් උනේ නෑ. රු. 100යි මගෙන් ගත්තෙ.
      කුකුල් කකුල් වැඩේ නම් දැක්කම වමනෙ යනවා. හැබැයි කන්න කට්ටිය හොයාගන්න පුළුවන් නම් හොඳට ලාභ හොයන්න පුළුවන්. මොකෝ ඒක මෙහෙ විසිකරන දෙයක්නෙ.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...