5.23.2016

අපායට බැස්සෙමි

ගත්තෙ මෙතනින්
මීට දශකයට දශක එකහමාරකට පමණ පෙර අතීතයේ 'හොල්මන් මන්දිර' යනු මහා පහන් කූඩු, මහා තොරණ්, මහා දන්සල් මෙන් වෙසක් මංගල්‍යයටම ඈඳුණු තවත් එක් සංස්කෘතිකාංගයක් විය. ගමේ ගොඩේ, පාර තොටේ, තැන තැන ඉදිවුන හොල්මන් මන්දිර නරඹන්නන්ට විනෝදයට අමතරව සංවිධායකයන්ට ටිකට් පතක් විකුණා ගානක් හම්බකරගත හැකි ආදායම් මාර්ගයක්ද විය. වැය අවමය.

මා අසා ඇති පරිදි ප්‍රවේශ පත්‍රයක් මිලදීගත් පසු එක් කොනකින් ඇතුළුවී අනික් කොන දක්වා සාදා ඇති මාර්ගයක් ඔස්සේ යායුතුය. සාමාන්‍යයෙන් මේ මාර්ගය කුඩා ඉඩකඩක් තුළ හතර අතේ කරකවා හැදූ වංකගිරියකි. බොහෝ පෙදෙස් අඳුරුය. ඇටසැකිළි මිනීඔළු ආදියෙන් ගහනය. ඒ අතර මැද නොයෙකුත් ස්ථානවලින් යකුන් ලෙස වෙස්වලාගත් කොලු කුරුට්ටෝ කඩා පනිති. සමහර තැන්වල හොල්මන් නැගිටින්නේ මිනීවල් පෙරලාගෙන මිනී පෙට්ටි ඇරගෙනය. තවත් තැනෙක හිස සුන් මිනිසෙකි. මා දැනගත් විස්තර එසේවුවත් මට කවදාවත් හොල්මන් මන්දිරයකට යාමට නොහැකිවුනේ මා සමඟ වෙසක් බලන්නට ගිය වැඩිහිටියන් කිසිවෙක් හොල්මන් මන්දිර වලට මනාපය දරන්නන් නොවූ නිසාවෙනි.

හොල්මන් මන්දිර සංස්කෘතියට වැඩි ආයුෂ තිබුනේ නැත. කොලු කුරුට්ටන් කෙල්ලන් අතපත ගෑමට යොදාගන්නා තැනක් ලෙස ලේබල් ඇළවී නැතිවී ගියේය. වටින් පිටින් ඇහුණු කාරණා අනුව හොල්මන් මන්දිර තහනමට ලක්විය. 

හොල්මන් මන්දිර හා සමාන නොවෙතත් අපාය යනු වෙසක් සමයේදී කරලියට එන තවත් මාතෘකාවකි. අපි පුංචි සංදියේ වැඩිහිටියන් සමඟ අඟුරුකාරමුල්ල පන්සල, ලංසියාවාඩිය පන්සල නැරඹීමට ගියෙමු. බැලුවේ අපායද බුද්ධ චරිතයේ විවිධ තැන්වල හමුවන ආලවකයා ආදී යකුන්ගේ රූපද කියා හරියටම මතක නැතත් ඒ රූපවල යකුන් සිටි බව හොඳින් මතකය. අප සමඟ ගිය සමහරු මැටි යක්කු දැක මරහඬ තැලූහ. මේ මොහොතේ මට සිතුනේ නොගිණිය හැකි තරම් වාර ගණනක් ඒ පන්සල් අසලින් ගියත් තේරුම් ඇති කාලයේ ගොඩ නොවැදුනේ ඇයි යන්නයි. 

දාන්තේ
මේ වෙසක් සමයේ කූඩු කීපයක් හදන්නට සිතා සිටියද බටගස් කපා වැඩේට ලෑස්ති වුවද දින කිහිපයකට කලින් මගේ වම් අත ඇදුණි. පහුවදා තෙල් බේත් බැඳගත් මට වෙසක් දින කිහිපයේ එක තැනකට වී සිටින්නට සිදුවිය. එහෙත් මම එසේ නොසිටියෙමි. අපායට බැස්සෙමි. අපායේ සැරිසැරුවෙමි. දාන්තේගෙන් මඟ අසා ඩෑන් බ්‍රවුන් පෙන්වූ මඟ ඔස්සේ රොබර්ට් ලැන්ග්ඩන් සමඟ අපායේ සැරිසැරීමි.

සරල සිංහලෙන් කිවහොත් ඩෑන් බ්‍රවුන්ගේ ඉන්ෆර්නො (Inferno) කියවීමි. කතාව රසවත්ය. 

ඩෑන් බ්‍රවුන්, ඔහු මා සිත්ගත් ලේඛකයෙකි. ඩෑන් බ්‍රවුන්ගේ කතාවල මා දැක ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ඔහුගේ කතා සත්‍ය සිදුවීම්, සත්‍ය ස්ථාන,  සත්‍ය තොරතුරු මත පදනම්ව තිබීමයි. ඒ සත්‍යයේ පදනම ප්‍රබන්ධය ද සත්‍යයැයි පිළිගැනීමට මිනිසුන්ට බල කරන බව හැඟේ. ඔහු බොහෝ සරල සිදුවීම් සරල නාමකරණයන් පවා ඊට හේතුබූතවූ නිධාන කතාවද සමඟ විස්තර කරයි. බොහෝ සුළු සිද්ධීන් වලටත් විශාල තර්කයන් තිබේ. සමහර ඒවා අනවශ්‍ය විස්තර යැයි මට හැඟුණ අවස්ථාද නැත්තේ නොවේ.

එහෙනම් ඔබත් අපායේ සැරිසරා එන්න.


26 comments:

  1. ඩෑන් බ්‍රවුන්ගේ කතා සෑහෙන්න entertaining. කියව ගෙන යන්න පුලුවන්. ඒත් දත්ත over-analyze හෝ inflate කර හෝ ඒක පාර්ශයීයව හෝ නිගමනවලට එලඹීම සමහර අවස්තාවල ඉස්මතුවීම නිසා රසය අඩුවෙනවා. ඒවගේම තමයි plot එක යන වේගය. ලැන්ග්ඩන් එක දවසින් ඔක්කොම හොයා ගන්න අවස්තා අභව්‍යයි

    ReplyDelete
    Replies
    1. ප්‍රා එක්ක 100% එකඟයි. ඩෑන්ගෙ පොතක් අතට ගත්තාම බිමින් තියන්න හිතෙන්නෙ නෑ. එකම සිද්ධියක උනත් කාරණා පොත පුරාම විසිරිලා එකින් එක එළියට එන විදිහටයි තියෙන්නෙ. ඉතින් ඊළඟට මොකක්ද වෙන්නෙ? ඊළඟට මොකක්ද වෙන්නෙ කිය කිය කියවගෙන යන්න වෙනවා. මේ පොතත් මම එකදිගටමයි කියෙව්වෙ.

      දත්ත ප්‍රමාණයත් වැඩියි. ඒ වගේම වීරයා ගන්න නිගමන ගොඩක් වෙලාවට හරියනවා. අනික එයාගෙ කතාවල දුශ්ඨයාත් රොබර්ට් ලැන්ග්ඩන් කියන මහාචාර්‍යවරයා තරම්ම හෝ ඊටත් වැඩියෙන් කරුණු සැඟවීමට භාවිතා කරන ඓතිහාසික මූලාශ්‍ර, සංකේත ගැන දැනගෙන ඉන්න ඕනෙ. ඒක ප්‍රායෝගික නෑ වගේ.

      කෙහෙල් කැන කපාගෙන හොරා වැටපනින්න කලින්ම හොරාව අල්ලගන්නවා. ඒ තරම්ම වේගවත්. :)

      Delete
  2. Deconstruction of Dante’s Divine Comedy
    Posted on May 21st, 2015
    Dr. Ruwan M Jayatunge M.D.
    “I find no other poet whom I could apply continually, for many purposes, and with much profit” T.S. Eliot

    The Divine Comedy is an epic poem written by Dante Alighieri in 1320 AD. It is universally acclaimed as one of the great masterpieces in world literature. Written in the first person it discusses orthodox theology; afterlife and medieval world-view. The Divine Comedy is interwoven with a profound spirituality. The poem consists of three parts: Inferno, Purgatorio, and Paradiso. These parts are based on Dante’s imaginary travel through Hell, Purgatory, and Paradise -the three realms of the dead. But in deeper level, it represents, allegorically, the soul’s journey towards God (Sayers, 1949).

    The Divine Comedy is a form of synthesis of medieval life. Dante explains that the poem is a comedy because “the subject matter, at the beginning it is horrible and foul, as being Hell; but at the close it is happy, desirable, and pleasing, as being Paradise” and because the “style is unstudied and lowly (Lummus, 2011). Dante wrote this vernacular poem in his last years in exile. He provides spiritual meaning to major political events of his days.

    http://www.lankaweb.com/news/items/2015/05/21/deconstruction-of-dantes-divine-comedy/

    ReplyDelete
    Replies
    1. Good Post! But some parts difficult to understand. :)

      Thanks for sharing.

      Delete
  3. ඔයා පොතක් බැලුවද නැත්නම් චිත්‍රපටියක් බැලුවද?

    සුපර් නැචුරල් බැලුවනම් හොඳ ආශ්වාදයක් ලබන්න පුළුවන්. දැන් ඒකට දෙවියන් වහන්සෙත් ඇවිදින්.

    පන්සල්වල යක්කු ලෙස ඇඳ ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයන් හෝ ප්‍රේතයන් විශේෂයක් වියයුතුයි. මොකද බුද්ධාගමේ විස්තර කර ඇති ආකාරයට අපායවල සිටින්නන් හඳුන්වන්නේ යක්කු ලෙස නෙවෙයි, නිරිසත්තු ලෙසයි. එයාලා අපායේ හිරවෙලා එලියට එන්න බැරුව දුක් විඳින පිරිසක්. එයාලට මිනිසුන්ට හානි කරන්න බෑ.
    සමහරවිට ක්‍රිස්තියානි ඩෙවිල් සංකල්පය සහ පුරාණ ‍යක්ෂ ඇදහිලි බුද්ධාගම සමඟ මිශ්‍රවීමක් නිසා ඔයවගේ අවුල් ඇතිවුනා විය හැකියි.

    ReplyDelete
    Replies
    1. පොතක් පොතක්. චිත්‍රපටිය තාම මඟ. :)

      ටීවී සීරීස් බලන්න වෙලාව හොයාගන්න එක තමා අමාරු. :)

      අපායෙ ඉන්නෙ යම පල්ලොයි යම රජ්ජුරුවොයි නේද? මම අහලලා තියෙනව විදිහට ඔවුන් තමයි දඬුවම් දෙන්නෙ. සතර අපායක් කියලා අපායවල් හතරක්ද කොහෙද තියෙනවා නේද?

      කටු ඉඹුලෙ නග්ගවන ලෝදිය වක්කරන කතා ඇත්තෙ බෞද්ධාගමික සංකල්පවල නෙමෙද?

      Delete
    2. යම රජ්ජුරුවො කියන්නේ මෙකෙක්ද කියන ගැටළුව මටත් තිබුනා. මම කියවපු පොතක ඕකට විස්තර කර තිබුනේ මෙහෙමයි. අපායේ දුක්විඳින නිරිසත්තුන්ගෙන් කිහිප දෙනෙක්ට පෙර කුසලයක් මතුවීම නිසා කෙටි කලකට අපායේ දුකින් ගැලවීමේ හැකියාව තියෙනවා. එහෙම අය තමයි යමරජ්ජුරුවො, යම පල්ලො වගේ නම් වලින් හඳුන්වන්නෙ. යම රජුජුරුවෝ නිරිසතුන්ට වධදී සතුටුවෙන කෙනෙක් නෙමෙයි.එයා අපායේ අයයට එයින් ගැලවෙන්න උපදෙස් දෙන කෙනෙක්.
      කොහොම හරි අපාය කියන්නේ යක්කුන්ගේ මූලස්ථානය නෙමෙයි. (ඒ ක්‍රිස්තියානි කතාව) සමහරවිට බුද්ධාගමේ යක්කු කියන්නේ මිනිසාට හානි කරන බූමාටු දෙවිවරු පිරිසක් විය හැකියි.
      මේක බලන්න.
      http://katha32.blogspot.com/2014/02/gods.html

      Delete
    3. මම මේ විදිහෙ කතාවක් ඇහුවමයි. ගිහිල්ලා බලන්නම් දුන්නු ලින්ක් එකට.

      Delete
  4. Dan Brown ගේ Da Vinci Code හා Angels & Demons එක්ක සසඳද්දි මට නම් Inferno එච්චර අල්ලලා ගියේ නෑ.. විශ්වාස කරන්න බැරි ගතිය වැඩියි වැඩියි වගේ කියලා හිතුනා..

    DC හා A&D ට අමතරව මට එයාගෙ අල්ලලා ගිය අනිත් එකම පොත තමා Lost Symbol..

    ReplyDelete
    Replies
    1. මගේ කමැත්ත අනුව
      1. A&D
      2. Da Vinci Code
      3. Lost Symbol
      4. Inferno

      Delete
  5. ඔලු බක්කන් නැටවීම, හොල්මන් මන්දිර, වෙනත් විකාර රූපී සංදර්ශන ඔක්කොම, බෞද්ධ දර්ශයට පටහැනි, බෞද්ධයන් තුළ භක්තිය හෝ ශ්‍රද්ධාව ඇති නොකරන, හුදු මනස්ගාත පමණි.

    හ්ම්...............අපිටනම් ආරංචි අත ඇදුනේ කොහුමිටි පාරක් වැදිලා කියලයි.

    ReplyDelete
    Replies
    1. ආ ...............එහෙද ...........මෙච්චර ඉක්මනට

      Delete
    2. විචා කියන්නෙ අත්දැකීමෙන් වෙන්න ඇති. හැක්..

      Delete
    3. හැබැයි කොල්ලො කාලෙ නම් කට්ටිය ආසම ඔයවගේ එව්වට තමයි.

      කට කතාව වලට නොරැවටෙන්න :P

      Delete
  6. ෆිල්ම් එකත් ලගදිම එනවනේ. මම දැක්කා ට්‍රේලර් එක. කලින් පොත් දෙකේම වගේ මේ ෆිල්ම් එකත් අනිවා හිට් වේවි. පොත නම් හැබැයි කියවන්න ලැබිලා නෑ.

    ReplyDelete
    Replies
    1. මේ පොත භාරියාවගෙ. අරගෙන අවුරුදු දෙකකටත් වඩා අල්මාරියෙ තිබ්බා මට කියවන්න උනේ නෑ. ෆිල්ම් එක එනවා කියන ආරංචියට තමයි පොත ආයෙත් මතක් උනේ.

      Delete
  7. ඩෑන් ගොයිය ගැන මොනවත් මමනං දන්නෙ නෑ. හොයල බලන්න ඕන.
    හොල්මන් මන්දිර තහනං කළේ හොල්මන් වලට වඩා පණ තියෙන එවුවො භයානක නිසා.

    දැන් අත සනීපෙයි මල්ලි.

    ReplyDelete
    Replies
    1. //ඩෑන් ගොයිය ගැන මොනවත් මමනං දන්නෙ නෑ.// මරදානෙ පොත්කඩවල වැඩ කරන සමහරුත් දන්නෙ නැති එකේ ඕක මොකක්ද?

      තාම තෙල් ගානවා.

      Delete
  8. ලංසියාවාඩිය පන්සල කොහෙද තියෙන්නේ?

    ReplyDelete
  9. සීදුව, රද්දොළුව කිට්ටුව

    ReplyDelete
  10. අර කතාවනම් ඇත්ත. එයා ලියන්නෙ සත්ය පරිසරයෙම තමයි. මෙ ලගදි Lost symbol කියෙව්වා. අවසානෙනම් එච්චරම සිරා නහැ. එත් කියවගෙන යද්දි නවත්තන්න හිතෙන්නෙ නැහැ

    ReplyDelete
    Replies
    1. ඔව්. ටිකක් විශ්වාස කරන්න බැරි ගතියක් තියෙනවා. ඉන්ෆර්නො එකෙත් අවසානයත් ඩල් වගේ.

      Delete
  11. 'එහෙනම් ඔබත් අපායේ සැරිසරා එන්න.'

    මේ බ්ලොග් එක ලියන්නේ යක්ෂයාගේ නියෝජිතයෙක්මයි. ඒකයි මේ අඳුරේ බලවේග අරක්ගත්තු අඳුරට යෑමට ආරාධනා කර ඇත්තේ. හිතවතුනි, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. යක්ෂයාට ආත්මය පවා දෙන්න එපා මේ බ්ලොග් එක ලියන යක්ෂයාගේ නියෝජිතයා ඔබව පාපයට යොමු කිරීමට, දෙවියන් කෙරෙහි ඇති ආදරය විනාශ කිරීමට කැසකවන්නේ.

    ReplyDelete
    Replies
    1. සභාවේ තදින් සිනා. :D

      Delete
  12. හොල්මන් මන්දිරයක් අපේ පැත්තෙ කුඩේ කුඩු උනා කෙල්ලන්ගෙ කකුල් අත ගාන්න ගිහින්...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...