6.30.2016

White Fang

අප අවට වටපිටාව, අපේ අවට සිටින පුද්ගලයින්, සිදුවන සිදුවීම්, අපේ ජීවිතයට කොතරම් බලපෑමක් කරනවාද අපේ ජීවිතය කොතරම් වෙනස් කරනවාද කියලා හිතුනේ ඇමරිකානු ලේඛක ජැක් ලැන්ඩන්ගෙ වයිට් ෆෑන් පොත කියවනකොට.

වයිට් ෆෑන්ගේ බිහිවීමේ සිට මරණය දක්වාම කියවගෙන යද්දි ඒ කතාව අතරින් මට මැවිලා පෙනුනෙ අන්ත අසරණව මේ ලෝකෙට බිහිවෙන වීදි දරුවෙක්ව. වයිට් ෆෑන්ගේ ජීවිතය තුළ සිදුවන සිදුවීම් මම වීදි දරුවෙකුගේ ජීවිතය තුළින් දකින්න උත්සාහ කරා. 



20 comments:

  1. I have read the book, watched the movie and now have to drink the soup, only.

    ReplyDelete
  2. හොයාගෙන කියවලා බලඤ්ඤංකෝ.....

    ReplyDelete
    Replies
    1. හොයන්ඩ දෙයක් නෑ. මම ලින්ක් එක දැම්මා..

      Delete
  3. මේක ගංගා නිරෝෂිණී පරිවර්තනය කළා වගේ මතකයි.. ඒත් කියවන්න බැරි වුණා.දැන් ඔරිජිනල් එකම කියවන්න ඕනෑ ඊ බුක් එකක් හොයාගෙන.

    තවත් වීදි දරුවෙක්ගේ කතාවක් තමා The Garbage King.ඒකත් අපූරුයි.හොයාගෙන කියවන්න..!!

    ReplyDelete
    Replies
    1. ඔන්න මේකෙ ලින්ක් එක මම දැම්මා. එතනින් කියවන්න පුලුවන් පොඩි පොතක්.

      Delete
    2. පිං සිද්ධ වෙච්චාවෙ.. එක හුස්මට කියවන්න පුළුවන් ඇබිත්තන් පොතක් නොවැ.

      Delete
  4. මම නං පිලුම බැලුවා...

    ReplyDelete
  5. මෙතනින් පොත කියවන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. +++++++++ තැන්ක්ස් හරි..

      Delete
    2. ඤුට්ටත් පොතත් නෙව. හොදා හෝම් වර්ක් වගේකුත් තියෙනවා. ඒකත් කරල ගොඩ යමු.

      Delete
    3. ඕ පොඩි පොතක්. මම නම් ඕඩියෝ එකත් ඇහුවා.

      Delete
  6. මේක කොල්ලෙක් ගැන කතාවක් ද නැත්නම් බල්ලෙක් ගැන කතාවක් ද ? ජැක් ලංඩන්ගෙ තවත් පොතක් තිබුනා වගේ මතකයි බල්ලෙක් ගැන..

    සිංහල පරිවර්තනයක් තිබේනම් කියන්න.. අනේ ඉංග්‍රිස් කියවන්න නම් බෑ...

    ReplyDelete
    Replies
    1. ආ ඒ බල්ලා නොකරපු මස් සොරකමකට වරදකාරයෙක් වෙලා අයිතිකාරයා විසින් පිටුවහල් කරනවා නේද?පස්සේ අයිතිකාරයා තමන්ගේ වරද තේරුම් ගන්නකොට බල්ලා මැරිලා හරි මොකක් හරි අනුවේදනීය සීන් එකක් නේද වෙන්නේ සෙන්නයියේ.

      Delete
    2. @සෙන්නා,
      මේක බල්ලෙක් ගැන කතාවක්. ඒත් ඒක අතරින් මට පෙනුනේ ඊට සමාන ඉරණමක් අත්වියහැකි කොල්ලෙක්ව. චූටි පොතක්නෙ.

      @Manoj Fernando,
      මේක ඒම කතාවක් නෙමෙයි මනෝජ්

      Delete
    3. @සෙන්නා,

      ගංගා නිරෝෂිණී සුදුවැලිකන්දගේ පොතක් තියෙනව වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග් කියලා.කියවලා නම් නැහැ.ඒත් ගංගාගේ පොත් නරක් වෙන්න නම් විදියක් නැහැ.

      Delete
  7. 'බක්' ගැන තියෙන්නෙ 'වනපෙත හඬගසයි පොතේ.
    'වයිට් ෆෑන්ග්' කියල සිංහලටත් පොතක් පරිවර්තනය වෙලා තියෙනවා.සංවේදී පොත්..
    ජයවේවා..!!

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...