11.20.2016

වාහනයට සේෆ්ටි සමඟ මගේ ෆෙංශුයි රහස්

අද නොවැම්බර් 20 වෙනි ඉරිදා උදේ පාන්දරම පල්ලි ගිහිල්ලා එන ගමන් ගත්තා මව්බිමක්. ගෙදර ඇවිල්ලා උදේට කන ගමන් ඒකේ මාතෘකා ටික කියවගෙන යන්න පටන්ගත්තා. මෙන්න තරුපති කියලා අතිරේකයක මේ දවස්වල බුකි තරුවකගෙ ලිපියක් තියෙනවා ෆෙංශුයි ගැන. ෆෙංශුයි වලට කුරුල්ලො යොදාගන්න හැටි. ඔන්න මම ඒක කියවන්න පටන් ගත්තා. 

ටිකක් කියවගෙන යද්දි ටිකක් වැදගත් තැනක් හම්බුනා. වාහනේ රිය අනතුරු වලින් ආරක්ෂාවෙන්න කුරුළු පිහාටු එල්ලන්නලු. මට මතක උනේ මරුටියේ එයාර් බෑග් නෑ, සේෆ්ටි නෑ කියලා කියන අපේ අයියලාව. දැන් උන්දැලා ඔක්කොටම පේන්නත් එක්ක එල්ලනවා වටේටම කුරුළු පිහාටු. 

පිහාටු ටික එල්ලලා ගෙට ආවට පස්සෙයි මතක් උනේ පත්තරේ නොතිබ්බ ෆෙංශුයි ක්‍රමයක් මමත් දන්නවා නේද කියලා. මේ ක්‍රමය වැදගත් වෙන්නේ ඕගොල්ලොන්ට මොනවාහරි දෙයක් අව්වේ දාලා වේලාගන්න ඕනෑ නම් තමයි. අපි හිතමුකො ගේ ඇතුළෙ පුස්කාලා තියෙන කරෝල ටිකක්, නැත්නම් අග්ගලා හදන්න බත් ටිකක් වගේ වේලාගන්න ඕනෙ කියලා. එතකොට කරන්න තියෙන්නෙ කලින් අහුලගෙන තියාගත්තු කාක්පිහාටුවක් එතන එල්ලන්න. ආපහු සැරින් සැරේ කාක්කො එලව එලවා ඉන්න ඕනෙ නෑ. 

මීටපස්සෙ කාක් පිහාටුවක් වැටිලා තිබුනාම අහක බලන් යන්න එපා. විශ්වාස කරන්න ඔබේ ජීවිතයේ දේවල් ආරක්ෂා කරන්න දෙයියෝ එවපු තෑග්ගක් කියලා. 

21 comments:

  1. හ්ම්..........මමත් එල්ලන්නම්කො කාක් පිහාටු කාර් එක වටේම. එතකොට ගස්වල ඉන්න කාක්කො කාරෙකට බෙටි ගහන එකක් නෑ පාක් කරලා ගියාම.

    ReplyDelete
    Replies
    1. ආහ්.. කාර් එකට බෙටි නොගහන්න නම් වෙන ක්‍රමයක් තියෙන්නෙ. "මගේ රථයට කාක වර්චස් වලින් හානියක් නොවේවා" කියලා නම පාරක් හිතින් හිතලා. කාක්කන්ට ලගින්න තැනක් ඉහළින් නැති තැනක වාහනය ගාල් කරලා යන්න. ඔබගේ පැතුම ඉටුවේවි.

      Delete
  2. හොඳයි. මාත් හිතාගත්ත කාක් පිහාට්ටක් බෙල්ලෙ එල්ලගන්න.

    ReplyDelete
    Replies
    1. මොකද කාක්කො එනවද ඔලුවෙ ලගින්න.

      Delete
  3. තොරතුරට ඉස්තුතියි

    ReplyDelete
  4. චෞර රැජින පොතේ PDF එක එවන්න පුලුවන්ද?

    ReplyDelete
  5. ඔය කිසිදේකින් වැඩක් නෑ අපි පරිස්සම් නොවුනොත් සහ අනිත් පාර්ශවය පරිස්සමෙන් නාවොත්.

    ReplyDelete
    Replies
    1. මේකෙන් මම කියන්න හදපු දේ තේරුනාද මන්දා? :)

      Delete
  6. මං හිතුවා හරී බඩ මහත එකාගේ පිලිමයක් ගෙනාවද කියලා. හිහ් !

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. අපේ කැම්පස් එකේ කැන්ටිමෙත් තිබ්බා ඔහොම එකක්. කොල්ලො ඒකෙ සල්ලි අරන් තේ බොනවා.

      Delete
  7. 'අද නොවැම්බර් 20 වෙනි ඉරිදා උදේ පාන්දරම පල්ලි ගිහිල්ලා එන ගමන්'

    මහත්තයා බක්තිමත් මුසල්මානුවෙක් නේද? සිකුරාදා පල්ලි ගිහින් ආයේ ඉරිදාත් යන එකෙන් ඒක තහවුරු කරනවා. ආගම දහම අනුව වැඩකරන මහත්තයට වරදින්නේ නෑ. අනික මහත්තයා බක්තිමත් මුස්ලිම් බැතිමතෙක් උනත් අනිකුත් ආගම් වලටත් ගරුකටයුතු කරනා බව මෙම අන්තර්ජාලයේ ඉහළින් ඇති අති උතුම් තැන්පත් සාන්ත අන්තෝනි මුනිතුමාගේ පින්තුරයෙන් පෙනවා. දේව පිහිටයි මහත්තයට.

    ReplyDelete
    Replies
    1. මම මුස්ලිම් නෙමෙයි බං සිංහල. කොහෙද කියලා තියෙන්නෙ මුස්ලිම් කියලා.

      Delete
  8. අපෝ "මව්බිම"

    ReplyDelete
    Replies
    1. නියම පත්තරේ ඒක. කුණු රහට නියමයි.

      Delete
  9. කුරුළු පිහාටු නෙමෙයි,,,,මිනිහෙක් මරලා එල්ලන්න කිව්වත් කරන ජාතියේ අයියලානේ බං ඉන්නේ.

    ReplyDelete
  10. කාලෙකට කලින් තව සීන් එකක් තිබ්බා... නිදාගන්න කොට පොතක් කොට්ටයක් යටින් තියන් නිදාගන්න කියලා.උන්දැගේ එෆ්.බී පේජ් එකේ උන්දැව බයිට් කරා හරිම අහිංසක විදියට​.මම දීපු බයිටකට හරී අයියත් කමෙන්ට් කරලා තිබ්බා.ඒකට reply දෙන්න යනකොට ආසිරි දෙයියොන්ට පුෂ්ප මකරන්දය ජනිත වෙලා මාව ඇතුලු අපේ බෝඩිමේ සෙට් එකම ආසිරි දෙයියොන්ගේ පේජ් එකෙන් ban කරලා....:D :D :D
    අපිත් වැඩේ අත ඇරියේ නැහැ.. ආයෙත් එකෙක්ගේ profile එකකින් ගිහින් කමෙන්ට් කරා මෙහෙම​...
    ආසිරි අංකල් බොමුද​ සීතල කසිප්පු කාලක්.. ආහ් මට වැරදුනා.. දෙයියොත් එක්ක ඩීල් කරන අංකල් වගේ උදවිය ගහන්නේ අමෘතය නේ.. දාමුද අමෘතය ෂොට් එකක් දෙයියනේ .... :D :D :P
    ප​.ලි - මගේ reply එකේ දාන්න ගියේ හරී අයියා ඔන්න blog post එකකට හොඳ මාතෘකාවක් කියලා

    ReplyDelete
  11. කාලෙන් කාලෙට එක එක ජාතියේ හොරු වංචාකාරයෝ බෝවෙනවා. නුගත් මිනිස්සු විතරක් නොවෙයි ඔ්වාට රැුවටෙන්නේ. බොහෝම උගත් කියනා උදවියත් ඔය පිස්සු වැඩ කරේ තියන් යනවා.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...