5.27.2012

එක එක තැන්වල වෙනස්කම්

අද ඉටු කරන්න යන්නෙ ගීතක කරපු ඉල්ලීමක්. ගීතක ඇහුවනෙ එක එක නම් වලින් කතෝලික දේවස්ථාන හැඳින්වෙන්නෙ, ඒ කිව්වෙ දේවස්ථාන, සිද්ධස්ථාන, බැසිලිකා,ආසන දෙව්මැදුර වගේ විවිධ නම් පාවිච්චි කරන්නෙ විශාලත්වය සැළකීමෙන්ද කියලා. අද ඒකට උත්තරේ දෙන්නයි යන්නෙ. සමහර අය නම් දන්නේ නැතුව ඇති මේ වගේ විවිධ නම් තියෙනවා කියලාවත්. මොකද ගොඩක් වෙලාවට පල්ලිය කියන නම විතරනෙ පාවිච්චි වෙන්නෙ.  ඒත් කතෝලික සභාවෙන් නිල වශයෙන් කෙරුණු නම් කිරීම් තියෙනවා. ලිපිය කියෝලම වැඩි විස්තර දැනගනිමු. 

4.25.2012

ඕනා ජරා වැඩක් කරලා ලේසියෙන් ගොඩයන හැටි

හරියට කරුණු කාරණා නොදන්න අන්‍යාගමික අය වගේම සමහර රෝමානු කතෝලික නොවන කිතුනුවන් නගන ලොකුම චෝදනාවක් තමයි කතෝලික සභාව පව්කාරයින්ට අනුබල දෙනවා කියන එක. "උන්ගෙ ආගම හරි ආගමක්නෙ බං. කරන්න පුලුවන් ජරාවැඩ ඔක්කොම කරලා ෆාදර්ට ගිහින් කිව්වම ඔක්කොම හරි."  මෙහෙම කියන අය ඉන්නවා. නමුත් රෝමානු කතෝලික සභාවේ මෙන් චාරිත්‍රයක් වශයෙන් නොකළත් බොහෝ ආගම්වල  සමාව දීම හා සමාව ලබාගැනීම උතුම් ගුණාංගයක් ලෙස සළකනවා නේද? ඉතින් මම අද කියන්න යන්නෙ අපි කළ පව් වලට සමාව ලබාගැනීම හෙවත් පාපොච්චාරණය ගැන. කෝ පව්කාරයො ටික එන්න මේක කියවන්න. :)

4.16.2012

මම අහපු කොටි

ඉතිහාසයේ එක්තරා දවසක සවසක මම පොතක් බලමින් සිටියෙමි. පොත බලමින් කීවාට මගේ ඇස් පියවී තිබුනේය. පොත දිගහැරී තිබුනද පොතෙන් ඔලුවට ගිය දෙයක් නොමැත. 

"හරී.... හරී.. " මහ හඬින් කළ බෙරිහන් දීමට මම පොළවෙන් අඩි කීපයක් ඉහළ ගොස් බිමට ආවෙමි. මා සොයා බෙරිහන් දෙන්නේ අපේ මාමා යැයි කටහඬින් හඳුනාගත්තෙමි. නිව්ටන් නියම වසා තැබූ මම "අම්මේ මාමලා ඇවිල්ලා " යි කෑගසමින් ඉස්තෝප්පුවට දිව්වේ අඩනිරුවතිනි. ඉස්තෝප්පුවේ මාමාද නැන්දාද මාමාගේ මල්ලීද (පොඩි මාමා නොව මාමාගේ පුතා) සිටියෝය. 

Related Posts Plugin for WordPress, Blogger...