"මහත්තයා, අපි හඳුන්වාදීමක් විදිහට පැල බොහෝම අඩු මුදලට දෙනවා. පැලයක් දෙකක් බලමුද? " අතකින් පින්තූර ඇල්බමයක් ගත් තරුණයෙක් අපේ ගෙදර ගේට්ටුවෙන් එබුණේ මීට කලකට ඉහතදීය. කවදත් පැල වැවීමට බොහෝම මනාපයක් දැක්වූ අපේ තාත්තාද ඒ අසලට යනු පෙනිණි. වත්තේ පවතින ඉඩ ප්‍රමාණය බොහොම සීමිත වුවද අම්මාගේත් තාත්තාගේත් පැල සිටුවීමේ ආශාවට සීමාවක් ඇති බව නොපෙනේ. වැඩීමට ඉඩ නැති තැන්වල පවා කලින් කලට අඹ ගස් කොස් ගස් දෙල් ගස් සිටුවයි. ඉන්පසු මඳක් ලොකුවී ගෙට නැමෙන තත්වයක් ඇතිවූ විට කාට හෝ මුදල් දී ගස කපා දැමීමට සිදුවේ. මා නම් බොහෝ විට මෙවැනි පැල සිටුවීමක් දුටු තැනම එයට විරුද්ධව කතා කරන්නේ නිස්කාරණේ ගස් කපන්නන්ට මුදල් දිය යුතු නැති බව පැහැදිලි කිරීමටයි. කොපමණ කිව්වත් ඔවුන්ට ඇහෙන්නේ නැති ගානය. එක ගසක් කපන විට එතැන තව ගසක් ඉන්දවයි. මෙහෙව් තාත්තාට පැල තවාන් කරුවාගේ පැමිණීම දේවදූතයෙකුගේ පැමිණීමක් ලෙස පෙනෙන්නට ඇත. ඔහු ඉදිරියට දිව ගියත් මම සුපුරුදු දෝෂාරෝපණය නඟමින් නිවසට වී සිටියෙමි. එහෙත් තවාන්කරු තමන් අතැති ඇල්බමය ඒ මේ අත පෙරලමින් පැල වර්ණනාවේ නොකඩවා යෙදෙයි.5.05.2014
පැල තවාන් කාරයින්ට අසුවූ මගේ කොන්ද..
"මහත්තයා, අපි හඳුන්වාදීමක් විදිහට පැල බොහෝම අඩු මුදලට දෙනවා. පැලයක් දෙකක් බලමුද? " අතකින් පින්තූර ඇල්බමයක් ගත් තරුණයෙක් අපේ ගෙදර ගේට්ටුවෙන් එබුණේ මීට කලකට ඉහතදීය. කවදත් පැල වැවීමට බොහෝම මනාපයක් දැක්වූ අපේ තාත්තාද ඒ අසලට යනු පෙනිණි. වත්තේ පවතින ඉඩ ප්‍රමාණය බොහොම සීමිත වුවද අම්මාගේත් තාත්තාගේත් පැල සිටුවීමේ ආශාවට සීමාවක් ඇති බව නොපෙනේ. වැඩීමට ඉඩ නැති තැන්වල පවා කලින් කලට අඹ ගස් කොස් ගස් දෙල් ගස් සිටුවයි. ඉන්පසු මඳක් ලොකුවී ගෙට නැමෙන තත්වයක් ඇතිවූ විට කාට හෝ මුදල් දී ගස කපා දැමීමට සිදුවේ. මා නම් බොහෝ විට මෙවැනි පැල සිටුවීමක් දුටු තැනම එයට විරුද්ධව කතා කරන්නේ නිස්කාරණේ ගස් කපන්නන්ට මුදල් දිය යුතු නැති බව පැහැදිලි කිරීමටයි. කොපමණ කිව්වත් ඔවුන්ට ඇහෙන්නේ නැති ගානය. එක ගසක් කපන විට එතැන තව ගසක් ඉන්දවයි. මෙහෙව් තාත්තාට පැල තවාන් කරුවාගේ පැමිණීම දේවදූතයෙකුගේ පැමිණීමක් ලෙස පෙනෙන්නට ඇත. ඔහු ඉදිරියට දිව ගියත් මම සුපුරුදු දෝෂාරෝපණය නඟමින් නිවසට වී සිටියෙමි. එහෙත් තවාන්කරු තමන් අතැති ඇල්බමය ඒ මේ අත පෙරලමින් පැල වර්ණනාවේ නොකඩවා යෙදෙයි.4.19.2014
ඇට දාලා හොල්ලන පෙට්ටිය
"අර මොකක්ද අර ළමයා ගහන්නෙ?"
"ඒ වධක බෙරේනෙ."
"කරස් කරස් ගාල සද්දෙ යනවා නේද? මොනවයින්ද ඒක හදලා තියෙන්නෙ?"
"මෙන්න මෙහෙම පෙට්ටියක් හදලා ඒකට ඇට ජාතියක් මොනාහරි දාලා තියෙන්නෙ"
"ඇට? මොන ඇටද?"
මෙන්න මේ විදිහේ කථාබහක් පහුගිය මහ බ්‍රහස්පතින්දා හරි මහ සිකුරාදා හරි පල්ලියේ පූජාවට සහභාගි වෙච්ච දෙදෙනෙක් අතරේ ඇතිවෙලා තියෙන්නත් පුළුවන්. මේ වගේ කථාබහක් ඊළඟ අවුරුද්දෙ ඇති නොවෙන්න අද කියන්නම් වධක බෙරේ(wooden rattle) විස්තරේ.

4.14.2014
අතීතයේ දිව්‍ය පූජාවකට ගියෙමි
අතීතයේ??
දිව්‍ය පූජාවකට??
මගේ බ්ලොග් එකට නිතරම යන එන කෙනෙකුගෙ හිතේ උනත් එකපාරටම මේ ප්‍රශ්න දෙක මතු වෙන්න පුළුවන්. ඒක නිසා අලුතෙන්ම ආපු කෙනෙකුට මුලින්ම දිව්‍ය පූජාව කියන්නේ මොකක්ද කියන එක බොහෝම කෙටියෙන් හරි පැහැදිලි කිරීම හොඳයි මට නම් හිතෙන විදිහට. හැබැයි ඕගොල්ලන්ට මම කලින් ලියපු මෙන්න මේ ලිපියට ගිහින් බලන්න පුළුවන් නම් ලොකු විස්තරයක් දැනගන්න පුළුවන් වේවි. ඇරත් ඕගොල්ලන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ යාළුවන්ගේ නෑදෑයින්ගේ විවාහ උත්සව වලට ගිහිල්ලා ඇතිනෙ. එතනදි තියෙන්නෙත් දිව්‍ය පූජාවක්ම තමයි. ඒ ගැනැත් මම ලියලා ඇති මෙන්න මෙතන. හරි.. දිග විස්තරයක් නැතුව කෙටියෙන් කියනවා නම් දිව්‍ය පූජාව කියන්නෙ කතෝලිකයෙකුට තමුන් අදහන දෙවියන් හා සම්බන්ධ වීමට ලැබෙන උතුම්ම අවස්ථාව. පියතුමාගේ ප්‍රධානත්වයෙන් දෙවියන් නැමදීම තමයි මෙතනදි සිදුකරන්නෙ. කොටින්ම කිව්වොත් කතෝලිකයො ඉරිදට පල්ලි යනවා කියලා යන්නෙ දිව්‍ය පූජාවට සහභාගි වෙන්න. මම හිතනවා දැන් හැමෝටම වගේ යම් තරමක දළ අදහසක් ඇති ඒ ගැන. ඉතින් ඒ ටික හිතේ තියාගෙන අපි පොඩ්ඩක් අතීතයට යමු.

Subscribe to:
Posts (Atom)