මතකද මම ගිය අවුරුද්දෙ ඔයගොල්ලන්ට පොතක් ගැන විස්තරයක් අරගෙන ආවා. පොතේ නම තමයි Getting Things Done. ඒ කිව්වෙ කොහොමද අපි අපිට තියෙන වැඩ අපි ලව්වාම කරවාගන්නෙ කියන එක. මට මතකයි ප්‍රතිචාර දක්වපු සමහර අය ඉල්ලීමක් කරලා තිබුනා වැඩ කරවා ගන්න කලින් පොත කියවා ගන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන ලෙස. පොතේ කතාව පැත්තකින් තියලා, පොත කියෝපු නොකියෝපු හැමෝටම මම පහුගිය අවුරුද්දෙ වැඩ කරගෙන ගියේ කොහොමද කියලා කෙටි සඳහන් කිරීමක් තමයි මේ කරන්න යන්නෙ. 1.06.2016
පහුගිය අවුරුද්දේ - මෙහෙමයි වැඩ කළේ
මතකද මම ගිය අවුරුද්දෙ ඔයගොල්ලන්ට පොතක් ගැන විස්තරයක් අරගෙන ආවා. පොතේ නම තමයි Getting Things Done. ඒ කිව්වෙ කොහොමද අපි අපිට තියෙන වැඩ අපි ලව්වාම කරවාගන්නෙ කියන එක. මට මතකයි ප්‍රතිචාර දක්වපු සමහර අය ඉල්ලීමක් කරලා තිබුනා වැඩ කරවා ගන්න කලින් පොත කියවා ගන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන ලෙස. පොතේ කතාව පැත්තකින් තියලා, පොත කියෝපු නොකියෝපු හැමෝටම මම පහුගිය අවුරුද්දෙ වැඩ කරගෙන ගියේ කොහොමද කියලා කෙටි සඳහන් කිරීමක් තමයි මේ කරන්න යන්නෙ. 1.04.2016
අතීතයට මා ගෙනගිය අපූරු භාණ්ඩය
![]() |
| රේසර් පෙට්ටි සිල්වා කොම්පාසුව |
පරණ අවුරුද්දේ ගොඩ ගැහිලා තිබ්බ පරණ කුණුකන්දල් හලලා දාලා අලුත් අවුරුද්දට යන්න හිතාගෙන ගෙදර පරණ කුණු කන්දල් අස්පස් කරනකොට 'ටක ටකස්' හඬකුත් එක්ක මොකක්ද මන්දා බිමට වැටුනා. මොකක්ද බැලින්නම් රේසර් පෙට්ටියක් එහෙම නැත්නම් ජංගම රැවුල බෑමේ කට්ටලයක්.
මම ඒක අතට අරගෙන පිහදාලා දිග අරිනකොටම මම හිටියෙ අවුරුදු දහයකට එහා අතීතයේ.
ඒ කාලේ කැඩෙට් උන නහුතෙටම තිබ්බ කාලෙ මම හිටියෙ අපේ ඛන්ඩයේ සැරයන් වෙලා. ඛන්ඩය සමඟ රන්දෙණිගල-රන්ටැඹේ වාර්ෂික ඇගයීම් කඳවුරට සහභාගී වීම සිහිනයක් වගේම අරමුණක් වෙලා තිබුනෙ. ඇගයීම් කඳවුරට සමත්වීමේ පරීක්ෂණයට මුහුණ දීමට අපි බොහෝම කැපවීමෙන් පුහුණුවීම් කළා.
ඒ බොහෝම අමාරුකම් මැද්දේ. ශාරිරික අමාරුකම් වලටත් වඩා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන බවත් හමුදාවට ළමයි යැවෙනු ඇති බවත් කියමින් දෙමව්පියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඇතිවූ බලපෑම් තමයි ගොඩක්ම තිබ්බෙ. ඒ කාලෙ වගේම දැනුත් මට හිතෙන්නෙ අපේ ඛන්ඩභාර ආචාර්‍යවරයා තත්වය මනාව කළමනාකරණය කලේ නෑ කියලයි. ඒ කොහොම වෙතත් අපේ තිබ්බ ආසාව හින්දම අපි පුහුණුවීම් කරගෙන ගියා.
සරඹ, ශාරිරික අභ්‍යාස වලට අමතරව ශිෂ්‍යභටයින් තව බොහෝ කරුණු කාරණා දැනගෙන ඉන්න ඕනෑ. ඒ අතරින් එකක් තමයි කොම්පස් මාර්ච්. මෙහිදී දෙන ලද දිශාව නිවැරදිව මාලිමාවෙන් සොයාගැනීමත් ඒ ඔස්සේ නියමිත පියවර ගණනක් ගොස් දෙන ලද ඉලක්කය හොයාගැනීමටත් ශිෂ්‍යභටයාට හැකිවියයුතුයි.
කොම්පස් මාර්ච් ගැන විචාරක මහත්මයා ලිවූ මෙම ලිපියේ වැඩිදුර විස්තර ඇති. අපිට ඒ කාලෙ නිර්දේශ වෙලා තිබ්බෙ සිල්වා කොම්පාසුව. කොම්පස් මාර්ච් ගැන ඉගෙන ගැනීමේදී ඛන්ඩයක් මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කොම්පාසු නැතිකම. එක්කෝ කොම්පාසුවක් දෙකක් ඛන්ඩයට මිලදී ගන්න ඕනා නැතිනම් ශිෂ්‍යභට මූලස්ථානයෙන් එකක් අරගෙන ඇවිත් ආපහු භාරදෙන්න ඕනෙ.
![]() |
| විචාරක මහත්මාගෙන් උස්සපු මාලිමාව |
සැරින් සැරේ ඔය දෙකම කරනවා කිය කිය හිටපු සෑර් පරීක්ෂණ දිනයට කලින් දවස වෙනතුරුත් කොම්පාසුවක් පැත්ත පළාතෙ අරගෙන ආවෙ නෑ. කොහොමින් කොහොමහරි පහුවෙනිදා මට පරීක්ෂණයට අරගෙන යන්න තිබුණු ඛන්ඩයෙන් බාගෙට බාගයක් කොම්පාසු කියවනවා තියා කොම්පාසුවක් ඇහැකටවත් දැකලා තිබ්බෙ නෑ.
ගෙදර ආපු මට හෙට මාලිමා පරීක්ෂණය අසමත් වෙලා ගිලිහෙන්න නියමිත ලකුණු ගැන ලොකු දුකක් ඇති උනා. මම කල්පනා කළා මාලිමාවක් නැතිඋනත් ඒ වගේ එකක් හරි පෙන්නුවොත් කවදාවත් දැකලා නොතිබ්බ උන්ටත් යමක් කමක් කරන්න පුළුවන් වෙයි කියලා.
එයින් පස්සේ ඇතිවෙච්චි ප්‍රතිඵලේ තමයි උඩ පින්තූරෙ දකින්න තියෙන්නෙ. ඒක හැබෑ එකක් කියලා හිතාගෙන කරපු පුහුණුවීම් නිසා මාලිමා පරීක්ෂණය අපි ගොඩදාගත්තා.
ප.ලි. කලින් ලියපු ශිෂ්‍යභට ලිපිය.
1.02.2016
කළු තිත (The black dot)
ඉහළ තියෙන පින්තූරය දැක්කාම ඔබට හිතෙන්නෙ මොනවාද? මොහොතක් නිස්කලංකව හිතුවොත් මොනවගේ දේවල් සිතේවිද? ඒ සියල්ල හිතේ තියාගෙන අපි යමු පහළට.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Subscribe to:
Posts (Atom)


