10.28.2010

ලේ තැවරුනු මලක කතාව..........

පෙරවදන :- තවත් කථාවක්......



දිනය :- 1918 නොවැම්බර් මස මුල් සතිය
ස්ථානය:- බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් රේන්ජ් සහ පිකාර්ඩ් ප්‍රදේශ


"දසතින්ම ඇසෙන්නේ වෙඩි හඬත් සොල්දාදුවන්ගේ කෑකෝ ගැසීමුත් පමණි. එකපිට එක නිකුත්වන වෙඩි උන්ඩ පියඹා අවුත් සොල්දාදුවන්ගේ සිරුරු තුළ සැඟවෙයි. සමහරු මරලතෝනි නඟමින් ඇද වැටෙති. සෙස්සෝ තව තවත් ධෛර්‍ය්ය ගෙන ප්‍රතිපක්ෂය වෙත උන්ඩ නිකුත් කරති. අයෙක් මරණාසන්නව අසීරුවෙන් හුස්ම ඉහල පහල දමයි. සමහරු තුවාලලත් සගයින් කරපින්නාගෙන පසු බසිති. ලේත් කඳුලුත් මිහිතලයට කාන්දු වෙද්දී හැඬීම් සහ විලාප වාතලයට මුසුවේ.............................. ක්‍රම ක්‍රමයෙන් ප්‍රාණීන්ගේ සංඛ්‍යාවද සමඟ යුධ තත්වය තුනී වේ. ඉතිරි වූවෝ තම නිසල සගයින් මිහිදන් කර දමා පිටව යති. මිහිතලයම කම්පා වේ. "

10.13.2010

මීළඟ මැතිවරණය පෙබරවාරි 29 වෙනිදා........

පෙරවදන :- හීනලන්තය යනු මනා ආර්ථික, සමාජයීය, සංස්කෘතික සංවර්ධනයකින් යුතු රටකි.කොටින්ම       කියතොත් එවැනි රටක  ජීවත්වීමට වරම් ලැබීම පූර්ව භවයකදී සිදු කළාවූ පුන්‍ය කර්මයක විපාකයක් ලෙස   සැලකිය හැකිය.මන්දයත්, එය මිහිපිට ස්වර්ගය වැනි ස්ථානයකි.

9.24.2010

මගේ අලුත් Blog එක

    මම ඇත්තටම කාටවත් කරදයක් නැති අහිංසක පොරක්.හැබැයි මම හිතනවා "හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ" කියලා. මේ එක ලියන්න ගත්තෙත් ඒකයි.මෙ එකෙ මම ඉඩිරියට කරන්න බලපොරොත්තු වෙන්නෙ මගේ හීන. හැබැයි ඒවා මම රෑ නිදාගෙන ඉද්දි දැකපුව නෙමෙයි.දවල් හීනත් නෙමෙයි.ඒවා මම ගැන, මගේ අනාගතය ගැන දැකපුවත් නෙමෙයි.
   මම දැන් ජීවිතෙන් 1/3 විතර ගෙවලා හොඳ අධ්‍යාපනයකුත් ලබලයි ඉන්නෙ.  ඒ කාලෙදි මම දැකපු දේවල් මගේ  අත්දැකීම් හා සමහර දේවල් ගැන මගේ ආකල්ප ප්‍රයෝජනයට අරන් මම දකිනවා හීන; අනාගතය ගැන රට ගැන ලෝකය ගැන..... ඒ හීන තමයි මම ඔයගොල්ලන්ට ගේන්නෙ.
මේ බ්ලොග් එක ලිවීමේ අරමුණු කීපයක් තියෙනවා..
  • ඔයගොල්ලන්ට අලුතින් හිතන්න යමක් දෙන්න.
  • සමාජයේ රටේ මම දකින ගොඩක් වැරදි නිවැරදි කරන්න කතිකාවතක් ඇති කරන්න.
  • අපෙ රට සංවර්ධනය කරන්න රට ගොඩ නංවන්න මට පුලුවන් විදියට දායක වෙන්න හා අනිත් අයවත් පොලඹවන්න.සහ
  • අවසාන වශයෙන් මගේ ආත්ම තෘප්තියක් ලබන්න.
   ඊලඟට කියන්න ඕන මම්ම් බ්ලොග් එකේ ලියන්නෙ මට හිතෙන දේවල්.  උඩින් කියපු අරමුණු ඇර වෙනත් අරමුණු නෑ. මම ලියන දේවල් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන විදියට හා සමාජයට හොඳක් වෙන විදියට යොදාගත්තට ප්‍රශ්නයක් නෑ.

   අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මම ඔයගොල්ලන්ගෙ විචාර බලාපොරොත්තු වෙනවා. යෝජනා, චෝදනා, ගල්මුල්,ප්‍රශංසා ඕන එකක් බාරගන්නවා.
   අඩුම ගානෙ මට බැනලවත් comment කරන්න.මොකද නැත්නම් මම ලියන දේවල් කවුරුත් බලන්නෙ නෑ කියල හිතෙනකොට මටම එපා වේවි.

එහෙනම් ඕක තමයි මගේ බ්ලොග් එක ගැන හැඳින්වීම.මම ඊලඟ  post එකෙ ඉඳල මගේ හීන ගැන කියන්නම්. දැනට ඕගොල්ලො කියන්නකො මේ ගැන  මොකද හිතන්නෙ කියල. post එකක් බලන්නැතුව අමරුයි නේද? කමක් නෑ හිතන ඕනම දෙයක් කියන්න...
පසුව හමුවෙමු.
                                                                                                                                                  -හරී-


Related Posts Plugin for WordPress, Blogger...