9.24.2010

මගේ අලුත් Blog එක

    මම ඇත්තටම කාටවත් කරදයක් නැති අහිංසක පොරක්.හැබැයි මම හිතනවා "හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ" කියලා. මේ එක ලියන්න ගත්තෙත් ඒකයි.මෙ එකෙ මම ඉඩිරියට කරන්න බලපොරොත්තු වෙන්නෙ මගේ හීන. හැබැයි ඒවා මම රෑ නිදාගෙන ඉද්දි දැකපුව නෙමෙයි.දවල් හීනත් නෙමෙයි.ඒවා මම ගැන, මගේ අනාගතය ගැන දැකපුවත් නෙමෙයි.
   මම දැන් ජීවිතෙන් 1/3 විතර ගෙවලා හොඳ අධ්‍යාපනයකුත් ලබලයි ඉන්නෙ.  ඒ කාලෙදි මම දැකපු දේවල් මගේ  අත්දැකීම් හා සමහර දේවල් ගැන මගේ ආකල්ප ප්‍රයෝජනයට අරන් මම දකිනවා හීන; අනාගතය ගැන රට ගැන ලෝකය ගැන..... ඒ හීන තමයි මම ඔයගොල්ලන්ට ගේන්නෙ.
මේ බ්ලොග් එක ලිවීමේ අරමුණු කීපයක් තියෙනවා..
  • ඔයගොල්ලන්ට අලුතින් හිතන්න යමක් දෙන්න.
  • සමාජයේ රටේ මම දකින ගොඩක් වැරදි නිවැරදි කරන්න කතිකාවතක් ඇති කරන්න.
  • අපෙ රට සංවර්ධනය කරන්න රට ගොඩ නංවන්න මට පුලුවන් විදියට දායක වෙන්න හා අනිත් අයවත් පොලඹවන්න.සහ
  • අවසාන වශයෙන් මගේ ආත්ම තෘප්තියක් ලබන්න.
   ඊලඟට කියන්න ඕන මම්ම් බ්ලොග් එකේ ලියන්නෙ මට හිතෙන දේවල්.  උඩින් කියපු අරමුණු ඇර වෙනත් අරමුණු නෑ. මම ලියන දේවල් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන විදියට හා සමාජයට හොඳක් වෙන විදියට යොදාගත්තට ප්‍රශ්නයක් නෑ.

   අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මම ඔයගොල්ලන්ගෙ විචාර බලාපොරොත්තු වෙනවා. යෝජනා, චෝදනා, ගල්මුල්,ප්‍රශංසා ඕන එකක් බාරගන්නවා.
   අඩුම ගානෙ මට බැනලවත් comment කරන්න.මොකද නැත්නම් මම ලියන දේවල් කවුරුත් බලන්නෙ නෑ කියල හිතෙනකොට මටම එපා වේවි.

එහෙනම් ඕක තමයි මගේ බ්ලොග් එක ගැන හැඳින්වීම.මම ඊලඟ  post එකෙ ඉඳල මගේ හීන ගැන කියන්නම්. දැනට ඕගොල්ලො කියන්නකො මේ ගැන  මොකද හිතන්නෙ කියල. post එකක් බලන්නැතුව අමරුයි නේද? කමක් නෑ හිතන ඕනම දෙයක් කියන්න...
පසුව හමුවෙමු.
                                                                                                                                                  -හරී-


7 comments:

  1. i also hav a friend whose name starts with these two lettrers...:)..:o

    ReplyDelete
  2. ප්‍රතිචාරයට ස්තුතියි සහෝ........

    ReplyDelete
  3. අළුත් බ්ලොග් එක පරණ වෙලා තියෙන්නේ. මොකද කාලයක් ලියලා තියෙනවනේ. හික්ස් :)

    ReplyDelete
  4. මුල ඉඳන් කියෙව්වද සේරම සෙට් එක....

    මේකනෙ මධුවො සමහර දේවල් පරණ වෙන්න පරණ වෙන්න තමයි ගොඩක් වටින්නෙ...

    බ්ලොගය උනත් එහෙමයි... මොකද ජීවිතේට කාලයත් එක්ක අත්දැකීම් එකතු වෙද්දී අපි හිතන පතන හැටිත් වෙනස් වෙනවනෙ...

    ReplyDelete
  5. අද තමයි මුල බලන්න හිතුනෙ.. මට පේන්නෙ හරීගෙ බ්ලොග් එකේ ලොකු නැම්මක් තියනවා.. ඉස්සර ගිහින් තියෙන්නෙ වෙනස්ම ලයින් එකක...

    ReplyDelete
    Replies
    1. 'කොහෙද යන්නේ මල්ලෙ පොල් වගේ'

      මට හිතෙනවා ආයෙ පොඩ්ඩක් මේ පැත්තට හරවන්නත්..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...