10.28.2010

ලේ තැවරුනු මලක කතාව..........

පෙරවදන :- තවත් කථාවක්......



දිනය :- 1918 නොවැම්බර් මස මුල් සතිය
ස්ථානය:- බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් රේන්ජ් සහ පිකාර්ඩ් ප්‍රදේශ


"දසතින්ම ඇසෙන්නේ වෙඩි හඬත් සොල්දාදුවන්ගේ කෑකෝ ගැසීමුත් පමණි. එකපිට එක නිකුත්වන වෙඩි උන්ඩ පියඹා අවුත් සොල්දාදුවන්ගේ සිරුරු තුළ සැඟවෙයි. සමහරු මරලතෝනි නඟමින් ඇද වැටෙති. සෙස්සෝ තව තවත් ධෛර්‍ය්ය ගෙන ප්‍රතිපක්ෂය වෙත උන්ඩ නිකුත් කරති. අයෙක් මරණාසන්නව අසීරුවෙන් හුස්ම ඉහල පහල දමයි. සමහරු තුවාලලත් සගයින් කරපින්නාගෙන පසු බසිති. ලේත් කඳුලුත් මිහිතලයට කාන්දු වෙද්දී හැඬීම් සහ විලාප වාතලයට මුසුවේ.............................. ක්‍රම ක්‍රමයෙන් ප්‍රාණීන්ගේ සංඛ්‍යාවද සමඟ යුධ තත්වය තුනී වේ. ඉතිරි වූවෝ තම නිසල සගයින් මිහිදන් කර දමා පිටව යති. මිහිතලයම කම්පා වේ. "



ඉහත දැක්වූයේ පළමුවන ලෝක සංග්‍රාමයේ ප්‍රසිද්ධියට පත් සිද්ධියකි. පළමුවන ලෝක සංග්‍රාමය  ඇරඹෙන්නේ  ක්‍රි.ව. 1914දී ජර්මනියේ කයිසර් විහෙල්ම් රජු මහා බ්‍රිතාන්‍යයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමෙනි. පුරා වසර ගණනක් මුළුල්ලේ සෙබලුන් දහස් ගණනකගේ ලේ, කඳුලු, දහඩිය හා ජීවිත මැදින් ගලා ගිය සටනට තිත තබන්නේ 1918 නොවැම්බර් 11 වැනිදා අත්සන් කල තාවකාලික යුධ නිමා කිරීමේ ගිවිසුම මඟිනි.

දිනය :-  ඉහත දිනයට කලකට පසු
ස්ථානය:- බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් රේන්ජ් සහ පිකාර්ඩ් ප්‍රදේශ

"ගත සිත සිහිල් සුවයෙන් සතපාලන මන්දමාරුතයක් ඇදී යයි. බැලූ බැලූ අත පෙනෙන්නේ ඒ මන්දමාරුතයේ නටන රක්ත වර්ණ මල් පිරුනු තැනිතලාවය. කලකට පෙර දරුණු සටනක් පැවති සලකුනකුදු නොමැත. රණවිරු ලෙයින් පෙඟුන පොළොවේ රක්ත වර්ණ පොපි මල් (වි.නා.: papaver orientale) පිපී ඇත්තේ යුද්ධයෙන් මිහිතලය කම්පා වී ඇති බව පෙන්වීමට මෙනි. (සුදු පැහැති පොපි මල් පළමු වරට රතු පහැයෙන් පිපුනේ මේ අවස්ථාවේදී යැයි කතාවක්ද පවතී)"



ඉහත සිද්ධියත් සමග මියගිය රණවිරුවන් සැමරීම පිණිස පොපි මල් යොදාගැනීමට මිනිස්සු පෙළඹුනහ. ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් මොයිනා මිචෙල් මියගිය රණවිරුවන් සමරා පොපි මලක් පැළඳූ ප්‍රථම තැනැත්තියයි. එයින් නොනැවතුන ඇය පොපිමල් විකුණා අරමුදලක් පිහිටුවා මියගිය රණවිරුවන්ගේ පවුල් වලටත් තුවාලලත් රණවිරුවන්ටත් ආධාර කළාය.

කෘතිම පොපි මලට උපත ලබා දෙන්නේ ප්‍රංශයයි. පසුව මහා බ්‍රිතාන්‍යය කෘතිම පොපි මල් නිපදවීම අරඹන අතර අද වන විට ලෝකයටම පොපිමල් සපයමින් මිලියන 45ක් පමණ වූ වාර්ෂික නිෂ්පාදනයක් පවත්වාගෙන යයි.  


පොපි මල් දිනය ප්‍රකාශයට පත් වූයේ 1921 නොවැම්බර් 11 වැනිදා මහා බ්‍රිතාන්‍යයේදීය. එදා පටන් සෑම නොවැම්බර් 11 වැනිදාවකම පොපිමල් දිනය සැමරූ නමුත් මේ වනවිට එදිනට ආසන්න ඉරිදා දිනය යොදා ගනී.

පොපි මල් ව්‍යාපාරයේ අරමුණ වන්නේ මියගිය රණවිරු පවුල්වලත්  ආබාධිත රණවිරුවන්ගේත් සුභසාධනය සැලසීමයි. මෙම සත් කාර්‍යයට අතහිත දීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වන්නේය. මන්දයත්, අප වෙනුවෙන් දිවිපිදූ හා දෑත් දෙපා දන්දුන් රණවිරුවන්ට කෙළෙහිගුණ සළකියයුතු නිසාවෙනි.

මේ නොවැම්බරයේදී ඔබත් පොපි මලකින් දායක වන්න.


පසුවදන :- මාගේ ලිපි පිළිබඳ ඔබගේ අදහස් මම ඉතා අගය කරමි. අන් අයටත් කියවීමට සලස්වන්නේ නම් මැනවි.
                                                    
                                                              -හරී-



10 comments:

  1. වටිනා ලිපියක්... ඇත්තටම ගන්න අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනව.

    ReplyDelete
  2. @prasanna86k :බොහොම ස්තුතියි..

    ReplyDelete
  3. මාත් මේ මාසේ පොපි මලක් ගන්න ඕනේ.
    විස්තර ටික නම් මරු.

    ReplyDelete
  4. @මධුරංග :ඒත් ලියලා තියෙන රටාව හරි නෑ නේද?

    ReplyDelete
  5. උපන්දින පෝස්ට් එකෙන් මෙකට ගොද වැදුනේ... කෙටියි හොඳයි

    ReplyDelete
  6. අනිවාර්යෙන්ම හොද ලිපියක්...

    ReplyDelete
  7. Thanks..Good luck..

    ReplyDelete
  8. ස්තුතියි

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...