2.26.2011

ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 126ක් යන්න පුලුවන් කාර් එකක් ගමු....

කට්ටිය හිතයි මේක නම් ලොවෙත් නැති කෙබරයක් කියලා ඒත් කතාව ඇත්ත. දැන් ලෝකෙට ඇවිල්ලා තියෙනවා ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 126ක් යන්න පුලුවන් කාර් එකක්... සුද්දගෙම වචන වලින් කිව්වොත් "ගැලුමකින් හැතැප්ම 261".( 261 miles per gallon)


ඔය උඩ තියෙන පින්තූරෙ ඉන්නෙ එයා තමයි. එයාගෙ නම Volkswagen's XL1.කොහොමද? ඩීසල් ඉතුරුකරනවා වගේම ඇඟපතත් පොඩ්ඩක් ඇහැට කනට පේන තත්වයේ තියෙනවා.  කටාර් මෝටර් ෂෝ එකේදී තමයි මෙයා එලිබැහැලා තියෙන්නේ.

දැන් මං කියන්නෙ කොහොමද මෙයා මෙච්චර ඩීසල් ඉතුරුකරන්නෙ කියලා.

පලවෙනි එක තමයි එයාගෙ හැඩය. ඉස්සරහ පොඩ්ඩක් පළලට තමයි හදලා තියෙන්නෙ පස්සට යන්න යන්න ටිකෙන් ටික පළල අඩු වෙලා. මේ හින්දා වෙන කිසිම කාර් එකක නැති විදිහට වාතය කපාගෙන ඉදිරියට යන්න පුලුවන් වෙලා තියෙනවා. හදපු කට්ටිය නම් කියන්නෙ ඒගොල්ලො මේ concept එක හොරකං කරගත්තා කියලා. (ලැජ්ජ නැතුව කියන හැටි) ලැජ්ජ වෙන්න ඕනෙ නෑ concept එක හොරකං කරන් තියෙන්නෙ ඩොල්පින්ගෙන්.


ඊලඟට පිටිපස්සෙ රෝදෙ වහලා තියෙන්නෙත් වාත ප්‍රතිරෝධය නැතිකරන්නලු.( දැන් ඉතින් අහන්න එපා ඇයි බං ඉස්සරහ රෝදෙත් වහන්න තිබුනනෙ කියලා. ඉස්සරහ රොදෙ ඇරලා තියෙන්නෙ හදිස්සියකට ලඟපාත වින්කලේකට අල්ලලා හුලං ටිකක් ගහගන්න :D )

මේකෙ පැති කණ්ණාඩි එහෙමත් නැත්නම් සිංහලෙන් කිව්වොත් side mirrors එහෙම නෑ. ඒ වෙනුවට වීඩියෝ කැමරා දෙකක් තමයි තියෙන්නේ.

දෙවෙනි කාරනය තමයි කාර් එක හදලා තියෙන අමු ද්‍රව්‍යය එහෙම නැත්නම් material එක. carbon fiber reinforced polymer(CFRP) කියන material එක තමයි පාවිච්චි කරලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් මේක Formula 1 කාර් හදන්න තමයි පාවිච්චි කරන්නෙ. material එක නිසාම බර සෑහෙන්න අඩුවෙලා තියෙනවා. මුලු බර පවුන්ඩ්ස් 1,753ක් තමයි වෙන්නෙ.

හයිබ්‍රිඩ් තාක්ෂණය (hybrid diesel-electric engine)  පාවිච්චි කරන නිසා තවත් ඩීසල් ඉතුරුයි. නිෂ්පාදකයෝ කියන විදිහට ඩීසල් ලීටර් 0.9 කින් කිලෝමීටර් 100ක් ගියෑකි. පරිසර දූෂණයත් අඩුයි. කිලෝමීටරයකට කාබන්ඩයොක්සයිඩ් ග්‍රෑම් 24ලු පිටවෙන්නෙ.

ඔන්න ඕකයි විස්තරේ දැන් ඉතින් කට්ටිය බල බල ඉන්නේ නැතුව එකක් ගමු. සල්ලි කීයක් ඉතුරුද? හැබැයි ඔන්න අරගෙන මාවත් රවුමක් එක්ක යන්න ඕනෙ විස්තරේ කිව්වට.

ඕගොල්ලො කැමතිනම් ප්‍රතිචාරයක් දීලා යන්න.

-හරී-

19 comments:

  1. පට්ටනේ මාර බාන්ඩේ කියද දන්නේනෑ ගාන නේ :)

    ReplyDelete
  2. iPlus:
    ගාන කියන්න එපා. බඩ යයි!

    ReplyDelete
  3. ගාණ කීයද පඩි ගත්තම එකක් ගන්න...(හැබැයි 5000 කට අඩුනම් විතරයි)

    ReplyDelete
  4. පට්ට භාන්ඩේ....

    ReplyDelete
  5. නියම බාන්ඩේ.....හෑබෑයි පට්ට ගන් ඈති නේද????

    ReplyDelete
  6. කොහොමද උදේ ට්‍රැපික් එකේ හුළං කපාගෙන යනකොට :D

    ReplyDelete
  7. @ ඉලංදාරියා :එච්චර ගනන් නෑ බං සල්ලි ටිකක් ඉතුරු කරොත් ගොඩ දාගන්න පුලුවන් ...$ 6800 ක් විතර වෙයි වැඩිම වුනොත්...
    ප්‍රතිචාරයට තුති...

    @ iPlus:ඕක හිතලම තමයි මමගාන දැම්මෙ නැත්තෙ..කොහෙද අපේ වුන්ට කාර් එක අල්ලල ගිහින්නෙ දැන් කට්ටිය ගන්නයි ට්‍රයි එක...
    මේ පැත්තෙ ආවට තෑන්ක්ස්...

    @ ``` Outsider``` :සන්තෝසයි කියන්න ඔයාට එකක් ගන්න පුලුවන්...ගාන හරියටම 5000 යි ...හැබැයි යූරෝ...2013දී නෙ ඕක මාර්කට් එකට දාන්නෙ එථකොත එකක් ගමු....ප්‍රතිචාරයට තුති...

    @ dinesh :ඔක්කොම පට්ට ගානත් එක්කම... Thankxxx...

    @ අසoක:පට්ට බඩු ඉතින් ගනන් තමයි .... :D එකක් ගන්න try කරමු...

    @ Akhila :මේකට තටු දෙකකුත් හයි කරන්න වෙයි....ප්‍රතිචාරයට තුති...

    ReplyDelete
  8. Like කරපු අයටත් ස්තුතියි...

    ReplyDelete
  9. හෑ......???? $ 6800, යුරෝ 5000 ඒ ගානට කාර් එක මදෙත් එක්කම දෙයිද සහෝ?? අනේ වාහනයක් කියන්නෙ හීනයක්නෙ ඒ ගානට දෙනච නම් පිං සිද්ද වෙනවා.
    ඇත්තටම ලංකාවට ගෙන්නන්න කීයක් යාවිද බං?

    ReplyDelete
  10. @ Anonymous :ලංකාවේ ගාන නම් මාමගේ tax අනුව තමයි... official site එකේ තිබ්බ ගාන තමයි බං මම දන්නේ...

    ReplyDelete
  11. හොද භාන්ඩයක් උනාට ලංතාවෙ පාරවල් වල තියෙන වාහන වල වදීනේ යට කැල්ල

    ReplyDelete
  12. @Thushan :ඒක තමයි මොනවා කරන්නද?........පාරවලුත් හදන්න වෙයි වගේ.

    ReplyDelete
  13. 24 g/km of CO2 kiyala sure da?

    ReplyDelete
  14. මෙතන කොටලා බලන්නකො සහෝ....

    ප්‍රතිචාරයට ස්තුතියි......

    ReplyDelete
  15. math oya field eke ekek thama 24g/km nam niyamai; pissu hadenawa meke performencez dakkama. niyama article sahodaraya. :)

    ReplyDelete
  16. කාර් ගන්න සල්ලි නැත ඔය වගේ බයික් එකක් ඉන්දියාවෙ හදපුදාට ගමු

    ReplyDelete
    Replies
    1. ඒවාද අපිට හීනය. මාමාගේ ටැක්ස් නිසා ඒවාට කිට්ටු කරන්නටද අපිට අමාරුය..

      Delete
  17. හරි දුරකථන අංකය දෙන්න පුලුවන්ද

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...