2.01.2011

Blog එකට එන අයට හොඳින් සලකන්නෙ කොහොමද? ඒ අයව තෘප්තිමත්(satisfy) කරන්නේ කොහොමද?


මම මේ ලඟදි ඉගෙනගත්තා කොහොමද ආයතනයකට එන customersලා ආයතනයේ දියුනුවට යොදාගන්නෙ කියලා. මම හිතන්නෙ ඒක බ්ලොග් කෙරුවාවටත් අදාලයි වගේ. ඉතින් මට හිතුනා අපේ blog වලට එන අය එකේම රඳවාගන්නෙ කොහොමද කියලා ඔයගොල්ලන්ට කියන්න..මම හිතන විදිහට blog එකට එන අය තෘප්තිමත් කලොත් ඒ අය නිතර නිතර අපේ බ්ලොග් එක බලන්න ඒවි. අපේ බ්ලොග් එක ගැන අනෙක් අයටත් කියාවි.

ඇත්තටම මේක දෙපැත්තටම වැදගත්.. දෙපැත්තම කිව්වෙ බ්ලොග් ලියන අයටත් කියවන අයටත් දෙගොල්ලන්ටම....

හරි.. මුලින්ම මම කියන්නම් කොහොමද බ්ලොග් එක කියවන්න එන කට්ටියව  satisfy කරන්නෙ කියලා..

අපේ blog එකට මුලින්ම එන කෙනා stranger කෙනෙක් එහෙමත් නැත්නම් අමුත්තෙක්.එයා පහල රූපෙ විදිහට දෙපැත්තකට යන්න පුලුවන්...බලන්න එන කෙනා තෘප්තිමත් වෙන තරමට ඉහලටත් පහලටත් යන්න පුලුවන්.....


Stranger : එක්කෙනෙක් බලන්න ආව විතරයි.එයා තවම බ්ලොග් එක කියවලා නෑ..

Acquaintance : ඒ කියන්නෙ යම් තරමකට බලන්න ආපු කෙනා ඔයාලගෙ post එකෙන් තෘප්තිමත් වෙලා. මේ වගේ අය post එක කියවලා නිකන් ඉන්නත් පුලුවන් නැත්නම් හිමීට like එකක් එහෙම දාලා යයි..මමත් ඉතින් සාමාන්‍යයෙන් Like එකක් එහෙම දාලා යනවා ටිකක් හරි හොඳයි කියලා හිතුනොත්.......

Loyal customer :මේ වගේ අය තමයි comment එකක් එහෙම දාන්න පෙලඹෙන්නෙ..මම හිතන්නෙ බ්ලොග් ලියන අය comment කරන අයට reply කරනවනම් තමා හොඳ... ඒ අය කියන දේ අපිට හරි කියල හිතුනත් වැරදි කියල හිතුනත්...හොඳින් කතා කරන එක තමයි වැදගත්...ඇත්තටම මම නම් කැමතියි මම ලියන ඒවට comment  කරනවටත්, මම comment කරන ඒවට reply කරනවටත්...

මේ Loyal customer කියන කෙනා තමන්ට හිතගිය බ්ලොග් මතක තියාගෙන ඉන්නෙ...එයා නිතරම කැමතියි ඒ බ්ලොග් වලට යන්න...comment කරන්න...කවුරුහරි මේ තරම් තෘප්තිමත් වුනොත් එයා නිතරම අපේ බ්ලොග් එකට ඒවි comment කරාවි...

Advocate : අපේ බ්ලොග් කියවන කෙන අද්වකාත් කෙනෙක් වෙනවා... :D මෙහෙම වෙන්නෙ අපේ බ්ලොග් එක කියවන කෙනා ඒක වෙන කාටහරි හොඳයි කියලා recommend කරනවානම් තමයි..හොඳම උදාහරණය මගේ යාලුවො කම්මැලි වෙච්ච වෙලාවට කියනවා හොඳ බ්ලොග් ටිකක Link එවපන් කියලා එතකොට මමත් කීපයක් යවනවා...

Ambassador : අපිට පුලුවන් නොමිලේම අපේ බ්ලොග් එකට තානාපති කෙනෙක් හදා ගන්න. ඒ කියන්නෙ බ්ලොග් එක කියවන අයම ඒක ප්‍රචාරය කරන්න පෙලඹෙනවා නම් අපිට නිකන්ම traffic හැදෙනවානෙ.. තානාපතිලා තමයි අපෙ බ්ලොග් එක කියවලා ඒක මූනුපොතෙ හරි ටුවිටරේ හරි share කරන්නෙ.. නැත්නම් e-mail  කරන්නෙ.එතකොට නිකන්ම අපේ බ්ලොග් එක නැගලා යනවා...
අපිට ආපු comment  වලට හොඳින් reply කරාමත් සමහරු මේ තත්වෙට පත්වෙනවා..

ඔය ඉතින් හොඳ පැත්ත...

නරක පැත්තකුත් තියෙනවා...

Dissapointed customer: අපේ බ්ලොග් එක කියවලා බලාපොරොත්තු සුන් කරගත්තු අය...මේ වගේ වෙන්න පුලුවන් අපේ බ්ලොග් එකේ පලකට නැති දේවල් post කරාම..බලන කෙනාට වැඩක් නෑ කියලා හිතුනොත් ආයේ එන්නේ නෑ..අනික තමුන්ගෙ comment ගනන් ගන්නෙ නෑ කියලා හිතුනාමත් මෙහෙම වෙන්න පුලුවන්...මේක ඉතින් එච්චරම හානියක් නෑ මොකද මේ වගේ වැඩක් නැති ඒව තියෙන බ්ලොග් (දැන් කියවන එක වගේ..  :D ) මතක තියාගන්න අමාරුයිනේ...

Angry customer : අපේ බ්ලොග් එකේ තියෙන දෙයක් කාට හරි හානිදායක වෙනව නම් (මඩක් නම්) කියවන කෙනාට මල පනින්න පුලුවන්..එතකොට තමුන් අකමැති ඒවා තියෙන නිසා නෑවිත් ඉන්න පුලුවන්...

අනික comment වලට හරියට reply කලේ නැත්නම් අනිත් කෙනාගෙ මතයට ගරු කලේ නැත්නම් මේක වෙන්න පුලුවන්...

(මටත් මේ ලඟදි හොඳ සිද්ධියක් වුනා...මට නොතේරුන දෙයක් මම comment එකක් විදිහට ඇහුවා.. මට ලැබුන උත්තරේ දන්නවද..
"ඔයිට වඩා ගොන් ප්‍රශ්න තිබ්බේ නැද්ද අහන්න? "
කාට කියන්නද? මම ඉතින් කටපියාගෙන හිටියා..ආයෙ මම ඒ බ්ලොග් එක පැත්තෙ යන්නේ නෑ..)

ඒ කියන්නෙ කියවන කෙනාට මතකයි charter බ්ලොග් මොනවද කියලා.. ඒගොල්ලෝ ආයෙ එන්නේ නෑ...

Terrorist : කලින් සිද්ධියේදී මම අර බ්ලොග් එකේ නම කිව්වනම් මමත් මේ catogory එකට තමයි වැටෙන්නේ...ඒ කියන්නෙ මෙයා තමන්ට සිද්ධවෙච්ච දේ ගැන නිකන් ඉන්නේ නෑ.. ඒක ප්‍රචාරය කරනවා...මතකද අර කාලයක් post copy කරනවා කියලා ගොඩක් කට්ටිය attack කරේ...මේ වගේ තත්වෙකදි තමයි..

ඕවා තමයි නරක..

මම හිතන්නෙ අපේ බ්ලොග් කියවන කට්ටියව ඉහල පැත්තට ගේන්න පුලුවන් නම් නිකන්ම අපේ බ්ලොග් ජනප්‍රිය වේවි..

දැන් ඇති නේද? ඔයාලත් එහෙනම් try කරන්නකො Ambassdorලා ඇති කරගන්න.
මම නවතින්නම්. මට පෙන්නනකො මේක කියවලා ඔයාලා මොන තත්වෙටද පත්වුනේ කියලා.  :D

-හරී-

24 comments:

  1. වටිනා අදහසක්.. තමන් ඉගෙනගත්තු දැනගත්තු දෙයක් තව කෙනෙකුට කියලා දෙන එක ලොකු පිනක්...

    ප.ලි. comment දාද්දි එන word verification අයින් කරන්න පුලුවන් නම් හොඳයි...

    ReplyDelete
  2. සහතික ඇත්ත කතාව , ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි

    ReplyDelete
  3. ෙගාඩක් අය අෙනක් අය ගැන හිතනව අඩුයි.සමහරු ලියල තිෙයන ෙද්වලින් අපට ඉෙගන ගන්න ෙගාඩක් ෙද් තිෙයනවා. ඔෙබ් ලිපිය බැලුවම හරි ඒ ෙද් මතක් ෙව්වි.තමන්ට ෙවන අසාධාරනයක් ගැන ලියන්ෙන අන්අයට කරදරයක් කරන්න ෙනෙවයි ඒ ෙකන් යමක් ඉෙගන ගන්න.ප්‍ර ෙයා්ජන ගැනීම තමන්ෙග් දක්්‍ෂ කම. ස්තුතියි.

    ReplyDelete
  4. @ Nadun :මගේ ලිපිය කියවා ඔබ ලබාදුන් ප්‍රතිචාරයට බොහෝම ස්තුතියි!

    @ තාරා:ඔයා කියන දේ ඇත්ත...(කතාවකුත් තියෙනවනෙ ලොකුම දානය ධර්ම දානය කියලා (ඉගෙන ගත්තු දෙ තව කෙනෙකුට කියාදීම ))...

    ප්‍රතිචාරයට බොහොම ස්තුතියි...

    ඇත්තම කිව්වොත් word verification නම් මල කරදරයක් තමයි.......

    @ DarKneT | ඉෂාර: ප්‍රතිචාරයට බොහොම ස්තුතියි සහෝදරයා...

    @ Kanishka | කණියා :එතකොට මාත් Satisfied :) බොහොම ස්තුතියි!

    @ Shenya de Silva: බොහොම ස්තුතියි සහෝ...

    @ Aru අරු:ඔයා කියන දේ හරි ගොඩක් අය අනිත් අය ගැන හිතනව අඩුයි.
    මම නම් හිතන්නෙ අනිත් අයට(ලෝකයාට ) කරන්න පුලුවන් හොඳම සේවය තමයි අනිත් අයට කරදර නොකර ජීවත් වීම..
    "තමුන්ට වෙනවට අකමැති දේ අනිත් අයට නොකර හිටියනම් හරි "
    ප්‍රතිචාරයට බොහොම ස්තුතියි !

    ReplyDelete
  5. සමාවෙන්න ඕනා හැමෝම මගෙ බ්ලොග් එකේ word verification enable වෙලා තිබිලා තියෙන්නේ....

    මම දන්නේ නෑ....

    මම කීපදෙනෙකුට කිව්වා word verification අයින් කරන්නත් කියලා...
    ලැජ්ජාවෙ බෑ...

    ඔන්න දැන් අයින් කරලා තියෙන්නේ...

    ReplyDelete
  6. වටිනා ලිපියක්,ඊලඟ පාර ලිපියක් දාද්දි මමත් මේ ගැන හිතන්න ඕන.

    ඔන්න එහෙනම් loyal customer කෙනෙක් විදිහට comment එකක් දැම්ම. :)

    ReplyDelete
  7. @ පොඩි පොඩි දේවල් :බොහොම ස්තුතියි සහෝ...
    ඔයාලගේ comments තමයි මාව දිරිමත් කරන්නෙ....

    ReplyDelete
  8. අඩේ යළුවා මගේ හිතට ඇල්ලුවා උඹගෙ බ්ලොග් 1ක ඇපලෝ මල්ලිත් ඕන් ෆලෝ පාරක් දැම්මා...මේ ලිපියනම් මරු ගොඩක් ලිපි කියව්වා....දිගටම ලියහන් මචෝ...කමෙන්ට් කරන්න හිතුන ලිපි 2ක 3ක්ම තිබුනා...කොහෙද දන්නෙම නැතුව එළිවෙලා නොවැ...හ්ම්ම්ම් එල යාලුවා ඔබට ජය...

    ReplyDelete
  9. @ Apollo : ඔයාගෙ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි යාළුවා....ඒත් ඒක පෙන්නන්නෙ නෑනෙ...

    කමක් නෑ ... ප්‍රතිචාරයක් දීම ගැන සතුටු වෙනවා මොකද ඔය වගේ ප්‍රතිචාර තමයි මාව දිරිමත් කරන්නෙ තව තව ලියන්න....

    ReplyDelete
  10. හික්ස් විලි ලැඡ්ඡාවෙ සන්තෝසෙ බෑ ඉඳලා ඉඳලා කමෙන්ට් 1 දැම්මා ඒකත් අවුල්.... ඇපලෝ මල්ලි කිව්වෙ හරී සහෝ ලියනවා ලස්සනයි....දිගටම ලියන්න..මේ ලිපිය සිරා කියලා නොවැ.... තව මොනවදෝ කිවුවා කියලනම් මතකයි ඒත් දැන් මතක නෑ ඕන්...

    ReplyDelete
  11. @ Apollo :ඔයාගෙ හරි මගෙ හරි අවුලක් ඔයාගෙ comment එකක්වත් පෙන්නනේ නෑ ...e-mail එකනම් එනවා...

    ReplyDelete
  12. ඒක නම් නියම අදහසක් මාත් try කරනවා

    ReplyDelete
  13. හොඳයි......ප්‍රතිචාරයට ස්තුතියි.....

    ReplyDelete
  14. !!!!!!කතාවනම් ගොඩක් වටිනවා..100% ඇත්ත.
    ගොඩ දෙනෙක්ට වැදගත් වෙයි!!!!!

    ReplyDelete
  15. කල්හාර අය්යා දීපු පාරේ තමයි මේකට ආවේ.. මම මේ බ්ලොග් ඒකෙ loyal customer කෙනෙක් වුනා හොඳේ??

    ReplyDelete
  16. නියම ලිපියක් සහෝ... මමත් උඩට යනවා එනම්.

    ReplyDelete
  17. ගොඩක් වටින ලිපියක්. link එකක් දිගේ ඇවිත් තමයි මම හොයාගත්තේ. ලින්ක් එක දාපු කෙනාටත් ගොඩක් ස්තූතියි. ඉගන ගන්න දේවල් ගොඩක් තියනවා

    ReplyDelete
  18. @sadahathisuwada :ප්‍රතිචාරයට ස්තුතියි.........

    @තාරක Dilsh@n :හරි හරි :)

    බොහොම ස්තුතියි.........

    @රවින් :කල්හාර අයියා Ambasador කෙනෙක් වෙලා එහෙනම් :)....

    කල්හාර අයියටත් ඔයාටත් බොහොම ස්තුතියි..

    @චතුරංග පෙරේරා | chathuranga Perera :එන්න එන්න උඩටම......බොහොම ස්තුතියි..

    @හංසි :Ambassodor කෙනෙක්ගෙන් පාර අහගෙන ඇවිත් තියෙන්නෙ එහෙනම්......

    එයාටත් comment එකක් දුන්න ඔයාටත් ස්තුතියි....

    ReplyDelete
  19. විචාරක පස්සෙ ඇවිදින කොට තමයි හීනලන්නයට අහර්‍මබෙන් ආවෙ.හරීගේ ආගන්තූක සත්කාර කියලා වැඩක් නැ.මගේ ර්‍බලොග් එකට කරපු හරියට ස්තූතියි.ලියන රටාව සිත්ගන්නවා.ලියන එවා නියමයි.වයසට වඩා දෙගූනයක් ජීවත් උන බවකූයි පෙන්නේ.ඔබ වැනි මිනිස්සු හරි අඩුයි අද කාලයේ.සිතන පතන සියලුදේ ඉටුර්‍වෙවා.

    ReplyDelete
    Replies
    1. ඒක ලොකු දෙයක් නෙමේ.. පොඩි උදව්වක්නෙ..

      ස්තුතියි!

      ඔබටත් එසේම වේවා...

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...