5.23.2011

සරල රොබොට්ටෙක් හදමු....... කට්ටිය හදපු රොබෝලා...



කට්ටියට මතක ඇතිනෙ මම රොබෝ කුරුමිණියෙක් හදන හැටි කියලා post කීපයක් දැම්මා. මතක නැති අය හරි බලන්න බැරිවෙච්ච අය හරි ඉන්නවනම් පහල තියෙන link වලට ගිහින් බලන්න.

සරල රොබොට්ටෙක් හදමු.......1 කොටස
සරල රොබොට්ටෙක් හදමු.......2කොටස
සරල රොබොට්ටෙක් හදමු.......3 කොටස
සරල රොබොට්ටෙක් හදමු.......4 කොටස

අද මම කියන්න යන්නෙ එහෙම post දාලා මම ලබපු ප්‍රතිඵලය ගැන. දිගටම කියවන්නකෝ එහෙනම්.

අද උදේ මම e-mail බලද්දී මට ගොඩාක් සතුටු හිතුනා ඇවිල්ලා තිබුනු mail දෙකක් දැකලා. එකක් සාරංගගෙන් අනිකGISHAN PEMATILAKEගෙන්.  ප්‍රභාත් චාමිකත් comment එකක කියලා තිබුනා මට e-mail එකක් දැම්මා කියලා.

ඔය පහල තියෙන්නෙ GISHAN PEMATILAKE මට එවපු පිංතූර ටික.


රොබාගෙ video එකකුත් තියෙනවා. මම හිතන්නෙ බාධක ටිකකුත් තියලා ගත්තනම් වඩා හොඳයි.


ඔය කෙලින් යන්නෙ නැත්තෙ heat shrink දෙකේ ඝර්ෂණය වෙනස් නිසා. ආයෙ පොඩ්ඩක් රත් කරලා බලන්න.

මම ඉතාමත් අගය කරනවා රොබා හදන්න පෙළඹීම. මට හරිම සංතෝසයි. වඩාත්ම සංතෝස මට e-mail එක එවන්න හිතිච්ච එක ගැන තමයි. මට රොබා version 2.0 එකේ පිංතූර ටිකත් එවන්න.

දැන් සාරංගගේ රොබා. රොබාට ලස්සන කට්ටකුත් දාලා.

බොහොම ස්තුතියි පිංතූර එව්වට. මේවායින් තමයි මට හිතෙන්නෙ මගේ මහන්සිය අපතේ ගියේ නෑ කියලා.

කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ? නියමයි නේද? අනිවාර්යෙන්ම ප්‍රතිචාරයක් දීලා යන්න..... මට නෙමෙයි...... රොබෝ හදපු කට්ටිය දිරිමත් කරන්න.

හදපු අනිත් අයත් කැමතිනම් පිංතූර එවන්න. ඒ ටිකත් මෙතනම post කරන්නම්.

-හරී-

19 comments:

  1. පොඩ්ඩක් හිටු මාත් රොබොට්ටෙක් හදලා දාන්නම්. තාම ගෙදර ගියේ නෑ.ගියාම තමා හදන්න වෙන්නේ.

    ReplyDelete
  2. @මධුරංග :එලz...
    හදල එවන්න ඕනෙ එහෙනම්......

    ReplyDelete
  3. නියමයි මචං.. මාත් කෑලි බැලි ටිකක් අරං තියාගත්තට හදන්න වුනේ නෑ... වැඩ වැඩි නිසා... ඒකයි බං කිව්වේ නිවාඩු වෙලාවක හදන්න පුළුවන්නම් PDF එකක් දාහං කියලා.

    ReplyDelete
  4. මමත් හදනෝ ....... මට තව ටික දවසක් යනෝ ........... හදපු අයට මගේ සුබ පැතුම් .......

    ReplyDelete
  5. @ prasanna86k :හරි හරි නිවාඩු වෙලාවක හදමු.. pdf එක හදාගෙන යනවා... ඒකත් ලේසි වැඩක් නෙමෙයි බැලුවම...

    ස්තුතියි ප්‍රතිචාරයට......

    ReplyDelete
  6. @ කල්හාර දිසානායක :නිවාඩු පාඩුව හදමු...

    ස්තුතියි...

    ReplyDelete
  7. ආවුශ්අප්ප... ශෝයිනේ.. මන් මේ ලිපි සෙට් එක දැක්කෙ දැන් නොවැ... ඔක්කොම ටික සීරුවට බලන් ගියා... අර රිලේ වගේ මෙවුව දෙක ඇරෙන්න අනික් බඩුනම් ගෙදර තියේ.. හිටුකො... ඔවායින් කෑලි ටිකක් ගෙනල්ල ඊලග පාර වෙසක් එකට හදාගන්නව ඕන්. පොඩි උන් කුලප්පු කරන්න කියාපු බඩ්ඩක් නෙ බොල.. ;)

    ReplyDelete
  8. @ සුළඟිල්ල | pinkie :හි...හි... පොඩි වුන්ට නම් නියමයි තමයි...
    මචෝ ඊළඟ වෙසක් එන්නෙ අවුරුද්දකින්නෙ...එතකල් බලා ඉන්නවද..?
    අනික ඕක වෙසක් එකට හදන එකක් නෙමෙනෙ බං....
    බඩුත් තියෙනවනම් හදමු...
    තන්කූ...

    ReplyDelete
  9. ගුරා සහ ගෝලයන්ට මගේ සුබපැතුම්...
    මැක්සාම වැඩක් ආ!

    ReplyDelete
  10. @ ඉන්දික :බොහොම සතුටින් බාරගන්නවා.... ඇත්තටම නම් ඉතින් ගුරෙක් නෙමෙයි මම...

    ReplyDelete
  11. @ චතුරංග පෙරේරා :Thanx macho..

    ReplyDelete
  12. ම් මේක මම කල්න් දැකලා තිබ්බා ඉංග්‍රිසියේන් ඒත එලට සිංහලෙන් කරලා තියනවා..!!

    ReplyDelete
  13. @ Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව: ප්‍රතිචාරයට ස්තුතියි..

    ReplyDelete
  14. GISHAN PEMATILAKE කියන්නෙ මම නෙමෙයි. මම එව්ව පින්තූර් මේවා නෙමෙයි.

    ReplyDelete
  15. @ප්‍රභාත් චාමික :සමාවෙන්න... මම හිතුවේ ඔයා කියලා... ඔයා එව්ව පින්තූර ටික ලැබුනේ නෑ ආයෙ එවන්න (hareenlaks@gmail.com)... මම post එක edit කරන්නම් හරි විදිහට..........

    ReplyDelete
  16. නියමයිනෙ... වීඩියො එක දැක්කහම මටත් හදන්ඩ හිතුන... වැඩෙ නියමයි... ස්තූතියි පෝස්ට් එකට

    ReplyDelete
  17. @කුරුළු :හදලා එවමුකො බලන්න මටත් පිංතූර කෑල්ලක් එහෙම...
    තන්කූ..

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...