12.31.2012

සුභ නව වසරක් වේවා!

එක දවසක් උදේ තරුණ වයසේ හිටපු ළමයි පිරිසක් එක්තරා දේශන ශාලාවකට වෙලා බලන් හිටියෙ දේශකතුමා එනකන්. දේශනය සඳහා දේශකතුමාගේ මේසය සූදානම්ව තිබුණා. චාම් මේස ඇතිරිල්ලක් මේසය වසාගෙන සිටිද්දී රෝස මල් පිරුණු පෝච්චිය මේසයට අලංකාරයක් ගෙනදුන්නා. එහෙත් එතන සිටි ළමුන්ගේ සිතගියේ මේස ඇතිරිල්ලට වත් මලින් පිරීගිය බඳුනටවත් නොවේ. වෙනදා මේසය මත නොදකින අමුතුම දේවල් කීපයක් එහි තිබුනා. තරමක් කට ලොකු භාජනයක් හා තරමක් විශාල තිරුවානා ගල් කිහිපයක්.

මඳ වේලාවකින් දේශකතුමා ශාලාවට පැමිණියා. ඔහු දේශනය ආරම්භ කළා.  "මේ භාජනය පුරවන්න මේ ලොකු ගල් කැබලි කීයක් ඕනද?" පළමු ප්‍රශ්නය.

ශාලාවේ තැනින් තැනින් අත් එසවුනා.  නොයෙකුත් පිළිතුරු කියවුනා. එයින් සෑහීමට පත්වූ බවක් පෙන්වූ දේශකතුමා ළමුන්ගේ උද්‍යෝගය මැද භාජනයට ලොකු ගල් එකිනෙක දමන්නට උනා. ටිකකින් භාජනයේ කටට අවසාන ගලත් එකතු උනා. "දැන් මේ භාජනය පිරිලද?"

ළමුන් සියලු දෙනාම ඊට එකඟ උනා. ඉන්පසු කුඩා ගල් කැබලි පිරි භාජනයක් මේසය යටින් ඔහු ගත්තෙ මුවට මඳ සිනාවක් නඟාගනිමින්. කුඩා ගල් කැබලි එකිනෙක භාජනයට වැටෙන්න උනා. ඒවා ලොකු ගල් අතර හිඩැස් වලට පිරවුනා. භාජනය පිරී ඇතැයි කියූ ළමයි තමුන්ටම සිනා වෙමින් සිටියා. දෙශකතුමා භාජනය සොලවමින් අවසාන කුඩා ගල් කැබැල්ලත් එකතු කළා. "දැන් මේ භාජනය පිරිලද?"

ළමුන් සියලුදෙනාම 'නෑ' කිව්වා.  පිළිතුරෙන් සෑහීමට පත් දේශකතුමා වැලි බඳුනක් ගෙන එයට හැලූ විට එය දරාගැනීමට තරම් භාජනය පොහොසත් උනා. සෙලවෙමින් තිබූ භාජනයට වැලි පිරවීමේ සීමාව ඉක්ම ගියා."දැන් මේ භාජනය පිරිලද?"

සමහර ළමුන් 'නෑ' කිවා.  ඔවුන්ට ප්‍රශංසා කළ දේශකතුමා ජල භාජනයක් ගෙන වත් කළා. අලුතින් පැමිණි ජලය දරා ගැනීමට භාජනය හැකි උනා. ජලයත් උපරිම සීමාවට පැමිණියා. "දැන් මේ භාජනය පිරිලද?"

ළමුන් තුශ්ණිම්භූතව හිටියෙ පිළිතුරක් හිතාගැනීමට නොහැකිව. "ළමයිනේ, දැන් භාජනය පිරිලා"

"හොඳයි කියන්න බලන්න මේකෙන් ගන්න පුළුවන් පාඩම මොකක්ද?"

එවිට නම් සියලුදෙනා නිශ්ශබ්දව සිවිලිම දෙස බලන්නට, ඔලුව කසන්නට, කල්පනා කරන්නට වුවත් එක අතක් එසවුණා.  "අපි හොඳට හිතලා මතලා කටයුතු කරනවා නම් අපි හිතනවාට වඩා ගොඩාක් දේවල් ජීවිතයට ළඟා කරගන්න පුළුවන්" අනිත් ළමයිනුත් ඒ පිළිතුරේම වගේ. පිළිතුර හරිද?

"නෑ ළමයි. ඒක නෙමෙයි ගන්න පුළුවන් ආදර්ශෙ. අපි මේ ලොකුගල් කලින් නොදැම්මානම් මේ භාජනයට අපිට එක ලොකු ගලක්වත් දාන්න වෙන්නෙ නෑ"

"මේ ලොකුගල් කියන්නෙ ඔයාලගෙ ජීවිතේ වඩාත් වැදගත් දේවල් කියලා හිතමු. ඒවා කලින් නොකර ඒවාට මුල් තැන නොදී වෙන වෙන ඒවා කර කර හිටියොත් කවදාවත් වැදගත් දේවල් කරගන්න බැරිවේවි."

ඉතින්  ජීවිතේ වඩා වැදගත් ඒවාට කාලය යොදන්න ලැබෙන වැදගත් නොවැදගත් මොනවාද කියලා හඳුනාගන්න නුවණ ලැබෙන සුභ නව වසරක් වේවා!

Happy New Year 2012 + 1! 



53 comments:

  1. මේ කතාව වෙනත් විදියකින් අහලා තියෙනවා හරී... අපූරූ කතාවක්..

    හරීටත් සුබ නව වසරක් වේවා ! වැඩි වැඩියෙන් නුවණ ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ළිහිණිටත් එසේම වේවා.. වැඩි වැඩියෙන් නුවණ ලැබේවා.. සතුට, සොම්නස හා සැනසීම තවත් ලැබේවා..

      Delete
  2. හරිම අපූරුයි ඔයාගෙ නව අවුරුදු සුබ පැතුම නම්... අනේ මමත් ලොකු ගල් කැට දෙක තුනක් ගැන හිතන්න ඕන... ජීවිත බදුන පුරව ගන්න.

    2013 තව තවත් අළුත් සිතුවිලි ඉපදේවා... සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා.. නව වසරේදී ලොකු ගල් කැට කීපයක් දාගන්න ලැබේවා..

      ඔබටත් එසේම වේවා!

      Delete
  3. 2013 අළුත් අවුරුද්ද හරීටත් පවුලෙ සැමටත් සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත, නිදුක් නිරෝගී සුවය ලැබෙන වසරක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  4. හරීටත් සුභම සුභ නව වසරක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.. නව වසරේදී සමනළියක් වන්නට ලැබේවා..

      Delete
  5. කතාව උපරිමයි,,,
    හරිට කිරි පැණි උතුරන 2013ක් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..

      ම්ම්.. කිරි පැණි.. මතක් වෙද්දිත් කටට කෙළ උනනවා..

      ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක්..

      Delete
  6. ආදර්ශමත් කථාවක්...

    හරී ඔබටත් සුභ නව වසරකට ආසිරි පතමි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..

      සිරාට 2013 සිරාම සිරා වසරක් වේවා!

      Delete
  7. නියම අදහසක්. සුබ නව වසරක් වේවා හරීටත්.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.. අක්කටත් පවුලේ සැමටත්..

      Delete
  8. කිරි පැණි ඉතිරෙන සුබ නව වසරක් වේවා..!!!!

    ReplyDelete
    Replies
    1. ම්ම් ආයෙත් කිරි පැණි මතක් කරලා..

      සෙන්නටත් පොඩි සෙන්නටත් මුළු සෙන්නා පවුලටමත් සුභ නව වසරකට ආසිරි!

      Delete
  9. මේ කතාව මමත් ටිකක් වෙනස් විදියකට අහලා තියෙනවා. ඒත් කියවෙන්නේ එකම දෙයක්.

    මේ වගේ තවත් පෝස්ට් ගොඩක් ලියවෙන සුබ නව වසරක් වේවා...:D

    ReplyDelete
    Replies
    1. 2010 = 12
      2011 = 38
      2012 = 66
      2013 = 120??

      පොඩ්ඩි අක්කටත් වැඩි වැඩියෙන් පෝස්ට් ලියන්න ලැබේවා.. ඒත් ඉතින් අක්කා දැන් කාර්‍යබහුලයිනෙ.. කොච්චර දේවල් තියෙනවද කරන්ට.. වැදගත් දේට තැන දෙන්න එපායැ..

      සුභම සුභ නව වසරක්..

      Delete
  10. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
    Replies
    1. නලීන් අයියා ඇතුළු පවුලේ සැමගේ පැතුම් සියල්ලත් එලෙසින්ම ඉටුවේවා!

      Delete
  11. කථාව මල් අටයි ... ඔබට සුබම සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. මල් හතයි නෙමෙයි අටයි.. :)

      සුභ නව වසරක් වේවා..

      Delete
  12. //ඉතින් ජීවිතේ වඩා වැදගත් ඒවාට කාලය යොදන්න ලැබෙන වැදගත් නොවැදගත් මොනවාද කියලා හඳුනාගන්න නුවණ ලැබෙන සුභ නව වසරක් වේවා!//

    කතාව කොහොම වුනත් මම කැමතිම මේ කෑල්ලට..
    කියන්නාවූ නුවණ පහල වෙන (හෝ පහල කරගන්නා) සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. රූ අක්කාටත් වැඩි වැඩියෙන් නුවණ ලැබේවා.. නව වසරේ සියලු සිතුම් පැතුම් ඉටුකරගන්නට ශක්තිය දහිරිය ලැබේවා..

      Delete
  13. සාමය සතුට සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. මධුරංගටත් සිතේ සියලු සිතුම් පැතුම් ඉටුකරගන්න ලැබෙන වාසනාවන්ත අවුරුද්දක්..

      Delete
  14. කාලෙකින් ආවේ.සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා ධම්මික..

      Delete
  15. බොහොම ස්තුතියි අදවගේ දවසක, මේ වගේ ආදර්ශවත්, අලුත්, සිතන්න යමක් තිබෙන, කතාවක් ඉදිරිපත්කිරීම ගැන.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතිය සතුටින් භාරගත්තා.. මේ අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් කරගන්න ලැබේවා..

      Delete
  16. ජීවිතයම වෙනස් කරන සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා!

      Delete
  17. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා..

      Delete
  18. ඔබටත් සුභ නව වසරක් වේවා!!!හරී යමක් ලිව්වොත් හරිම තමා.නැවතත් සුභ පතමි!!!!

    ReplyDelete
    Replies
    1. සුභපැතුම සතුටින් භාරගත්තා.. ඔබට සුභ නව වසරක් වේවා..

      Delete
  19. සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  20. සුභම සුභ නව වසරක් වේවා ඔබටත් පවුලේ සැමටත්......!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා!

      Delete
  21. අලුතෙන් හිතන්න පුලුවන් අදහසක්..සුභම සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. අලුතින් හිතන්න ලැබෙන අලුතින් නිර්මාණ කරන්න ලැබෙන සුභ අලුත් අවුරුද්දක් දයා අයියට..

      Delete
  22. ඒ කතාව නියමයි හරී... ලොකු ගල්... හ්ම්ම්.. කතාව ඇත්ත තමා..

    තව පොඩ්ඩෙන් මේක මිස් වෙලාම යනවා... හි හි..

    සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ලොකු ගල් කීපයක් දාගන්න ලැබෙන සුභ අලුත් අවුරුද්දක්..

      Delete
  23. සාමයෙන් සතුටින් පිරි වාසනාවන්ත නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඕ රෝස කුමාරි බොහෝම කාලෙකින්.. ගිය නත්තලට ආවට පස්සෙ ආයෙ ආවාමද මන්දා?

      සුභ අලුත් අවුරුර්ද්දක් වේවා..

      Delete
  24. පුදුම විදිහේ වැදගත් තේරුමක් තියෙනවා හරි ..ගොඩක් ස්තූතියි
    නව වසර වෙනුවෙන් මෙහෙම දෙයක් දීම ගැන..
    ඒ කියන්නේ ලට්ට ලොට්ට පටලනොගෙන හිස්ව ඉන්න
    ඕනේ වැදගත් දේවල් වෙනුවෙන්..

    අවංක අයට පමණක් ලං වෙන්න ඕනේ..
    ආදරේ අඳුනන අයට පමණක් ආදරේ කරන්න ඕනේ...

    නැත්නම් අවංක කමත් , ආදරෙත් අපෙන් ගිලිහෙනවා
    නියම වෙලාව ආවහම ..
    ( හරි දවසට , හරි කෙනාට දෙන්න දෙයක් නැහැ )

    සුබම සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ම්ම්.. සහන් කතාව තවත් වර්ධනය කරලා.. ප්‍රායෝගික කරලා.. බොහොම හරි...

      සුභ නව වසරක් වේවා..

      Delete
  25. මමත් ඔය කතාව තවත් විදියකට අහලා තියෙනවා පොඩ්ඩි වගේ. කොහොම උනත් වැදගත් කතාවක්.
    ලැබුවාවූ නව වසර හරීටත් හීනලන්තයටත් හීන සැබෑවෙන එකක්ම වේවා!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  26. බොහොම බර සාර කතාවක් නොවැ :D

    සුභම සුභ අවුරුද්දක් වේවා අයියණ්ඩි

    ReplyDelete
  27. රිප්ලයි බටන් එක අක්‍රීයයි.. එම නිසා තුන්දෙනාටම එකට සුභ පතන්නම්..

    @ අඩවි රජ, Dude, Hasitha,

    තුන්දෙනාගෙම සුභ පැතුම්වලට ස්තුතියි.. ඔබලාටත් සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...