1.15.2014

මමත් ජෙරී වගේ

දුර බැහැර කොම්පැනියකට යන එක අතෑරලා ගෙවල් අහල පහල තැනක ජොබ් එකක් හෙව්වෙත් පාන්දර ජාමෙ බස් වල පැය ගණන් රස්තියාදුවෙලා වැඩට යන්න බැරිකමට. ඒවගේම දවසම මැරිලා මැරිලා තවත් පැය ගානක් බස් ඇතුලෙම මහ මඟ මැරෙන්න බැරිකමට. ඉතින් ළඟ අහල පහළින්ම ජොබක් හොයාගන්ඩ ලැබුන එකට හරිම සන්තෝසයි.

උදේට යන්න තියෙන දුර අඩු හින්දම මම නැගිටින්නෙ පාන්දර 6.15ට විතර. ඒ කිව්වෙ මම නිල වශයෙන් නැගිටින්න හිතාගෙන ඉන්න වෙලාව තමයි 6.15. ඒත් සමහර දවස්වලට නම් ඔය වෙලාව 6.15 සිට 7 වෙනකන් විචලනය වෙන්න පුළුවන්. ඇයි අනේ නැගිටලා ෆෝන් එක බලලා, දැන් කවුද ඔරලෝසු බලන්නෙ, තව වෙලා තියෙනවානෙ කියලා විනාඩි පහක් නිදාගන්න හිතෙන්නෙ නැද්ද ඔයාලට? මට නම් හිතෙනවා. ඉතින් ඔන්න මම 6.15ට විතර එක ඇහැක් ඇරලා ෆෝන් එක බලලා විනාඩි පහක් නිදාගන්නවා. එහෙම නිදාගත්තු ගොඩක් දවස්වලට විනාඩි පහකට අඩුම ගානෙ විනාඩි පහලොවක්වත් තියෙනවා.

ඉතින් ඇස් ඇරලා බලද්දි 6.35යි නැත්නම් 6.45යි. එතකොට තමයි උඩ යන්නෙ. ඇඳෙන් නැගිට්ටෙනවා නෙමෙයි උඩ විසි වෙනවා. 'කෝ කෝ මේ අයන් එක?' ඔන්න දඩබඩ ගාලා අයන් එක අරන් රෙදි ටික මැදගන්නවා. ඊටපස්සෙ සපත්තු දෙකත් අතුල්ලා ගන්නවා. සතියකට සැරයක් හොඳට පොලිශ් කරනවා හරිද?

ඊටපස්සෙ ඉතුරුවා.

"අම්මේ මගේ බෙල්ට් එක කෝ?" 

"ඊයෙ මම මෙතන තිබ්බ ඔරලෝසුව කෝ?" 

"අම්මේ මගෙ බෝතලේට වතුර එකක් පුරවන්නකෝ"

"පුතා, කෑම එක කන්නෙ නැද්ද?"

ඔය වගේ සද්ද ගණනාවකින් පස්සෙ එළියට බහිද්දි සමහරදාට 7.30ත් වෙලා. හැබැයි ගොඩාක් දවස්වලට 7.15 පනින්නෙ නෑ. ගෙදරින් පිටවුනු ගමන් තියෙන්නෙ කිලෝමීටරයක් විතර දුරින් තියෙන මහ පාරට එන එක. දැන් ඉතින් පුටාර් පැදපල්ලකො පාරට. පැදලා පැදලා පැදලා පාරට එද්දි 7.20වත් වෙලා. ඒ හොඳටම හයියෙන් ආවොත්.

ඊළඟට තියෙන්නෙ බස් එකක් අල්ලා ගැනීම. අල්ල අල්ල ඉඳලා බෑනෙ. නැගලත් යන්න ඕනෙ. කොකා වගේ බෙල්ල දික් කර කර ඉඳලා බස් එකක් යාන්තම් අල්ලගන්නවා. ඊටපස්සෙ ඉතින් පුන්‍යානුමෝදනාව. ඔව් ඔව්. ඩ්‍රයිවර් මහත්තයගෙයි කොන්දොස්තර මහත්තයගෙයි දෙමව්පියන් වෙනුවෙන්. 

එහෙම ගිහින් තව බස් එකකත් ගිහින් වැඩපොළට ගිහින් කාඩ් එක ගහද්දි වෙලාව අටට ඔන්න මෙන්න. නැත්නම් අට පැනලා. ඉතින් එතනින් හැතිදාගෙන ඔෆිස් එකට දුවන්න ඕනෙ.

ඔෆිස් එකට ඇතුළුවෙද්දිම ඔන්න ඉන්නවා සගයො දෙන්නෙක්.  ටෝමනුයි ලොගියි. මෙහෙ ඉඳන් වැඩකරන ඒරොප්පෙ ඩබලක්. මාව දැකපු ගමන් "හායි හරී, ගුඩ් මෝර්නින්ග්. හව් ආ යූ?" ගානවා.

දැන් ඉතින් දීපන්කො උත්තර. හැතිදාගෙන දුවන් ඇවිත් මොන කඩු වනනවද? මමත් ඉතින් හිනාවක් දාලා "ගුඩ් මෝනින්ග්, අයි ඈම් ෆයින්, තැන්ක් යූ.. " කියනවා. කොහොමද හතර වසරෙ පාඩමෙන් තාමත් ගොඩයන හැටි. ඕක තමයි ළමයිනේ කම්මැලි නොවී ඉගෙනගන්න කියන්නෙ.

ඉතින් මේ "ගුඩ් මෝනින්ග්, අයි ඈම් ෆයින්, තැන්ක් යූ.. "මන්තරේ මම සතුටින් හිටපු දවස්වල, ඒ තරම් විශේෂත්වයක් නොතිබිච්ච දවස්වල වගේම උණ ගැනිලා සතියක් නිවාඩු ඉඳලා වැඩට ගිහිනුත් කියලා තියෙනවා. ඒ වගේම අසනීපයි කියලා අමාරුවෙන් වැඩට ගිය දවස්වලත් කියලා තියෙනවා. ඇයි බස් එකක් නැතුව පාරෙ කට්ට කාලා කාලා ගිය දවස්වල. ගංවතුරෙන් පාරවල් යටවෙලා පැයතුනක් පාරෙ හිටපු වෙලාවෙ. හයියෝ!!!

ඒ දෙන්නා හිතනවා ඇති මාත් ජෙරී වගේ කියලා. :D

45 comments:

  1. ජෙරී, ජෙරී නෙවෙයි කම්මැලි අලයක්. ඇයි යකෝ පුකට ඉර එලිය වැටෙනකල් බුදියගෙන ඉඳලා තමයි වැඩට යන්නේ. මේ උන්නැහේ, පාන්දර 5 ට එලියට බැහැලා ටිකක් පාරේ දුවනවා. නැත්නම් හයියෙන් ඇවිදිනවා. නැත්නම් තේරෙයි අපේ වයසට ආවම.

    ReplyDelete
    Replies
    1. නිදාගනිද්දිත් 12 පනිනවා විචාරක මහත්තයෝ. එහෙව් මං කොහොමද පාන්දර 5ට නැගිටින්නෙ. ඇස්සයිස් නම් කොරන්න ඕන බව තේරිලා තියෙන්නෙ. ඒත් හෙට කරනවා හෙට කරනවා තමයි හැමදාම. විචාරක මහත්මයලාගේ වයසට යනකම් අපි ජීවත්වෙයිද මන්දා මෙහෙම ගියොත්.

      Delete
  2. මාත් ඔහොම තමයි.. මට වැඩ කරන තැනට යන්න විනාඩි 5ක් ඇති.. ඉතින් හිතන්න 8.30 වැඩ පටන් ගනිද්දී මම කීයට නැගිටිනවා ඇත්ද කියලා.. හැබැයි දැන්නම් වෙනදට කලින් නැඟිටිනවා ස්කයිප් කතාබහ හන්දා..

    ReplyDelete
    Replies
    1. නියමයිනෙ. මටත් ඒ වගේ ළගම ළග තැනක් ලැබුනානම් තවත් ටිකක් නිදාගෙන ඉඳලා යන්න තිබුනා. නිදාගැනීම සෞඛ්‍යයට හොඳයිලු. ;)

      Delete
  3. ඔහොම යන්කො... බැන්දට පස්සේ ඕවට පොලිත් එක්ක ඇහැරෙන්න වෙයි. හරී මොකටද බස් දෙකක යන්න ඕනා. මහපාරට ආවම එක බස් එකයිනෙ !

    ReplyDelete
    Replies
    1. ඒ මොකටද එහෙම ඇහැරෙන්නෙ. භාරියාව උදේ නැගිටලා කෑම උයලා දෙන්නෙ නැතෑ.

      අපේ කොම්පැනිය තියෙන්නෙ ඈතට වෙන්න ඉතින් එක ගේට්ටුවකින් ඇතුල්වෙලා පයින් යනවට වඩා. ඊළඟ ගේට්ටුවට බස් එකක වටෙන් යන එක ඉක්මන්.

      Delete
  4. ඔය බොරු. මෙයා උදෙන් නැගිටලා එක ඇහැකින් ෆෝන් එක දිහා බලලා මල් කඩන්ට පටන් ගන්නවා. අම්මා කෑගහනකොට තමාලු ඇඳෙන් බහින්නේ. :D

    ඉතින් අනේ සුද්දෝ 'කොහොමද' ඇහුවාම, ඔයාට හිතෙන දෙයක් කියන්ටකෝ.:)

    ReplyDelete
    Replies
    1. මේන්න පොඩ්ඩි බලන් හිටියා වගේ කියනවා. අම්මා නම් කෑගහනවා තමයි. ;)

      හැතිදාගෙන දුවන් එද්දි කඩ්ඩ දාන්න දිව නැමෙන්නෙ නෑනෙ.

      Delete
  5. Hi, Haree. Good morning. How are you? (You lazy ......)

    ReplyDelete
    Replies
    1. ඕහ්හ් හෙන්රි ගුඩ් මෝනින්ග්, අයි ඈම් ෆයින්, තැන්ක් යූ.. :D

      Lazy wht??

      Delete
  6. දැං අර අපිට උපදෙස් දුන්නේ හරීද ජෙරීද??

    ReplyDelete
    Replies
    1. ජෙරී ජෙරී හරී නෙමෙයි ජෙරී.

      හැබැයි ඉතින් ජෙරී මොකද හරී මොකද? පේනවනෙ දෙන්නම එක වගේ. :P

      Delete
  7. ඔය නැගිටල වෙලාව බලල වෙලාව තියෙනවනෙ කියල බුදියගන්න එකනං හොඳ සිහි කල්පනාවෙන් කරන්න ඕන වැඩක් ගොයියො. ‍මොකද සමහර වෙලාවට ඔය පොඩි වෙලාව හොඳටම නින්ද යන්න ඉඩ තියෙනව.

    ReplyDelete
    Replies
    1. මම විනාඩි පහට නිදාගන්න එක ගැන කිව්වම එක කොල්ලෙක් කිව්වා ඌ දවසක් ගොඩාක් උදෙන් ඇහැරුනාලු. වැඩට යන්න තව වෙලා තියෙනවනෙ කියලා පොඩ්ඩක් ඇස් පියා ගත්තලු. ආයෙ නැගිටලා බලද්දි 8.45යිලු.

      Delete
  8. ඔවු ජෙරී වගේ වෙන්න ඇති. එක අකුරේ වෙනස නේ.

    හරී මොකද ජෙරී මොකද !

    ගෑල්ලමයට කියලා තිබුණා නං වෙලාවටත් කලින්ම ඇහැරවයි.හික්ස් :)

    ReplyDelete
    Replies
    1. //හරී මොකද ජෙරී මොකද !// ඒකනෙ.

      මම ෆෝන් එක සයිලන්ස් දාලා නිදාගන්නෙ. වැරදිලාවත් ඒක වැදිලා ඇහැරුනොත්.. :)

      Delete
  9. ඔය නිදා ගැනිල්ල නම් ඔහොම්මම තමයි. මහ රෑ වෙනකල් ඇහැරගෙන ඉදලා පහුවෙනිදාට ඉතිං නැගිටින්න බෑ. අන්තිම මොහොතේ තමයි දුවන්නේ ලෙක්චර් එකට

    ReplyDelete
    Replies
    1. දැන් 12.30යි. හෙට උදේටත් ඔය ටිකම වෙයිද මන්දා? අපරාදෙ කියන්න බෑ අපි නම් ලෙක්චර්ස් වලට යන්න කලින් නැගිට්ටා. අපි 8 ලෙක්චර් එකට යන්න 7ට විතර නැගිටලා ලෑස්ති වෙද්දි එකෙක් 7.50ට නැගිටලා අපිටත් කලින් හෝල් එකේ.

      Delete
  10. මම හිතුවෙ ඔය සීන් එක මට විතරක් තියෙන ලෙඩක් කියල..අවුලක් නැහැ තව එකෙක්ට හරි තියෙන එක දැන ගත්තම හිතට දැනෙන්නෙ ලොකු ආඩම්බරයක්.

    ReplyDelete
    Replies
    1. අවුල් ගන්න දෙයක් නෑ උමේෂ්.. අපි වගේ එවුන් තව ඕනතරම් ඇති..

      Delete
  11. පොඩි කාලෙදිත් ඉස්කෝල් අල්ලපු වැටේ ඉන්න එක්කෙනානේ පරක්කු වෙලා එන්නේ..ඒක නිසා ඔපිසිය ළඟ වෙන්න වෙන්න රතු ඉර වදිනවා වැඩියි..

    මම නම් ඔය හැමදාම අහන හව් ආ යු එකට එක එක උත්තර දෙන්න පුරුදු වෙලා..උදේම බොරු කියන්න පුළුවනැයි ඔච්චර..

    ReplyDelete
    Replies
    1. කොහෙද හලෝ ගියේ ? බබා ලැබුනට පස්සේ බිසී වෙලා ද ?

      Delete
    2. @රූ,
      අපෙත් ඉස්කෝලෙට පරක්කුවෙලාම ආවෙ පයින් එන උනුයි බයිසිකල් වල එන එවුනුයි.

      එක එක උත්තර දෙන්නෙ කොහෙද දුවන් ඇවිල්ලා හුස්මක් කටක් ගන්නවත් නොදීනෙ හව් ආයූ ගාන්නෙ.

      @Anonymous,

      බබා??

      Delete
  12. අවුලක් නෑ ඒත් ගෙවල් ලඟම නම් බස් දෙකකයි බයික් එකෙනුයි යන්නෙ ඇයි එකෙන්ම යන්න පුලුවන්නේ.... ෆෝන් එකෙන් වෙලාව බලලා මමත් මානසික පගා ගහලා සමහර දවස් වලට 8.30 පනිනවා. එතකොට නම් සුං

    ReplyDelete
    Replies
    1. ළඟම කිව්වට ළඟම නෙමෙයි. බයික් එකේ පාරට එනවා. බස් දෙකක් යන්න වෙන්නෙ එකක් මඟින් නවතින නිසා.
      අපෙත් 8.30ට පටන් ගත්තානම් මම වෙලාවට යනවා හැමදාම.

      Delete
  13. මම රට ඉන්න කාලේ. එහා එපාර්ට්මන්ට් එකේ හිටේ චීන්නු සෙට් එකක්.. ඌ හැමදාම උදේට..

    "හායි.. ගුං මූනින්.. හයියා වූ...?" කියනවා

    මම "පයින් ටැකි වූ" කියනවා.. ඒ මම පයින් වැඩට යන නිසා..

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දැකලා 'ලයිකී සූපී' කතාව මතක් උනා..

      මම මේ කල්පනා කළේ අපි කතා කරද්දි සුද්දොන්ට කොහොම ඇහෙනවා ඇතිද කියලා..

      Delete
  14. ගෙවල් ලග තැනක් නං මොනවටද බං 6.15 ට නැගිටින්නෙ...7.30 ට විතර නැගිටින්නෙ නැතුව...පහුවදාට අදින ඇදුම් ඔක්කොම රෑට මැදලා ලෑස්ති කොරනං අහවරනෙ...මගේ ක්‍රොෙම් ඒකයි...බැරි වෙලාවත් උදේට විදුලිය විසන්ධි උනත් අවුලක් නෑ....

    ReplyDelete
    Replies
    1. //ගෙවල් ලග තැනක් නං මොනවටද බං 6.15 ට නැගිටින්නෙ...7.30 ට විතර නැගිටින්නෙ නැතුව...// :D

      පහුවදාට අඳින්න ඕනෙ ඒවා ලෑස්ති කරන වැඩේ මට නම් හරියන්නෙම නෑ සිරා. අත්දැකීමෙන් කියන්නෙ. එහෙම ලෑස්ති කරලා නිදාගත්තු දවස්වලට ගමන යන්න සිද්දවෙන්නෙ නෑ. මොකක් හරිම කඩාපාත් වෙනවා. ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම එහෙමයි.

      Delete
  15. උදේට නැගිටින එකනම් මොනාහරි කරන්න බැරිය.එත් ඉතින් එපාම වෙන්නේ ඇදුම් අයන් කිරිල්ල තමයි උදේ පාන්දරට.

    ReplyDelete
    Replies
    1. ඒකට විසඳුමක් ඊළඟ පෝස්ට් එකේ දීලා ඇති. මට නම් එහෙම අයන් කිරිල්ලත් අවුලක් නෑ. මූණ හෝදන්න කලින් අයන් කළාම දාඩිය ප්‍රශ්නෙත් නෑනෙ.

      Delete
  16. විනාඩි 5 ට නෙමෙයි මම විනාඩි දෙක තුනටත් නිදා ගන්නවා. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ එහෙමයි. අනික නින්ද කියන දේ මිනිසාට අත්‍යාවශ්‍යයි නේ

    ReplyDelete
    Replies
    1. මෙන්න ආදර්ශයට ගන්න වටින චරිත.. :P

      Delete
  17. හරි අයියා කියන්නද? ජෙරී අයියා කියන්නද?
    කොමින් හරි ඉතින් උදේ නැගිටින එක නම් මොන එලාම් තියල නිදාගත්තත් මාත් කරන්නෙ වෙල තියෙනවා කියල නිදා ගන්න එක. අම්ම ඇවිත් උඩ විසි වෙන්න කෑ ගහනකන් දොයි..

    ReplyDelete
    Replies
    1. හරී හරී මම හරී..
      …එහෙම හරියන්නෙ නෑනෙ ගෑණු ළමයෙක් උනාම. දැන්ම ඉඳන් පාන්දර නැගිටින්න පුරුදු වෙන්න ඕනෑ..

      Delete
  18. අම්මේ 8 ට ඔෆිස් එන්න ඕනෙද! මං නම් කවදාවත් ඒ වගේ එකක පස් පාන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. ඒකෙ පස් පෑගෙන්නෙ නෑ බන් .. සපත්තු දාලනෙ යන්නෙ.. :D

      Delete
  19. නරකද බයික් කට්ටක් ගත්තොත්

    ReplyDelete
    Replies
    1. රෝද හතරක් ගන්න තමයි ට්‍රයි එක.. කොහෙද තම ඒකට වෙලාව ආවෙ නෑනෙ..

      Delete
  20. කෝ මෙයා කොහෙද ගිහින් තියෙන්නේ ?? :D

    ReplyDelete
    Replies
    1. ඕන්න ආවා.. මේ ටිකේ රතගාය තදින්ම.. ඒක නිසා ඉතුරුවෙච්ච පුංචි වෙලාවෙත් බ්ලොග් පැත්හ්ටෙ එන්න උනේ නෑ..

      Delete
  21. Parana lipi balala athi wage Haree. Aluth lipiyak danna kale hari wage neda?

    ReplyDelete
    Replies
    1. අලුත් ලිපියක් ලිව්වා.. ඒක බලන්න පුළුවන්..

      Delete
  22. ඔව් ඉතින් අවුරුද්ද පටන් ගත්තේ ජෙරී වගේ වෙනවා කියලනේ...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ එහෙම වැඩ කරන්නෙ.. :)

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...