6.27.2014

එයාර්පෝර්ට් ගහ

එයාර්පෝර්ට් ගහ
මේ ටිකේම පෝස්ට් ලියන්න පොඩි කම්මැලි ගතියක් ඇතිවුනා. 'අද එකක් ලියන්න පටන් ගන්නවා' කියලා පටන් අරන් ඩ්‍රාෆ්ට් කරලා නතර කරපු පෝස්ට්ම දහයක් විතර ඇති. ඉස්සෙල්ලා පොඩියට පෝස්ට් එකක් වගේ එකක් දැම්මෙත් කම්මැලිකම ටිකක් හරි අඩුවෙයිද බලන්න. ඒකෙ නම් සමහරු 'කම්මැලියා' කියලා කියලම තිබුණා. පෝස්ට් එකක් හැටියට පිළිගන්නත් බෑලු ඒක. හරි එහෙම නම් පෝස්ට් එකක් හැටියට පිළිගන්න පුළුවන් අන්තිම කතාව නම නොදන්න ගහ ගැන ලියපු එකනෙ. ඒ පෝස්ට් එකේදි ගහේ නම හරියට දැනගත්තත් හරිම වර්ගය හොයාගන්න තවම වෙලාවක් ලැබුනෙ නෑ. ඒ උනාට ගහ තියෙන්නෙ ජනේලෙ ගාව. :) දැනුත් පේනවා.

හරි අදත් ගහක් ගැනම කියන්නම්කො. මේ ගහට නම් නමක් තියෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ ගහේ හරිම නමද කියන එක. ගහේ නම තමයි 'එයාර්පෝර්ට් ගහ'. හෑ.. එයාර්පෝර්ට් ගහ?? ඔන්න කට්ටියගෙ දිවත් එළියට ඇදිලා බව පේනවා. හා හා.. එළියට ආපුවා දාගන්න ඇතුළට.

මල්
මේ ගහ මුලින්ම මම අඳුනාගත්තෙ මීට අවුරුදු කීපෙකට කලින් 'එයාර්පොර්ට් මල් පැල විකිණීමට ඇත' කියලා සඳහන් වෙච්ච, අපේ අසල්වාසී ගෙදරක එල්ලපු, බෝර්ඩ් එකකින්. ඒගොල්ලො පොලිතින් උරවල මේ පැල හිටවලා විකුණන්න තියලා තිබුනා. මම හිතන හැටියට මේ පැල ගුවන්තොටුපළේ බහුලව තියෙන්න ඇති. ඒක නිසා මේ නම ලැබෙන්න ඇති. කොහොමවෙතත් අපි නම් සල්ලි දීලා එයාර්පෝර්ට් පැල ගන්න ගියේ නෑ. හොරෙන් ගත්තෙත් නෑ. අපේ තාත්තා කරපු මොකක්දෝ උදව්වකට කෘතගුණ සැළකීමක් විදිහට මේ පැලයක් ගෙදරටම ලැබුණා. අපිත් ඉතින් හිටෙව්වා. ඔය විදිහට තමයි මේ එයාර්පෝට් ගහ අපේ ගෙදරට ආවෙ.

ගෙඩි
පැළය මොනවගේද කියලා පින්තූරුවලින් පේනවනෙ. ටිකක් උස යන ගහක්. ඒත් කප්පාදු කළොත් මල් පැලයක් මට්ටමෙන් තියාගන්න පුළුවන්. මේ පැලය ජනප්‍රිය වෙන්න හේතුව තමයි ඒකෙ හටගන්න කුඩා දිගටි මල්. ගහ, පැණි බේරෙන රතු පාටට හුරු තැඹිලි පාට මල් දරාගත්තු ගමන්මයි. ඒ නිසා වටේටම පැණි කුරුල්ලන්ගෙන් නම් අඩුවක් ඇත්තෙම නෑ. අත්තටු ගහමින් කූරක් වැනි හොටෙන් පැණි උරාබොන පැණි කුරුල්ලෝ ඕනෙම වෙලාවක දකින්න පුළුවන්. ඒ වගේම ගහේ හැදෙන කුඩා ගෙඩි කන්ඩ එන බට්ටිච්චන්ගෙනුත් අඩුවක් නම් නෑ.

ගහ ගැන කියන්න මතක් වෙච්චි ලොකුම හේතුව තමයි හැමදාම වගේ අපේ ගෙදර ජනේලෙට කොටන බට්ටිච්චෝ රංචුව. උන් පියඹලා ඇවිත් මල් කියලා හිතාගෙන ජනේලෙන් පේන ගහේ මල් වලටයි කොටන්නෙ. මේ තියෙන්නෙ මල් නෙමෙයි ජනේලේ කියලා තේරෙන්නෙ නැතිද මන්දා. හොඳටම කොටලා කොටලා කොටලා කොටලා කොටලා හෙම්බත් උනාම යන්න යනවා.

කවුද බලමු මේ ගහේ හරි නම දන්නෙ.

44 comments:

  1. අපිවත් මතක් කරලා තියෙන්නේ.
    ඔය පැලේ නම් දන්නේ නෑ හරී. නමුත් අපේ ගෙදරත් තිබ්බා එක පැලයක් ඒකේ නම Air Force Plant. ඒක ගත්තේ air force grounds වල තිබ්බ ප්‍රදර්ශණේකින්.

    ReplyDelete
    Replies
    1. //අපිවත් මතක් කරලා තියෙන්නේ.// නැතුව නැතුව.. Air force grounds වල තිබ්බ හින්දා Air Force Plant උනාද මන්දා? :)

      Delete
    2. අඩේ මේක සිරා වැඩක්නෙ...මේක අරුම පුදුම ගහක්...විකුණන්න තියෙන තැන එහෙමත් නැත්තං හිටවලා තිබ්බ තැන නම ලැබෙන අපූරු ගහක්

      Delete
  2. අර මෝටර් බයික් එකේ ගිය කතාව වගේ එකක් ලියන්ටකෝ හරී....:D

    ReplyDelete
    Replies
    1. ඒ බයික් කතාවේ කොල්ලාව ඊයෙ මම දැක්කා..

      Delete
  3. අපේ ගෙදර ගේට්ටුව ගාව තියන ඔය ජාතියේ මහා පඳුර දැක්කේ නැද්ද එදා? මේ ගහේ නියම නම මොකක්ද කියලා මමත් හොයනවා. අඩුගානේ උද්භිද විද්‍යාත්මක නාමය වත් දන්නා කෙනෙක් කිව්වොත් හොඳයි. හරිම ලස්සන ශාකයක්.

    ReplyDelete
    Replies
    1. ගහේ හරි නම, 'හරි නම' අනික් පැත්ත හරවලා බලන්න.

      Delete
    2. //අපේ ගෙදර ගේට්ටුව ගාව තියන ඔය ජාතියේ මහා පඳුර දැක්කේ නැද්ද එදා?// මට නිකම් යාන්තමට වගේ මතකයි.. වැඩිපුරම බැලුවෙ අර රිලව් නඟින මහ ගහනෙ.. අද නම් ගහේ නම දන්න කවුරුවත් නැති පාටයි.. මට ඒ ටික ලියද්දිම හරි නම් නරි හම වෙලා පෙනුනා.. :)

      Delete
  4. ඕකේ හරි නම ගුවත් තොටුමල් පැලය වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අන්න නියම යෝජනාවක්..

      Delete
  5. නම නොදනිමි හරි.. බලමු කවුරු හෝ කෙනෙක් කියාවිනේ නියම නම..

    ReplyDelete
    Replies
    1. අද නම් දන්න කවුරුවත් නෑ වගේ..

      Delete
  6. අනේ මංද, බොලාටත් හම්බවෙන්නෙම නම නොදන්න දේවල්නෙ.

    ReplyDelete
    Replies
    1. අපිටත් ඉන්නේ ඔය අවුරුද්දටම දාන වචන දෙක තුන වෙලාවට දාගන්න බැරි පුතයෝ..

      Delete
    2. ඔවු... ඉඳගෙන.

      Delete
    3. @Praසන්ன,
      නම නොදන්න එව්වා හම්බුනාමනෙ නම හොයාගන්න මහන්සි ගන්නෙ.. :)

      Delete
  7. ඒ ගමන ගස් ගැනම ලියනවා...

    කම්මැලි කමට හොඳ බේතක් තියනවා මම ගාව.. දාන්න කමින් සූන් එකක්.. එතකොට කට්ටීය බලන් ඉන්නවානෙ ( එහෙම බලන් නොහිටියත් ) කියලා හිතෙනකොට පොඩි උත්තේජනයක් එනවා ලියන්න.. එහෙම නොලිව්වොත් "බොරුකාරයා" කියලා අහගන්න වෙයි කියන බයත් ඒකට පොඩි තල්ලුවක් දෙනවා...

    ReplyDelete
    Replies
    1. පිස්සුද සෙන්නයියේ ඒ බේත් වැඩ කරන්නේ මේ ඔහෙලා අපි වගේ කට්ටියට. මෙහෙම කම්මැලියෝ මකලම හදන්න ඕනා.

      Delete
    2. අයියෝ හරී...!!

      Delete
    3. @සෙන්නා,
      //ඒ ගමන ගස් ගැනම ලියනවා...// පෝස්ට් දෙකයිනෙ තාම ලිව්වෙ..

      මට නම් එහෙම කරලා හරියන්නෙ නෑ වගේ.. පටන් අරන් මඟ නතර කරපු පෝස්ට්ම දහයකට වැඩී..

      අනිත් කමෙන්ට් මම දැක්කෙ නෑලු.. :P

      Delete
  8. මත්තල මල් ගස. එයාපෝට් හින්දා ඒ නම හොඳයි!

    ReplyDelete
    Replies
    1. මත්තලත් මළ ගස. කොහොමද ඒ නම?

      Delete
    2. හා හා කට පරිස්සමින්.. :)

      Delete
  9. නම කෙසේ වෙතත් මේක නම් ගෙදරක හිටවන්ටම වටින ගහක් වගෙයි පේන්නෙ.. හිතන්ට හැමදාමත් අර වගේ මල් පිරිලා, පැණි කුරුල්ලො බට්ටිච්චො පිරිලා ඉන්නකොට වත්ත කොච්චර ලස්සනට තියෙයිද කියලා..

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුල්ලෙක් නැති වෙලාවක් නෑ..

      Delete
  10. ගහේ නම් නොදනිමි

    ReplyDelete
    Replies
    1. දන්න කෙනෙක් නැති පාටයි..

      Delete
  11. අපි ඕක ඔන්න ඔහේ "හරී" ගේ නමින්ම නම් කරමු කෝ.

    ReplyDelete
  12. Ohoma danma idanma udyana alankaranaya, e ashritha shaka gana awabodayak laba ganna eka watinawa Haree.Mokada,anagathedi gewaththa lassanata thiyaganna puluwan weineeee. :D

    ReplyDelete
    Replies
    1. ගෙවත්ත ලස්සනට තියාගන්න කෙනෙක් ගන්නවා.. හරිම සිම්පල් ප්ලෑන් එකක්.. :)

      Delete
  13. ඕකට හරියන්නෙත් ඔය එයාපෝට් පැලේ ම තමා.. කොයි වෙලේ බැලුවත් අම්මප කුරුල්ලෙක් නං වරදින්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මේකට එයාපෝර්ට් කියලා කිව්වැකි නිතරම කුරුල්ලො බාන නග්ගන හින්දා.. :)

      Delete
    2. එයාර්පෝර්ට් එකට ප්ලයිට් බානවා නග්ගනවා වගේ කුරුල්ලෝ බෑමෙ නැග්ගීමේ නම් අඩුවක් නෑ..

      Delete
  14. එයාපෝට් කියලම කියමු. අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒ නමට කැමතී වගේ..

      Delete
  15. මම හිතන්නේ මේ ක්‍රමයෙන් හරීට ගොඩක් දුර යන්න පුළුවන් වේවි බ්ලොග් ලෝකේ..
    ඇයි වත්තේ කීයක් කියලා තියනවද නම නොදන්න ගස්...
    ඒවා ඉවර වුනාම නම දන්න ගස්වල පින්තූරත් එක්ක ශෙයා කරතෑකිනේ!!

    ගුඩ් ලක්..

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ වෙරි මච්..

      ඇත්තටම පෝස්ට් නම් කීයක් ලිව්වැකිද නේද? :D

      Delete
  16. පොඩි දැන්විමක් දාපං කුරුල්ලන්ට මෙය ඇත්ත මලක් නොවේ නිකං කොටන්න එපා විදුරුව බිඳෙයි කියලා....

    එයාපෝට් මල් ඇහුවෙත් අදයි

    ReplyDelete
    Replies
    1. අර කඩවල්වල දාලා තියෙනවා වගේ... :D

      Delete
  17. මේ ගහ ලංකාවෙදි මම දැක තිබෙනවා. නමුත් නමක් ගමක් ජාතකයක් නොදනිමි. විසිතුරු මල් වැටක් හදන්න කියාපු වර්ගය...

    ReplyDelete
    Replies
    1. ඔන්න අකිල අපිට පෙන්වලා තියෙනවා හරි නම.

      Delete
  18. machan oya gahe nama thamayi "Hamelia patens"

    akila.
    akilashanaka@gmail.com

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි මිත්‍රයා..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...