10.04.2014

වෙනසක තරම

“‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියාත් ‘ඔබේ සතුරාට වෛර කරන්න’ කියාත් කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් යාච්ඤා කරන්න. " - ජේසුස් වහන්සේ

ප.ලි. : මේ පෝස්ට් එක ගොඩක් දෙනෙකුට නොතේරෙයි කියලත් හිතෙනවා. බලමු නොතේරුනොත් කමෙන්ට් වලදි පැහැදිලි කරන්න පුළුවන්නෙ. මම ඔය දාලා තියෙන්නෙ ඊයෙ පෙරේදා පල්ලියක දැක්ක පින්තූරයක්.

ප.ප.ලි. : පින්තූරෙත් පැහැදිලි නෑ වගේ හිතුනා. කුරුසේ ගැටගහලා තියෙන්නෙ කළු පාට නූල් වගයක්.

36 comments:

  1. මොකක්ද ඒ? කුරුසියෙ පඬුරු ගැටගහලද?

    මතුකරලා පෙන්නන්ට කියලා හරී ඇඳලා තියෙන අර රවුම පේන්නෙ පින්තූරෙම කොටසක් වගේ..

    ReplyDelete
    Replies
    1. බූරා, මට පේන විදිහට ඒක හරී ඇඳපු එකක් නෙමේ. පින්තූරයෙම කොටසක්. කොන්තයක් පේනවා. ගෑනියෙක් බෙල්ලෙන් එල්ලිලා ඉන්නවා වගෙත් පේනවා.. අනේ මංදා !!

      අසල්වැසියාට ප්‍රේම කිරීම, සිංහලෙන් බ්ලොග් කරනයේ යෙදෙනවා වගේම මහ අවධානම් වැඩක් හරිය ! ඕන් නොකිව්වයි කියන්න එපා... :D

      Delete
    2. @බුරම්පි,
      පඬුරු ගැටගහලා නෙමෙයි. කුරුසියේ කළු පාට නූල් බැඳලා.

      ඒක මම ඇන්ද රවුමක් නෙමෙයි. කුරුසිය වටේට තියෙන රවුමක්. ඒක තියෙන්නෙ මල්මාල දාන්නයි බාර ගැටගහන්නයි.

      ඔය බාර ගැටගැහිල්ල කොහෙන් ආපු එකක්ද? ටිකක් හොයලා බලන්න හිතුනා. පල්ලිවලත් දේවාලවලත් එකසේ මේ බාර ගැටගැහිල්ල තියෙනවා.

      @සෙන්නා,
      ඔබ හරි පින්තූරයේම කොටසක් තමයි. මම දැන් බලන්නේ කොහෙද මට නොපෙනෙන ගෑනියෙක් ඉන්නෙ කියලා.

      අසල්වැසියාට ප්‍රේම කිරීම නම් ලොකු අවුලක් නෑ. අසල්වැසියගේ දුවට හරි බිරිඳට හරි ප්‍රේම කරන්න ගියොත් තමයි කේස් එක. :D

      Delete
  2. ඔබ ඔබේ අස්ල්වැසියාට ප්‍රේම කරනවා...:P

    ReplyDelete
    Replies
    1. ස්විමින් පූල් එකේ?

      Delete
    2. @පොඩ්ඩි,
      කියපු දේ නම් පැහැදිලි මදි.

      @ප්‍රා,
      :D

      Delete
  3. Forgive your enemy but remember the name of the bastard කියලා මේ ලඟදි FB එකේ තියෙනවා දැක්කා.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. FB එකේ ඉන්නෙ FBI එකේ ඉන්න ඕනා උන් තමා බලන් ගියාම :D

      Delete
    2. හෙන්රියා උබේ කතාවම ඩී.ජේ අරා හිරු එෆ් ඇම් එකේ කිව්වා.. :)

      Delete
    3. අරා කියන එකත් නෙට් එකේ තියෙන කථා තමයි උගේ වගේ උජාරුවෙන් කියන්නෙ...බොල...

      Delete
    4. @ඩූඩ්,
      ඒක හොඳ කතාවක්. අඩුම ගානෙ රෑ වැටිච්ච වලේ දවල් නොවැටී හිටියැකි.

      @සෙන්නා,
      ඒ මොකෝ. :)

      @සෑම්,
      ආහ්හ් අර උදේට කච කච ගාන උන් දෙන්නද? මට නම් ඒක අප්පිරියයි බන්.

      @සිරා,
      වෙන්න පුළුවන්.

      Delete
  4. //නොතේරුනොත් කමෙන්ට් වලදි පැහැදිලි කරන්න පුළුවන්නෙ//
    එකටත් සති දෙකක් විතර බලාගෙන ඉන්න එපැයි ...:D

    ReplyDelete
    Replies
    1. ඇයි මෙයාගේ උත්තර? ඒවා එනකල් කොච්චර කල් බලාගෙන ඉන්ටද? :D

      Delete
    2. අම්මෝ මුන්ගෙ කටවල් හින්දමද කොහෙද උත්තර දෙන්න මෙච්චර කල් යන්නෙ. :P

      Delete
  5. පින්තූරයෙන් මා පෙන්වන්න උත්සාහ කළේ කළු පාට නුල් වගයක් බව කරුණාවෙන් සළකන්න.

    ReplyDelete
    Replies
    1. යාලුවෙක් කීවා මිනිස්සුන්ට සාපවේවා කියලලු ඔය කලු නූල් බඳින්නේ...:P

      Delete
    2. ඔව් ඔව්, අරූට හෙන ගහපන් මූ හැඳි ගෑවිලා පලයන් කියලා තමයි.

      Delete
    3. //අරූට හෙන ගහපන්//
      ඔහොමත් කියනවාද අර මනුස්සයාට...:D

      Delete
  6. පීඩා කරන්නන් වෙනුවෙන් යාඥා කරන්න ‍ගිහිල්ල කොහෙන් කෙලවර වෙයිද මන්ද.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඒ තරමට කට්ටිය පීඩා කරනවද? :)

      Delete
  7. කළු පාට නූල් බඳින්නෙ ඇයි කියල තේරුම් කරන්න ඕනේ නැහැනෙ. අපේ පල්ලියෙත් පල්ලියෙ නාම සාන්තුවරයාගෙ ලොකු සුරුවමක් තියෙනවා, ඉටිපන්දම් පත්තු කරන්න තැන. සාන්තුවරයාගෙ කකුල් දෙකේ කලු නූල් බඳින්න වැඩෙ නවත්වන්න කියල පල්ලියෙ පියතුමා දවසක් ඉරිද දිව්‍ය පූඡාවේදි තේරුම් කරලා දුන්නා, ඒත් නැවතුනේ නැති නිසා, සුරුවම වීදුරුවකින් ආවරණය කලා. දැන් කට්ටිය පොඩි සුරුවම තියෙලා තියෙන ලී සුරුවම් කුඩුවෙ කනු හතර අල්ලාගෙන.

    ''ගෑනියෙක් බෙල්ලෙන් එල්ලිලා ඉන්නවා වගෙත් පේනවා..'' සෙන්නාටත් පෙනෙන දේවල්.

    තෝබිත් කතාවේ ඉතුරු ටික කෝ?

    ReplyDelete
    Replies
    1. << කළු පාට නූල් බඳින්නෙ ඇයි කියල තේරුම් කරන්න ඕනේ නැහැනෙ. >>

      තේරුම් කරන්න ඕනනේ.. ඒක තේරෙන්නැතුවනේ අපි මේ ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලන් ඉන්නෙ..

      Delete
    2. සෙන්නා, මිනිස්සු ඔය විදියට කළු පාට නූල් ගැට ගහන්නෙ, තමන්ට එදිරි වුන, විරුද්ධකම් කරන අයට නපුරක් වෙන්න ඔනේ කියලා හිතලායි.

      Delete
    3. ස්තූතියි ඇනෝ.. මිනිස්සු කියන්නේ මිනිස්සුම තමා.. ජේසු නෙමේ දෙවියන්වහන්සේ ඇවිල්ලා කිව්වත් උන්ව හදනවා බොරු...

      Delete
    4. මිනිස්සු තමුන්ට කා එක්ක හරි තරහක් ඉරිසියාවක් දැනුනාම කරන වැඩක් තමයි 'ඕකගෙ හතර හන්දි කැඩියන්' 'ඌ මකබෑවෙයන්' කියලා හිතලා කළු නූල් බඳින එක. එයින් අදහස් වෙන්නේ නෑ කතෝලිකයෝ ඔක්කොම කළු නූල් බඳින්නෝ කියලා. ඒත් ඔය වගේ දේවලට අබ්බැහි වෙච්චි පිරිසකුත් කතෝලිකයෝ අතරේ ඉන්නවා. මොකක් හරි වෙච්චි ගමන් දුවලා ගිහින් කළු නූල් බඳින.

      මම මේ පෝස්ට් එකේ කියන්න උත්සාහ කළේ ජේසුස් වහන්සේ ජනතාවට උගන්නපු දේ අද වෙනකොට කොතරම් විකෘති වෙලාද කියන එක.

      තෝබිත් කතාව ඉවරයි කියලනෙ මම හිතන් හිටියෙ. බලන් යද්දි ඔක්කොම ලියලා නෑ. ඉක්මනට ලියන්නම්.

      Delete
    5. @සෙන්නා,
      මම හිතුවේ නෑ ඒක තේරුම් ගන්න ගොඩක් අමාරුවෙයි කියලා. කමක් නෑ දැන් දන්නවනෙ. බලන් යද්දි ආගමකට දහමකටවත් බෑ මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්න. එහෙම වෙනවානම් මෙලහට මේක දිව්‍ය ලෝකය වෙන්න ඕන. ඉරිදා පල්ලිවල දේශනා, නිතර දේවේලෙ ඇහෙන බණ මිනිස්සු පිළිපදිනවා නම් මෙහෙම වෙන්න විදිහක් නෑනෙ.

      Delete
  8. එන්න එන්නම ප්‍රේමයයි, වෛරයයි මිනිස්සු පටලගන්නවා. කොහොමද කියලා දෙන්නේ?

    මම කවුරුහරි අමුත්තෝ ආපුවාම ELY CATHEDRAL එකට එක්කන් යනවා. ඒක හරි සිත් නිවනා තැනක්. එතන තියෙනවා PRAYING NET කියලා එකක්. ඒක ගැන මෙහෙමයි කියන්නේ"Near the west door was a Prayer Net. Because Ely was an island when the Cathedral was built, fishing was an important part of people’s livelihoods. Noting that Jesus’ first followers were also fishermen, people are invited to take a piece of wool and tie it into the net as a symbol of their renewed determination to follow Jesus whatever the cost. The net reminded me of a Maori korowai."
    http://realruth.wordpress.com/2013/08/14/expedition-to-ely/


    එතන කළු වූල් කෑලි තියෙනවාද මන්දා. . නමුත් කාගෙවත් චේතනාව කළු වෙන්නේ නැහැ එතනට ගියාම. මම බෞද්ධයෙක් වුනත් Ely Cathedral එක මම යන්න ප්‍රිය කරන තැනක්. ඒක ලොකු ඉතිහාසයක්..

    ReplyDelete
    Replies
    1. Ely ( & ඉන්ගලන්තෙ අති බහු බහුතර ආගමික ස්තාන) ඇන්ග්ලිකන් නේ.
      කතෝලික ඉතා අඩුයි නෙ.

      ඔය නූල් බඳින, ගුරුකම්, ජාතියෙ ඇදහීමි, භූතයින් එලවීම් ආදිය වැඩිය කරන්නෙ කතෝලික ආගමේ.
      අපහාසයකට නෙමෙයි කියන්නෙ. ආසියාවෙ , ලතින් ඇමරිකාවෙ ප්‍රොටෙස්ටන්ට් ආගමට වඩා ඉතා විශාල වශයෙන් කතෝලික ආගම ප්‍රචලිත වෙන්න හේතුව ඒ ආගමේ ඇති ශාන්තුවරයින් ඇදහීම හා වෙනත් සංස්කෘතිකවශයෙන් ඒ රටවලට ගැලපෙන ඇදහිලි කර්ම.
      ලංකාවෙ කතෝලික පෘතුගීසින්ගෙන් හිටියට වඩා කාලයක් පාලනය කලේ කතෝලික විරොධී ප්‍රොතෙස්තන්ත රෙපරමාදු ඕලන්ද හා ඇන්ග්ලිකන් ඉංග්‍රීසි ජාතිකයින්. ඒත් මෙහෙ ක්‍රිස්තියානි අයගෙන් 90%විතර තාම කතෝලික . ලොකුම හේතුව ඒ ආගමේ මෙහෙ සංස්කෘතික විශ්වාස වලට වඩා ගැලපෙන දේ තිබීම. අනිත් එක ඒ ඒ රටට ගැලපෙන විදිහට භාෂාව හා rituals හදාගැනීම

      Delete
    2. @Aru,
      එන්න එන්නම් තත්වය දරුණු වෙන බව පේනවා. හැබැයි මට මෙහෙමත් හිතෙනවා. මිනිස්සු හැමදාමත් මිනිස්සු. ඒත් කාලයත් එක්ක ඒ ගතිගුණ එළියට එන විදිහෙ වෙනසක් වෙනවා කියලත් හිතෙනවා.

      හරිම අපූරු ස්ථානයක්නෙ අරූ. පරිසරයේ නිස්කලංක බව විඳින්න ඉතින් අදහන ආගම බාධාවක් නෙමෙනෙ. විස්තරයට බොහෝම ස්තුතියි මම මේ තැන ගැන කලින් දැනගෙන හිටියෙ නෑ. අරූ පෙන්වපු ලිපියත් බලන්නම්.


      @Pra,//Ely ( & ඉන්ගලන්තෙ අති බහු බහුතර ආගමික ස්තාන) ඇන්ග්ලිකන් නේ.
      කතෝලික ඉතා අඩුයි නෙ.// ඒක හරි ඒක කතෝලික පල්ලියක් නෙමෙයි.

      //ඔය නූල් බඳින, ගුරුකම්, ජාතියෙ ඇදහීමි, භූතයින් එලවීම් ආදිය වැඩිය කරන්නෙ කතෝලික ආගමේ. // මේ කාරණයට නම් එකඟවෙන්න පොඩ්ඩක් විතරයි අමාරුයි මම අවට පරිසරය ගැන හිතපුවාම. අපේ ගමේ ප්‍රධාන ආගමික ස්ථාන තුනක් තියෙනවා. එකක් රෝමානු කතෝලික දේවස්ථානයක් අනික ඇන්ග්ලිකන් පල්ලියක් අනික ගමේ දේවාලෙ. අපේ ගමෙන් හරි අඩක් රෝමානු කතෝලික. ඉතිරි අඩ ඇන්ග්ලිකන්. ඒත් දේවාලේ මංගල්ලෙටත් උතුරන්න සෙනඟ ඉන්නවා. සමස්තයක් වශයෙන් ගත්තාම නම් කතාව ඇත්ත කියන්න පුළුවන්.

      //ආගමේ ඇති ශාන්තුවරයින් ඇදහීම හා වෙනත් සංස්කෘතිකවශයෙන් ඒ රටවලට ගැලපෙන ඇදහිලි කර්ම. // ප්‍රොතෙස්තන්ත ආගම ගොඩක් දේශීයකරණයට ලක්වෙලා නෑ. ඒත් කතෝලික ආගම ගොඩාක් ළඟින් යනවා ඒ ඒ රටවල සංස්කෘතීන් එක්ක. ශාන්තුවර ඇදහිල්ල ඉස්සර කාලෙ ප්‍රසිද්ධ පුද්ගලයන් දේවත්වයට පත් කිරීමට සමානයි එක පැත්තකින් බැලුවාම.

      Delete
  9. තව ටිකක් පැහැදිලි කරලාම දෙන්නකෝ. එතකොට තේරෙයි.

    ReplyDelete
    Replies
    1. දැන් පැහැදිලියි නේද?

      Delete
  10. මිනිස්සු නූල් කෑල්ලටත් යට වෙන අපුරුව නේ, හෙක් සාප තියන දෙස් දෙවොල් තියන තැන් වල සාන්තුවරු හරි දෙවිවරු සිටීද? දේවත්වය උතුම් කොට සලකන (සම හරක්) දෙවියන් ඉදිරියේ කියන හැටි අන්න අරුව මරන්න කියලා. මටනම් හිනාවෙන්නෙත් නැහැ ඒ වගේම අඬන්නේත් නැහැ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හැමදාමත් මිනිස්සු. ආගම ධර්මය උනත් උන් පාවිච්චි කරන්නෙ උන්ට ඕනෙ දේවල් කරන්න.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...