9.10.2015

කියවීම හුරුවීම හා නුහුරු වීම

සාහිත මාසය වෙනුවෙන් යමක් ලිවිය යුතුයැයි සෑම සාහිත මාසයකදීම සිතෙන මුත් මෙතෙක් ඊට ඉඩක් ලැබී නැත. අද මේ පුරවන්නේ ඒ අඩුවයි.

අපේ අම්මා කියන පරිදි මට අකුරු කියවා ඇත්තේ අපේ අම්මාය. එයින් 'පොත්තොයියෝ පත්තොයියෝ' කියවීම පටන්ගත් මට මුලින් පොතක් පතක් ලැබුනා කියා මතකයේ ඇත්තේ දිනක් තාත්තා වැඩ ඇරී එද්දී ගෙනා 'කැකුළු' පත්තරයයි. එකල අවුරුදු තුනක් හෝ තුන හමාරක් වයසැති මා සාලයේ මුනින් අතට වැතිරී සිටියදී අඳුරේම තාත්තා පැමිණි ආකාරයත් බයිසිකලය නවත්වා මට පත්තරය දුන් ආකාරයත් මට අද වගේ මතකය. මා ඉතා ආසාවෙන් පත්තරය ගත් හැටිද බිම පෙරළීගෙන රූප පාට කළ හැටිද තවමත් අද ඊයෙ මෙනි. එහි මැද පිටුවේ ඇති කතන්දරය තනිවම කියවාගත නොහැකිවූ මා හට අසා සිටිනු පිණිස තාත්තා එය කියවූයේය. සතියෙන් සතිය ලැබෙන පත්තර ගණන වැඩිවෙද්දී මට කියවිය හැකි ප්‍රමාණයද ඉබේම වැඩිවී තිබිණි.

මොන්ටිසෝරියේ අවසානයත් සමඟම සතිපතා ලැබුණු 'කැකුළු' පත්තරයද නොලැබී ගියේය. කුඩා කල සිට සහජයෙන්ම පොත් වලට තිබූ ඇල්ම එක දෙක වසර වෙද්දී සෑහෙන තරමකට දියුණුවී තිබිණි. ඒ කාලයේ නිවසේ තිබූ එක පොතක්වත් මා අතහැරියේ නැත.විශේෂයෙන්ම අම්මා සතුව තිබූ අච්චු පොත් සියල්ලම මා කියවා දැමූයේ දෙක තුන වසරට පැමිණීමටත් කලින්ය. 

තාත්තා ලබාදුන් චීන සිතුවම් සහිත කතන්දර පොත් කිහිපයක්ද මා සන්තකයේ විය. විජය පත්තරෙන් නොමිලයේ ලැබූ කතන්දර පොත් කිහිපයක් මා සන්තක වූයේ අපේ පුංචිගෙනි. තාත්තා සමඟ පාන්දර නැගිට ඉස්කෝලෙ ගිය සමයේ මා නිරතුරු සිටියේ අච්චිලාගේ නිවෙස්වල බැවින් මාමලාගේ පුංචිලාගේ අච්චු පොත් සියල්ලද මගේ කියවීමේ රුචිය වර්ධනය කළේය. 

මම හතරවසරේදීම  පල්ලියේ අන්නාවි මහත්මාගේ ලිපි ලේඛන වැඩ කටයුතු කළෙමි. ඇත්තටම මෙය කිසියම් ලාභ ප්‍රයෝජනයක් තකා කළ දෙයක් නොව තනිකරම අන්නාවි මහත්මයාට උදව් කිරීමකි. එවකට හැත්තෑ ගණන් හෝ අසූ ගණන් වයසේ පසුවූ එතුමාගේ ඇස් වල සුද ඉවත්කිරීමේ ශල්‍යකර්මය අසාර්ථක වී සදහටම ඇස් පෙනීම නැතිවී තිබිණි. නමුත් එතුමා එයින් අධෛර්‍ය වූ පුද්ගලයෙකු නොවේ. පල්ලියේදී වෙනදා පොත බලාගෙන කී යාච්ඤා එතුමා කට පාඩමින් කීමට ඉටාගත්තේය. යාච්ඤා මට කියා උච්චාරණය කරවා කටපාඩම් කරගැනීම නිසා ඒවා ඉබේම මට කටපාඩම් විය. කතෝලික පුවත්පතක්වූ ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත එතුමාට ඇසෙන සේ හඬ නගා කියවීමේ ප්‍රතිඵලය වූයේ නොදැනුවත්වම කියවීමේ හැකියාවද දැනුමද වර්ධනය වීමයි. සමහර දිනවල වදයක් ලෙස සිතුවද එහි වටිනාකම තේරෙන්නේ දැන්ය.

මීට අමතරව එදිනෙදා මට මුණගැසුණු පොත් කියවීමි. සතිපතා විජය පත්තරය කියවීමි. විශ්ව විද්‍යාලයේදී චරිතාපදාන කියවීමි. එහෙත් එක පොතකදී හැර කෙකලකවත් පිස්සුවෙන් වගේ පොත් පසුපස හඹා යනතරම් ඇබ්බැහියක් මට නොවීය. ලැබෙන පොතක් පතක් කියවීමෙන් මම සෑහීමට පත්වීමි.

එහෙත් දැන් පොත් කීයක් ලැබුනද කියවීමේ රුචියක් නැත. බ්ලොග් කියවීමට ඇබ්බැහිවී සිටිමි. නැවත පොත් සොයා යායුතුය.

39 comments:

  1. ඔන්න හරි බිලොග් අවකාශයට අලුත් මම අදයි මෙ පැත්තට ආවෙ.මමනමි මුලින්ම කියෙවිවෙ මිහිර විජය කියන පත්තර.මට නමි ටිකක් විතර පොත් පිස්සුවක් තියනවා.පොත් දහක් විතර දැනටමත් මගේ ලග තියනවා.කොහොමත් මම ගුරැ වෘත්තියේ නියලෙන නිසා දැනුම අප්ඩෙටි කර ගන්න වෙනව නිතරම.මගේ විෂය බෞද්ධ දර්ශනය වගේම මම බුදු සමයට හදවතින්ම බැදිලා.එත් කුරාණය හැරැනම අනිත් ආගමික ග්‍රන්ථ එකතුවකුත් මගේ ලග තිබෙනවා.කතෝලික ඉගැන්වීමි ගැන සාකචිඡා කරන්න තවත් මිතුරෙක් ඔන්න ලැබුනා.එහෙනමි අපි ආයෙත් එන්නමි.ජේසු සමිදු පිහිටයි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශය ප්‍රයෝජනවට් දෙයින් පුරවන්නට ශක්තිය ධෛර්‍යය ලැබේවා. ඒ වගේම මගේ අඩවියට සාදරයෙන් පිළිගන්නවා.

      මමත් මිහිර පත්තරේ කියෙව්වා අපේ මල්ලී ගන්නකොට.

      පොත් දහක්.. අහන්නත් සන්තෝසයි. අපේ හාමිනේගේත් එක හීනයක් තමයි පෞද්ගලික පුස්තකාලයක් හ්දන එක. මොනාද ඉතින් ඔය එකතුවේ තියෙන පොත්.

      මගේ එක බලාපොරොත්තුවක් තමයි මැරෙන්න කලින් කියවන්න ඕනෙ පොත් 101 මැරෙන්න කලින් කියවන එක. :)

      කතෝලික ධර්මය ගැන ලියවිච්ච ලිපි කියවලා බලන්න.

      ස්තුතියි

      Delete
    2. ග්‍රික බටහිර දර්ශනය,බෞද්ධ දර්ශනය,සමයාන්තර දර්ශන,මනෝවිද්‍යාව,සමාජ විද්‍යා,ඉතිහාස,ජෝතිෂ්‍ය පොත් තමයි වැඩිපුරම එකතුවෙ තියෙන්නේ.කතෝලිත පොත්පත් මගේ කතෝලික යාලුවො ගෙනත් දෙනවා.මුස්ලමි ආගමික එකම එක ග්‍රන්ථයක් හැරැනුම වෙන හොයාගන්න අපහසු උනා.කලින් පෝසටි වලට ගිහින් බලලා ආවෙ.

      හරි හිතෝපදේශ වල උපදේශාත්මක වැකි වලට අවධානය යොමු කරලා ඒ ගැන ලිපි පෙලක් ඉදිරියේදි පල කලොත් හොදයි නේද.

      Delete
    3. මුස්ලිම් ආගමික ග්‍රන්ථ සිංහලෙන් ලියවිලා නැතුව ඇති. මම අරාබි භාෂාවෙන් ලියවුනු කුරාණය බලලා තියෙනවා. මගේ මුස්ලිම් මිතුරෙක් කුරාණය තමුන්ගෙ කුටියේ ඉහළ තැනක තැන්පත් කරලා තිබ්බා. ඔහු ඒක අතට ගත්තෙත් නාලා පිරිසිදුවෙලා ඇවිල්ලා. මට දවසක් එය බලන්න දුන්නා.

      Delete
  2. දෛනික සිදුවිම් ගැන පත්තරවල ප්‍රවෘත්ති කියවිමනම් දැන් මට එපා ම කරපු දෙයක්. ඒත් පොත් සහ බ්ලොග්වලින් ඊට වඩා ලොකු ආශ්වාදයක් ජීවිතයට ගේනවා. අපි පොඩි කාලේ කියවපු රසවත් පත්තර, සඟරා දැන් නැහැ. අළුත් පරපුර කියවීමෙන් ඈත් වීම ඒ නිසා පුදුමයකුත් නෙවෙයි. මොකද, දැන් තියෙන්නේ තනිකර ප්‍රශ්න පත්තර ! http://niyontetra.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ අම්මලා තාත්තලාට ඉස්කෝලෙන් කියනවාලු ව්‍යාකරණ හදාගන්න දිනපතා පත්තර කියවන්න කියලා. අද ඉතින් පත්තර අරන් බැලුවොත් අබ සරණයි. පත්තර වල සිංහල මරණවා වගේම තියෙන්නෙත් අනුන්ගේ ඕපාදූප. කාලෙකට කලින් තිබිච්ච හොඳ පත්තරයක් විදිහට මව්බිම හඳුන්වන්න පුළුවන්.

      ඒත් නැවත ඉපදීමත් එක්ක ඒක මිත්‍යාව වපුරන තැනක් බවට පත් වෙලා.

      Delete
  3. කියවන්න පුරුදු උන හැටි නම් මටත් ඔහොමම තමයි. මට මොන්ටිසෝරි යනකොට හොඳට කියවන්න පුළුවන්. ඒ කාලෙ පුංචි කියලා පත්තරයක් තිබුණේ. ඉස්කෝලෙදි එක වසරෙදි මට අනික් ළමයි ඉන්න තැන් වල පොත් කියවන්න දෙන්නෙත් නෑ ටීචර්ස්ලා. දැන් උනත් මට පොතක් කියවන්නෙ නැතුව දවසකට දෙකකට වැඩිය ඉන්න බෑ පිස්සු වගේ.

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි පුංචි පත්තරේ.

      ඒ මොකද පොත් කියවන්න දෙන්නෙ නැත්තෙ?

      දැන් පොත් කීයක් විතර කියවලා තියෙනවද?

      Delete
    2. ඇයි ඉතින් පන්තියේ අනිත් උන් මුල පිටුවෙ "සාමා අමර" කියලා ගැටගහනකොට මං මුලු පොතම කියලා දානවනේ.

      ඉහේ කෙස් ගානට. පොතක් කියවන්න නැත්නම් පරණ පොත්ම දහ දොලොස් සැරේ පට්ට ගහනවා. ගුණසේන එකටම මාසෙකට සෑහෙන ගාණක් පූජා කරනවා ඔය හින්දම.

      Delete
    3. :D
      දහ දොළොස්සැරේ පට්ටගහන එක මමත් කරලා තියෙනවා.

      Delete
  4. පොත් කියවීම අත්හැරීම ප්‍රඥාගෝචර නොවේ. බ්ලොග් කියවීමෙන් භාෂා දැනුම, කථන හැකියාව, ව්‍යක්ත ලේඛනය, මොටවේ. එබැවින් වහාම පොත් කියවීම යලි ආරම්භ කිරීම මැනවි.

    ReplyDelete
    Replies
    1. විචාරක සමග විභීෂණ සම්පූර්ණයෙන්ම එකඟයි...
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඒ වගේම තව පැත්තක් ඔකේ තියනවා.ත්‍රිපිටකයෙ ජාතකකථා පොතෙ PDF CD එක මගේ ලග තියනවා.කොහොම උනත් PC එක දාගෙන ඔය දිහා බලගෙන පිටකය කියවන්න මට පොතක් කියවනවා කියලා හිතෙන්නෙත් නැ ඒක හිතට කා වදින්නෙත් නැ.ඒත් පිටක ග්‍රන්ථයක් අරගෙන දෙතුන් වතාවක් කියවන කොට හිතට කා වදිනවා වගේම පොතක් කියවන බව දැනෙනවා.අමාරැවකුත් නැ pc එක ලග ඉදගෙන ඉන්නවා වගේ.ආක්ලපමය බුද්ධිමය සංවර්ධනයක් ඇති වෙන්න පොත් බොහෝ සෙයින් බලපානව පරිඝණකයකට වඩා.

      Delete
    3. මාර වැඩේ!
      මටත් විචාරක සමග එකඟ වෙන්න වෙනවා!

      Delete
    4. @ විචාරක,
      තියෙන්නේ පොත් කියවීම අතහැරීම නෙමේ. බ්ලොග් හොය හොය කියවීමට සිතීමයි. අනික දැන් කියවන්න ඉතිරිවෙලා තියෙන්නෙත් ඉංගිරිස් එව්වා.
      අවවාදය හිතට ගන්නම්.

      @විභීෂණ ඓඓ
      :)

      @මනෝ මන්දිර
      සහතික ඇත්ත. පොත් වල ඊ-වර්ශන් එක කොච්චර කියෙව්වත් බොක්කට වදින්නෙ නැති එක ඇත්ත. මේ කමෙන්ට් එකෙන් මට දෙයක් මතක් උනා. සමහර පොත්වල ඊ-වර්ශන් මම ඉඳලා හිටලා කියෝනවනෙ.

      @රසිකොලොජිස්ට්
      :) මාර වැඩේ කිව්වේ විචාරක මහත්මයා එක්ක එකඟවෙන එකද? :)

      Delete
    5. විචාරක මහතා, ජයකොඩි සෙනවිරත්නගෙ "පොඩි හාමුදුරුවො" පොත හොයාගෙන කියවන්න. ඊට පස්සේ ඔබ තුමා මේ කමෙන්ට් එක මකනවාට මෙන්න කැට.

      Delete
  5. මම නම් ඔය දෙකම කරනවා. මම පොත් කියවන එක නැවැත්තුවේ නෑ. මට පොතක් නැතුව නිදාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් පොත් ගුල්ලෝ.. :)

      Delete
    2. Dude, You are a real gentleman. Teachers can't leave books behind.

      Delete
    3. Thanks Vicharaka. So are you.

      Delete
  6. මම නම් පොත් කියවන්න මාරම ආසයි.. කොහෙන් හරි වෙලාවක් හොයාගෙන හැමදාම රෑට පොතක් කියවනවමයි.. බ්ලොග් ලිවීම හා පොත් ලිවීම කියන්නේ එකකට එක වෙනස් පාරවල් දෙකක්.. ඒ හන්දා පොත් කියවීමත් කරන එක තමයි හොදම දේ..

    ReplyDelete
    Replies
    1. හොඳයි.. හොඳයි. උත්සාහ කරලා බලන්නම්..

      Delete
  7. මාත් ඔය කියවිල්ල පටං ගත්තෙ විජය පත්තරෙන් තමයි.
    දැන්නං ඉතිං බ්ලොග් කියවිල්ල ඇරි පොත් කියවිල්ලටනං වෙලාවක් නෑ.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ පොතක් කියවන්න නම් වැඩ ඔක්කොගෙන්ම නිදහස් වෙච්ච මනසක් තියෙන්න ඕනා කියලා. එහෙම අවස්ථාවක් කාලෙකින් ලැබිලා නෑනෙ.

      Delete
  8. මවකට හා පියෙකුට සිය දරුවා සමග ජීවත් වෙමින් ඒ දරුවාට කෙතරම් බලසම්පන්න ගුරුවරුන් බවට පත්විය හැකිද යන්න ඉතා මැනවින් පෙන්වා දීමට ඔබේ ලිපිය සමත්ව තිබෙනවා හරී මගේ සුබපැතුම්.තව ලියන්න

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි.

      Delete
  9. කියැවීම මිනිසා සම්පූර්ණ කරයි... ජයවේවා

    ReplyDelete
    Replies
    1. නිකම් කියවීම නෙමෙයි වැදගත් පොතක් පතක් කියවීම නේද? :)

      Delete
  10. // එහෙත් එක පොතකදී හැර//

    මෙන්න මේ පොත මොකද්ද?

    ReplyDelete
    Replies
    1. Angles & Demons by Dan Brown

      අම්මේ ඒක හොයාගන්න කාපු කට්ටක්. මුළු මරදානෙම පොත් සාප්පු පෙරළලා, බම්බලපිටියෙ පැත්තෙ හැමතැනම බලලා. බැරිම තැන ODEL එකේ online ඕඩර් කළා. පස්සෙ බලද්දි ඒගොල්ලො ගාවත් නැතුව ඕඩර් කරපු නිසාම මට ගෙන්වලා දුන්නා.

      Delete
  11. මමත් තාම අමාරුවෙන් හරි ඉදලා හිටලා පොතක් කියවන්න ගන්නවා..

    ReplyDelete
    Replies
    1. සෙන්නා ඉස්සර පුස්තකාලෙම ගෙදර ගෙනිච්චා කියනවා මතකයි.

      Delete
  12. මම කියවන්න පටන් ගත්තෙත් "බිංදු","පුංචි"පත්තර වලින්."සත්සිරි,සිත්තර වගේ චිත්‍ර කතා පවා මම බැලුවේ ඉස්කෝලේ එක වසරේ,දෙක වසරේ වගේ ඉන්න කොටයි.බ්ලොග් කියවන්න පටන් ගැනීම පොත් කියවීමේ කැමත්ත වැඩි කලා මිස අඩු කලේ නැත.

    ReplyDelete
    Replies
    1. මම මේ එහෙම දෙයක් ඇහුවමයි. හොඳයි කියමුකො බලන්න කොහොමද බ්ලොග් හින්දා පොත් කියවීමේ රුචිය වැඩිවෙච්ච හැටි.

      Delete
    2. හරි කියවලා තියෙනවාද සත් සමුදුරබ්ලොග් එක.ඒ බ්ලොග් එකේ ලිපි කියවීමෙන් අනතුරුව පළමු,දෙවැනි ලෝක යුද්ධ ගැන ලියවෙච්චි කෘති කියවන්න උනන්දුව වැඩි උනා.රන්දිල් අක්කාගේ පොත ගැන දැනගත්තේ බ්ලොග් එකෙන්.පොත කියවීමෙන් පස්සේ තවත් රුස්සියන් ළමා කතා හොයන් කියවන්න හිතේ ආසාව වැඩි උනා.තිලකේ අයියාගේ පොත වුනත් එහෙමයි.හැලපයියාගේ බ්ලොග් එකේ ලියවෙච්චි ලිපියකින් පස්සේ අරන් කියවපු "day of the jackal"පොතේ සිංහල පරිවර්තනය වෙච්චි "වෘකයාගේ දවස"පොත කියවීමෙන් පස්සේ මම "Frederick Forsyth"ගේ "අභය හේවාවසම්"ගේ රසිකයෙක් බවට පත් වුනා.
      කියනවා නම් තව උදාහරණ බොහොමයි.

      Delete
  13. කලක් පොත්ගුල්ලෙකු විදියට අන්අය හදුන්වපු මටත් දැන්.....
    //එහෙත් දැන් පොත් කීයක් ලැබුනද කියවීමේ රුචියක් නැත. බ්ලොග් කියවීමට ඇබ්බැහිවී සිටිමි. නැවත පොත් සොයා යායුතුය. //
    මේ තත්වයම උදා වී ඇත. සික්......
    නැවත පොත් සොයා යායුතුය......................
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරලා බලමු.

      Delete
  14. ඇත්තටම පොත පත (හොඳ) කියවීම පොඩි කාලයේ ඉඳන්ම පුරුදු කරන්න ඕන දෙයක්. විශේෂයෙන් පත්තර. මොකද අද සමාජයේ සාමාන්‍යය දැනීම ගොඩාක් දුරට අඩු වෙලා තියනවා. මේ ලඟදි දවසක මම වීඩියෝවක් දැක්කා ලංකාවේ ජාතික වීරයෝ ගැන අහන. ඒ වැඩසටහන කරපු එක්කෙනා පාරෙ තොටේ හිටපු එක එක අයගෙන් අහද්දි ගොඩ දෙනෙක්ට උත්තර දෙන්න බැරි වුණා.

    ReplyDelete
  15. අම්මේ.. මමත් බැලුවා ඒ වීඩියෝ එක. දැක්කම දුක හිතෙනවා ජාතික වීරයෝ කියන්නෙ බෙන්ටෙන්, ටින්ටින්, ශාරුක් ඛාන්ලට..

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...