1.04.2016

අතීතයට මා ගෙනගිය අපූරු භාණ්ඩය

රේසර් පෙට්ටි සිල්වා කොම්පාසුව
පරණ අවුරුද්දේ ගොඩ ගැහිලා තිබ්බ පරණ කුණුකන්දල් හලලා දාලා අලුත් අවුරුද්දට යන්න හිතාගෙන ගෙදර පරණ කුණු කන්දල් අස්පස් කරනකොට 'ටක ටකස්' හඬකුත් එක්ක මොකක්ද මන්දා බිමට වැටුනා. මොකක්ද බැලින්නම් රේසර් පෙට්ටියක් එහෙම නැත්නම් ජංගම රැවුල බෑමේ කට්ටලයක්. 

මම ඒක අතට අරගෙන පිහදාලා දිග අරිනකොටම මම හිටියෙ අවුරුදු දහයකට එහා අතීතයේ.

ඒ කාලේ කැඩෙට් උන නහුතෙටම තිබ්බ කාලෙ මම හිටියෙ අපේ ඛන්ඩයේ සැරයන් වෙලා. ඛන්ඩය සමඟ රන්දෙණිගල-රන්ටැඹේ වාර්ෂික ඇගයීම් කඳවුරට සහභාගී වීම සිහිනයක් වගේම අරමුණක් වෙලා තිබුනෙ. ඇගයීම් කඳවුරට සමත්වීමේ පරීක්ෂණයට මුහුණ දීමට අපි බොහෝම කැපවීමෙන් පුහුණුවීම් කළා. 

ඒ බොහෝම අමාරුකම් මැද්දේ. ශාරිරික අමාරුකම් වලටත් වඩා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන බවත් හමුදාවට ළමයි යැවෙනු ඇති බවත් කියමින් දෙමව්පියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඇතිවූ බලපෑම් තමයි ගොඩක්ම තිබ්බෙ. ඒ කාලෙ වගේම දැනුත් මට හිතෙන්නෙ අපේ ඛන්ඩභාර ආචාර්‍යවරයා තත්වය මනාව කළමනාකරණය කලේ නෑ කියලයි. ඒ කොහොම වෙතත් අපේ තිබ්බ ආසාව හින්දම අපි පුහුණුවීම් කරගෙන ගියා. 

සරඹ, ශාරිරික අභ්‍යාස වලට අමතරව ශිෂ්‍යභටයින් තව බොහෝ කරුණු කාරණා දැනගෙන ඉන්න ඕනෑ. ඒ අතරින් එකක් තමයි කොම්පස් මාර්ච්. මෙහිදී දෙන ලද දිශාව නිවැරදිව මාලිමාවෙන් සොයාගැනීමත් ඒ ඔස්සේ නියමිත පියවර ගණනක් ගොස් දෙන ලද ඉලක්කය හොයාගැනීමටත් ශිෂ්‍යභටයාට හැකිවියයුතුයි.

කොම්පස් මාර්ච් ගැන විචාරක මහත්මයා ලිවූ මෙම ලිපියේ වැඩිදුර විස්තර ඇති. අපිට ඒ කාලෙ නිර්දේශ වෙලා තිබ්බෙ සිල්වා කොම්පාසුව. කොම්පස් මාර්ච් ගැන ඉගෙන ගැනීමේදී ඛන්ඩයක් මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කොම්පාසු නැතිකම. එක්කෝ කොම්පාසුවක් දෙකක් ඛන්ඩයට මිලදී ගන්න ඕනා නැතිනම් ශිෂ්‍යභට මූලස්ථානයෙන් එකක් අරගෙන ඇවිත් ආපහු භාරදෙන්න ඕනෙ. 
විචාරක මහත්මාගෙන් උස්සපු මාලිමාව

සැරින් සැරේ ඔය දෙකම කරනවා කිය කිය හිටපු සෑර් පරීක්ෂණ දිනයට කලින් දවස වෙනතුරුත් කොම්පාසුවක් පැත්ත පළාතෙ අරගෙන ආවෙ නෑ. කොහොමින් කොහොමහරි පහුවෙනිදා මට පරීක්ෂණයට අරගෙන යන්න තිබුණු ඛන්ඩයෙන් බාගෙට බාගයක් කොම්පාසු කියවනවා තියා කොම්පාසුවක් ඇහැකටවත් දැකලා තිබ්බෙ නෑ. 

ගෙදර ආපු මට හෙට මාලිමා පරීක්ෂණය අසමත් වෙලා ගිලිහෙන්න නියමිත ලකුණු ගැන ලොකු දුකක් ඇති උනා. මම කල්පනා කළා මාලිමාවක් නැතිඋනත් ඒ වගේ එකක් හරි පෙන්නුවොත් කවදාවත් දැකලා නොතිබ්බ උන්ටත් යමක් කමක් කරන්න පුළුවන් වෙයි කියලා. 

එයින් පස්සේ ඇතිවෙච්චි ප්‍රතිඵලේ තමයි උඩ පින්තූරෙ දකින්න තියෙන්නෙ. ඒක හැබෑ එකක් කියලා හිතාගෙන කරපු පුහුණුවීම් නිසා මාලිමා පරීක්ෂණය අපි ගොඩදාගත්තා.

ප.ලි. කලින් ලියපු ශිෂ්‍යභට ලිපිය.

36 comments:

  1. ඉතින් ඒක විසිකලාද

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතිං මේකා දැං කොම්පස් දිහා බලාගෙන කොහේ යන්නද? හැක්...

      Delete
    2. ඇයි ඔය කොම්පස් එකෙන් බලලා, නිදහස් වෙළඳ කලාපය පුරා ගිහින් තමා හොයාගත්තේ.

      Delete
    3. @ අටම්පහුර,
      විසික් කරේ නෑ. එහෙ මෙහෙ හරව හරව බලන්න ගිහින් වීදුරුව පොඩ්ඩක් ගැල උනා.

      අටම් මහත්තයා කඩේ පැත්තෙ එහෙම පේන්න නෑනෙ. මම යමින් එමින් ගමන් කීප සැරයක්ම බැලුවා. දැක්කෙ නෑ.

      @Praසන්ன,
      දැන් කොම්පස් එකක් තිබ්බත් යන විදිහ මතක නෑ.

      @විචාරක,
      සීයා මනමාලයා නාකි ඉලන්දාරියා :D

      Delete
  2. ‍එහෙනං බොලා සිල්වටත් ගේම දුන්න නේද මල්ලි.
    මොනව උනත් ඔහොම දෙයක් කරල හරි වැඩේ ගොඩ දාගත්ත එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් කොහොමහරි වැඩේ ගොඩගියා.

      Delete
  3. Smart work.

    ReplyDelete
  4. සිල්වා මාලිමාව............. පට්ට නේද????

    ReplyDelete
  5. පපුවටම දැනුනා හරි...

    ReplyDelete
  6. මට මෙහෙම එකකුත් මතක් උනා. කලින් කමෙන්ට් එකට ගැළපෙන් නැති හින්දා වෙනම ලියනවා.

    ගෝඩ්ස් මස්ට් බී ක්‍රේසි 2 ෆිල්ම් එකේ, අප්‍රිකානු භටයෙක් අහනවා, ක්‍යුබන් භටයෙක්ගෙන්,

    “දන්නවද මාලිමාමෙ අනිත් පැත්තෙ කණ්නාඩියක් තියෙන්නෙ ඇයි කියලා?“

    “නෑ... ඇයි?“

    “ඒකෙන් බලාගන්න පුළුවං අතරමං වෙච්ච එකාගෙ මූණ...“

    ReplyDelete
    Replies
    1. මටත් තිබුණ ප්‍රශ්නෙ බං ඇයි ඕකෙ කණ්නාඩියක් තියෙන්නෙ ‍කියල. හැක්...

      Delete
    2. අර වැඩේට තමා...

      Delete
    3. @ඩ්‍රැකී,
      ඒ ෆිල්ම් දෙක නම් සුපිරියි. ඒත් මට මතක්වෙන්නෙ නෑනෙ ඔය කියන විදිහේ සිද්ධියක්.

      @Praසන්ன,
      කණ්ණාඩිය තියෙන්නෙ ඒකටම තමයි.

      Delete
    4. දෙවෙනි ෆිල්ම් එකේ, කියුබන් ආමි කාරය, අප්‍රිකානු අාමිකාරයව අල්ලගෙන, එක්කං යනව උගෙ කෑම්ප් එකට. ඒ වුනාට ඌට ශුවර් නෑ, කෑම්ප් එක කොහෙද තියෙනන්නෙ කියල. ඌ මාලිමාව බල බලා එක එක පැත ිවලට යනව. ඒ අතරෙදි අප්‍රිකානු ආමි කාරය කියනව ඔය කතාව.

      ෆිල්ම් තුනක් හරි හතරක් හරි තියෙනව මට මතක හැටියට. චීන සෙට් එකක් ඉන්න එකකුත් තියෙනව...

      Delete
    5. ඔව් ෆිල්ම් ගොඩක් තියෙනවා තමයි. ඒත් පළවෙනි ෆිල්ම් දෙක තමයි හොඳ. අනික් එව්වා වැඩක් නෑ.

      Delete
    6. ඒකට එකඟයි. කොහොමද පළවෙනි ෆිල්ම් එකේ තියෙන ජීප් එක?

      Delete
  7. එක්ස් රේ කාඩ් ඩ්‍රම් එකක් මටත් තිබුනා :D සිරින්ජර් වලින් හයිඩ්‍රොලික් කරපු JCB එහෙකුත් තිබුණා..පුල් ආතල් වැඩ එව්වා.මරු බං

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් JCB එකෙන් වැඩ ගන්න ලැබෙන්නේ අවුරුද්දකට වතාවයි.

      Delete
    2. හුකෑස් …
      වෑලුත් බ්ලොක් වෙලාද කොහෙද සෑර් :D

      Delete
    3. @පත්තර මල්ලි,
      මටත් එහෙම ඩ්‍රම් එකක් තිබ්බා. ඒත් ඒක ගහනකොට අම්මා මැරෙන්න කෑගහනවා කන්කරච්චලේ කියලා. හයිඩ්‍රොලික් වැඩෙත් දකලා තිබ්බට කරලා නෑ.

      @විචාරක,
      හයිඩ්‍රොලික් ලීක්ද?

      Delete
  8. මොකටද බොල මගෙන් හොරකම් කරන්නේ. ගූගල් ඉමේජස් වලට ගියානම් ඔය තියෙන්නේ අම්බානක සිල්වා කොම්පස්.

    හරිම අපූරු නිර්මාණයක් වගේම හරිම වටිනා සිහිවටනයක්. කොලේක පොඩි සටහනකුත් දාලා කෞතුක වස්තුවක් වගේ අරන් තියන්න ඔයාගේ දරුවන්ට පෙන්වන්න.

    ReplyDelete
    Replies
    1. කොලේ සටහන් කරන්නෙ මොකටද විචා. මේ පෝස්ට් එක පෙන්නුවම ඉවරයිනෙ. :D

      Delete
    2. මට කොම්පස් එකේ නම මතක තිබ්බෙ නෑ. ඒ පැත්තෙ නම හොයන්න ගියපාර පින්තූරෙත් උස්සගෙනම ආවා.

      මට වටිනවා උනාට දරුවන්ට වටීද මන්දා? කොහොම උනත් අරන් තියන්න ඕනෑ.

      Delete
  9. අපුරුයි,මමත් රන්ටැඹේ කැම්ප් එකට ගිහින් තියෙනවා නිකම් හම්බු වෙච්චි චාන්ස් එකකින්.

    ReplyDelete
    Replies
    1. නිකම් චෑන්ස් එකක් කිව්වෙ කට්ටිය මදිවෙලා පුරප්පාඩුවකටද?

      Delete
  10. ඔය උණ ඇඟට ආපුවාම මහමෙර සමතලා කොරල හරි වැඩේ කොරනවා.. ඉගන ගන්න ඒ කික් එක නැති හැටියක් හැබෑට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. පොතක් පතක් අල්ලන්න හිතෙන්නෙ නෑනෙ ඔය වගේ.

      ඔබටත් ජය..

      Delete
  11. සමහර වෙලාවල් වලට අපිට ඕන වෙන දේවල් මෙහෙම හරි ලං කර ගන්න අපි ට්‍රයි කරන එකත් හරි අමුතුයි. ඒක පස්සේ මෙන්න මේ වගේ දවසක සුන්දරම මතකයක්.

    ReplyDelete
    Replies
    1. ළංකර ගන්න හම්බෙයිද නොහම්බෙයිද කිය කිය හිතනවාට වඩා මොනවාම හරි කරන එක තමා වටින්නෙ.

      Delete
  12. කැඩෙට් කියටන්නෙ ආසාවේ කරපු ඒත් ලොකු අත්වැරදීමක් වුණ දෙයක්..
    මගෙ ෆේවරිට් සබ්ජෙක්ට් දෙකක් තිබ්බ
    එකක් භූමි උපක්‍රම අනෙක සිතියම් කියවීම..
    කෝම හරි ඔය දෙකට ති්බ දක්ෂතාව හින්ද මට කෝපල් අදින්න පුලුවං වුණා හිහි..
    අපිට නං ඕන තරං කොම්පාස් දුන්න දෙයියිනේ කියල

    ReplyDelete
    Replies
    1. මොකක්ද ලොකු අත්වැරදීමක් උනා කියන්නෙ. විභාග කටයුතු වගේ එව්වා අතපසු උනාද? අපිට තිබ්බ ලොකුම අවුල දෙමාපියන් ගුරුවරුන් කැඩෙට් වලට තිබ්බ බලවත් අකැමැත්ත. සර්ගේ ක්‍රියාකලාපය ඒක දෙගුණ තෙගුණ කළා.

      Delete
  13. ඔව් .. ඔව් .. ගෙවල් අස්කරන වෙලාවට වටිනා නිධාන පහල වෙනව නේන්නං. ඉස්සර අපේ ගෙදරත් අස්කරන්න ගියාම අපේ පොඩිකාලෙ වටිනා කියන සිහිවටන නිතර හම්බුවෙනව. ඒත් දැන් නම් අස්කරල අස්කරල දාලම ඒව නැත්තටම නැතිවෙලා බං. :)

    උඹල කොහොම හරි වැඩේ ගොඩදාගෙන නේ. හරී දස්සයා..

    ReplyDelete
    Replies
    1. හි..හි.. 5S වලදි නම් කියන්නෙ ඔය සේරම විසි කරලා දාන්න කියලනෙ. ඩීඩීටීලාගෙ ගෙදර 5S වෙලා ඇති දැන්..

      දස්සකමුත් මතුවන වෙලාවල් තියෙනවා..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...