2.10.2016

දකුණත කරන දෙය වමතට නොදැනේවා


අද අළු බදාදා. කිතුනුවන්ට විශේෂ දවසක්. ඒ ගැන විස්තරය කාලෙකට කලින් මධුරංග කියලා තියෙන නිසා ආයෙ කියන්න යන්නෙ නෑ. ඒත් අදට නියමිත ශු. බයිබල් පාඨය දැකපු වෙලාවෙ මට හිතුනා ඒක හැමෝම එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා.
              මෙතන තියෙන්නෙ ජේසුස් වහන්සේ කරපු ප්‍රකාශයක්. හොඳ දේවලට ආගම් බේදයක් නෑනෙ.

20 comments:

  1. මම බයිබලය කියවලා තියෙනවා ගොඩක් දුරට.. :)

    16. ඔබ උපවාස කරන කල කෛරාටිකයින් මෙන් දොම්නස් මුහුණු ඇතුව නොසිටින්න.. මෙහෙම කියනකොට දොම්නස් මුනකින් උපවාස කරලා පස්සේ ලෙමන් පෆ් කාපු කෛරාටිකයෙක් මතක් වෙනවා..

    අළු බදාදා දිනය වෙනුවෙන් සුභ පතන්නේ කොහොමද? කොහොම උනත් 'සුභ අළු බදාදාවක් වේවා!!'

    ReplyDelete
    Replies
    1. //දොම්නස් මුනකින් උපවාස කරලා පස්සේ ලෙමන් පෆ් කාපු කෛරාටිකයෙක් මතක් වෙනවා.//

      :D:D

      Delete
    2. මම බයිබලයේ තැනින් තැන කොටස් කොටස් කියවලා තියෙනවා මිසක් සම්පූර්ණ බයිබලයම එක දිගට කියවලා නෑ. දවසක මුල ඉඳන් කියවන්න ඕනෑ. මගේ සමහර බෞද්ධ මිත්‍රයොත් මුළු බයිබලේම කියවලා තියෙනවා.

      ඒක නම් නියම කතාව. මට මැවිලා පෙනුනා හිටපු හැටි.

      සාමාන්‍යයෙන් අළු බදාදා කියලා සුභ පතා ගැනීමක් නම් නෑ. ඒ වෙනුවට එක්වරු ශීලය රැකීම (සමහරුන්ට අනුව වරුවක් නොකා සිටීම, තව කට්ටියකට වරුවක් පමණක් කෑම ගැනීම ) , ගොඩමස් වැළකීම තමයි කරන්නෙ.

      Delete
  2. #5 මට මෙතන පොඩ්ඩක් පැහැදිලි මදි වගේ.

    ඒ කියන්නේ දන්දෙන විට එය රහසින් කලේ නැත්තම් විපාක නැතිවන/අඩුවන බවද? නැතිනම් ඔබ දන්දෙන බැලීමෙන්/එයට සහභාගී වීමෙන් එවන් දෙයක් කිරීමට තව කෙනෙක් පෙළඹීම නරකක් වෙනවාද? උදාහරණයක් විදියට, කෙනෙක් දුප්පත් පාසලක ළමයින්ට උදව් කරනවා දකින මම, එක්කෝ ඒකට උදව් කිරීමට පෙළඹෙන්න පුළුවන්( ඔවුන්/ළමයින් ලබන දේවල් බැලීමෙන්). ඒත් නැත්තම් ඒ වගේම තවත් වැඩක් කරන්නට පෙළඹෙන්න පුළුවන් ( දැක්කම ඇතිවෙන මොටිවේෂන් එක නිසා)

    රහසින් යාචිඤා කරන්න කියනවා නම්,ඇයි පල්ලිවල දේවමෙහෙ පවත්වන්නේ?

    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා. මම බයිබලය කියෝලා තිබ්බට දැන් මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. //ඒ කියන්නේ දන්දෙන විට එය රහසින් කලේ නැත්තම් විපාක නැතිවන/අඩුවන බවද? //
      ජේසුස් වහන්සේ මේ විදිහට විවේචනය කරන්නෙ පරිසිවරු, සද්දුසිවරු, ලේඛම්වරු වගේ ඒ කාලෙ ජුදා සමාජයේ හිටපු ප්‍රභූවරුන්ගේ ක්‍රියායි. ඒක අදටත් අදාළයි කියලා මට නම් හිතෙනවා.

      සමහරු දන්දීම කියන එක කරන්නෙ අසරණ මිනිස්සු ගැන හිතලා ඔවුන්ට උදව් කරන චේතනාවෙන් නෙමෙයි. අපිත් යමක් නොකළොත් අනික් මිනිස්සු අපි ගැන මොනවා නොකියාවිද? හා රටට තොටට පේන්න ප්‍රසිද්ධියට.

      මම දැකලා තියෙනවා සමහර දාන දෙන මුදලාලිලා දුප්පත් මිනිස්සු දෙන්නෙක්කුට විතර දානෙ පාර්සල් දෙකක් දීලා ඊටපස්සෙ අනික් මුදලාලිලාගෙ ගෙවල් වලට බෙදනවා තමුන් මෙච්චර ඉහළින් දානයක් දුන්නා කියන්න. ඊටපස්සෙ අනික් මුදලාලිලාත් එසේම කරනවා. එතකොට අපිට හිතා බලන්න වෙනවා ඒක නියම දන්දීමක්ද කියලා? ඉතින් ඔය වගේ ප්‍රසිද්ධිය පිණිස දෙන දානවලින් පලක් නෑ කියලයි ජේසුස් වහන්සේ කියන්නෙ. හරියට රුපියල් 100ක් දානෙ දීලා රු 1000ක ප්‍රචාරණයේ යෙදෙනවා වගේ.

      එහෙම දෙන දානයක් දැකලා උනත් දෙන්නන් වාලෙ දෙන්නෙ නැතුව උදව් අවශ්‍ය කරන කෙනාට දෙන එක බොහොම වටිනවා.

      //රහසින් යාචිඤා කරන්න කියනවා නම්,ඇයි පල්ලිවල දේවමෙහෙ පවත්වන්නේ?
      // අතීතයේ ප්‍රභූවරු තමුන් යාච්ඤා කරනවා කියලා පේන්න වීදි වල අයින්වල හිටගෙන යාච්ඤා කළාලු. ඒ වගේම ගෙයින් පිටතට ඇවිල්ලා සදළුතලවල ඉඳගෙන ජනතාවට පේන්න යාච්ඤා කළාලු. එයයි විවේචනය කරන්නෙ.

      Delete
  3. ඕං බලාපන් ඉතින්, අපි ඉන්න ලෝකෙක හැටි. අළු බදාදාවක් කියල එකක් මම මේ ඇහැව්වමද කොහෙද. කලින් එහෙම නමක් අහල තියෙන බවක් මතකෙට එන්නෙ නෑ.

    මම හිතන්නෙ ඔය දකුණත කරන දෙය වමතට නොදැනෙන්න කරන්නෙ සාමාන්‍යයෙන් නම් දේශපාලකයො. (දැන් ඉන්න උන් නම් බහුතරය ඒකත් හත්පොලේ ගා ගන්නව) දන් පින් කරද්දි නම් ඉතින් බහුතරයක්ම තොරණ බැඳල බෙර ගහලම නේ කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. DDT දන්නවද අළු බදාදාට ඉස්සෙල්ලා දවසට කියන්නෙ ගුරු අඟහරුවාදා. ඉස්සර නම් එදාට පාරෙ ගිහිල්ලා හමාරයි. කුණු බිත්තර වලින් ගහනවා මිනිස්සුන්ට උදේ පාන්දර ඉඳන් දවල් දොළහා වෙනකන්.

      මෙතන කියන්නේ නරක වැඩ හොරෙන් කරන්න කියලා නෙමෙයි. ප්‍රසිද්ධිය හෝ වෙනත් වාසි බලාගෙන හොඳ වැඩ කරන්න එපා කියලයි.

      Delete
  4. මොන ආගමට උනත් මේ කරුණු වටිනව. ෂෝ එකට පින් කරනවට වඩා හැඟීමෙන් ඒ දේ කරන එක තමයි වටින්නෙ.

    සුබ අළු බදාදාවක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ප්‍රසන්න අයියේ.

      එහෙම ප්‍රාර්ථනාවක් නම් නෑ. කොහොම වුනත් හොඳ හිතින් කියපු දේනෙ.

      Delete
  5. අද අළු බදාදා කියල මතක් වුණේ උදේ ස්ටේෂන් එකට කට්ටිය නළලෙ අළු කුරුස ඇඳගෙන එනවා දකිද්දි.

    බෝඩිම් ජීවිතේක හැටි..

    ReplyDelete
    Replies
    1. හි.හි.. ඉස්සර නම් මම කියන්නෙ අළු බදාදා පල්ලි යන්න ඕනෙ නෑ ලිපෙන් අළු ටිකක් ගා ගත්තම හරි කියලා.

      Delete
  6. ටී එම් නම් කියන්නේ අදුරු කුටිය තුල දොරගුලු ලාගෙන ගයන ගීතිකා දෙවියන් හට නෑසේ කියලා...

    ReplyDelete
    Replies
    1. ඒ ගීතිකානෙ. මේ යාච්ඤා. :)

      Delete
  7. සෑම ආගමකම පාහේ දානය උතුම් කොට සලකනවා. අපිට හැකි පමණින්, සමාජයේ කැපී පෙනීමේ අදහසකින් තොරව, අප්‍රසිද්ධියේ දෙන දානය උතුම් නේද?

    සබ්බ දානං ධම්ම දානං ජිනාති = සියලුම දන්දීම් අතරින්, උතුම්ම දානය වන්නේ, ධර්මය දානය කිරීමයි.

    ReplyDelete
    Replies
    1. ඒ දානයේ අරමුණ හුදෙක්ම දානය මිසක් එයින් ප්‍රසිද්ධියක් ලැබීම නෙමෙයිනෙ

      Delete
  8. බොරු ඕනේ නෑනේ මම බයිබලේ අල්ලවත් නෑ..
    ආසාවෙන් ඉන්නවා දෙව් මැදුරකට යන්න.

    ReplyDelete
    Replies
    1. වෙලාවක ගිහින් බලන්න තියෙන්නෙ.

      Delete
  9. ශු මතෙව් 27:20 තියන විදියට නායක පූජකවරු පිලාත් ආණ්ඩුකාරවරයගෙන් ජේසුස්තුමන්ට ඇණගසන ලෙස ඉල්ලීමක් කලාම පිලාත් අහනවා "ඇයි ඔහු.ඔහු මොන අපරාධයක් කළේද ?" කියලා.අන්තිමට පිලාත් කියනවා මේ මනුෂ්‍යයාගේ ලේ වලින් මම නිදොස්ය කියලා පවා.කොහොම හරි ජේසුස්තුමන්ගේ දේශනා බඩගොස්තරවාදි පූජකයන්ට ලොකු අභියෝගයක් වුනා.ඔවුන් ජෙසුස්ව අල්ලගෙන ඇණ ගැසුවත් ජේසුස්තුමන්ගේ ඉගැන්වීම් මිනිස් සිත් සතන්වල සදාකාලික වුනා.

    ReplyDelete
    Replies
    1. යුදෙව් පූජකවරු ජේසුස් වහන්සේගේ හැසිරීම නිරීක්ෂණය කලා. ඔවුන් දැක්කා මේ පුද්ගලයා නිසා යුදෙව් ජනතාව තම සංස්කෘතිය සමඟ ඇති බැඳීම දුර්වලවන බව. මේ නිසා අවසානයේ යුදෙව් ජාතිය වඳවෙන බව. එමනිසා ඔවුන් බොරු චෝදනාවක් කර ජේසුස් වහන්සේ මරා දැමීමට කටයුතු කලා. පිලාත් ආණ්ඩුකාරයා මෙයට කැමති වුනේ නෑ. ඇත්තෙන්ම යුදෙව් සමාජය තුල ජේසුස් වැනි අය සිටීම ඔහුගේ අධිරාජ්‍යයට පහසුවක්. එමනිසාම ඔහු ජේසුස් වහන්සේ නිදහස් කිරීමට උත්සාහ කලා ඇත්තෙන්ම ජේසුස් වහන්සේ පුද්ගලයෙක් හැටියට අහිංසකයි. එමනිසාම යුදෙව් පූජකවරු ඔහුගේ ලේ අපමතට වේවා යනුවෙන් පවසා ජේසුස් වහන්සේ මරාදැමීමෙන් වන පාපය බාරගත්තා එසේ කලේ තම ජාතිය වෙනුවෙන්. එවිට පිලාත් එකට එක කිරීමක් හැටියට සංකේතාත්මකව පව් සෝදාගත්තා. එම පූජකවරු තම වර්ගය වෙනුවෙන් අපායට යෑමට පවා සූදානම් ජාතික වීරයින් පිරිසක්.

      Delete
    2. @ මනෝ,
      රජය හෝ පාලන ක්‍රමය විවේචනය කරන්නන්ට මරණය, අතුරුදහන් වීම ලැබුණු යුගය ඒ තරම්ම පරණයි.

      @ jagath,
      ජාතික වීරයන්?

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...